- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, May 25, 2013
මහෙස්ත්‍රාත්වරියගේ ATM කාඩ්පත උසාවියේම ආරච්චි හොරකම් කරලා
බදුල්ල මහෙස්ත්‍රාත්වරියගේ බැංකු ටෙලර් යන්ත්‍ර කාඩ්පත භාවිත කර බදුල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවකින් ඇයගේ ගිණුමේ මුදල් රුපියල් 200ක් වංචනික ලෙස ලබා ගත්තැයි සැකපිට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආරච්චි (කාර්යාල කාර්ය සහායක) බදුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකාර ආරච්චි (කාර්යාල කාර්ය සහායක) බදුල්ල දිසා විනිසුරු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28 දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තැබීමට බදුල්ල දිසා විනිසුරු එම්. ජී. ජී. සිරිපාල මහතා නියම කළේය.
හපුතලේ හපුතලේගම පදිංචි බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආර්. එම්. ප්‍රියන්ත (36) නමැත්තා රිමාන්ඩ් භාරයට පත්විය.මොහු දෙදරු පියෙකි. මහෙස්ත්‍රාත්වරිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රාජකාරියේ නිරතව සිටින අතර ඇගේ නිල කාමරයේ අත් බෑගයේ දමා තිබූ මේ බැංකු ටෙලර් යන්ත්‍ර කාඩ්පත සොරකම් කර එහි පොතක සටහන් කර තිබී ඇති කාඩ්පත් රහස්‍ය අංකය අනුව සැකකරු බදුල්ල නගරයේ ප්‍රසිද්ධ බැංකුවකට ගොස් එම ටෙලර් යන්ත්‍ර කාඩ්පත භාවිත කර මුදල් ලබාගෙන තිබෙන බැව් පොලිසිය සඳහන් කරයි.
මහෙස්ත්‍රාත්වරිය අධිකරණයේ කටයුතු නිමකර නිල කාමරයට ගොස් ජංගම දුරකතනය බැලීමේදී එම දුරකතනයට අදාළ බැංකුවෙන් කෙටි පණිවුඩයක් මඟින් ගිණුමෙන් රුපියල් 200ක් ලබාගත් බවට දැනුම් දී ඇතැයි කීය.
ඒ අනුව අදාළ බැංකුවෙන් විමසීමේදී ගිණුමෙන් රුපියල් 200ක මුදල් ලබාගෙන ඇති බව කියා ඇති අතර පසුව වැඩිදුරටත් කළ විමසීම්වලදී බැංකුවේ රහස්‍ය කැමරාවේ සැකකරු මුදල් ගන්නා අයුරු සඳහන් වී තිබිණැයි කීය.සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
බදුල්ල - ටී.බී.රත්නායක
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment