යුක්තිය සාධාරණය පතා අතොරක් නැති වැලපුම් ඇසෙන යුගයක, කුඩමසුන් මිස තෝරු, මෝරුන් නීතියේ දැලට හසු නොවන කලෙක යුක්තිය සාධාරණය පතා මෙම විදෙස් කත කරන හඬගෑම කවරෙකුට නම් ඇසේදැයි සිතාගත නොහැකි වුවද දේශයේ බහුලව භාවිත වන බසින් ඇයගේ අයැදුම අකුරු කර තබන්නට අපි සිතමු. නිවාඩු පාඩුවේ විනෝදයෙන් දින කිහිපයක් ගත කරන්නට 'ආසියාවේ ආශ්චර්යය' ලෙසින්ද 'දහම් දිවයින' ලෙසින්ද මුළු ලොවටම හඳුන්වා දෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී තමාගේත් තම පණවන් පෙම්වතාගේත් ජීවිත ගොදුරු කරගත් පාපතර අදමිටුවන් නීතියට කොටුවන වගක් දැකගන්නට නොමැති තැන පසුගියදා වික්ටෝරියා කැචීවා හඬ අවදි කොට තිබුණාය. ඇය එසේ කතා කළේ මහා බි්‍රතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදී ඩේවිඩ් ජේම්ස් ස්මිත්ටය. 'ශ්‍රී ලංකාවේ නිවාඩු නිකේතනයකදී අතවරයට ලක් වූ තැනැත්තිය පළමුවරට ඇය මුහුණ දුන් ඛේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් කතා කරයි, යන හිසින් යුතු වූ එම සන්ඩේ ටයිම්ස් ලිපියේදී ඇය යුක්තිය වෙනුවෙන් සටන් කරන බව පැවැසූ බවද ඩේවිඩ් ජේම්ස් ස්මිත් මාධ්‍යවේදියා සටහන් කොට තිබේ. 2011 දෙසැම්බර් මාසයේ ඒ දෛවෝපගත දිනය සිදුවීම ඇය එකිනෙක විස්තර කොට තිබුණේ අතවරයට ගොදුරු වූ කාන්තාවක වශයෙන් සිය නමේ රහස්‍ය භාවය රැකගැනීමට ඇයට ඇති නීතිමය අයිතියද අතහරිමිනි. රුසියානු භාෂා උපාධිධාරිනියක වන වික්ටෝරියා කැචීවා මෙම සිද්ධියට මුහුණ දෙද්දී විසිහතර හැවිරිදි වියේද, රතු කුරුස හමුදාවේ කෘත්‍රිම අත්පා සවි කිරීමේ විශේෂඥයකු ලෙස සේවය කළ ඇයගේ පෙම්වතා වූ කුරාම් ෂෙයික් තිස් දෙහැවිරිදි වියේද පසුවූහ. වික්ටෝරියා කැචීවාට අනුව ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණ තංගල්ලේ නේචර් රිසෝට් නම් නිවාඩු නිකේතනයේ සිය නිවාඩුව ගත කරමින් සිටියහ. එසේ සිටින අතරවාරයේ 2011 දෙසැම්බර් මස දිනෙක ඇය මැදියම් රැයේ මුහුදු වෙරළට ගොස් හුදකලාව නිස්කාංසුවේ වාඩිගෙන සිටියේ රාත්‍රි සුව විඳිමිනි. ඇයගේ නිස්කාංසු සුවයට බාධා කරමින් එක්වරම එහි පැමිණි මිනිසකු 'මොකක් හරි ප්‍රශ්නයක්' දැයි ඇසූ බව ඇයට මතකය. ඉන් අවුල් සහගත බවට පත්වූ ඇය ඉඳ සිටි තැනින් නැඟිට හෝටලය දෙසට දිව යෑමට සැරසුණත් මිනිසුන් කිහිපදෙනකු විසින් ඇයව වළකනු ලැබිණි. එතැන කී දෙනකු සිටියාදැයි ඇයට නිනව් නැත. 'මට ඔවුන් දෙස බැලීමටවත් බැරි වුණා. ඔවුන් මට පහර දෙන්න ගත්තා. මා බිම වැටුණා. මගේ අත්වලින් මං ඔළුව වහගත්තා' ඇය කියා සිටියාය. 'එය සිදුවුණේ නාන තටාකය ළඟ. එය හදිසි ප්‍රහාරයක්. ඔවුන් අතින් පයින් ගැහුවා.' අනතුරුව ඇයට පහර දුන් පිරිස ඇයව නාන තටාකයට තල්ලුකොට දැමිණි. "මම නාන තටාකයෙන් ගොඩ එන්න උත්සාහ කළත් ඔවුන් මට ඉඩ දුන්නේ නැහැ." "අවසානයේ මං නාන තටාකයේ වෙනත් පැත්තකින් ගොඩ ආවා. මගෙන් අඩි කිහිපයක් එහායින් මගේ පෙම්වතා කුරාම් ෂේක් (ම්ඩභපචථ ඉඩචඪඬඩ) වැටී සිටියා. මා ඔහු ළඟටම දුව ගිහින් නම කියා හඬ ගෑවා. නමුත් ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ." 'මා ඔහුව සිහි එළවන්න උත්සාහ කළා. මුවට මුව තබා ආශ්වාස ප්‍රශ්වාස කළා. නමුත් මට ඔහුව සිහි ගැන්වීමට නොහැකි වුණා.' 'ඔහුව සිහි ගැන්වීමට නොහැකිව කර කියාගන්නට දෙයක් නැති වූ තැන මා ගොඩක් හයියෙන් කෑ ගැහුවා. එතැනින් එහාට මට කිසිවක් මතක නැහැ. මා හිතන්නේ මට සිහි නැති වුණා.' එසේ සිහි නැතිව නිරුවත්ව සිටි කැචීවා නත්තල් දා උදෑසන හෝටලයේ කාමරයකින් හමුවූ බවට සාක්කි තිබේ. ඇයගේ හිස් කබලද පැළී තිබිණි. මුහුණ බරපතළ ලෙස ඉදිමී ශරීරය තුවාලවලින් ගහනව තිබූ බව කියැවේ. ඇය අතවරයට ලක්ව තිබූ බවත් ලිංගේන්ද්‍රියට ඇති වූ තුවාල හේතුවෙන් වේදනා විඳිමින් සිටි බවත් පොලිස් වාර්තාවේ සඳහන් විය. වික්ටෝරියා කැචීවා ඒ අවාසනාවන්ත රැයේ පාපතරයන්ගේ අතවරයට ලක්වූයේ ඇයට සිහි නැති වූ අවස්ථාවේදී විය හැකිය. රෝහලේදී ඇයට සිහිය එද්දී ඇයගේ විළි වැසී තිබුණේ ටී- ෂර්ටයකින් පමණකි. ඇයගේ යට ඇඳුම් තවදුරටත් සිරුරේ නොවීය. එසේම ඇය ඇඟලාගෙන සිටි ලේ වැකුණු ඇඳුම් කිසිවිටෙක ඇයට නැවත සොයාගැනීමට නොහැකි වූවාය. එම ලේ වැකුණු ඇඳුම් හා යට ඇඳුම් යුක්තිය හා සාධාරණය ලබාගැනීම සඳහා ඇයට ඉතා හොඳ සාක්කි විය හැකිව තිබිණි. තමන්ට මෙම අපරාධය සිදුකළේ නත්තල් දිනට පෙර දින රාත්‍රියේ හෝටලයේ පැවැති සාදයට පැමිණි පිරිසක් විසින් බවද ඔවුන් තම පෙම්වතා වූ ෂේක් සමඟ එකී සාදයේදී සුළු ගැටුමක් ඇති කරගත් බවද ඇය පවසා තිබේ. 'කුරාම් මරා දමා මා ලිංගික අතවරයට ලක්කළ ඒ පිළිකුල් සහගත ක්‍රියාව මා කෙසේ අමතක කරන්නද?' කැචීවා විමසන්නීය. 'සාධාරණය ඉටුවනතාක් කල් මට ඉවසුමක් නැහැ. මගේ තැන මගේ පෙම්වතා කුරාම් සිටියා නම් ඔහු මා වෙනුවෙන් අවසානය දක්වාම සටන් කරාවි. එනිසා මා විසිනුත් කළ යුතු දෙය එයමයි' මහා බි්‍රතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත හා සාකච්ඡාවේදී යුක්තිය සාධාරණය වෙනුවෙන් සටනට බැස සිටින වික්ටෝරියා කැචීවා අවධාරණය කර සිටියාය. එදා ඒ අවාසනාවන්ත රැයේදී අර පාපතරයන්ගේ පහරදීමෙන් වික්ටෝරියා කැචීවාගේ ආදරණීය පෙම්වතා කුරාම් ෂේක් මෙලොව හැර ගොස් සිටියේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment