එවන් අවාසනාවන්ත අත්දැකීමකට ඔහු මුහුණ දුන්නේ වයස අවුරුදු පහේදී ඔහු කිසියම් පුද්ගලයෙකු විසින් පැහැර ගැනීමත් සමගය. න්‍මුත් වසර 23කට පසු ඔහු තනිවම තම සැබෑ දෙමාපියන් සොයා ගෙන පැමිණීමත් සමග බොහෝ මාධ්‍යයන්හි ඔහු පිළිබඳ වාර්තා වන්නට විය.
මෙය තවත් සාම්ප්‍රදායික පුවතක් නොවන්නේ අතුරුදන් වන විට තම උපන් ගමේ නම පවා නොදැන සිටි ඔහු තම මතකයේ වූ කරුණු මත තම සැබෑ දෙමාපියන් සොයා ගෙන පැමිණීම නිසාය. බොහෝ විට කුඩා වියේදී පැහැර ගන්නා ලද දරුවන්ට වැඩිවියට පැමිණීමත් සමග ඔවුන්ගේ සැබෑ දෙමාපියන් පිළිබඳ මතකය ගිලිහී යන්නේ ඔවුන්ටද නොදැනුවත්මය. නමුත් ලුඔෝ ගං හට වසර විසි තුනකට පසුද සිය දෙමාපියන් පිළිබඳ මතකය ගිලිහී ගොස් තිබුණේ නැත.
ඒ අනුව ඔහු වසර විසි තුනකට පසු ස්වඋත්සාහයෙන් සිය දෙමාපියන් සොයා ගෙන පැමිණ ඇත. මේ සඳහා ඔහුට උපකාරි වූයේ ගූගල් (Google) සිතියමය. එය මෙම පුවතේ ඇති විශේෂත්වයකි.
චීනයේ සිෂුආන් (Sichuan) ප්‍රාන්තයේ නිරිත දිග වන්නට පිහිටා ඇති ගුඅන්ගන් (Guangan) නම් කුඩා නගරයක ලුඔෝ ගං උපත ලැබිය. වයස අවුරුදු පහේදී ඔහු පෙර පාසල් යමින් සිටියදී මෙසේ පැහැර ගන්නා ලදී.
එතැන් පටන් මෙපමණ කාලයක් ඔහු හැදී වැඩී ඇත්තේ චීනයේ ෆුජියාන් (Fujian) පළාතේ ගිනිකොණ දිග පිහිටි නගරයකය.එම නගරය පිහිටා ඇත්තේ ඔහු උපන් නගරයේ සිට කිලෝ මීටර 1500ක දුරින්ය.
තම දරුවා අතුරුදන් වූ පසු ලුඔෝ ගංගේ දෙමාපියන් ඔහු සොයා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ නමුත් ඔවුන්ට ඔහු සොයා ගත නොහැකි විය.
පසු කලක ඔවුන් එම උත්සාහය අත්හැර දමා කුඩා ගැහැනු දරුවකු දරුකමට හදා වඩා ගැනීමට ලබා ගෙන ඇත. ලුඔෝ ගං පවසන පරිදි ඔහු හදා
නමුත් ඔහුට තම සැබෑ දෙමාපියන් සොයා ගැනීමට දැඩි උවමනාවක් විය. එනිසාම ඔහු දිනපතා රාත්‍රියේ නින්දට යාමට පෙර තමන්ගේ සැබෑ දෙමාපියන් සහ උපන් නගරය ඇතුළු තම පෙර ජීවිතය යළි මතක් කිරීමට පුරුදු වූ බව කියා සිටියේය. පසුගිය වසර 23 මුළුල්‍ලේ ඔහු මෙය සිදු කර ඇත. ඒ එවිට තම සැබෑ දෙමාපියන් පිළිබඳ ඇති මතකය ගිලිහී නොයනු පිණිසය. ඉතා කුඩා කාලයේ පැහැර ගැනුණු හෙයින් ඔහුට තම ගමේ ස්ථාන පිළිබඳ වූයේ ඉතා අල්ප මතකයකි. මේ අනුව තම ගමේ පාලම් දෙකක් තිබූ බව පමණක් ඔහුගේ මතකයේ විය. මෙම කරුණ සිතේ තබා ගනිමින් ලුඔෝ ගං තම දෙමාපියන් සෙවීම ආරම්භ කළේය.
Post a Comment