- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, May 25, 2013
ත්‍රස්ත ප්‍රහාරයකට බියෙන් ජිනීවා ආණ්ඩුවෙන් මෛත්‍රිට සන්නද්ධ රථයක්
ජිනීවාහි පැවැත්වෙන සමුළු තුනකට සහභාගි වීම සඳහා ගොස් සිටින සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට එහි ගිය දවසේ සිට ගමන් කිරීමට සිදුව ඇත්තේ සන්නාහසන්නද්ධ රථයකයි. ලෝක සෞඛ්‍ය සමුළුව, ට්-15 කණ්ඩායමේ සමුළුව හා පොදු රාජ්‍ය මණ්ඩලයීය මානසික සෞඛ්‍ය සමුළුවට සහභාගිවීමට ලෝකයේ බොහෝ රටවලින් පැමිණි සෞඛ්‍ය ඇමැතිවරුන්ට නැති විශේෂ ආරක්‍ෂාවක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමැතිවරයාට ලබාදීම අනෙකුත් ඇමැතිවරුන්ගේ අවධානයට ලක්ව ඇති බව ජිනීවා නුවරින් වාර්තා වේ.
මෙසේ සන්නාහසන්නද්ධ රථයක ගමන් කිරීමට විශේෂ ආරක්‍ෂාව ලබා දෙන්නේ ඇයි දැයි ඇමැති සිරිසේන මහතා සමුළු සංවිධායකයන්ගෙන් විමසා ඇතත් එයට කිසිදු
පිළිතුරක් ලබාදී නොමැත.
ජිනීවා නුවර සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිරිසක් විසින් හෝ වෙනත් ත්‍රස්ත සංවිධානයක් විසින් තමන්ට අනතුරක් කිරීමට සිටින බවට ජිනීවා බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත තමාට මෙසේ දැඩි ආරක්‍ෂාවක් ලබා දෙන්නේ දැයි නොදන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
විශේෂයෙන් මේ දිනවල එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමේ විජයග්‍රහණ සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි.
විදේශයකදී තමා මුහුණ දෙන මේ නුහුරු තත්ත්වය
පිළිබඳ ඊයේ (21දා) දුරකතනයෙන් කතා කොට අමාත්‍යංශයේ බලධාරීන් දැනුම්වත් කළ බව 'මව්බිම'ට වාර්තා වේ. තමාගේ ජීවිතයට අනතුරක් ඇති බවට අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර 'මව්බිම' පුවත්පතද ඒ බව අනාවරණය කර ඇත.
ජාතික ඔෟෂධ ප්‍රතිපත්තියක් සැකැසීම හා ඔෟෂධ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටීමද සෞඛ්‍ය ඇමැතිවරයාට මෙවැනි විශේෂ ආරක්‍ෂාවක් සැලසීමට හේතුවක් වන්නට ඉඩ තිබේ.
රෂිනි මෙන්ඩිස්
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment