Saturday, December 6, 2014

ජනපති රැස්වීමක් නිසා විනාශ කරන ක්‍රීඩා පිටියක් ....

ක්‍රීඩාංගණය කොන්ක්‍රීට් කිරීම සඳහා වැයකරන මුදල රුපියල්  ලක්ෂ 60ක් බවද පැවැසෙයි.
අනුරාධපුර නගරයේ පිහිටි සල්ගාදු ක්‍රීඩා පිටිය මැතිවරණ ප්‍රචාරක රැලියක් සදහා කොන්ක්‍රීට් ඇතිරීම හේතුවෙන් ක්‍රීඩාංගණය භාවිත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති.  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ  මහතා සහභාගීවන  මංගල ජනරැලිය ලබන 11දා අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වීමට නියමිතය.


අනුරාධපුරයට පවතින වැසි සහිත කාලගුණයත් සමග ක්‍රිඩා පිටිය මඩ වගුරක් වේයැයි බියෙන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය විසින් මෙලෙස ක්‍රිඩාංගණයට කොන්ක්‍රීට් දමා  එක් දිනක් වෙනුවෙන් ක්‍රිඩාංගණය විනාශ කිරීමට කටයුතු කරන බවද ප්‍රදේශවාසීහු පවසති.


No comments:

Post a Comment