කොළඹ හදිසි මරණ පරීක්‍ෂක
මහනුවර ශ්‍රී දළදා මාලිගාව පිවිසුම් දොරටුව ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබාගෙන දිවි නසාගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට (30) පෙට්‍රල් සහිත කෑනය ලබාදුන් අය හා පෙට්‍රල් ලබාගත් ස්‌ථානය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම ඊයේ (26 දා) මහනුවර පොලිසියට නියම කළේය.
අපවත් වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමිපාණන්ගේ මරණ පරීක්‍ෂණය ඊයේ (26 දා) පැවැති අවස්‌ථාවේ එඩ්වඩ් අහංගම එසේ නියම කළේය.
මීට අමතරව උන්වහන්සේ සිරුරට ගිනි තබා ගත් ස්‌ථානය සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකර එම වාර්තාද උසාවියට ඉදිරිපත් කරන ලෙස ඒ මහතා පොලිසියට නියම කළේය.
අපවත් වූ හිමිනමගේ දේහය පිළිබඳ මරණ පරීක්‍ෂණය පැවැත්වීමෙන් පසු එම දේහය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවිය විසින් කහවත්ත, දකුණු පනාවැන්න ශ්‍රී සුගත විහාරවාසී රත්මලවින්නේ ධම්මරතන හිමිපාණන් වෙත භාරදෙනු ලැබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment