තම රජය විසින් හඳුන්වා දුන් මන්දිර බද්ද අදාළ වන්නේ පසුගිය වසර 5 තුළ සුපිරි ධනවතුන් වී සුපිරි නිවාස ඉදිකළ අයට පමණක් බව මුදල් අමාත්‍ය රවීන්ඳ්‍රන් කරුණානායගම් පැවැසීය.මේ කපටියා දෙස බලන්න. මොහුගේ නිවස පිහිටා ඇත්තේ අප පෙර සඳහන් කළ පරිදි පාර්ළිමේන්තු පාරේම මුල් කොටසේය.එකළ ද ඵම අති සුඛෝපබෝගී මන්දීරය කෝටි 60 හෝ 70 වනු ඇති. දැන් ඵහි මිළ වටිනාකම කෝටී මිලියන් හෝ බිලියන් ගණනකී.
අමාත්‍යවරයා ඊයේ 01දා* මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් පසුව මේ බව පැවැසීය.
එසේම පාරම්පරික නිවාස හිමි අය සඳහා මෙම බද්ද අදාළ නොවන බවත් හෙතෙම කීවේය.
2%ක් වන සුපිරි ධනවතුන්ගෙන් බදු අය කර 98%ක් වන අහිංසක ජනතාව වෙනුවෙන් සහන දෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ජාත්‍යයන්තර කපටියෙකුවූ කොටි ව්‍යාපාරික රාජරත්නම් පවා ඇන්දවූ රවීන්ඳ්‍රන් කරුණානායගම් ( සිය සැබෑ නම සැඟවීමේ පටන් ඇඳුම මාරු කිරීම දක්වා ) හට මෙවැනි දෑ කිරීම සුළු දෙයකී...
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment