BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, March 2, 2015

ගුවන්විදුලි සංස්ථාවේ‍ හඳමාමා..!!!

හඳමාමාට අවුරුදු 52 යි.
----------------------------

ලොව ගනඳුරු දුරු කරන්න
ගුණ නුවණට මඟ පෙනෙන්න
පුංචි අපට දැනුම දෙන්න
හඳ මාමාට සවන් දෙන්න…

වර්ෂ 1963 දෙසැම්බර් 14 සුමනා ජයතිලකගේ කට හඬින් පුංචි ළමයින්ගේ සවනට ගෙනා දැණුම විනෝදය සපිරි හඳ මාමා වැඩසටහනට වසර 52 ක් පිරීම නිමිත්තෙන් 2015-02-26 සවස 2.30 ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ‍ ආනන්ද සමරකෝන් මැදිරියේදී උත්සවයක් පැවත්වුණා.. ඒ සඳහා එදා මෙදා තුර හඳමාමට කවි චිත්‍ර යොමු කළ සහ සජීව සම්බන්ධ වී කතන්දර කියූ කවි ගී ගායනා කළ බොහෝ දෙනෙක් සහභාගී වී සිටියා.
 එදා හඳ මාමා සමඟ සිටි බොහෝ දෙනෙක් අද රටේ ලෝකේ උගත් බුද්ධිමත් අය ලෙසත් ප්‍රවීණ කලාකරුවන් ලෙසත් ක්‍රියා කිරීම විශේෂත්වයක්. කොළඔ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කමල් විලේගොඩද මේ උත්සවයට සහභාගී වෙමින් කියා සිටියේ තමාද කුඩා කාලයේ හඳ මාමාට චිත්‍රයක් එවා ගුවන් විදුලිය ලඟට වී නම කියන තුරු අසා සිටි බවයි. 
 එමෙන්ම අද ගුවන් විදුලි නාලිකාවල ළමා වැඩසටහන් කොතෙක් ප්‍රචාරය වුවත්, ලොව පිළිගත් නිර්දේශයන්ට අනුව අදටත් හඳ මාමා ළමා වැඩ සටහන විකාශය වීම ප්‍රශංසනීය බවයි.  

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger