මේ කුමාරයාගේ සැබෑ තත්ත්වයද...? නැත. නගරයට සහ රාජමාලිගයට එරෙහිව ගම ෆැන්ටසිකරණය කරන්නේ රාජකුමාරයා නොව අධ්‍යක්ෂවරයාය. මම ගමේ කොල්ලෙක් යන දෙබස තුළ මතුවන්නේ අධ්‍යක්ෂවරයාත් ෆැන්ටසි ලෝකයයි. ගම උත්කර්ෂවත් කරන්නේ සිනමා රසිකයා රැවටීම සඳහාය. ගමේ කොල්ලෙක් යන දෙබස තුළ ගමේ මිනිසුන්ගේ උසස් යැයි යන මානසික ව්‍යාධිය තුළ චිත්‍රපටයට හොඳ ඉල්ලුමක් ඇතැයි අධ්‍යක්ෂවරයා සිතයි. අධ්‍යක්ෂවරයාගේ අවිඥානය තුළ ඇත්තේ එයයි. එසේ නැතුව චිත්‍රපටය ගලා යෑම සඳහා උචිත සන්දර්භයක් නොවේ. අපේ රටේ මෑත බිහිවූ අතීත කාමයෙන් මත්වූ සහ ජාතිවාදී යුද්ධ චිත්‍රපටවලින් ඇතිකරන ලද සමාජ ඉල්ලුම අධ්‍යක්ෂවරුන්ගේ මඩිය තර කර ගැනීමට මහත් උපකාරයක් විය. සිරි පැරකුම්ද එවැනිම ගණයේ චිත්‍රපටයකි. එම චිත්‍රපටය නොසඟවා කියන්නේ පර සතුරන්ට එරෙහිව සටන් කිරීම වැඩවසම් රාජ්‍ය පාලනය උත්කර්ෂවත් කිරීම තම අභිප්‍රාය සඵල කර ගැනීම සඳහා ළමා ලෝකය ෆැන්ටසිකරණය කිරීම වැනි සංසිද්ධීයන්ය. පර සතුරා යනු දෙමළාද විය හැක.
පෙඩ්රික් ජෙමිසන්ට අනුව ගෝලීය ධනවාදය තුළ පරිවාරයේ රටවල හෙවත් අපේ වැනි නොදියුණු ආසියාතික රටවල මතුවන්නේ ජාතිය, ආගම අතීත කාමය මුල් කොටගත් උපමා කතාය. මොන ක්‍රමයකින් හෝ තම නිර්මාණ ජාතියට ආගමට ගැට ගැසීම තුළ එක් පැත්තකින් වෙළෙඳපොළ ජය ගැනීම පමණක් නොව කිසියම් ජාතික පසුගාමී දේශපාලන වුවමනාවන්ද සඵල කර ගැනීමට අර ඇඳීම සිරිපැරකුම් පමණක් නොව මෑත අතීතයේ බිහි වූ චිත්‍රපට (සිනමාව නොව) සැලකිල්ලෙන් නරඹන විට දැනෙන කරුණකි.


‘අශෝක්’ වැනි ඉන්දීය චිත්‍රපට උසස් සංස්කෘතික නිෂ්පාදනයන්ය. එවැනි චිත්‍රපට ලෝක ප්‍රකට සිනමා උළෙලවල් පවා නියෝජනය කරන්නේ එබැවිනි. සිරිපැරකුම් නිෂ්පාදකවරුම පවසන ලෙස අල්ලපු රටේවත් මේ චිත්‍රපට ප්‍රදර්ශනය කළ නොහැක. එහෙත් උසස් සංස්කෘතික කලා කෘති ලෙස අපේ රටේ සිනමා කෘති ලෝක ප්‍රකට සිනමා උළෙලවල්වලදී සම්මාන ලබාගෙන ඇති බව අප අමතක නොකළ යුතුය. ගැහැනු ළමයකු වැඩිවියට පත්වී දිය නෑම පවා සම්ප්‍රදායක ලෙස ප්‍රේක්ෂකයාට පෙන්වීම තුළ මතුවන්නේ සංස්කෘතික රෝග ලක්ෂණයන්ය.
රාජකුමාරයා ගමේ සිටින කම්මල්කරුවා විශ්මයට පත්වන ලෙස උදලු නිර්මාණය කිරීම, එක් විධානයකින් කුඹුරු සී සෑම සඳහා හරකුන් අවනත කර ගැනීම, මඟුල් ඇතා රජකම දීම සඳහා කුමාරයා සොයා ගම් දනව් සැරිසැරීම, රෙදි නැන්දා ගොළු කිරීම වැනි අසංස්කෘතික නිමේෂයන් චිත්‍රපටය පුරා විදහා හරින්නේ ප්‍රේක්ෂකයා මායා ලොවකට රැගෙන ගොස් අතරමං කිරීමටය. එහෙත් සිනමාව පිළිබඳව හය හතරක් නොදන්නා ශ්‍රී ලාංකික බහුතරය මෙවැනි ජවනිකා හරහා ලබන විනෝදය අධ්‍යක්ෂවරයාට මහත් වාසියකි. ඔවුන් චිත්‍රපටයට බැඳෙන්නේ රසවින්දනය හරහා නොව මෙම ලාබාල විනෝදය හරහාය. මෙම චිත්‍රපටය නැරඹූ මගේ මිත්‍රයෙක් පැවැසුවේ ඔහුගේ කුඩා පුතා නැවත නැවතත් චිත්‍රපටය නැරඹීමට ආශා කළ බවය. ඔහුට මා කීවේ එසේ නම් සිරිපැරකුම් ළමා චිත්‍රපටයක් බවය. ඇත්තය. සිරිපැරකුම් යනු වැඩිහිටි ළමයින් කිහිප දෙනකු නිර්මාණය කළ බොළඳ ළමා චිත්‍රපටයකි.
ආරියතිලක පීරිස්
Post a Comment