BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, April 29, 2014

ප්‍රංශයෙන් උතුරා ගිය විප්ලවීය සංගීත නිර්මාණයන්...

ප්‍රංශයෙන් උතුරා ගිය විප්ලවීය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අදහස් ඔහුගේ සංගීත නිර්මාණයන්ට මුසු ව ඇති බව බොහෝ විචාරකයන්ගේ මතයයි. ඒ අනුව ඔහු සිය පෞද්ගලික උද්වේගයන් හා ආකල්පයන් සංගීත නිර්මාණ තුළින් ලොවට පළ කිරීමට එක්තරා විප්ලවීය මඟක් අනුගමනය කළේ ය. බටහිර සංගීත සම්ප්‍රදායයේ විප්ලවකාරී මේ ව්‍යාපාරය “රොමෑන්ටික් ව්‍යාපාරය” (Romantic Movements) නමින් ඔහු හඳුන්වා දුන්නේ ය. නිරතුරු ව “සංගීතය” අභිමුව ඔහු විප්ලවකාරියකු විය.

ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය රඳා පවතින්නේ ඔහු ප්‍රගුණ කළ වාද්‍ය සංගීතය මත ය. බීතෝවන් විසින් සම්භාව්‍ය යුගයේදී ප්‍රචලිත වූ සෑම වාද්‍ය සංගීතයක්ම පාහේ ප්‍රගුණ කරන ලදි. ඒ අනුව ලොව අග්‍රගණ්‍ය වූ විශිෂ්ටතම සිම්ෆනි, සොනාටා රැසක් ලොවට දායාද කළේ ය. ඔහුගේ කීර්තිමත් සිම්ෆනි නවය බටහිර සංගීතය ප්‍රගුණ කරන්නන්ට අනර්ඝ වූ නිධාන වැනි ය. එකල බටහිර විසූ ප්‍රවීණතම පියානෝ වාදකයා ලෙස ද ගැනෙනුයේ බිතෝවන් ය.
ඔහු අතින් පියානෝව සඳහා විශිෂ්ට සොනාටාවන් රැසක් ලියැවුණි. ඒවා පියානෝ සොනාටා (Piano Sonata) ලෙස හඳුන්වනු ලබන අතර කාරුණික හැඟුම් උපදවන “සඳ එළිය හෙවත්” moon light sonata වන් ප්‍රබල උද්වේගයන් දනවන ‘ඇපෂියනාටා” සොනාට ද (Appasionata sonata) මීට කදිම නිදසුන් හැටියට සඳහන් කළ හැකි ය.
ස්කෙට්සෝ (schertzo) නමැති සියුම් හාස්‍යමය ස්වභාවයක් දරන සංගීත ආකෘතින්හි පියා වන්නේ ද බීතෝවන් ය.
බීතෝවන්ගේ කෘතීන් සාමාන්‍ය වශයෙන් කාලත්‍රයට බෙදා දක්වා ඇත. 1802 සිට කරන්නට යෙදුණු නිපැයුම් ප්‍රථම කාල සීමාවෙහි එළිදැක්වූ කෘතීන් විය. තත්වාද්‍ය කෘතීන් වන STRING QURATETS හයක් ද, PIANO SONATA OP දහයක්ද, සිම්ෆනි දෙකක් ද ඒ කාල සීමාවට අයත් වී තිබේ.
දෙවෙනි කාල සීමාව තුළ එනම් 1816 පමණ සිට SYMPHONEY අංක තුනේ සිට අට දක්වා ද නාට්‍ය EGMONT / CORIOLAN OVERTURE කෘති සඳහා සංගීතය ද, FIDELIO ඔපෙරාවද පියානෝ CONSERTO, G හා E FLAT යන නිර්මාණ ද, වයලීන් CONSERTO, QUARTETS OPP 59 ක් ද THE RASUMOVSKY QUARTETS හැත්තෑ හතරක් ද පියානෝ සොනාටා OP අනුවක් පමණ ද මේ වකවානුවට අයත් වී තිබේ.
ඔහුගේ අන්තිම කාල පරිච්ඡේදය වන තෙවැනි සමය ඉතාමත් වැදගත් උසස් නිර්මාණයන්ගෙන් යුක්ත වී ඇත. අවසාන පියානෝ සොනාටාවද DIABELLI VARIATIONA MISSA SOLEMENTS නම් නම වැනි සිම්ෆනිය ද QUARTETS OPP. 127, 130, 131, 132, 135 සහ GROSS FUGEn STRINGQUARTETS OP 133 ක්ද එළි දක්වන ලදි.
ඔහුගේ සංගීත නිර්මාණ විශ්ලේෂණය කරන්නකුට සංගීත නිර්මාණයකදී ඔහු අනුගමනය කළ ක්‍රම තුනක් පිළිබඳ ව මෙසේ හඳුන්වාදිය හැකි ය.
රුසියානු ජාතික සුප්‍රකට ගත් කතුවරයකු වූ WIL HELM VON LENZZ විසින් රචිත ග්‍රන්ථයක බීතෝවන්ගේ සංගීත නිර්මාණ සම්බන්ධ ව විමර්ශනයක යෙදුණේ මේ අයුරෙනි.
* WHAT CAN HE DO (ඔහුට කළ හැකි දේ කුමක් ද?)
* WHAT HE FEELINGS (ඔහුට දැනෙන්නේ කුමක් ද?)
* HOW GLAD HE IS THAT IT IS ALL OVER (අවසානයේ ඔහු සතුටු වන්නේ කොහොම ද?)
ඒ අනුව ඔහුගේ සංගීත නිර්මාණයන් පිළිබඳ ව අවබෝධ කරගන්නකුට බීතෝවන් පළමු වැන්න හා දෙවැන්න ඉහත දැක්වූ ආකාරයෙන් වෙන් වෙන් වශයෙන් පැහැදිලි ව දක්වා අනතුරු ව ඉහත දැක්වූ අවස්ථා තුන එකිනෙක මුසුකර නිර්මාණය කරන්නට පෙලැඹුණු බව ඔහුගේ නිර්මාණයන් වෙතින් තව දුරටත් ප්‍රකට වේ.
ඔහු කළ නිර්මාණ අතර PIDALLIO ඔපෙරාවද D MAJOR දේව මෙහෙය ද ඔහු විසින් නිබන්ධනය කොට ඇති ඉතා විශිෂ්ට සංගීත කෘතීන් වේ. ඒ කෘතින් අතරින් D MAJOR දේව මෙහෙය ඔහු විසින් නිර්මාණය කොට ඇති අනෙකුත් කෘතින් වේ. D MAJOR දේව මෙහෙය ඔහු බිහිරි භාවයට පත්වූ පසු සම්පාදනය කරන ලද ඉතා උසස් නිර්මාණයකි.
ඔහුගේ පෞද්ගලික ජීවිතය දුක්බර ය. 1770 දෙසැම්බර් 16 වැනි දින ජර්මනියේ “බොන් නගරයේ ඉපැදුණු බිතෝවන් පසු කලෙක බටහිර සංගීත සම්ප්‍රදායේ අග්‍රගණ්‍ය සංගීතඥයන් විසු වියානා නුවර ජීවත් වූයේ ය.
එහි විසූ හයිඩ්න් (Heydn) හා මොසාර්ට් (MOZAST) යන සංගීතඥයන් දෙදෙනා ඇසුරේ බීතෝවන් සංගීතය ප්‍රගුණ කොට හදාරා ඇති බව ද කියැවේ. ඔවුන් දෙදෙනා මෙන්ම බීතෝවන් සම්භාව්‍ය සොනාටා හා සිම්ෆනි ශෛලීන් ද එහි ආකෘතීන් ද මැනවින් ප්‍රගුණ කළේ ය.
තරුණ වියට පත්වන තෙක් “බොන්” හි වංශවත් පාලකයන්ගේ අනුග්‍රහය ලබමින් සංගීතය ප්‍රගුණ කළ ඔහු 1792 වසරේදී වියානා නුවර ස්ථිර වාසස්ථානය කොටගෙන පැමිණියේය. එහිදී ඔහු සංගීතය ඉගැන්වීමෙන් හා සිය සංගීත කෘති ප්‍රකාශකයන් හට විකිණිමෙන් ද විශාල ආදායමක් ලැබුවේ ය. අනගාරික ජීවිතයක් ගත කළ ඔහුගේ පෞද්ගලික ජීවිතය දුක්කම්කටොළු පිරිවරා ගත් ඛේදනීය එකක් ම විය. මේ සියලු කටුක, දුක් කම්කටොළු ඔහු මඟ හරවා ගනු ලැබූයේ ස්වකීය උත්තරීතර වූ සංගීත නිර්මාණ ඇසුරෙනි. ඒ සෞන්දර්යයේ මහිමයෙනි. අවසන් කාලයේදී වියානාවේ තව දුරටත් වාසය කළ මේ ලෝක ප්‍රකට ශ්‍රේෂ්ඨ සංගීත ශිල්පියා 1827 මාර්තු 26 වන දින මෙලොවින් සමු ගති.

Monday, April 28, 2014

පත්තර මහගෙදර ලොකු සර් පියසේන නිශ්ශංක

වෛද්‍යවරයකු වීමේ සිහිනය සැබෑ කරගනු පිණිස කල්කටාව බලා පිටත් ව ගිය පියසේන නිශ්ශංක නම් තරුණයා ටික කලකට පසුව නතරවූයේ ලේක්හවුසියේ පියගැට පෙළ මුදුණේ ය. ඒ හරි අපූරු කතාවකි. කල්කටාවේ සිටින නිශ්ශංකයන්ට සිය පියා අසාධ්‍ය ව සිටින බවට පුවතක් ලැබෙයි. ආරංචිය ලද සැණින් ඔහු ගම රට බලා පිටත් වේ. නමුත් ඔහු ගම්පියසට පිවිසෙන විටත් පියාණන් මිහිදන්කර හමාරය.

ඒ නවසිය පහළොවේ මුස්ලිම් කලබලය හටගත් සමය විය. ඇඳිරි නීතිය ද පනවා ගමනා ගමන කටයුතු ද ඇණහිට තිබුණෙන් නිශ්ශංක කොළඹ මිතුරකුගේ නිවසකට වී කල්ගත කළේ ය. මේ වනවිට පියසේන නිශ්ශංක මිතුරු සමාජයේ ප්‍රකට ව සිටියේ, ‘ඩොක්ටර්’ නමිනි. ටික දවසක් කොළඹට වී සිටි මේ ‘ඩොක්ටර්’ කල්කටා ගමන තවත් පමාවන ලකුණු දැක ආපසු ගම ගියේ ය.
කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා නිශ්ශංකයන්ගේ ගජ මිතුරෙකි. ලේක්හවුසියට භාෂා පරිවර්තකයන් බඳවාගනු පිණිස දැන්වීමක් පළකර තිබෙනු ඔහු දකියි. ඔහුට එක්වර ම සිහිපත් වන්නේ ‘ඩොක්ටර්’ ය. භාෂා ගණනාවක හසල දැනුමක් ඇති තම මිතුරාට මෙය කදිම රාජකාරියකැයි ජේ.ඩී. කල්පනා කරයි. ඔහු වහා හමුවන ලෙස දන්වා නිශ්ශංකට විදුලි පුවතක් යවයි. නමුත් නිශ්ශංක නිහඬ ය.
විදුලි පුවත ඔහුට ලැබී නැති සෙයකි. ජේ.ඩී. උපායේ සූරයෙකි. ඔහු නිශ්ශංකයන්ගේ අත්සන හොරට ගසා ඉල්ලුම්පතක් තැපැල් කළේ ය. සම්මුඛ පරීක්‍ෂණයට කැඳවුම් ලිපිය ලැබෙන විට නිශ්ශංක යළි කොළඹ ය. ඔහු පරීක්‍ෂණයට පෙනී සිටියේ ය. අවසන් වටයට ඔහු සමඟ තේරුණේ ලෙහෙසි පහසු තැනැත්තෙක් නොවේ. හේ මාර්ටින් වික්‍රමසිංහ ය. දෙදෙනා අතරින් ඩී.ආර්. විජේවර්ධන මහතාගේ හිතගියේ නිශ්ශංකයන්ට ය. පියසේන නිශ්ශංකගේ පුවත්පත් කලාවට ලේඛන ජීවිතයට මුල පිරුණේ ඒ අයුරෙනි.
ලේක් හවුසියේදී ඔහු ඉක්මනට ම ‘ලොකු සර්’ බවට පත් විය. කලිසම් කබා ඇඳ ටයි පටි පළඳින අංග සම්පූර්ණ වෘත්තිකයෙක් විය. ඇඳුම් පැළඳුම් පමණක් නොව කෑම බීම කතාබහ මේ සියල්ල සිදු කෙරුණේ ආයතනයටත් වෘත්තියේ ගරුත්වයටත් ගැළැපෙන අයුරිනි.
හුදු ප්‍රවෘත්ති වාර්තාවලට අමතරව පාඨකයාගේ බුද්ධිමය නිම්වළලු පුළුල් කරන සතිඅන්ත පත්තරයක් ඇරඹීමේ සිතක් ඩී.ආර්. විජේවර්ධනයන්ට පහළ වූයේ ය. ‘සිළුමිණ’ උපත ලද්දේ එලෙසිනි. ඒ අලුත් වැඩේට සුදුස්සා ලෙස විජේවර්ධන මැතිඳුන්ගේ සිතේ ඇඳුණේ නිශ්ශංකයන්ගේ රුව ය. නිශ්ශංක සූරීන්ගේ අත් ගුණයෙන් පෝෂණය වූ සිළුමිණ කෙටි කලකින් ම සත දහයේ සරසවිය යන විරුදාවලියෙන් පිදුම් ලැබී ය.
සිංහල ඉංගී‍්‍රසි භාෂා ද්වියට අමතර ව පාලි හා සංස්කෘත පිළිබඳව ද ඔහු තුළ වූයේ අසමාන දැනීමකි. එමතු ද නොව සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ලද මනා හික්මීමක් ද ඔහු සතු විය.
සිළුමිණේ එක් තීරු ලිපියක ඔහුගේ ආරූඪ නම ‘සීයා’ ය. නිදහස් සටනට පණ පොවන ලිපි ලියැවුණේ ‘බාසුරු’ නමිනි. පියසේන නිශ්ශංකයන්ගේ සිතුම් පැතුම්වලට පණ පෙවූ සෙසු ආරූඪ නම් අතර ‘දශරථ’, ‘පැරකුම්’, ‘පිටිසරයා’ හා ‘සේන’ ආදිය ද වේ.
නවසිය තිස් පහේදි නිශ්ශංකයෝ සිළුමිණෙන් සමුගෙන දිනමිණේ ‘ලොකු සර්’ බවට පත් විය. එහෙත් පුවත්පත් කලාවෙන් පමණක් ඔහු සෑහීමකට පත්වූයේ නැත. ඔහු නිර්මාණ සාහිත්‍යයට ද අත ගැසුවේ ය. ජනකතා සාහිත්‍යයෙන් පොහොසත්වුණු ප්‍රබන්ධ කලාවක් ඔහු සතුවිණි. ගැමියාගේ අහිංසකකමට අනුකම්පා කළ එතුමා, ඒ අතර ම ඔවුන්ගේ අමනකම්වලට බැට දුන්නේ ය.
නිශ්ශංක සූරීන්ගේ ප්‍රථම ප්‍රබන්ධ කෘතිය වූයේ ‘වදුල’ නවකතාවය. ඒ කාලයේ හැටියට එය අමුතු පන්නයේ කතා පොතක් විය. හොඳ පාඨක ප්‍රතිචාරයක් ද ඊට ලැබිණි. ගැමි ජීවන පරිසරය සිතුවම් කෙරුණ කෘතියක් වශයෙන් මෙය පාසල් කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කෙරිණි.
වදුලට ලැබුණු පාඨක – විචාරක ප්‍රතිචාරවලින් ප්‍රබෝධවත් වූ නිශ්ශංකයෝ ඉනික්බිති තවත් නවකතා කිහිපයක් ම රචනා කළෝ ය. එම කෘති අතරින් ‘ගිනිසිසිල’ ප්‍රබන්ධය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය. ගැමි ජනකතා එකතුවක් ලෙස හැඳින්වෙන ‘හීන් හාමිනේ’ නම් කෘතිය හොඳ පැරණි ජනකවියකුගේ කවිත්වය විදහා පාන්නකැයි මාර්ටින් වික්‍රමසිංහ සූරීහු වරෙක සඳහන් කළෝ ය.
එක ම පුවත්පත් ආයතනයක දිගු ම කලක් රාජකාරි කටයුතු කළ අදීන පුවත්පත් කලාවේදියා කවුරුන්දැයි සොයා බලන්නකුට බොහෝවිට ලැබිය හැකි පිළිතුර පියසේන නිශ්ශංක විය හැකිය. මන්දයත් ලේක්හවුසියේ ඔහුගේ සේවා කාලය අඩසිය වසක් ද ඉක්මවන බැවිනි.
තවදුරටත් එතුමාගේ පත්තර ජීවිතයේ සැඟවුණු තතු සොයන්නකුට සහෝදර කතු මඩුල්ල පමණක් නොව සිය ගණනක් වූ අවශේෂ කාර්ය මණ්ඩලය අතර ද පියසේන නිශ්ශංක නාමය දැඩි හෘදයාංගම ආමන්ත්‍රණයක් වූ සැටි අසා දැන ගැනීමට හැකිවනු ඇත. රාජකාරි කටයුතුවලදී ටයිකෝට් පැළඳගෙන සිටිය ද ඇතුළතින් ඔහු අල්පේච්ඡ ගැමියා ම විය. නොයෙක් උපකාර පතා මේ ‘ලොකු සර්’ වෙත ආ කවර තරාතිරමේ හෝ සේවකයකු ආපසු හිස් අතින් ගියේ නැත. පැතූ උපකාරය ඇතැම් විට මිල මුදලින් විය හැකි ය. නොඑසේ නම් රාජකාරි ගැටලුවක් හෝ වෙනත් පෞද්ගලික පැනයක් විය හැකි ය. ඔහු ඒ සියල්ල සිය ශක්ති පමණින් ඉටු කර දුන්නේ ය.
ලේක් හවුසියේ පත්තර රැසක ආරම්භක කතුවරයා බවට පත්වෙමින් ද පියසේන නිශ්ශංකයන් වාර්තාවක් පිහිටුවා ඇතැයි තතු දන්නෝ පවසති. සිළුමිණ, සුබසෙත හා බුදුසරණ ඒවා අතරින් ප්‍රමුඛ වේ. විශ්‍රාම ගන්නා විට ඔහු පසුවූයේ ‘දිනමිණ’ කතුවර අසුණේ ය. ඉනික්බිති එතුමාණෝ උපදේශක කතු පදවියකින් පිදුම් ලැබූහ. ආයතනික වශයෙන් ඉසිලූ මේ තානාන්තරවලට අමතර ව ඔහු මිය යන තුරාවට ම ලංකා පත්‍ර කලා සංගමයේ සභාපති ධුරය හෙබවීය.
සිය දිවි ගමනේ අටවන දශකය පියමන් කරද්දීත් පියසේන නිශ්ශංකයන්ගේ මුහුණේ නිබඳ දක්නට ලැබුණු නිරහංකාර සිනහව එයාකාරයෙන් ම රැඳී තිබුණේ ය. ගමේදී ‘ගමරාළත්’ නගරයේදී ‘ලොකු සර්රුත්’ වූ මේ මහ කළු සිංහලයා සමකාලීන මිතුරන් අතර තවත් විසිතුරු නාමයන් රැසකින් බුහුමන් ලැබුවෙක් විය.
පත්තර කලාවේදී සේම නිර්මාණ සාහිත්‍ය ක්ෂේත්‍රයේදී ද නිශ්ශංකයන්ගේ අග්‍රගණ්‍ය සගයා වන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ඔහු හැඳින්වූයේ ‘ජනපි‍්‍රය පත්තරකාරයා හා ජන කතාකාරයා’ ලෙසිනි. ඇල්බට් වැලිවිට ලේඛකයාට අනුව නිශ්ශංක ‘ගැමි හද දුටු ගත්කරුවකු’ විය. පසු කලෙක ඩී.එෆ්. කාරියකරවන නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණන් විසින් පියසේන නිශ්ශංක හඳුන්වා දෙනු ලැබුවේ ‘සත දහයට විශ්ව විද්‍යාලයක් දුන් පත්තරකාරයා’ හැටියට ය.
දේශීය පුවත්පත් කලා ඉතිහාසයේ හා සාහිත්‍ය වංශ කතාවේ පියසේන නිශ්ශංක නම් නාමය සටහන් වනුයේ සිය මව්බසෙහි රුව ගුණත්, සිය මව්බිමේ අභිමානයත් සුරැක පෝෂණය කළ දුලබ ගණයේ පුවත්පත් කලාවේදියකු හා ලේඛකයකු හැටියට ය. ඒ සියල්ලට ම වඩා සෞන්දර්යාත්මක සිතුවිලි සමුදායක උල්පතක් හා මානව දයාවෙන් පිරුණු හදවතක් සහිත සුන්දර මිනිසකු හැටියට ය.


නම - පියසේන නිශ්ශංක

උපන්දිනය - 1890 සැප්තැම්බර් 25

උපන් ගම - කොස් කඳවල (සියනෑ කෝරළය - ගම්පහ දිස්ත්‍රික්කය)

පියා - දොන් පීරිස් නිශ්ශංක

මව - දෝන එලීනා වැලිවිට හාමිනේ

ලග්නය - සිංහ

පාසල් අධ්‍යාපනය -
1. උඩුතුත්තිරිපිටිය පිරිමි පාසල.
2. උඩුගම්පොළ ද්විභාෂා පාඨශාලාව.
3. කොළඹ ආනන්ද විද්‍යාලය.
4. කොළඹ වෛද්‍ය විද්‍යාලය.
5. කල්කටාවේ බල්ගේෂියා වෛද්‍ය විද්‍යාලය.
(වෛද්‍ය අධ්‍යාපනය අතරමඟ නතර කර දමා පුවත්පත් කලාවට අවතීර්ණ විය.)

වෘත්තීය ජීවිතය -
* භාෂා පරිවර්තක (ලේක් හවුසිය)
* කර්තෘ මණ්ඩලීය සාමාජික ‘දිනමිණ’
* ප්‍රධාන කර්තෘ ‘සිළුමිණ’ (1930)
* ප්‍රධාන කර්තෘ ‘දිනමිණ’ (1935)
* ආරම්භක කර්තෘ ‘සුබසෙත’ බුදුසරණ.
* උපදේශක කර්තෘ (ලේක් හවුසිය)

ගුරු තනතුරු - ගරු සභාපති, ලංකා පත්‍ර කලා සංගමය.

බිරිඳ - ජේ.ඒ. ද සේරම්

දරුවන් - චන්ද්‍රා පී. නිශ්ශංක

පළ කළ කෘති -
* වදුල
* හීන් හාමිනේ
* ගිනි සිසිල (රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර විය)
* ඔයබඩ ගෙදර
* දිවමල්
* දිවසළු

මෙලොවින් සමුගත් දිනය - 1970 ඔක්තෝබර් 11



රමක් කැහැපට ගහගෙන බැනියමක් හැඳ සාලුවක් ඔලුව වටේ ඔතාගෙන පාවහනක් පවා දෙපයේ නොමැතිව උදෑසනම ගමේ පාරක් පාරක් ගානේ ඇවිදින පුද්ගලයෙකි. දකින දකින කා සමගත් කතා බහ කරන ඔහු උදෑසන තේ කෝප්පය බොන්නේද අතර මඟ නිවසකදීය. ඔහු නමින් පියසේන නිශ්ශංකය.
ටයිකෝට් පැළැඳ පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී රාජකාරියට යන මාධ්‍යවේදියෙක් දැකිය හැකිය. ඔහුගේ නම ද පියසේන නිශ්ශංකය.
අඩසියවසකට අධික කාලයක් තිස්සේ පුවත්පත් තුනක ආරම්භක කර්තෘ ධූරය දරමින් පුවත් පත් හතරක හා දිනමිණ වෙසක් කලාපයේ ද ප්‍රධාන කර්තෘ ධූරය දරමින් පියසේන නිශ්ශංකයන් තැබූ වාර්තාව ලාංකික මාධ්‍යවේදියෙකුට තබා ලොව කිසිදු මාධ්‍යවේදියකුට වුවද බිඳීය නොහැකි යැයි හැඟේ.
සිළුමිණ, බුදුසරණ හා සුබසෙත පුවත් පත් තුනෙහිම ආරම්භක කර්තෘවරයා වූයේ පියසේන නිශ්ශංකයන්ය.
1890 සැප්තැම්බර් 25 දින ගම්පහ දිස්ත්‍රික්කයේ කොස්කඳවලදී උපත ලද නිශ්ශංකයන් උඩතුත්තිරිපිටිය රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලද අතර උඩුගම්පොල ද්විභාෂා විදුහලෙන් ද්විතියික අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළුව වැඩිදුර අධ්‍යාපනය හදාළේය. රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ගේ මඟ පෙන්වීම මත කල්කටාවේ බල්ගේරියා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් විය. නමුත් සිය පියාගේ අභාවය නිසා යළි සියරට පැමිණි නිශ්ශංකයන් යළි ඉන්දියාවට නොගොස් මෙරටෙහිම රැඳුනේ 1915 ජාතිවාදී කෝලාහලය නිසාය. බෙහෙවින් සමගිය අගය කළ නිශ්ශංකයෝ ජාතිමාමකත්වය ඉහළින්ම අගය කළහ. ඉන්දියාවේදීද අනගාරික ධර්මපාලතුමාගේ ආභාසයෙන් ඔහුගේ මේ හැඟීම් වඩ වඩාත් ඔප් නැංවිණි.
මේ අතර ‘දිනමිණ’ පුවත් පතට භාෂා පරිවර්තකයෙක් ලෙසට ඔහු සේවයට බැඳුණි. එහෙත් ඒ ඔහුගේ අවශ්‍යතාවයටම නොවේ. ඔහුගේ මිත්‍රයකුවන කාටුන් චිත්‍ර ශිල්පී ජේ.ඩී.ඒ. පෙරේරා විසින් නිශ්ශංකයන්ගේ නමින් යවන ලද ඉල්ලුම්පතක ප්‍රතිඵලයක් ලෙසිනි. අකමැත්තෙන් වුවද 1918 දී ඔහු දිනමිණ භාෂා පරිවර්තකයෙක් ලෙස සේවයට බැඳුනි. භාෂා පරිවර්තකයකු ලෙස සේවයට බැඳුනද වාර්තාකරුවකු, තීරු ලිපි රචකයකු හා උප කර්තෘවරයකු ලෙස ඉහළ ගිය නිශ්ශංකයෝ ‘දිනමිණ’ කර්තෘ ධූරයට පත් විය.
කිතුණු භක්තිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි බණ්ඩාරනායක මහතා මරදානේ රැස්වීමකදී පන්සිල් ගැනීම සම්බන්ධයෙන් නිශ්ශංකයන් විශේෂ වාර්තාවක් ‘දිනමිණ’ ට ලිවීය. බණ්ඩාරනායක මහතා බෞද්ධයකු ලෙසින් ජනතාව අතරට ගියේ එම ප්‍රවෘත්තියෙන් පසුව වීම විශේෂයෙන් වැදගත් වේ.
දිනමිණ පුවත්පතේ ජනප්‍රියත්වයෙන් පසු සති අන්ත ඉරිදා පුවත්පතක අවශ්‍යතාවක් ඩී.ආර්.විජයවර්ධන මහතාට තදින් දැනුණි. ඊට නමක් සොයා ගෙන කර්තෘ පදවියද බාර ගන්නැයි විජයවර්ධන මහතා නිශ්ශංකයන්ට දැන්වීය.
බෙන්තර වළල්ලාවිට කෝරළයේ සංඝනායක හිමියන්ගෙන් ‘සිළුමිණ’ යනුවෙන් සති අන්ත පුවත්පතට නම යොදාගත් නිශ්ශංකයන්ට 1930 දී සිළුමිණ කර්තෘ ධූරය දැරීමට වරම් ලැබිණ.
1935 වසරේදී ‘දිනමිණ’ කර්තෘ ධූරය දැරූ ඇලෙක්සැන්ඩර් වැලිවිට මහතා විශ්‍රාම ගිය හෙයින් යළිත් ‘දිනමිණ’ කර්තෘ පදවිය බාර ගැනීමට නිශ්ශංකයන්ට සිදුවිය. නිශ්ශංකයන් අප පෙර කී පරිදි අපූරු ගැමියෙකි. අලුයම 5.00 ට පිබිදෙන නිශ්ශංකයෝ පළමුවෙන්ම ‘දිනමිණ’ කතුවැකිය ලිවීම අරඹති. ඒ අද මෙන් විවිධ වර්ගයේ අලංකාර කළ විදුලි පහනෙන් නොව චිමිනි ලාම්පුවේ උපකාරයෙනි.
කතුවැකිය ලිවිමෙන් පසු සරමක් බැනියමක් හැඳ සාලුවක් ඔලුවේ ඔතා ගන්නා ඔහු ගම වටේ ඇවිදින්නේ පාවහනක් හෝ නොමැතිව.
අතරමගදී හමුවන ළමා ළපටියාගේ සිට මහල්ලා දක්වා කොයි කවුරුත් ඔහු හඳුනති. සැවොම සම¼ග වචනයක් හෝ දෙකක් කතා කිරීම ඔහුගේ සිරිතයි.බොහෝ විට උදෑසන තේ කෝප්පයද අතර මඟ නිවසකින් සප්පායම් වන ඔහු නිවසට පැමිණ කොළ කැඳ පානය කිරීමත් ආනමාලු ගෙඩියක් ආහාරයට ගැනීමත් දිනපතාම සිදු කරයි.
උදෑසන රැවුල කැපීම අරඹන්නේ වත්ත වටේ යමිනි. ඒ සඳහා කිසිදිනක ඔහු මුහුණ බැලීමට කණ්ණාඩියක් භාවිතා කර නැත.
උදෑසන 10.00 ට පමණ ගණේමුල්ල දුම්රිය ස්ථානයට යන ඔහු එතැන්සිට දුම්රියෙන් ලේක්හවුසිය බලා යයි. ඒ යන්නේ සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසීගෙනය. දිනමිණ පුවත්පතේ දෛනික රාජකාරි අවසන් කරන ඔහු කාර්යාලයෙන් පිටවන්නේ පළමු මුද්‍රණයේ (ප්‍රාදේශීය මුද්‍රණය) පිටපතක්ද සහිතවය. දුම්රියේ එන අතරමඟදී පුවත්පත කියවන නිශ්ශංකයෝ පුවත් පතේ ඉතිරිය කියවනුයේ නිවසට පැමිණීමෙන් පසුවය. එක් අකුරක හෝ දෝෂයක් තිබුණහොත් මඳක් නුදුරින් පිහිටි ජයකොඩි වලව්වට සිය පුතාද කැටුව යන නිශ්ශංක මහතා ලේක්හවුසියට දුරකතන ඇමතුමක් ලබාදී ඊළඟ මුද්‍රණයේදී එය නිවැරැදි කරන ලෙස දන්වයි. යළි නිවසට පැමිණි පසුව ඔහු රාත්‍රි ආහාරය ගෙන මඳ වේලාවක් සතුටු සාමිචියෙන් පසු නින්දට යයි. මේ අයුරින් නිශ්ශංකයෝ වසර 25 කට අධික කාලයක් ‘දිනමිණ’ පුවත් පතේ කර්තෘ ධූරය දැරූහ. ‘දිනමිණ’ පුවත් පතේ එතරම් කලක් කර්තෘ ධූරය දැරූ වෙනත් අයෙක් මෙතෙක් නැත.
1965 වසරේදී බෞද්ධ පුවත්පතක් ආරම්භ කිරීමටද ලේක්හවුස් ආයතනයට අවශ්‍ය විය. ‘සිළුමිණ’ සේම එහි කර්තෘ ධූරය දැරීමත් බෞද්ධ පුවත්පතට සුදුසු නමක් යෙදීමත් පැවරුණේ නිශ්ශංකයන්ටමය. ‘බුදුසරණ’ පත්‍රයට නම යෙදීම සම්බන්ධව පියසේන නිශ්ශංකයන් විසින් පවසන ලද කතාව බොහෝ දෙනකු නොදකිනා හෙයින් මෙහි ලිවිය යුතුමය.
නිශ්ශංකයන් නිදා සිටින විට අලුයම් කාලයේ යම් තැනැත්තෙක් සිහිනෙන් පැමිණ ‘බුදු සරණයි’ යනුවෙන් පවසා ඇත. එකිනෙහිම නිශ්ශංකයන්ට විද්‍යාචක්‍රවර්තීන්ගේ ‘බුත්සරණ’ මතකයට පැමිණ ඇති අතර ඒ ඔස්සේ සිතා බලා ‘බුදුසරණ’ නම යොදා ඇත.
නිශ්ශංකයන්ගේ විශ්වාසය වී ඇත්තේ ඔහු සුමන සමන් දෙවියන්ට විශේෂ කැමැත්තක් දක්වන හෙයින් ඒ නම කියන්නට ඇත්තේ සුමන සමන් දෙවියන් බවයි.
‘බුදුසරණ’ පත්‍රය නමේ අරුතින්ම සැමදා ඉදිරියට ගෙනයාමට නිශ්ශංකයෝ උත්සාහ ගත්හ. ඔහු විසින් බුදුසරණ පුවත්පතට අවසන්වරට ලියන ලද මිත්‍ර ධර්මය නම් කතුවැකියෙන් කොටසක් උපුටා දැක්වීම උචිතයැයි සිතමි.
‘නෑයන්ට උතුම්වන්නා මිත්‍රද්‍රෝහී නොවන තැනැත්තාය. යස ඉසුරු සම්පත් ඔහුගේය. ශ්‍රී කාන්තාව ඔහු අත හැර නොයයි. මිත්‍රද්‍රෝහී නොවන තැනැත්තාගේ අගය අප පිරිත් පොතෙහි එන මිත්තානිසංස සූත්‍රයෙහි වර්ණනා කරණු ලබන්නේ මේ විධියටය. එහෙයින් මිත්‍ර ද්‍රෝහී නොව සෑමදෙනා සමග මිත්‍ර ධර්මයට ග්‍රහනය කිරීමෙන් වාසය කිරීම ජීවත්වීමෙන් අප ලබන උතුම් ඵලයක් වන්නේය.
ක්‍රියාවෙන්, වචනයෙන් මෙන්ම ලේඛනයෙන්ද ඔහු සමාජය යහපතට හැරවීමට උත්සුකවූ අයුරු මින් මනාව පැහැදිලි වේ.
1969 දී සුබසෙත ජ්‍යෝතිෂය පුවත්පත ආරම්භ කිරීමේදී එහි කර්තෘධූරය දැරීමේ වගකීමද ඔහුටම හිමිවිය. ‘දිනමිණ’ වෙසක් කලාපයේද දීර්ඝ කාලයක් ඔහු කර්තෘ ධූරය දැරීය.
මාර්ටින් වික්‍රමසිංහ, ජේ.ඩී.ඒ.පෙරේරා ඇලෙක්සැන්ඩර් වැලිවිට, පණීභාරත වැනි සමකාලීනයන් රැසක් නිශ්ශංකයන්ට සහාය ලබා දුන්හ. නිරතුරුවම නවකයන්ට අතදීමට උත්සාහ ගත් නිශ්ශංකයෝ නවක නිර්මාණ හැකි උපරිම ලෙසත් පළකිරීමට යත්න දැරීය.
මහා ගත්කතුවරයකු වූ මාර්ටින් වික්‍රමසිංහයන් 1970 සැප්තැම්බර් 10 දින ජනතා පුවත්පතට සැපයූ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබුණි.
‘නිශ්ශංක ළඟ ඊර්ෂ්‍යාව, ද්වේෂය ගෑවිලාවත් නැහැ. ඔහු ඉතාම ප්‍රියමනාප කෙනෙක්. මට ඉඳුරාම කියන්න පුළුවනි නිශ්ශංකගේ මනස අසලකටවත් කුහකකම ළංවී නැතිබව.
හෙළයේ මහා ගත්කතුවරයාගේ මේ ප්‍රකාශයම නිශ්ශංකයන්ගේ ගුණ මහිමය ගැන තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.
කිසිදිනක පුවත් පතට තම නම භාවිතා නොකළ නිශ්ශංකයෝ ‘බාසුරු’ යන නම බොහෝවිට භාවිතා කෙළේය.
පත්තර මහගෙදරදී පමණක් නොව ඉන් පිටත මාධ්‍යවලදී පවා ‘ලොකු සර්’ යනුවෙන් හැඳින්වූයේ පියසේන නිශ්ශංකයන්ය. ඔහුගේ ප්‍රතාපවත්, ගාම්භීර බව නිසා පිරිසක් අතර ඔහුගේ කැපී පෙනීම පැහැදිලිව දිස්විය. ඔහුට ඇතැමෙක් ‘මහ කළු සිංහලයා’ යැයි කීවේ සතුටින් ගෞරව පිණිස මිස අගෞරවයකට නම් නොවේ. කිසිවිටක දේශපාලනයට සම්බන්ධ නොවුවත් සමීප මිතුරකු වූ නිසා ජේ.ආර්.ජයවර්ධනයන්ට ඔහු මිතුරකුගේ යුතුකම් ඉටු කළේය.
එහෙත් මැතිවරණය දිනීමෙන් පසු සෙසු විහාරස්ථානවලට ගියත් නිශ්ශංකයන්ගේ හැවිනිවල විහාරස්ථානයට ජේ.ආර්.පැමිණියේ නැත. ඒ ගැන සිත් තැවුලට පත් නිශ්ශංකයන් ජේ.ආර්.ට මෙසේ කවියක් ලියා යැවිය.
’කැළණි වෙහෙර වැනි දාගැබ් උසට නැතත්
පරණ ගල් ගුහා සැතපෙන පිළිම නැතත්
ගැබිණි විලස මහ ලොකු ධනවතුන් නැතත්
හැවිනි වලෙත් ඉඳගෙන බුදු පැටව් සිටිත්

පසුදිනම පැමිණි ජේ.ආර්.නිශ්ශංකයන්ට කනගාටුව පළකර හැවිනිවිල විහාරයට ගියේය.
අවිවේකී මාධ්‍ය දිවියේ වුවද වදුල, ගිනි සිසිල, හීන් හාමිනේ, ඔයබඩගෙදර දිවමල් දිව සළු, සමදරා ආදී කෘතීන් නිශ්ශංකයන්ගෙන් බිහිවිය. මේ බොහෝ කෘති ගැමි දිවිය හා සම්බන්ධ ඒවා වේ.
1965 දී ඇරැඹි පත්‍ර කලා සංගමයේ ආරම්භක සභාපතිවරයා වූ නිශ්ශංකයෝ මියයන තෙක්ම නිතරගයෙන් එහි සභාපති ධූරයට පත්විය. කිසිවිටක ගෞරව නම්බුනාම සොයා නොගිය නිශ්ශංකයන්ට විද්‍යෝදය සරසවියෙන් විශේෂ උපාධියක් ලබා දෙන ලද්දේ කලුකොඳයාවේ ප්‍රඥාසේකර හිමියන්ගේ මඟ පෙන්වීම යටතේය.
’මිනිසුන්ගේ සුබවාදී පැත්ත බලන්න පුළුවන් හැටියට මිනිසුනට උදව් කරන්න. ආපිට යමක් ගන්න බලාගෙන කිසිවක් කරන්න එපා’ ඒ නිශ්ශංකයන්ගේ දර්ශනයයි.
මාධ්‍යවේදීන්ටද ඔහු හොඳ උපදෙසක් ලබාදී ඇත.
පුවත්පත් කලාවට බසින තරුණ තරුණියන් කවුරුත් තමන්ගේම ස්වාධීනත්වයක් ඇතිකර ගැනීමට උත්සාහ ගන්න ඕන. අනුන්ගේ වැඩ කටයුතුවලට ඇඟිලි ගැසීමත්, මිනිසුන්ට අපහාස කිරීමත් චරිත ඝාතක කටයුතුවල යෙදීමත් පුවත්පත් කලාවේදීන්ට ඔබින්නේ නැහැ’ නිශ්ශංකයන්ගේ ඒ කියමන එදාට මෙන්ම වසර 40 කට පසු අදටත් මාධ්‍ය ලෝකයට මැනවින් ආදර්ශමත් වේ.




ජනාධිපති මාමාට ආයාචනයක්...

හරිම සංවේදී සිදුවීමක්. බලන්න මේ දරුවගෙ ඇස් වල කඳුළු...

අසරණ ආබාධිත කුඩා දරුවෙක් ජනාධිපති මහින්දට කරනාවූ ඉල්ලීමකී....ඒත් එක් පුතෙකුගේ සපත්තු කුට්ටමට පමණක් ලක්‍ෂ එකහමාරක් වැය කරන්නාවූ  පියෙකු වන  මහින්දට මෙය පෙනේවිද....????මෙහි වීඩියෝව නොවරදවාම බලන්න..



ගීතය ලියලා තියෙන්නේ තුන වසරේ මේ පුංචි දියණියම නිසා ඇයට හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා කියලා පැහැදිළියි. ස්වභාවධර්මයා විසින් යමක් අහිමි කරන්නේ බොහෝ විට තවත් දෙයක් ලබා දීලයි.
ජනපතිතුමනි,  මෙය දුටුවොත් කරුණාකර ජනාධිපති අරමුදලෙන් ටිකක් එහාට ගිහිල්ලා මේ පුංචි දියණියට උදව් කරන්න. නිවන් දකිනා තුරා මෙවන් විපත් සිදු නොවන්නට ඒ පිනම ඇති.

Sunday, April 27, 2014

පියසේන කහඳගමගේ

මේ ජනශ්‍රැතිවේදියාගේ ප්‍රථම කෘතිය වූයේ 1979 ලියූ ඉබේ ම නැළවියන් පුතේ කාව්‍ය සංග්‍රහයයි. අනතුරුව ‘විත්ති’ සාහිත්‍ය කෘති දෙකක් ද, නවකතා කෘති පහක් ද, යොවුන් සාහිත්‍ය කෘති හයක් ද, ළමා සාහිත්‍ය කෘති තුනක් හා අපේ දේශයේ අනන්‍යතාව මනාව පසක් කළ ශාස්ත්‍රීය පර්යේෂණ කෘති හතක්ම ද මෙතුමාගේ පෑන් තුඩින් ගිලිහිනි.

මේ අතර අපේ පියසේන කහඳගමගේ වියතාණන්ගේ 1992 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ‘කමත’ කෘතිය, මෙතෙක් කමත පිළිබඳ ලියැවුණු පුළුල් ම කෘතිය බව මහාචාර්යවරු සපථ කරති.




සුසිනිදු උඩිවියන් පහස නොලද මුත්, සිවිසිතුරු නෙකවරණ සුපුෂ්පිතයන් මල්වර වුණු වන වදුලු ඔහු සිරස මත වියන් බැඳින. රළුපරලු ගල් බොරළු මෙන් ම ‘පහය්යාපත්’ (පරඬැලා පත්) පාවහන් නොපැලඳි ඔහුගේ දෙපා සිපගත් විල්ලූද පා වියන්ම වි. පැල පිළ හා ‘දිබ්බැද්ද’ (මහ කැළෑව) පුරාවට නිරතුරුව විනිවිද යැවුණේ ඔහුගේ තියුණු බැල්මයි.
එමෙන් ම කැලේ කොළේ පැලේ පිළේ ලැගි ඇත්තන්ගේ දහදිය පුසුඹින් මුව දොවාගත් දහදිය නොහිමි සුවඳින් ම යුත් ගැමිකම හරිහමන් අයුරින් පිළිබිඹු කරන අව්‍යාජ ගැමියකු වූ මොහු සත් වසරකට පෙරාතුව අප අතරින් සමුගත් ‘පියසේන කහඳගමගේ’ නැමැති අපූරුතම ජනශ්‍රැතිවේදියා වන්නේ ය.
1944 - 12 - 03 වන දින මාතර ඌරුගමුවේ වෙහෙරගොඩ ගොවි පවුලක උපත ලද පියසේන දරුවාට දෙමහල්ලන්ගේ වාසස්ථාන මාරුවත් සමඟ අම්පාර කොහොඹානේ වෑරන්කැටගොඩ ගොවි ජනපදයට යෑමට සිදුවිය. ජනපදික ගැමි පාසලක් වූ ඌරුගමුවේ රජයේ පාසලේ උසස් පෙළ දක්වා ඉගෙන ගත් පියසේන කාලයාගේ ඇවෑමෙන් 1964 ශිෂ්‍ය ගුරු පත්වීමක් ලබා ගුරු සේවාව නමෝ විත්තියෙන් ම ඇරඹූයේ අම්පාර බණ්ඩාරදූව රජයේ විද්‍යාලයෙනි.
ඉනික්බිති ව ගුරු පුහුණුව සඳහා 1966 දී මොහු හිඟුරක්ගොඩ ගුරු අභ්‍යාස විද්‍යාලයට පිවිසියේ ය. එහි ගුරු සොයුරකු ලෙස මට මුණ ගැසුණු යාවජීව හිතවතා වූයේ ද පියසේන කහඳගමගේ ගුරු සොහොයුරා බව, දෙවසරක් පුරාවට අප දෙදෙනා අතර පැවැති හිතෛෂීභාවය සැබෑ දෙස් ය. 1968 වසරේ සිට සිංහල පුහුණු ගුරුවරයකු ලෙස සේවය සඳහා මහ ඔය උණු වතුර බුබුල විදුහලට පැමිණි පියසේනයෝ වන්නිකරයේ ගැමි දරු දැරියන්ගේ ශිල්ප පිපාසාව සංසිඳවීමට අපරිමිත වෙහෙසකර වෑයමක යෙදුණාහ.
මේ අතර කෙටි කලෙකදී අහිංසක දරු දැරියන්ගේ පමණක් නොව, කර්කෂ ජීවන වෘත්තිය සඳහා දිවා රෑ පොර බදන දෙගුරුන්ගේ ද විද්‍යාලයීය ගුරු මඩුල්ලේ ද, ගෞරවය නොමඳ ව ලැබුණු පියසේන කහඳගමගේ ගුරුතුමා කෙරේ අම්පාර දිස්ත්‍රික්කය ආවරණය කරන ලද ගුරු භවත්හු ද විශ්වාසනීය ගරුත්වයක් දැක්වූහ. ඔවුන් හමුවේ ඉඳුකිලක් සේ සෘජු ව කැපී පෙනුණ මොහු සියලු ම ගුරු භවතුන්ගේ සිත් දිනාගෙන ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රාදේශීය නායකත්වයට තේරී පත්විය.
එතැන් පටන් කොට ගුරු සේවාවේ අභිමානයත්, ගෞරවයත් වෙනුවෙන් කාර්යශීලී දක්ෂ නායකයකු ලෙස ඇපකැප වූ නිසා ම පියසේනයෝ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ජාතික තලයේ නායකත්වයෙන් පිදුම් ලැබූහ. ඒ අතරතුර බාලවියේ සිට ම කාව්‍යකරණයට සහජ දක්ෂතා දැක්වූ මොහුට ගුරු සංගමය මඟින් දියත් කළ ‘ගුරුරැස’ පුවත්පතේ (කාව්‍ය පත්‍රයේ) කතුවරයා වීමේ භාග්‍යය ලැබුණි. එනිසාම නිර්මාණ කුසලතා ඇති ගුරු භවතුන්ට අතහිත දී ඔවුන් පසිඳු කවීන් අතර ඔසවා තැබීමට “ගුරුරැස” කවිපතේ කතුවර පියසේනයන්ට හැකිවිය. එනයින් ම එදා ගුරුතරු ජනපි‍්‍රය කිවිවරු අම්පාර දිස්ත්‍රික්කයෙන් පහළ වූ බව නොරහසකි. ඔහු අත්වැලක් කරගත් ජනපි‍්‍රය කිවියන් අදත් අම්පාර දිස්ත්‍රිකය තුළ කීර්තිමත් කිවිපතීන් වී සිටින බව ඔවුන්ගේ කාව්‍යකරණයන්ගෙන් ම මතු ව එයි.
එසේ ම එවකට තාරුණ්‍යයේ පසුවුණු පියසේන කහඳගමගේ ගුරුතුමා සමාජයීය කුදුමහත් පොදු කාර්යභාරයන්හි පෙරමුණ ගෙන ක්‍රියා කළ නිසාවෙන්, වෘත්තිය සමිති ව්‍යාපාරයන් නව පණක් ගසා අයුක්තිය වෙනුවෙන් නැඟී සිටි අවස්ථා බෙහෙවි. වෘත්තීය සමිති ව්‍යාපාරයෙහි ප්‍රබලතම ක්‍රියා - කාරීක නායකයෙකු වී ජනතා අරගලවලදී ගර්ජන, තර්ජන හමුවේ ඉදිරිපෙළ නියෝජනය කළ පියසේනයෝ හැප්පිලි - පිප්පිලි හා අයුක්තිය හමුවේ අසිපතක් සේ (කගක්සේ) නැගී සිටියහ.
එපමණක් නොව අසාධාරණයට විරිදුව සෘජු ක්‍රියාකාරී වැඩපිළිවල් යෙදූ, මොහු කා අතරත් ප්‍රසිද්ධ වූයේ, පියසේන කහඳගමගේ නමින් නොව ‘ක. ග.’ නමිනි. සාධාරණයට නම්‍යශීලි වී හිස නමන අතර, අසාධාරණයට ‘කගක්’ සෙයින් පෙරමුණ ගත් මෙතුමෝ සිංහල ගුරුකම ක්‍රියාවෙන් පමණක් නොව ජාතික ඇඳුමෙන් පවා ප්‍රදර්ශනය කළහ.
නිරතුරු ව සිනහමුසු මුව බුලත් විටෙන් හැඩ වැඩ කරගත් මේ අනතිමානී පුංචි මිනිසාගේ (ගුරු භවතාගේ) සාධාරණ ප්‍රතිපත්තිවල තරම ඉවසා දරාගත නොහැකි වූ බලධාරීහු ඔහුගේ එඩිතර බව ආණ්ඩු මට්ටු කරන්නට ගත් නිවට ක්‍රියාවන් හමුවේ මේ යුක්තිසහගත ගුරු භවතාට වරින්වර ස්ථාන මාරුවීම් දෙමින් යැවිය හැකි අති දුෂ්කර පාසල්වලට යැවූහ. ඒ සියලු ම ස්ථාන මාරුවීම් වහා ම ක්‍රියාත්මක වන පරිදි සිදු කළහ. අප රට රාජ්‍ය සේවය ගත් කල්හි, රාජ්‍ය සේවකයකුට ලැබුණු ඓතිහාසික ස්ථාන මාරු සංඛ්‍යාවට උරුමකම් කියනු ලබන්නේ ද පියසේන ගුරුතුමා ම ය.
එතුමා එදා පැවසූ ආකාරයට වහාම ක්‍රියාත්මක වීමේ ස්ථාන මාරු දෙසතළිසක් පමණ වෙයි. මේසා මහත් ස්ථාන මාරුවීම් කන්දරාවක් මොහුට ලැබුණත්, ඒ කිසිවකට නොසැලී, නිවට නියාලු බලධාරීන්ට ‘ඔච්චං’ කරමින් ඒ පාසල් සියල්ලට ම පියසේනයන් ගියේ බන්දේසියක තබා පිරිනැමු පරිත්‍යාග පිළිගන්නා ලෙසින් ඉමහත් සොම්නසිනි.
තමා කළ යුතු සේවය උපරීම අයුරින් අහිංසක දූ දරුවන් වෙනුවෙන් ඉටුකළ මොහු බලධාරී නිර්ලජ්ජිතයින්ගෙන් පළිගැනීමට සිතූ අයුරු අපූරු ය. පුදුම සහගත ය. එනම් ඔහු කළේ තමා මාරු කළ පාසල් පිහිටි ගම්බිම්වල හා පරිසරයන්හි සැබෑ තොරතුරු පර්යේෂණ මට්ටමින් සපයා ගෙන, ඒ පිළිබඳ අප දේශයට අනගිතම කෘතීන් බිහි කරමින් ඒ කෘතින් බලධාරීන්ට පිළිගැන්වීමයි.
එවන් මනුෂ්‍යත්වයකින් පිරිපින් මේ ගුරුතුමාගේ පරම අභිලාෂය වූයේ, ප්‍රාදේශීය වහර පිළිබඳ ව හා ජනශ්‍රැතීන් පිළිබඳ පර්යේෂණාත්මක ලෙස පොතපත ලියා අපේ බාල පරපුරට පුද දීමය. ඇරත් අපේ අනන්‍යතාව රැටියාට පමණක් නොව පිටරැටියාට ද පසක් කිරීමෙන්, අපේ දේශයේ, ජාතියේ අභිමානයේ කීර්තිය ලෝ සුපතළ කිරීම ය.
තම අපේක්ෂාවන් මල්පල ගන්වනු වස් රාජකාරි කාලයෙන් අනතුරුව ඒ ඒ ගම්බිම්වල, බැදිවල, කන්ද, ඇළ - දොළවල, සරමින් වනගහනයේ සිටින ජනගහනයේ හදගැස්ම, සතාසීපාවාගේ ගතිකයන්, භෞතික සම්පත්වල ස්වභාවයන් මොහු ගැඹුරින් අධ්‍යයනය කළේ ය.
ඒ අනුව මොහුගේ දෙපා සක්මන ගමක් බිමක්, කන්දක් ලන්දක්, ඇළක් දොළක් නෑර ක්‍රියාත්මක විය. එහෙයින්ම දෝ ඔහු නොදත් ගසක්, වැලක්, ඇළක් දොළක්, සතා සීපාවෙකු මෙන්ම ගැමියකු නැති තරමි. මොහු සැබැවින් ම දැන හඳුනාගත්තේ ගැමියා පමණක් නොව, සතාසීපාවා හා ගහවැල ද ඒ අතර විය. තව ද මොහුගේ කටහඬ මිනිසාට සතාට පමණක් නොව ගහවැලට ද කදිමට ම හුරුය. පුරුදුය. සතාසීපාවාට, ගහවැලට කතා කළ හැකි නම් මේ අපූරු මිනිසාගේ තුබූ ළෙන්ගතුකම, ලීලය හඬ නඟා සනාථ කරාවි.
මේ ජනශ්‍රැතිවේදියාගේ ප්‍රථම කෘතිය වූයේ, 1979 ලියූ ඉබේ ම නැළවියන් පුතේ කාව්‍ය සංග්‍රහයයි. අනතුරුව ‘විත්ති’ සාහිත්‍ය කෘති දෙකක් ද, නවකතා කෘති පහක් ද, යොවුන් සාහිත්‍ය කෘති හයක් ද, ළමා සාහිත්‍ය කෘති තුනක් හා අපේ දේශයේ අනන්‍යතාව මනාව පසක් කළ ශාස්ත්‍රීය පර්යේෂණ කෘති හතක්ම ද මෙතුමාගේ පෑන් තුඩින් ගිලිහිනි.
මේ අතර අපේ පියසේන කහඳගමගේ වියතාණන්ගේ 1992 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ‘කමත’ කෘතිය, මෙතෙක් කමත පිළිබඳ ලියැවුණු පුළුල් ම කෘතිය බව මහාචාර්ය වරු සපථ කරති.
එමෙන්ම 1995 රාජ්‍ය සාහිත්‍ය සම්මානනීය කෘතිය ලෙස ජනාදරයට පාත්‍ර වූයේ එතුමාගේ “දිගාමඩුලු ජනවහර” කෘතියයි. එපමණක් නොව එතුමා 1997 දී එළි දැක්වූ ‘කුඹුරු’ නම් වූ ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය විද්වතුන්ගේ පැසසුමට නොමඳ ව ලක්විය. තෙවැනි වරටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් පියසේන කහඳගමගේ සූරීන්ට හිමි වූයේ (2002) යොවුන් සාහිත්‍ය යටතේ වූ ‘වනතරණය’ නමැති කෘතියට ය.
මෙනයින් පියසේන කහඳගමගේ නමැති මේ යුග පුරුෂයාගේ මහා මෙහෙවරය වූයේ හුදෙක්ම අපේ දේශයේ අනන්‍යතාව, ප්‍රෞඪත්වය, මානවහිතවාදිත්වය මෙන්ම රැහේ බලය ලොවටම හඬගා ප්‍රකාශ කිරීම ය.
ඒ අතර, මෙතුමාගේ “වන වදුලේ වසන්තය” නමැති අනුවේදනීය නවකතාව සහ “බැද්දේ සෙනෙහස” නම් වූ අපුරු නවකතාව ටෙලි නාට්‍ය ගතවී ජනාදරණීයත්වයට පාත්‍ර විය. ඇරත් පාසල් දරු දැරියන් වෙනුවෙන් ලියැවුණු විශාල පොත් සංඛ්‍යාවක් අද ද පාසල්වල අතිරේක කියවීම් කෘතීන් වශයෙන් පරිහරණය වෙයි.
මේ අනුව පියසේන කහඳගමගේ නම් වූ ජනරංජන ජනශ්‍රැතිවේදියාණන් අපේ දේශයේ පිනට පහළ වූ වියතාණ කෙනකු බව කා හට වුවද පැහැදිලි ය. ලෝ දහම අනුව ‘උපත’ සමඟ හිස දරාගෙන එන ‘විපත’ පියසේනයන්ට ද පොදු විය. උරුම විය. එහෙයින්මදෝ මුළුමහත් දේශයේම කඳුළු ඇහැරවමින් 2003 - 08 - 16 දින පියසේන කහඳගමගේ ජනශ්‍රැතිවේදියාණන් සදහටම අපෙන් සමුගත්තේ ය.
දේශයේ අනන්‍යතාව මෙන්ම ප්‍රෞඪ ජාතියක උරුමකම් මේ මිහිමඬලේ හිරු සඳු සේ බැබළවීමේ විමලකර චේතනාවෙන් ම, සිය දිවිගමනේ නිමාව දකින තෙක් ම ස්වකීය පෑන හැසිරවූ පියසේන කහඳගමගේ විද්වතාණන් සද්භාවයෙන් ම පරිපූර්ණව කරන ලද අනූපමේය ජාතික මහා මෙහෙවරය මනුස්මෘතියෙන් පමණක් නොව, සතා සීපා ඉවෙන් ද, හරිත වරණ ගහවැලෙන් ද, ඇළ දොළ ඇතුළු පාරිසරික අංගෝපාංගයන්ගෙන් ද කිසි විටෙක වියැකී නොයනු නියති. සදාදර ‘ක. ග.’, ඔබ අප අතරින් වියෝ වී අදට සත් වසක් ගෙවී ගිය ද, ඔබ තවම අප අතර ජීවමාන ව සිටින බව නම් සැබැවි. දැයක් සනහන ලොවක් පුබුදන ඔබේ පොත පත ඊට කදිම සාක්ෂියෝ වෙත්.
පියසේන කහඳගමගේ හෙවත් ළයාදර ක. ග., ඔබ යළි යළි අප අතර ම ඉපදේවා මතු මත්තේ!



Saturday, April 26, 2014

අබේ මැරුණදා ඉඳලා මම ගීත ගායනා කරන්නේ නැහැ. නිහඬ බවට හේතුව නිරංජලා හෙළි කරයි....

අබේ මැරුණදා ඉඳලා මම ගීත ගායනා කරන්නේ නැහැ. එයාට මතුවූ ස්‌නායු ආබාධයක්‌ නිසා කතා බහ කිරීමේ අපහසුතාවයක්‌ ඇතිවුණා. ඒ හින්දා අබේ ගොඩාක්‌ දුකෙන් හිටියේ. එයා ගොඩාක්‌ බලාපොරොත්තු තියාගෙන හිටියේ යළිත් ගීත ගායනා කරන්න හැකිවෙයි කියලා. නමුත් ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්න බැරිවුණා. මම ගායිකාවක්‌ බවට පත්වුණේ අබේ නිසා. ඉතිං අබේගේ හදිසි මරණයත් සමග මම තීරණය කළා ආයෙත් කිසිම දිනෙක ගීත ගායනා නොකරන්න. නිරංජලා සරෝජනී අප හා හඬ අවදි කරමින් පැවැසුවාය.


නිහඬ බවට හේතුව නිරංජලා හෙළි කරයි....

කෙදිනද කූඩු හදන්නට එන්නේ..., ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ..., ගංගා එන්නකෝ ගංගා..., රැළකින් තනිවී වනමැද සරණා... මෙම ගීත රස නොවිඳි අයෙක්‌ ඇත්නම් ඔවුන් කුඩා දරුවන්ය. එසේත් නැත්නම් ගී රස වින්දනයක්‌ නොමැති අයයි.

අසූවේ දශකයේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තට පත් නිරංජලා සරෝජනී සහ අබේවර්ධන බාලසූරිය නම්වූ ගායක යුවළ ගැයූ ගීත සියල්ලම වාගේ එදා මෙන්ම අදත් රසික සිත් සතන් සනහාලීමට සමත්ය.

සැරසිලි ගොක්‌ කොළ ඉපෝරුව අයිනේ, රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ, විහඟකවූ ඔබ මාවෙත අවුදින්, තොටිල්ලෙ ලී වැටෙන් එහා, අබේවර්ධන බාලසූරිය ගැයූ ගීත අතරින් කිහිපයකි.

මෙම ගීත කෙතරම් මිහිරි වුවත් අද අපට අසන්නට සිදුව ඇත්තේ සංයුක්‌ත තැටියකින් හෝ ගුවන් විදුලි නාලිකාවකින් ඉතා කලාතුරකිනි.

අබේවර්ධන බාලසූරියගේ වියෝවත් සමග නිරංජලා සරෝජනීද ගීත ගායනයෙන් ඉවත්ව සිටින්නීය. එනිසා දැන් ප්‍රසංග වේදිකාවේදී හෝ ඇය අපට හමුනොවේ.

අබේ මැරුණදා ඉඳලා මම ගීත ගායනා කරන්නේ නැහැ. එයාට මතුවූ ස්‌නායු ආබාධයක්‌ නිසා කතා බහ කිරීමේ අපහසුතාවයක්‌ ඇතිවුණා. ඒ හින්දා අබේ ගොඩාක්‌ දුකෙන් හිටියේ. එයා ගොඩාක්‌ බලාපොරොත්තු තියාගෙන හිටියේ යළිත් ගීත ගායනා කරන්න හැකිවෙයි කියලා. නමුත් ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්න බැරිවුණා. මම ගායිකාවක්‌ බවට පත්වුණේ අබේ නිසා. ඉතිං අබේගේ හදිසි මරණයත් සමග මම තීරණය කළා ආයෙත් කිසිම දිනෙක ගීත ගායනා නොකරන්න. නිරංජලා සරෝජනී අප හා හඬ අවදි කරමින් පැවැසුවාය.

එම තීරණය ඔබගේත් අබේවර්ධන බාලසූරියගේත් ගීතවලට ප්‍රියකරන රසික රසිකාවියනට කරන අසාධාරණයක්‌ නොවේද?

නැහැ.... මම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා නොකළත් අප ගැයූ ගීත ඇතුළත් අප නිෂ්පාදනය කළ සංයුක්‌ත තැටි අලුතින් එළි දක්‌වනවා. ඉන් අපගේ ගීත සංරක්‍ෂණය වෙනවා වගේම අපගේ ගීත ප්‍රියකරන රසික රසිකාවියන්ට ඒවා මිලදී ගන්න අවස්‌ථාවත් උදාවෙනවා.

නමුත් ඒවා වෙළෙඳ පොළේ නැහැනේ...

අබේත් මාත් නිෂ්පාදනය කළ ගීත සංයුක්‌ත තැටි කවදාවත් වෙළෙඳ පොළට බෙදාහැරියේ නැහැ. අවශ්‍ය කෙනෙකුට අපෙන් මිලදී ගත හැකියි. එය අප මුල සිටම අනුගමනය කළ ප්‍රතිපත්තියක්‌.

සුපිරි ගී තරු බිහි කිරීමේ තරග විනිශ්චය සඳහා සහභාගී වන ඔබ නව පරපුර ගැන දකින්නේ කොහොමද?

වර්තමාන පරපුරට ගායන ක්‍ෂේත්‍රයට පිවිසීමට ඇති පහසුකම් අති විශාලයි. එදා අපට තිබුණේ ගුවන් විදුලි සංස්‌ථාව පමණයි. හැබැයි අද බොහෝ දෙනෙක්‌ තමුන්ට තියෙන පහසුකම්වලින් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය ඉක්‌මනට ජනප්‍රිය වීමයි. ඒ සඳහා ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත පාවිච්චි කරනවා. හැබැයි ඒ ජනප්‍රියත්වයට පැවැත්මක්‌ නැහැ. අදටත් අප ගැන කතා කරන්නේ ප්‍රමිතියකින් යුතු අපේම ගීත ගායනා කළ නිසයි. එදා අපට ගීත රචනා කළ ප්‍රවීණ ගීත රචකයන් නිර්මාණය ගැන හිතුවා මිසක්‌ මුදල් ගැන හිතුවේ නැහැ. අපත් හොඳ ගීතයක්‌ ගායනා කිරීම ගැන මිස ජනප්‍රියවීම ගැන හිතුවේ නැහැ. හොඳ නිර්මාණ හැමදාමත් ජනප්‍රියයි. එනිසා හොඳ දෙයක්‌ කළොත් එහි ජනප්‍රියත්වයත් හැමදාම පවතිනවා.

පොත්පත් කියවීමට, ගුවන් විදුලියට සවන් දීමට, ආගම දහමට වැඩි කාලයක්‌ ගත කරමින් නිරංජලා සරෝජනී දැන් කාලය ගත කරන්නීය.

උපාලි ද සේරම්

 

Friday, April 25, 2014

ශරීරයේ වැඩි ප‍්‍රමාණයක් පුරාම ටැටූ ... ඉසබෙල් වර්ලෙයි


ගිනස් ලෝක වාර්තා පොතට යාම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ වෙනුවෙන් විවිධ අවදානම් දරන කැපකිරීම කරන පුද්ගලයන් අතර ඇය සුවිශේෂී තැනක් හිමිකර ගනී. ඇය නමින් ඉසබෙල් වර්ලෙයි නම් බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවකි. ශරීරයේ වැඩි ප‍්‍රමාණයක් පුරාම ටැටූ විලාසිතාවන් පවත්වා ගෙන යන වයෝවෘද්ධම කාන්තාව ලෙස ඇය ගිනස් පොතට එක්ව ඇත. 1937දී උපන් ඇය මේ වනවිට තම දිවියේ 76 වැනි විය පසු කරමින් සිටියි.
ඇය මේ වනවිට තම ශරීරයේ 76%කටත් වඩා ටැටූ විලාසිතාවලින් අලංකාර කරගෙන ඇත. මේ නිසා ඇයට සමාජයෙන් විවිධ ගැරහුම් හා අපවාදයන්ට පවා ලක්වීමට සිදුවූ බව ඇය අද මතක් කරන්නේ මහත් උපේක්ෂාවෙනි.

‘මම ඉපදුනේ යෝක්ෂයර් ප‍්‍රාන්තයේ. මට ගොඩක් හිටියේ පිරිමි යාළුවෝ. ඒ නිසා මමත් ගොඩක් හිතුවේ පිරිමියෙක් වගේ. 1949 වෙනකොට මගේ වයස අවුරුදු 12යි. ඔය කාලයේදී තමා මගේ මවුපියන්ට ලන්ඩන් නගරය සමීපයේ පදිංචියට යන්න සිද්ධ වුණේ. කොහොම නමුත් ගමෙන් නගරයට ආවා කියලා වෙනසක් වුණේ නැහැ. මම ඉක්මනටම ඒ සමාජයට පුරුදු වුණා. යාළුවෝ හදාගත්තා. මේ කාලයේ මම පිරිමි යාළුවොත් එක්ක අවදානම් සහිත කී‍්‍රඩා තමයි කළේ. ගොඩක් වෙලාවට මම කළේ එයාලගේ ‘බයික්’ පැදපු එක. අම්මා ගොඩක් කලබල වුණා ඒ කාලේ මම ගැන. හැබැයි ඇය ඉක්මනටම තේරුම්ගත්තා මට අවශ්‍ය කරන්නේ කුමක්ද කියලා. අවුරුදු 15 වෙනකොට මගේ ‘බයික්’ යාළුවෝ සෙට් එකෙන්ම මට පෙම්වතෙක් හම්බවුණා. එයා මට වඩා වැඩිමහලූ කෙනෙක් වුනත් මං ගැන හොඳටම තේරුම් ගත්තා. ඉතින් එයා වෙනුවෙන් තමයි මම මුලින්ම ටැටූ එකක් කළේ. එයාගේ නම රැන්ඩි ඒ නිසා ‘Property Of Randy’ කියලා ටැටූ එකක් ගහගත්තා. ඒත් පස්සෙ කාලයකදී එයා මගේ ජීවිතයෙන් වෙන්වුණාම මගේ මතකයෙන් වගේම මගේ ශරීරයෙනුත් එයාව මකලා දාන්න මට ඕන වුණා. ඉතින් මම මුලින්ම කළේ ටැටූ එක තිබුණ තැන පිහියකින් ඇනලා, හූරලා දාලා මකා ගත්ත එක. එදා තමා මම හිතන්නේ මගේ ශරීරයෙන් රුධිරය වැඩියෙන්ම පිටවුණු දවස’

‘1958 අවුරුද්දේ තමයි මට මගේ සැමියාව හම්බවෙන්නෙ. අපේ විවාහයෙන් සෑහෙන කාලයකට පස්සෙ අපි දෙන්නට ඕන වෙනවා ටැටූ විලාසිතාවක් කර ගන්න. ඒ 1986 අවුරුද්ද. මම කවදාවත් හිතුවේ නැහැ ඒ ටැටූ විලාසිතාව මගේ ජීවිතය වෙනස් කරයි කියලා. ඊට පස්සෙ ඒ වේදනාවට මම ආස කරන්න ගත්තා. ටැටූ එකක් කළාට පස්සෙ ඊළඟ එක කරනකල් මට ඉවසිල්ලක් නැති වුණා. ඒ විලාසිතාවට මම පි‍්‍රය කළා’
බොහෝ Body Modification කරන අය තමන් කලාකරුවන් ලෙස හැඳින්වුවද තමන් කලාකරුවෙක් නොවන බව ඇය පවසන්නීය. ඇය මෙම ටැටූ විලාසිතාවන් කරන්නේ එයින් තම ශරීරයේ සුන්දරත්වය වැඩිවන බවට තමන්ට ඇති හැඟීම නිසාය. එයින් තමන් බොහෝ සේ සතුටු වන බව පවසන ඇය තම ශරීරයේ ඇති ටැටූ විලාසිතාවන් අතරින් පපු ප‍්‍රදේශයේ නිර්මාණය කර ඇති ටැටූ විලාසිතාවට ආදරය කරන බව ප‍්‍රකාශ කළාය.
‘මට අනිත් අය කියන කතා වැඩක් නැහැ මම ගැන. එයාලා සමහරු මාව අගය කරනවා. සමහරු පිළිකුල් කරනවා. ටැටූ එකක් කරන කොට වේදනාවක් දැනෙනවා. හැබැයි මම ඒ වේදනාව විඳිනවා. මගේ කනේ ටැටූ කරන කොට මට ගොඩක් අමාරු වුණා. ටැටූ ශිල්පියාටත් ඒක ගොඩක් අමාරු කාර්යයක් වුණා. හැබැයි අපි ඒක කළා. මගේ ශරීරය ටැටූ විලාසිතාවලින් සරසන්න අද වෙනකොට ටැටූ ශිල්පීන් විසිදෙනෙකුට වඩා දායක වෙලා තියෙනවා. සමහරුන්ට ගොඩක් පුදුමයි ගැහැනියකගේ ශරීරයේ, ටැටූ විලාසිතාවලින් සරසන්න මෙච්චර තැන් තියෙනවද කියලා. එංගලන්තයේ ටැටූ ශිල්පීන් විතරක් නෙමෙයි ජර්මනිය, නෝර්වේ, ප‍්‍රංශය වගේ විදේශ රටවල් කිහිපයක ටැටූ නිර්මාණ ශිල්පීන් කිහිපදෙනෙක්ද මගේ ශරීරය අලංකාර කරන්න දායක වුණා.
මගේ ශරීරයේ ටැටූ විලාසිතා කරපු නිර්මාණ ශිල්පීන් අතර වැඩි ඉඩ ප‍්‍රමාණයකට දායකත්වයක් දුන්නේ බ්‍රේන්ට්, ඇලන් ඞීන්, ඬේව් ෆීලීට් සහ පෝල් වොර්නර් යන ශිල්පීන්. මොවුන් සියල්ලන්ම එංගලන්ත ජාතිකයන්. ඔවුන් ටැටූ නිර්මාණය කළේ තේමාවන් කිහිපයකට අනුවයි. එකක් තමා ‘වනජීවී’ අංශය. මම ගොඩක් කැලේ ඇවිදින්න, සත්තු බලන්න ආසයි. ඒ නිසා තමා ඒ තේමාව විශේෂයෙන් යොදා ගත්තේ. ඊළඟට ‘මල්’ අවසාන වශයෙන් ශෘංගාරාත්මක රසය මතුවෙන ටැටූ නිර්මාණත් භාවිත කළා’
නව ශත වර්ෂය ආරම්භයේදී එනම් වසර 2000දී ගිනස් වාර්තා පොතට එක්වූ ඇය මේ වනවිට වසර 13ක්ම ‘ලොව ශරීරයේ වැඩිම ප‍්‍රදේශයක් ටැටූ විලාසිතාවලින් අලංකරණය කරගත් වයස්ගතම කාන්තාව’ ලෙස නොකඩවා වාර්තා ගතව සිටින්නීය.

Female Tattoos

Female Tattoos

Female Tattoos

Female Tattoos

Female Tattoos

Female Tattoos

Female Tattoos

Thursday, April 24, 2014

පුස්තකාලයක් හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ගේ නමින්...

පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පුස්තකාලයක් හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ගේ නමින් නම් කිරීමට එහි හිමිකාර ඉස්ලාම් පූජක තැන කටයුතු කර තිබේ.

මෙම පූජකයා ත්‍රස්ත ක්‍රියාවන්ට සහය පළකරන්නෙක්යැයිද ඒ සදහා තම අනුගාමිකයින් උසිගන්වන්නෙක් යැයිද සදහන්ය.
ඔසාමා බින් ලාඩින් බොහෝ දෙනාට ත්‍රස්තවාදියෙකුවූවත් තමන්ට හා තම අනුගාමිකයින්ට ඔහු විරුවෙක් යැයි ඔහු මේ පුස්තකාලයට නම් තැබීම සම්බන්ධයෙන් කැදවා තිබුණු මාධ්‍ය හමුවකදී පැවසීය.
2011 මැයි මාසයේදී ඇමරිකා ආරක්ෂක අංශ අතින් ඔසාමා බිල් ලාඩින් මරණයට පත්විය.

අත්භූත ආකාශ වස්තුවක් අැමරිකා අහසේ...


බූමරංගයක් හැඩැති ආකාශ වස්තුවක් ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඇමරිල්ලෝ ප‍්‍රදේශයේදී නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වේ.

මෙය කැන්සාස් ප‍්‍රදේශයේ ඡයාරූප ශිල්පියකු වන ජෙෆ් ටෙම්ප්ලින් විසින් කැමරා කාචයට හසුකරගෙන ඇති අතර පසුව එය ඔහු වඩා පැහැදිලිව පෙනෙන ලෙස සංස්කරණය කර මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.
ඔහු පවසා ඇත්තේ පැහැදිලි නිල් අහස දෙස අහඹු ලෙස බැලූවෙකු පමණක් එය දකින්නට ඇති බවයි. එයින් කිසිදු ශබ්දයක් නොනැගෙන බවද ටෙම්ප්ලින් පවසා තිබේ.
සාමාන්‍ය ගුවන් යානායල හැඩයට වඩා බෙහෙවින් වෙනස් ති‍්‍රකෝණාකාර හැඩයක් ගත් මෙම යානය මිනිස් නිර්මාණයක් මිස පිටසක්වළ යානයක් නොවන බවද ඔහු විසින් අවධාරණය කර තිබේ.

වේදිකාව ඒක මගේ රාජ්‍යය....

තරුව විකිණේ හූරාකන සමාජය ගැන
- ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සු
වේදිකාව කෙදිනකවත් මට ද්‍රෝහී වී නැහැ. ඒක මගේ රාජ්‍යය. ඒ රාජ්‍යයට "රජා" එනකොට ප්‍රේක්‍ෂකයෝ අත්පොළසන් දී පිළිගන්නා බව මා දන්නවා.



වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාවේ, ගායන ලොවේ සහ ක්‍රීඩා ලෝකයේ දී ද අප ඕනෑ තරම් "තරු" දැක තිබේ. "තරු" පිරුණු අහස්‌ගැබක්‌ වන් වූ උක්‌ත ස්‌ථානයන්හිදී සදාකාලික "තරු" එසැණින් නිවී බැස ගිය "තරු" සහ සුපිරි තරු වෙන්නට දඟලන "තරු" ද ඇතැයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවනු ඇත. එනමුදු ලිවිය යුතු සත්‍යය නම් මේ සෑම තරුවක්‌ම එදා සිට අද දක්‌වාම විකිණෙමින් පවතින හෝ විකිණෙන්නට වෙර දරන "තරු" ම වනු ඇති බවය.
දශක හතරක්‌ පුරාවට වේදිකාවේ, පුංචි තිරයේ සහ රිදී තිරයේ දී ද සිය නිසඟ රංගන දක්‍ෂතා එළිදක්‌වමින් සම්මානයන්ට පාත්‍රව සමාජය අවධි කිරීමට සමත්කම් පා ප්‍රබල වේදිකා නාට්‍ය ගණනාවක්‌ අධ්‍යක්‍ෂණය කරමින් සිනමාවටද පිවිසුණු කලා ලොවේ ප්‍රබල "තරුවක්‌" වන ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සු සිය නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ලෙසින් "තරුව විකිණේ" හෙට (අප්‍රේල් මස 26 වැනිදා සෙනසුරාදා) සවස 6.30 කණිසමට ලුම්බිණි රඟහල් වේදිකාවට රැගෙන එන්නට නියමිතය. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සිය ආදරණීය ප්‍රේක්‌ෂක ජනතාවටම මෙය නැරැඹීමට එක්‌වන ලෙස විවෘතව ආරාධනා කරන අපොන්සු කලා ශිල්පියාණන් සමගින් "තරුව" විකිණෙන්නේ කෙලෙසදැයි විමසමින්, "දිවයින සිනමා කලා" පැවැත්වූ සොඳුරු කතාබහක සටහන මතු ගෙනහැර දක්‌වමු.

"තරුවක්‌" විකුණන්න, "තරුවක්‌ම" ඉදිරිපත් වෙන්නේ ඇයි...?

ඇත්තෙන්ම "තරුව විකිණේ" කතා කරන්නේ හූරාකන සමාජය ගැන. ඔව්. මේ කතාව සැබෑ රංගන තරුවක්‌ ගැනම තමයි. ඔහු ජීවත්ව සිටින තුරු කිසි කෙනෙක්‌ හරියට බැලුවේ නෑ. ගණන් ගත්තේ නැහැ. ඔහුගේ වටිනාකම හරියටම දැනෙන්න පටන් ගන්නේ මියගියාට පසු. මේක තමයි තරුවලට අත්වන අන්තිම ඉරණම. දියුණු වුණු ලෝකයක ජීවත්ව සිටින අපි හිටි ගමන් නැවතත් වනචාරී යුගයකට යන්න උත්සාහ කරනවා. කලාව කියන දේ අත්විඳින්න දන්නේ නැති අසංවේදී සහ අශීලාචාර මිනිසුන් බොහෝ වේලාවට සැබෑ කලාකරුවාට කරන අසාධාරණකම් එමටයි. ඉතිං ජීවත්ව සිටි කලාකරුවාට වඩා මියගිය පසු සිහිපත් කරන රංගවේදියකුගේ අපූරු කතා පුවත "තරුව විකිණේ" වේදිකා නාට්‍ය නිර්මාණය ගෙන හැර දක්‌වනවා.

"තරුව විකිණේ" අධ්‍යක්‍ෂණය වගේම රචනයත් ඔබේ...

ඔව්. මේක මම ලිව්වේ මා දකින කලා කරුවන්ගේ අත්දැකීම් සහ මගේම අත්දැකීම් එකට මුසු කරලා.

ඔබත්, කලා ලෝකයට බොහෝ "තරු" දායාද කළ පුද්ගල චරිතයක්‌....

නිසැකවම ඔව්. මම කළේ දක්‍ෂ හැකියාවන් ඇති විශාල පිරිසකට අතහිත ලබාදීමක්‌. හුඟක්‌ අය මම වේදිකාවටත් පුංචි තිරයටත් සිනමාවටත් ගෙනැත් ඇරලුවා. ඊට පස්‌සේ ඔවුන් ප්‍රවීණ සහ ජනප්‍රිය කියන තලයකට ගියා. මම ඒ දෙස බලා සිටියේ නිහතමානී ආඩම්බරයකින්.

ඔබත්, අද වටිනාකමට අනුව විකිනුණු තරුවක්‌ද..?

ඇත්තටම අද ජනකාන්ත "තරු" වෙන්න අමාරුයි. නමුත් හැකියාව තියන පිරිස වැඩියි. මෙතැනදී මගේ රංගන හැකියාවත් කිසිවකු ප්‍රයෝජනයට ගත්තා නම් ඒ අරන් තියෙන්නෙත් බොහොම අඩුවෙන්. ඒ නිසා මමත් තවම හරියට නොවිකුණුනු "තරුවක්‌" කීවොත් වඩා නිවැරැදියි. නමුත් මම මියගිය කාලයක මීට වඩා වැඩි අගයකට මාවත් විකිණෙන්න ගනියි. ඒත් එතකොට ප්‍රමාද වැඩියිනේ.

ඔබ විසින් අධ්‍යක්‍ෂණය සිදුකළ චිත්‍රපට ද්විත්වයටම යම් කිසි අසාධාරණයක්‌ සිදුවූ බව හැමෝම දුටුවා. ඇත්තටම මොකක්‌ද සිදු වුණේ...?

මගේ ප්‍රථම චිත්‍රපටය "රූ රු" භීෂණය සහ එවකට රටේ පැවති දේශපාලන අර්බුද නිසාවෙන් යම් කිසි අසාර්ථකත්වයකට පත්වුණා. දැන් මම ඉල්ලනවා මේ චිත්‍රපටය මම මැරුණු දවසක මගේ දේහය තබා තිබෙන ස්‌ථානයේදී සහ කනත්තේදී මගේ රසිකයන්ට පෙන්වන්න කියලා. මගේ දෙවැනි චිත්‍රපටය "සීතා මං ආවා". මෙතැනදී මගේ කතා සංකල්පය සහ මේක සිනමා සිත්තමක්‌ කියන එක හුඟක්‌ අයට හඳුනාගන්න බැරිව ගියා. යම්කිසි බලවේගයන් විසින් කුමන්ත්‍රණකාරී ලෙස චිත්‍රපටය කඩාකප්පල්කර මගේ සිනමාවේ අහිංසක ගමන් මාර්ගය ඒ මොහොතේ වසා දැමුවා. "සීතා මං ආවා" වෙනුවට "සීතා මං නෑවා" කියලා කියන්නට තරම් සමහරුන් ඉතාමත් කුහක වුණා. කොහෙම වුණත් මේ චිත්‍රපටය ස්‌ථාන ගත කිරීමේදී යම් යම් අඩුපාඩු සිදුවුණු බව මම පිළිගන්නවා. වේදිකාව සහ සිනමාව කියන්නේ මගේ අම්මා සහ තාත්තාට. මම ජීවත් වෙන්නේ කලාව ඇතුළේ. මේ කලාව නිසාම ගේ දොර අතුළු මගේ සියල්ලම නැතිවුණත්, අද පැත්තක සිට ඒ දෙස බලා සිටින තනි 'තරුවක්‌' තමයි මම. ඒත් මම කිසිවකුට දොස්‌ පවරන්නේ නැහැ. කිසිම රජයකින් මට අසාධාරණයක්‌ කරලත් නෑ. සංස්‌කෘතික අමාත්‍යාංශය හරහා ලබාදෙන විශ්‍රාම වැටුප ලබාගන්නත් මම ඉදිරිපත්ව සිටිනවා. මේක කලාකරුවන්ගේ ඉදිරියට ඉතාමත් හොඳයි. මට නිවසක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමැති විමල් වීරවංශ මහතාට ලිපියක්‌ යොමුකළා. ඒකට සාර්ථක පිළිතුරක්‌ ලැබුණා. කලාකරුවකු හැටියට එය ලොකු සතුටක්‌.

"තරු සොබා" ඔබේ 3 වැනි චිත්‍රපට අධ්‍යක්‍ෂණය. කවදද මෙය අපට බලන්නට ලැබෙන්නේ...?

"තරු සොබා" ප්‍රදර්ශනයට සූදානම් කරන්න තව පොඩි වැඩ කොටසයි තියෙන්නේ. ඔව්. ඒක නුදුරේදීම මගේ රසිකයන්ට පෙන්වනවා.

"තරුව විකිණේ" වේදිකා නාට්‍ය වෙනුවෙන් රංග ගතවන පිරිස කවුරුන්ද...?

මේක චරිත 21 ක්‌ වටා දිවයන කතාවක්‌. නමුත් රඟපාන්නේ නවදෙනයි. මෙයත් එක්‌තරා විදිහේ "එක්‌ස්‌පරිමන්ට්‌" එකක්‌. ගයාන් මාපලගම, ධර්මසේන දෙහිවල, එන්. සූරියබණ්‌ඩාර, තාරුකා අංජලී, පුෂ්පා ජෙනට්‌, සරත් විඡේවර්ධන, ස්‌ටැනිද සිල්වා, ගාමිණී කොස්‌තා සහ ජයසේකර අපොන්සු වන මමත් මෙහි රඟපානවා.

"කැක්‌කුමට රට ගිය නළුවෝ අප්‍රමාණයි. ඒත් පිටරටකට කොටුවෙලා, පුස්‌නාම්බෙක්‌ වෙන්ඩ මට බෑ. මටත් ඕන්නම් තිබුණා පීසා හට්‌ එකක, පැට්‍රල් ෂෙඩ් එහෙක නැත්නම් පණ අදින සුද්දෙක්‌ගේ පීස්‌ පෝච්චිය ඇදලා ඩොලර්වලින් කොලර් අප් කරගන්ඩ. ඒත් මං කලාකාරයෙක්‌. පිටරටකදී කවුද මගේ කලාව පිළිගන්නේ...? මං නළුවෙක්‌. හැබැයි ඉන්දියාවේ නෙමෙයි.  ශ්‍රී ලංකාවේ."

ඉතිං.. "තරුව විකිණෙයි" කියන එක මගේ අදහස. මාව වෘත්තීය මට්‌ටමකට ගෙන ආවේ වේදිකාව. වේදිකාව කෙදිනකවත් මට ෙද්‍රdaහී වී නැහැ. ඒක මගේ රාජ්‍යය. ඒ රාජ්‍යයට "රජා" එනකොට ප්‍රේක්‍ෂකයෝ අත්පොළසන් දී පිළිගන්නා බව මා දන්නවා.
 

කැසිනෝ ...මේක බුදුදහමට විරුද්ධයි. ජනාධිපතිවරයා අදහන ධර්මයට විරුද්ධයි.


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ක‍්‍රමෝපාය සංවර්ධන පනතට අදාලව රහස් ඡන්දයක් පවත්වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්, එම රහස් ඡන්දයේදී පනතට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශය කරන ලෙසට සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත්, කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

කොළඹදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ සඳහන් කලේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත්, බුදුදහමටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලටත් විරුද්ධ වී ගෙන එනු ලබන කැසිනෝ පනත ඉවත දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ යුතු බවයි.
භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වය දී පත් කර ගත් වත්මන් ජනාධිපතිවරයා පිළිබඳව භික්ෂූන් වහන්සේලාට විශ්වාසයක් ඇතැයි පැවසූ සෝභිත හිමියෝ එම විශ්වාසය කඩ නොකරන ලෙසද සඳහන් කළහ.
‘මේක බුදුදහමට විරුද්ධයි. ජනාධිපතිවරයා අදහන ධර්මයට විරුද්ධයි. උත්තරීතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. රටේ ජනතාව විරුද්ධයි. ඉතිං ඇයි තවත් බලා ඉන්නේ කියලා අපි අහනවා. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්.
කැසිනෝවලට සියලූ දෙනාම අද එරෙහි වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් මේ ජනතා හඬට කන් දෙන්න කියලයි’ යැයි ද එහිදී සෝභිත හිමියෝ අවධාරණය කළහ.

මම ජනාධිපතිගේ මිනිහා....


තමන් ජනාධිපතිගේ මිනිහා බවත් තමන්ට ජනාධිපති හැර වෙන කිසිදු අයෙක් අවශ්‍ය නොවන බවත් පවසමින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලක්‍ෂමන් ජයවීර මහතා විසින් අත්තනෝමතික ලෙස ආයතනය වල පල්ලට යවමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ආයෝජන මණ්ඩල ශාඛාව පවසයි.

සංගමයේ සභාපති, ලේකම් සහ සංවිධායක විසින් මේ බව සඳහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  වෙත යොමු කර ඇති ලිපියක මේ බව දැක්වේ.
එම සම්පුර්ණ ලිපිය මෙහි දැක්වෙයි.
අතිගරු ජනාධිපතිතුමනි,
ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයතනික හා දේශපාලන අස්ථාවරභාවය
ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අධක්‍ෂ ජනරාල් තනතුරක් හා සභාපති තනතුරක් හඳුන්වා දෙමින් රජය විශාල බලාපොරොත්තුවක් තබමින් නිලධාරීන් පත් කරන ලදි. සෘජු විදේශ ආයෝජන ලංකාවට රැගෙන ආ හැකි යැයි විශ්වාසයෙන් ආචාර්ය ලක්‍ෂ්මන් ජයවීර මහතා සභාපති තනතුරට පත් කරන ලදි.
අතිගරු ජනාධිපතිතුමනි,
රටට පැමිණෙන විදේශ ආයෝජකයින් හැර වර්තමාන සභාපතිවරයාගේ පූර්ණ මැදිහත්වීමෙන් රටට දැනෙන කිසිදු ආයෝජකයෙකු රැගෙන ඒමට පසුගිය කාලය තුල ජයවීර මහතා අසමත් වී ඇත. මහින්ද චින්තනයේ ජන සංස්කෘතික හා දේශපාලන මතය විනාශ කරමින් කැසිනෝ ආයෝජකයෙක් ලෙස සාවද්‍ය ලෙස හඳුන්වා දුන් (විපක්‍ෂය පෙන්වා දුන් ආකාරයෙන්ම) වටිනා ආයෝජන අවස්ථාවක් මෙහෙයවා ගැනීමට පවා මොහුට නොහැකි වූවා පමණක් නොව රජය දේශපාලන ආගාදයකට ඇද දැමීමට මොහුගේ ක‍්‍රියා කලාපය හේතු විය.
වර්තමාන සභාපති ලක්‍ෂ්මන් ජයවීර මහතා ඔහුගේ විදේශ ආයෝජන ශ‍්‍රී ලංකාවේ සිට මෙහෙයවීමට කාලය වැය කරනවා මිස ආයෝජන මණ්ඩලයට දැනට ලැබී ඇති ආයෝජන මෙහෙයවීමට කාලය මිඩංගු කිරීමට නොහැකි වී ඇත. ආයතන පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට කටයුතු කර ඇත. ආයෝජන මණ්ඩලය තුල ඔබතුමාද විශ්වාස කරන විනාශකාරී බලවේග වල අතකොළුවක් වෙමින් ආයතනය රජයේ අරමුණුවලින් ඉවත්කරන බලවේග වලට ජයවීර මහතා හසුවී ඇත. ගරු අමාත්‍යවරයා ඇතුළු රජයේ වැදගත් ක‍්‍රියාවලීන් හා මතවාදය මෙහෙයවන කණ්ඩායම් හෑල්ලුවට ලක් කරන්නේ මට හැර වෙනත් අය අවශ්‍ය නොවන බව විවෘතව ප‍්‍රකාශ කරමිනි. වර්තමාන සභාපතිතුමා රජයේ හා ආයතනයේ වැඩපිළිවෙල පොදු ජනතාවගෙන් හා සේවකයින්ගෙන් ඈත් කිරීමේ කුමන්ත‍්‍රණකාරී බලවේග වලට හසුවීම බරපතල කරුණකි.
ඔබතුමාගේ මූලික අරමුණු ලෙස ආයෝජන මණ්ඩලය වටා පවතින දුෂිත නිලධාරීන් මෙල්ල කරගැනීම වෙනුවට ආචාර්ය ජයවීර මහතා අතින් සිදුවන්නේ එම දුෂිතයින් සමඟ එකතුවී ආයතනයට හා රටට යමක් කරන නිලධාරීන් විනාශ කර කොන්කර දැමීමයි. එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය පාගා දමමින් හා ඔබතුමාගේ ජයග‍්‍රහණයට කැපවූ සේවකයන් විනාශ කිරීමට කටයුතු කර ඇත. මොහු විසින් කිසිදු සෘජු විදේශ ආයෝජනයක් ලංකාව වෙතට නොගැනීමේ දුර්වලතාවය මගහරවා ගැනීමට මෑතකදී පැවැත්වූ චෝගම් සමුළුවේ ආයෝජන සමුළුව සාර්ථක කර ගැනීමෙන් මහඟු අවස්ථාවක් උදාවිය. මෙම සමුළුවේ සංවිධාන ඉලක්ක අතර වූ ආයෝජන 50ක් ශ‍්‍රී ලංකාව වෙතට ගෙන ඒමට කටයුතු කිරීමට ජයවීර මහතා අසමත් විය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තීය සමිති නිලධාරීන් හා වෙනත් බාහිර ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ආයෝජන ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත. තම පෞද්ගලික මතයේම සිට ක‍්‍රියාකිරීම නිසා අද වන විට ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන්, සේවකයින් හා වෘත්තීය සමිති වල මැදිහත් වීම ආයතනය වෙත ලබා ගැනීමට නොහැකි වී ඇත. නායකත්වයක් නැති ආයතනයක් බවට ආයෝජන මණ්ඩලය පත්වෙමින් තිබෙන බව වෘත්තීය සමිතියක් ලෙස ඔබතුමාට දන්වා සිටින්නේ අපගේ වෘත්තීය සමිති වගකීම ඉටුකල යුතු නිසාවෙනි.
වර්තමාන සභාපතිතුමා කිසිදු පරිපාලන නීතියකට ගරු නොකරණ රාජ්‍ය නීති පද්ධතිය ගරු නොකරන, අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන්ට සවන් නොදෙන පුද්ගලයෙකු බවට පත්වී, ආයතනික අභ්‍යන්තර සමායෝජනය විනාශ කර දැමීමට කටයුතු කර ඇත. එමෙන්ම මොහු ”මම HEMan” (ජනාධිපතිතුමාගේ මිනිහා) යන අනවර්ථ නාමයක් ආරූඩ කරගනිමින් එය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් නිලධාරීන් බිය වද්දීමේ ක‍්‍රියාවලියක යෙදී සිටී.
අතිගරු ජනාධිපතිතුමනි,
මෙම අවස්ථාවේ සංස්ථාවල, මණ්ඩලවල නායකත්වය වෙනස් කිරීමේ ඔබතුමාගේ වැඩපිළිවෙලට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද ඇතුලත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු. රටට දැයට වගකියන මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යා හැකි, ආයෝජන ඉලක්ක පහසුවෙන් ජයගත හැකි සභාපතිවරයෙක් පත් කරන ලෙස ඉල්ලා සිටිමු.
ඔබතුමාට ජය පතන අපි
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
ආයෝජන මණ්ඩල ශාඛාව

Sunday, April 20, 2014

**පිළිකා පිලිබඳව නවතම තොරතුරු **අනිවාර්යෙන් කියවන්න*


01- සෑම පුද්ගලයෙකුගේම ශරීරය තුල පිලිකා සෛල පවතී. නමුත් ඒවා බිලියන කිහිපයක් දැක්වා වර්ධනය වනතුරු කිසිදු පරික්ෂාවකට හඳුනා ගත නොහැක.


02- පිලිකා සෛල  මිනි
සෙකුගේ ජීවිත කාලය තුලදී 06 සිට 10 වරක් දක්වා හටගනී.



03-මිනිසෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබෙන කාලය තුලදී වරින් වර ඇතිවන මෙම සයිල විනාශ කරමින් වර්ධක/ඉදිමුම් තත්වයක් ඇතිවීම වලක්වනු ලැබේ.

04-පුද්ගලයෙක් පිළිකා තත්වයකට ගොදුරුවූ විට විවිධ පෝෂණ උණතා මතු කරනු ලැබේ. මෙය ජානමය/පරිසරිකමය /ආහාර රටාව සහ ජිවන රටාව අනුව තීරණයවේ.

05-පෝෂණ උණතා මගහරිමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආහාර රටාව සහ ජිවන රටාව වෙනස් කිරීම අනිවාර්යවේ.

06-රසායනික චිකිත්සාව (Chemotherapy) ඉක්මනින් වැඩෙන පිලිකා සයිල විනාශ කිරීමට මෙන්ම සෞකය සම්පන්න ඇට මිදුළු සෛල  (bone marrow) ආදිය විනාශ කිරීමටද හේතුවේ. එමගින් හදවත, වකුගඩු ,පෙනහළු ආදී අවයවයන්ට හානි විමක් සිදුවේ.

07-විකිරණ ප්‍රතිකාර තුලින්ද රෝගී මෙන්ම සෞක්‍යමත් සෛලද හානිකිරීමක් සිදුවේ.

08-ඉහත සඳහන් කල ප්‍රතිකාර ක්‍රම 2මගින් පටක වල අසාමාන්‍ය වර්ධනය (tumor) අවම/කුඩා කිරීමට සමත්වේ. නමුත් දීර්ග කාලිනව එය මගින් කළහැකි ප්‍රතිඵල අවමවේ.තවද ඉහත ප්‍රතිකාර මගින් අවයව වලට හානිවී ප්‍රති ශක්තිකරන පද්ධතිය දුර්වල වූ විට රෝගියා අනේක රෝගවලට ගොදුරුවීමේ අවදානම ඇතිවේ.

09- එමෙන්ම රසායනික චිකිත්සාව (Chemotherapy) හා විකිරණ ප්‍රතිකාර දිගටම කිරීම රෝගී සෛල වල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමෙන් ඒවා විනාශ කිරීමට අපහසු තත්වයටත් ශල්‍යකර්ම කිරීම මගින් අනෙක් ප්‍රදේශ වලට අසාදනය පැතිරිමටත් හේතුවේ.

10- හොඳම පිලිකා නිවාරණ ක්‍රමය නම් එම සෛල වලට පෝෂණය ලබාදෙන කාරක වලින් එය ඉවත්කර තැබීමයි. එවිට ඒවා අඩපණ වේ.
ඒවානම්

a - සිනි ප්‍රබල පිළිකා පෝෂකයකි.මොනම ආකාරයක හෝ සිනි පාවිච්චිය ඉතා අහිතකරය. මේස ලුණු සුදු පැහැ ගැන්වීම සඳහා රසායනික ද්‍රවයක් යොදාගනී එයද නුසුදුසුය.
b- කිරි ශරීරයේ ස්ලෙශ්‍මල සැදීමට උපකාරිවේ සෙම යනු පිලික පෝෂකයකි. පාවිච්චිය අඩු කිරීමෙන් අවදානම අඩුකරගත හැක.
c-ආම්ලික පරිසරයක් තුල මෙම පටක වර්ධනය අධික වේ. එම නිසා (රතු) මස් පරිභෝජනය ආම්ලික සිරුරකට මග පාදවයි.
d- 80% නැවුම් එළවලු පලතුරු ඇට වර්ග සහිතව (වෙළඳපොලේ පවතින විශ අදිකව යෙදු ඒවා පලක් නොවේ ) ආහාර විශේෂයෙන්ම නැවුම් එළවලු අදින් සැදු බිම වර්ග ශරීර ප්‍රතිශක්තිකරණ පද්දතිය සවිමත් කිරීමේ එන්සයිම වලින් පොහොසත්වේ. පිලිකා සමග සටන් කිරීමට ඊට හැක. එළවලු වර්ග කිහිපයක් අමුවෙන් ආහාරයට ගතැ හැකිනම් එය සෞක්‍ය සම්පන්න සයිල වර්ධනයට ඉතා හිතකර වේ.
e- කැෆෙන් අදික තේ ,කොපි ,චෝකලට් වර්ග පරිභෝජනය හැකිතාක් අවම කරන්න. Green Tea පිලකා නාශක ශක්තියක් සහිත හොඳ ආදේශකයකී.
f -මාංශ ප්‍රෝටීන් දිරවීම සඳහා අපහසුය දිරවිමේ එන්සයිම බොහෝ ප්‍රමාණයක් ඊට අවශ්‍යවේ. මස් පරිභෝජනය අඩු කිරීම මගින් පිලිකා සෛල සමග සටන් කිරීමට අදාල එනසයිම ඉතිරි කරගැනීමට හැකිවේ.

10-පිළිකා සෛල බිත්ති සතුව ඉතා සවිමත් ආරක්ෂණ තට්ටුවක් තිබේ. මස් වර්ග අඩුවෙන් පරිභෝජනය නිසා එම ශක්තිමත් සයිල ප්‍රෝටීන් බිත්ති සමග සටන් කිරීමට වැඩි එන්සයිම ප්‍රමාණයක් ඉතිරිවේ.

11- ප්‍රති ශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන සැපයුම් (IP6, Flor-ssence, Essiac, anti-oxidants, vitamins, minerals, EFAs etc.) විටමින් E ආදිය විශේෂයෙන් ප්‍රති ඔක්සිකාරක මගින් ශරීරයේ killer cells වර්ධනය මගින් ආසාදිත සයිල විනාශ කිරීමට හැකියාව ලබාදේ.

12-මත්පැන් පානය ,දුම්වැටි ,මත් ද්‍රව්‍ය, තිරිඟු පිටි ,ක්ෂණික ආහාර, කෝලා පාන,වර්ණ ගැන්වූ හා කල්තබාගන්නා ආහාර වර්ග ආදිය පිළිකා සඳහා අත වැනිමකි. හැකිතාක් ඒවා බැහැර කරන්න.

13-ඔක්සිජන් සහිත පරිසරයක පිළිකා සයිල වැඩීම් සිදු නොවේ. එම නිසා දිනපතා සැලකිය යුතු වෙලාවක් ස්වායු ව්‍යායාම කිරීම(පිහිනීම/බයිසිකල් පැදීම /දිවීම ) පිළිකා අවදානම අවම කිරීමට හේතුවේ. ගැඹුරු හුස්ම මගින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සෛල තුලට ලබාදීමට හේතුවේ.

14- පිළිකාව යනු සිරුර ,මනස ,ආධ්‍යත්මය සම්බන්ද රෝගයකි. පීඩනයෙන් තොරව නිදහස් මනසකින් සතුටින් කල්ගෙවිම ආගම දහමට යොමුවීම,භාවනා කිරීම මගින් නිරෝගී මනසකින් නිරෝගී පුද්ගලයෙක් බිහිකිරීම සිදුකල හැක.

15-තරහව ,දොම්නස ,කේන්තිය මගින් සිරුරේ බාහිරට වඩා අභ්‍යන්තරයේ සාමාන්‍ය ස්වරුපය වෙනස් කිරීමට සමත්වේ. එමනිසා ඉවසීමට සමාවදීමට පුරුදුවන්න. ආදරයෙන් සැහැල්ලුවෙන් සතුටින් කල්ගෙවිමට හුරුවන්න.



(John Hopkins University ඇසුරිණි)

Friday, April 18, 2014

ජන කවිය හා ගැමි ආහාර සංස්කෘතිය

ජන කවියා සමාජානුයෝජනයෙහිලා සිය යුතුකම් කොටස මැනවින් ඉටුකළ නිර්මාණ කරුවෙකි. ඔහු සිය ප්‍රතිභාවෙන් උපරිම ඵල නෙළා ගැනුමට සමාජයේ හැම අහුමුල්ලකටම රිංගා විමර්ශනය කළා පමණක් නොව බහුවිධ අත්දැකීම් මතින් ද පෝෂණය වූ බව පෙනේ.

ජනකවියා ජන සමාජය සමඟ අවියෝජනීය බැදීමෙන් යුතු පුද්ගල චරිතයක් බැවින් සමාජයේ සකල විධ මානුෂීය තල ස්පර්ශ කිරීමේ මඟ හසර උදාකර ගත් බව දැනේ. අපේ රටේ බහු සංස්කෘතික සමාජය තවත් අතකින් ජන කවිය පෝෂණය වීමෙහිලා බලපාන්නට ඇත.
ජන ජීවිතය තුළ ඔහු ලබන සංජානනයන් ප්‍රතිපෝෂණය කිරීමේ භාග්‍ය උදාවන්නට ඇත්තේ බොහෝ විට මේ නන්වැදෑරුම් ගති සිරිත් ජීවිතය හා සංඝට්ඨනය වීමෙන් විය හැකිය.
ඇතැම් විට ජීවිතයේ නන් විධ අනුභූතීන් සිය කාව්‍යාලංකාරය පිණිස යොදා ගත් ජන කවියා ජන ජීවිතය හා සම්බන්ධ සකල විධ උපභෝග පරිභෝග වස්තූන් ද සිය මාධ්‍ය ඔස්සේ වර්ණිත අපූරුව සිත් පැහැර ගන්නා සුළු ය.
ජන ජීවිතය හා බැදි ආහාර පාන ඇසුරින් ඔහු මතු කළ අදහස් උදහස් භාව ප්‍රභේදනයට පමණක් නොව ඥාන මණ්ඩලයේ නිම් වළලු පුළුල් කිරීමෙහිලා විශාල කාර්ය භාරයක් කරන බව දැක්වීම වරදක් නොවේ. ජනකවියේ ආහාර, කෑම බීම, පාන වර්ග වර්ණනා කර ඇති ආකාරය සැබැවින්ම සිංහල ජනී ජනයාගේ ගැමි ආහාර තරමටම ප්‍රණීතය. රසවත්ය. සුවිශේෂීය.
අපේ ගම්වල වැඩිහිටියන් සිංහල අවුරුද්දට රබාන වයද්දී මතුවන ආහාර පාන වල ගුණ අගුණ බොහෝය.

තෙලෙන් බැද්දත් පරෙයියා
කිරෙන් බැද්දත් පරෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
කොහොම බැද්දත් පරෙයියා

එදා ගොවියා හේනේ, කුඹුරේ, කොරටුවේ වැඩපල කරන විට ඔහුගේ වෙහෙස මහන්සිය මග හරිනු වස් ගත සිත ප්‍රබෝධවත් කරනු අටියෙන් ගෙවිලිය ගේ යුතුකමව පැවතියේ කටට රසට බත උයා පිහා දීමය. මේ පිළිබඳ ජන කවියා මවන චිත්‍රය ඇතැම් විට කුඩා දරුවන්ට ඉවුම් පිහුම් ගැන ලබා දෙන පාඩමක් වැනිය. ජන කවියේ එවැනි රසබර හැඟුම් මතු කළ අවස්ථා බොහොමයකි.

තරිකිට තරිකිට තරිකිට මැල්ලුම්
දිරිකිට දිරිකිට දිරිකිට මැල්ලුම්
තරිකිට මැල්ලුම් දිරිකිට මැල්ලුම්
තරිකිට දිරිකිට පොල් මැල්ලුම්

ගැමි ජනතාවගේ ප්‍රධාන ආහාර වර්ග දෙකකි. එනම් බත් සහ කුරහන් ඒ ආහාර වර්ග දෙක වේ. ගොවියා වී සහ කුරහන් යන බෝග දෙකම කුඹුරු ගොවිතැනේ ද හේන් ගොවිතැනේ ද වගා කිරීම සඳහා යොදා ගැනීම සාමාන්‍ය සිරිත ය. මේ නිසා ඔහුගේ වී බිස්සත් කරහන් අටුවත් යල මහ කන්නවල පිරී පවතින බැවින් ආහාර හිඟයක් ඇති නොවීය.

යල් කන්නේ වී පෑලයි මම ඉස්සේ
ඒකෙන් අමුණු හතරයි බැන්දේ බිස්සේ
කන්නය බලා නවදැලි හේනට බැස්සේ
කුරහන් අටුව පුරවන්නයි ඒ අස්සේ

ස්වයංපෝෂිත ගැමි ආර්ථිකය තුළ ශ්‍රම විභජනය සිදුවූයේ අත්තමට හෝ කයියට අනුරූපීව බව දැකගත හැකිය. මුදල හෝ කුලිය මූලික නොවූ මේ සමාජ වපසරිය තුළ මිනිස්කම පෙරදැරිව සියල්ල සිදුවුණි. මේ නිසා කයියට පැමිණෙන ගම්වාසීන්ට මගුලකට වගේ ආහාරපාන පිළියෙල කර දීම මනාව සිදු වුණි.

මගුලට දෙන දේ ලොබ නොකරල්ලා
ඇඹුලට පුසුලුත් සරිකර ගල්ලා
අඟලට කපමින් මාළු කැබැල්ලා
මඟුලට වාගේ කෑම දියල්ලා

ගැමි ආහාර අතර කිරිබතට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. කිරිබත් සාදන ආකාර කීපයක් ද ගැමි ජනතාව අතර පවතී. ඉඹුල් කිරිබත්, මුරුතන් බත්, මුං ඇට කිරිබත් ඒ අතර කැපී පෙනේ.

යාළු මිතුරු නෑයිනි සැම අසන්නේ
පාළු ඇල පැලෙහි විමසා බලන්නේ
සාළු අඳින කිරි අගනෝ නෙළන්නේ
මාළු නැති බතක් මද්දහනට දෙන්නේ

ලබු කිරිබත් ද ඇඹුලට දුන් බව ජන කවියේ සඳහන් වන්නේ මේ ආකාරයට ය. එදා ගැමි ජනතාව මද්දහනට ලබු කිරිබත් ද අනුභව කළ බව මින් ගම්‍ය වේ.
ගැමි ජනතාව කැකුළු හාලේ බතට මහත් පි‍්‍රයතාවයක් දැක්වූ බව කියවේ. එසේ ම කැකුළු හාලේ බත පෝෂදායී මෙන්ම ගුණදායී ඖෂධීය ආහාරයකි. කැකුළු බත ලොකු කුඩා මහලු, තරුණ ඕනෑම වයසකට එක සේ ගැළපේ. එසේම කැකුළු බත යහමින් අනුභව කිරීමට ද හැකියාව ලැබේ. කැකුළු බතටම ආවේණික රසමසවුළු ද වෙන් වෙන්ව පිසීමට ගැමියා රුසියෙකි.

දුකක් නොවම මාගම් පුරයට පැමිණ
සැපක් නොවම දෙබරා වැවට පැමිනුණ
බතක් කැකුළු හාලින් වෙඬරු ද ලැබුණ
කටක් හිස් මුදුනෙනුත් ඇත්නම් සිතුණ
මඤ්ඤොක්කා මාළුවට කරවල බැදුම සහිතව කැකුළු බත පිසින කල ඇතිවන ආහාර ගැනීමේ රුචිය අපරිමිත ය. කොයි කාගේත් රසවත්ම කෑම වේල අතර යට කී ආහාරයට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. රතු කැකුළු බත සමඟ මී කිරි ද ගිතෙල් ද මුසුකර අනුභව කිරීම ඇතැම් පළාත්වල පවතින සිරිතකි.

අද්දර පැලේ මම වැස්සට සිටින කල
ආවා ගොවිරාළ මුලකුත් ගෙන එකල
මොනවද කියා මම ලිහලා බැලුව කල
කැකුලෙන් බතුයි මාලුව මඤ්ඤෝක්කා අල

අනායාසයෙන්ම ගැමි මුවින් ගිලිහුණු මේ ජන කවිය සිංහල හාලේ බත මොනතරම් රසවත් දැයි මතු කෙරෙන අපූරුව සහෘද සහනුභූතියක් බවට කවියා පත් කර ගෙන ඇත්තේ ස්වභාවික ගුණය මතු කරලමිනි. ජන කවියා ගේ දිවි පෙවෙත සරල බව සැබෑ ය. ඔහු මතු කරන රසය ද සරල සුගම බව අමුතුවෙන් පැවසිය යුතු ද නැත. එනමුත් එක් කරුණක් පැහැදිලි ය. එනම් අව්‍යාජ ගැමි ජීවන දර්ශනය ගැමි කවියෙන් වහනය වීම අතිශය ප්‍රතිභා පූර්ණ ය.
ආදරවන්තයන් වෙනුවෙන් පිළියෙල වූ බතක් ගැන ද ජනකවියා ගේ නිර්මාණාත්මක ඇසට හසු වී තිබේ. එනම් ඇල් හාලේ බතට පිළියෙල වන ලූලා මාළුව බව හේ කවියෙන් වනා ඇත. නෑනා මස්සිනාට ආදර සංග්‍රහ කළ අයුරු හෙළි වන ආහාර වේලක් ලෙස මෙය දැක්වීම යුක්ති යුක්තය.

ඇල් හාලේ බත් පිසුවයි කියාපන්
ලූල් මාළු හොදි පිසුවයි කියාපන්
මාළු නැතිව බත් නොක තෙයි කියාපන්
රෑට බතට මම එන බව කියාපන්

හීන් හාලේ බත ද තණ හාලේ බත ද පිසූ කල ඉතා රසවත් ය. ලූල් මාළුව ඊට එක්කල පසු දැනෙනා රස පැවසීමට භාෂාවේ වදන් මදි ය. මෙයට අමතරව ඉරිඟු බතක් ගැන ද ජනකවියෙන් මතුවේ. ඉරිඟු බත සමඟ වටු මස් පිළියෙල කර ගැනීමට ගැමියා පුරුදු වී සිටියේ ය. ඕලු හාලේ බත ගැන කියවෙනා ජන කවියක් ද ජන සාහිත්‍යයෙන් මතු වේ. ඕලු ඇට වලින් පිසු බතට මාළු පිණියක් එක් කරගෙන නැති බව කියවෙනා ජන කවියක් ද හමු විය.

සොර බොර වැවේ සොඳි සොඳි
ඕලු ඇතී
ඒවා නෙළන්නට හොඳ හොඳ
ලියෝ ඇතී
එළි කරලා සුදු කරලා
උයා දෙතී
ඕලු හාලෙ බත් කෑමට
මාළු නැතී

මෙවන් සශ්‍රීකත්වයකින් පිරි ගැමි සමාජයේ ආර්ථිකය, සදාචාරය, සරල බව කාබාසිනියා කර දැමු යුගයක් විය. ඒ 1815 න් පසුව පිටරටවල්වලින් හාල් ගේන්නට සිදු වූ කාලයේ සිට ය. එවිට ජනකවිය අපේ ගැමි ජනතාවගේ සෝසුම විදාරණය කිරීමට යොමු විය.

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට

භෞතික නොවන සංස්කෘතික මූලාශ්‍රයන්ගෙන් ප්‍රභාස්වර වූ ජන කවියේ මතුවෙන සමාජ දර්ශනයේ එක් පැතිකඩක් ලෙස ආහාර සංස්කෘතිය දැක්විය හැකිය. ඉන් බිඳක් මිස ස්වල්පයක් වත් මෙවන් වදන් අහුරකින් දැක්වීම උගහට ය. එහෙත් මේ පද්‍ය කීපය හරහා වුවද වින්දනීය චින්තනය මෙහෙයවන කළ පසක් වන එක් කාරණයක් වන්නේ ජන කවියා දිවි සරිකර ගන්නා කළ අල්පේච්ඡ වුවද දිවි නැණ හමුවේ බහුශ්‍රැතයකු බවය.

Thursday, April 17, 2014

ප්‍රංශ මහා නවකතාකරු වික්ටර් හියුගෝ


එම්. ආර්. බී. ඊරියගොල්ල මහතාගේ පරිවර්තන කෘතියක් වූ “මනුතාපය” නමැති විශිෂ්ට කෘතියේ හිමිකරුවා ප්‍රංශ මහා නවකතාකරු වික්ටර් හියුගෝ බව ශ්‍රී ලාංකික පාඨකයෝ ඉඳුරාම දනිති.
වීර ලෑන්ස්, මුරට් සේනාධිනායකයන් පිරිවරා ශ්‍රේෂ්ඨ ඔෂ්ටර්ලිෆ්ට් සංග්‍රාමය දික්විජය කරමින් ලෝකය විස්මයට පත් කළ සමස්ත ධරණී තලයේ මෙතෙක් පහළ වූ අද්විතීය රණශූරයා වූ නැපෝලියන් අයත් වන්නේ ද ප්‍රංශයටයි.

ප්‍රංශ සාහිත අම්බරයට රිදී තාරුකාවක් බඳු වූ මහා නවකතාකරුවා අන් කිසිවකු නොව වික්ටර් හියුගෝය. ඔහුගේ පන්හිඳෙන් ගලා බස්නා ළයාදර, ළතෙත්, ළගන්නා දයාර්ද්‍ර මානව පේ‍්‍රමී ගුණය අතිශය සොඳුරු ය. වික්ටර් හියුගෝ උපන්නේ ප්‍රංශයේ Besancon හිදීය. ඔහුගේ පියා රණශූර නැපෝලියන්ගේ හමුදාවේ උසස් නිලධරයෙකි.
හෙතෙම ජීවිතයේ අවදානම් අවස්ථාවලටත් අප්‍රතිහත ධෛර්යයෙන් කරන ත්‍රාසජනක සටන්වලටත් මහත් රුචිකත්වයක් දැක්වූවෙකි.
හියුගෝ ගේ පියාගෙන් වෙන් වූ මව Sophie සිය පවුලේ උදවිය සමඟ 1807 වසරේදී ඉතාලියට ගියාය.
වික්ටර් හියුගෝ ගේ පියා වූ ජෙනරාල් හියුගෝ සමඟ නැවතත් ඔහුගේ මව එක්වුවාය. 1812 කාල පරාසය වන විට හියුගෝ ප්‍රසන්නව වැඩෙමින් සිටියේය. ඔහු ප්‍රථමයෙන් රචනා කළේ කාව්‍ය වූ අතර ඒවා ඉතා පහන් හා ගූඪ අදහස්වලින් පිරී පැවතිණි.
ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය 1822 දී Odeset Poesies Diverses නමින් ප්‍රංශ බසින් පළ විය. ඔහුගේ ප්‍රථම නවකතාව 1823 දී ප්‍රංශ බසින් Han d’Islande නමින් මුද්‍රණ ද්වාරයෙන් පිට විය. එය වසර දෙකකට පසු නෝර්වීජියානු හා ඉංගී‍්‍රසි භාෂාවලට පෙරළනු ලැබිණි.
1822 දී හියුගෝ විවාහ වූයේ යුද හමුදා නිලධාරියකුගේ දියණියක වූ Adele Foucher සමඟය. ජෙනරාල් හියුගෝ 1828 දී මියගිය අතර එය මේ ලේඛකයාගේ ජීවිතයට බලවත් පහරක් විය. හියුගෝ නිදහස් ලේඛකයකු වුවත් ඔහුගේ දේශපාලන අදහස් විටින් විට දෝලනයට ලක් විය. ඔහු නැපෝලියන් විටෙක අගය කළ අතර විටෙක තම පියාගේ කාර්යයන් ද අගය කළේය.
වික්ටර් හියුගෝගේ නාට්‍යයක් වූ Cromwell (1827) දී කරළියට ආවේය. ඔහුගේ නාට්‍යවලින් ඔහු තුළ තිබු දේශපාලනය ඉස්මතු විය. Hernani නමැති නාට්‍යය (1830) දී එළි දුටුවේය.
වික්ටර් හියුගෝගේ වඩාත් ප්‍රසිද්ධම ඓතිහාසික නවකතාව වූයේ වNotre Dame de Paris (නෝත්‍ර ඩාමි ඩී පැරිස්) කෘතියයි. මෙම මාහැඟි කෘතිය හෙළබසට නෝත්‍රඩාමය නමින් නැඟී ඇත.
1831 දී එළිදුටු නෝත්‍රඩාමය නවකතාව අතිශය ජනාදරයට පත්විය. මෙම නවකතාව ලෝක සාහිත මල්දමෙහි සුපුෂ්පිත අති දුර්ලභ කෘතියක් ලෙස විදග්ධ විචාරකයෝ සලකති.
ජේම්ස් ජොයිස්ගේ යුලීසීස්, ප්ලෝබෙයාර්ගේ මදාම් බොවාරි, දස්දෙව්ස්කිගේ අපරාධය හා දඬුවම, තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය, ගෝර්කිගේ අම්මා, පැස්ටනැක්ගේ දොස්තර ෂිවාගෝ ආදී ලෝකයේ අති දුර්ලභ සුවිශිෂ්ට කෘතීන් ගොන්නට හියුගෝගේ නෝත්‍රඩාමය ද වැටෙයි.
උදා දිවයුරුගේ සෞම්‍ය ප්‍රාණවත් හිරු රැස් දහරක් මෙන් ද සිසිකරගේ සිහිල් කිරණ කිණිත්තක් මෙන් ද දැකුම්කළු සේන් නදියේ ගුමු ගුමුව මෙන් ද ගලා හැලෙන මෙම නවකතාවේ මානව පේ‍්‍රමී ගුණය අසමසම ප්‍රතිභා ප්‍රභාවක ප්‍රභාෂ්වර හැඟුම් ප්‍රලය කරයි.
15 වැනි සියවසේ පැරීසියේ පසුබිම මෙම නවකතාවෙන් විවරණය කොට ඇත.
මෙහි එන ප්‍රධාන චරිතද්වය වන්නේ ජිප්සි ළමිස්සියක වූ එස්මෙරෙල්ඩා සහ අවලක්ෂණ ගණ්ඩා හඬවන්නකු වූ ක්වාසිමොටෝ ගේ චරිතයන් වේ. ඔවුන් දෙදෙනාගේ අසාමාන්‍ය ආදර වෘත්තාන්තය නවකතාව තුළ දිග හැරෙයි.
භද්‍ර යෞවන වියේ පසුවන එස්මෙරෙල්ඩා පසුපස නීතිය ලුහුබඳින විට ක්වාසි මොටෝ ඇය යෝධ ගණ්ඨා කුලුනට ගෙන ගොස් ආරක්ෂා කරයි. ක්වාසිමොටෝගේ අධික රෞද්‍ර භාවයත් ඔහුගේ රිදී දිය දහරක් බඳු මනුෂ්‍යත්වයේ අකලංකත්වයත් එස්මෙරෙල්ඩා වෙත පාන දයාවිත කරුණා ඕවිල්ලත් රුදුරු සමාජ සතුරන්ගෙන් ඇය ආරක්ෂා කිරීමට ඔහු සතු මුළු ජවයම යොදන අයුරු මෙම නවකතාව තුළ අන්තර්ගත වෙයි. මෙම සාහිත කෘතිය අන්ත දෙකක් එක්කරන අපූර්ව සුසංයෝගයකි. එක් අන්තයක භද්‍ර යෞවන වියේ ගිනි සිළුවක් වන් අභිරූපිකාවක වූ එස්මෙරෙල්ඩාය. අනෙක් අන්තයේ ඇය ආරක්ෂා කරනු වස් යක්ෂ පූජකයා අල්ලා විසි කරන ක්වාසි මොටෝය. මේ දෙදෙනාගේ නොබිඳෙන මානුෂික සහසම්බන්ධය රචකයා චිත්තාකර්ශනීය ලෙස වනයි.
1830 දී හියුගෝ කාව්‍ය ග්‍රන්ථ කීපයක් ලියා පළ කළේය. හියුගෝ දේශපාලන කටයුතුවලට නිලතලවල ද නියුක්ත වූ අතර ඔහු ප්‍රගතිශීලි අදහස් ඇත්තකු ලෙස ප්‍රකට විය.
හියුගෝ තම දියණියගේ වියෝවින් කම්පාවට පත්ව “Tomorrow A day break” කාව්‍ය ලිවීය.
හියුගෝ නවතම නවකතාවක වැඩ ආරම්භ කළේ 1845 වකවානුවේදීය. එහි ප්‍රථම නාමය වූයේ Jean Trejean යන්නයි. පසුව එම නවකතාව Les Miseres යනුවෙන් නම් කරනු ලැබිණි. ප්‍රංශ මහා විප්ලවය එයට විෂය විය.
1851 දී ඔහුට ප්‍රංශ රජයෙන් තර්ජන එල්ල වන්නට වූ අවස්ථාවේදී ඔහු බ්‍රසල්ස් නුවර බලා ගිය අතර මේ කාලයේදී ලෝක සාහිත්‍යයට අනගි නිර්මාණ ද්වයක් බිහි කළේය.
ඉන් පළමුවැන්න කාව්‍ය ග්‍රන්ථයක් වූ “Les Chatiments” (1853)  සහ නවකතාවක් වූ Les Miserables ග්‍රන්ථ ද්වයයි. මෙම නවකතාවට පාදක වූයේ පැරීසියේ පාතාළ ලෝකයයි.
එහි කතානායකයා වූ Jean Valjean පාන් රාත්තලක් සොරා ගත් වරදට 19 වසරක් සිර දඬුවම් විඳින්නෙකි. ඔහු සිරෙන් නිදහස් වී පැමිණෙන විට කරුණාවන්ත බිෂොප්වරයකු හමු වෙයි. එහි බිෂොප් තුමා ඔහුට වස්තුව ලබා දෙයි. පසුව ඔහු නම වෙනස් කර සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස ව්‍යාපාරික ලෝකයට අවතීර්ණ වෙයි. ජීන්වැල්ජීන් ගැන සැකයෙන් සිටින පොලිස් ස්ථානාධිපති FantineLes  ඔහු පසුපස හඹා එයි. පසු ඔහු එම නගරයේ නගරාධිපති වෙයි. ජීන්වැල්ජීන් අසරණ වූවකු ගලවා ඔහුට ජීවන වෘත්තිය සකස්කර දෙයි. පසුව ජ්චදබඪදඥ නම් කාන්තාවට පිහිටවන ඔහු ඇයගේ කුඩා දියණිය හදා වඩා ගනියි. තරුණ විප්ලවවාදියකු ගලවා ගන්නා ජීන්වැල්ජීන් තම හැඩරුව ඇති සොරකු නීතිය හමුවට ආ විට එම සොරා තමා යැයි උසාවියේදී පවසයි.
විප්ලවවාදීන්ගෙන් පොලිස් ස්ථානාධිපතිවරයා මැරීමට අණ ලැබෙන්නේ ජීන්ටය. එහෙත් ඔහු පොලිස් නිලධාරියාට අභයදානය දෙයි. නීතිය ගැන උමතුව ඇති පොලිස් නිලධාරියාට මෙම මනුෂ්‍යත්වයේ හස්තය දරාගත නොහැකිව සිය දිවි තොර කර ගනී. විටෙක මනුෂ්‍යත්වයේ දැඩි කැපවීම ද අප්‍රතිහත ධෛර්යය ද සටන්වාදී ජවය ද කුළුගන්වමින් රචකයා උත්තම ගණයේ කලා කෘතියක් නිර්මාණය කොට සිටී. දයාවිත ගුණය ද මුදිතා උපේක්ෂා ගුණය ද කතාව පුරා සුපෝෂිතව ගලා හැලේ.
ලෝක සාහිත්‍යයේ මානුෂීය ගුණය ඉස්මතු කළ මෙතරම් අගනා සාහිත්‍ය කෘතියක් තවත් ලියැවී නැත. මෙය කීප වරක් සිනමාවට ද නැගුණු අතර මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශනය වන “දූලි පින්තාරු” ටෙලි නාට්‍යයට අයත් වන්නේ හියුගෝගේ මේ කතාවයි. හියුගෝගේ සිනමාවට නැඟුණු තවත් කෘතියක් වූයේ Traveilleurs de la mer (1866) කෘතියයි.
හියුගෝ පැරීසියට පැමිණි පසු දේශපාලනයට පිවිසියේය. ඔහු 1885 මැයි 22 දා මිය ගිය ද ඔහුගේ නාමය අදටත් අමරණිය වේ. ඔහුගේ අවසන් කටයුතුවලට සහභාගිවීමට මිලියන 02 ක ජනතාවක් පෙළ ගැසී සිටි අතර ඔහුගේ සිරුර Pantheon හිදී භූමදානය කරනු ලැබිණි.
ලෝක සාහිත්‍යයේ විශිෂ්ටයන් අතර සුවිශිෂ්ටයන් බිහිකළ රවල් දෙකක් වෙයි. ඉන් එකක් නම් රුසියාවයි. දෙවැන්න සුන්දර ප්‍රංශයයි. ප්‍රංශ සාහිත්‍ය ද්වාරය තුළ අතිශය ක්‍රෑර මිනිස් ක්‍රියාකාරකම් වලට එරෙහිව අප්‍රතිහත ධෛර්යයෙන් සටන් වදින බද්ධන ශිල්පීන්ගෙන් ද යහපත් මිනිසුන්ගෙන් ද හිඟයක් නැත. අතිශය සංකීර්ණ මිනිස් චිත්ත චෛතසික විවරණයන් මෙන්ම උත්තම උත්කෘෂ්ට මානුෂීය ගුණාංගයන් ද ප්‍රංශ සාහිත නදිය තුළින් ප්‍රතීයමාන වේ.
වික්ටර් හියුගෝ ලෝක සාහිත්‍යයේ අමිල නිල් දියමන්තියක් බවට පත් වන්නේ අතිශය සංවේදී මානුෂීය ගුණාංගයන් ප්‍රකට කළ චරිත මැවූ අද්විතීය කතුවරයකු ලෙසිනි. උදා දිවාකර දිලෙන විටත් සිසි කිරණ කිණිති පැතිරෙන විටත් අහස දෙස බැලු විට ඔහු මැවු ලෝකයේ සුන්දරත්වය ඔබට උකහා ගත හැකිය.
තිලක් පුෂ්ප කුමාර සේනානායක

Wednesday, April 16, 2014

අද ජනමාධ්‍ය මිනිසාගේ ස්වාධීන චින්තනය නැතිකොට තිබෙනවා




සන්නිවේදනයේ පෙර ගමන්කරුවා ලෙස සැලකිය හැකි ජනමාධ්‍යයේ කාර්යභාරය හා එහි වත්මන් ගමන්මඟ පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ කථිකාචාර්ය මනෝජ් පුෂ්පකුමාර ජිනදාස සමඟ කළ සංලාපයෙකි මේ. “සන්නිවේදන අධ්‍යයනය, බලි සන්නිවේදනය, බලි ඇඹුම් කවි පොත 1 - 2, සංවර්ධන පර්යේෂණය හා මහජන සම්බන්ධතාව, සන්නිවේදන මූලධර්ම හා විචාර අධ්‍යයනය ආදි කෘති ගණනාවක් රචනා කළ සන්නිවේදන පර්යේෂකයකු වන ඔහු මේ සංලාපයේ දී අවධාරණය කරන්නේ වත්මන් ජනමාධ්‍ය පැරැණි සන්නිවේදන ජන විද්‍යාවන් අධ්‍යයනය කර ජනතාවගේ සංවර්ධනය උදෙසා වූ ජනමතයක් නිර්මාණය කිරීමට උත්සුක විය යුතු බවයි.




මානවයාගේ සම්භවයත් සමඟ සම්භවය වී ඔවුන්ගේ පරිණාමනය සමඟ ක්‍රමික පරිණාමනයකට භාජනය වූ සන්නිවේදන ක්‍රියාවලිය විෂය මූලික අධ්‍යයනයකට පිවිසෙන්නේ ඉතා මෑත කාලීනවයි. වර්තමානයේ සන්නිවේදන කාර්යයේ ජනමාධ්‍ය මූලික වී ඇති අතර අතීතයේ ද විවිධ මාධ්‍යයන් මූලික කරගත් සන්නිවේදන ක්‍රියාවලියක් සිදු වූවා නොවේ ද?
මුල් ජන සමාජයේ සන්නිවේදනයේ තත්ත්වයත් මේ ආකාරය ම තමයි. විවිධ මාධ්‍යයන් මූලික වුණා. ඊට හේතුව ජීවි අජී වි ඕනෑම වස්තුවක් ක්‍රියා කළත් නොකළත් හැම විට ම යම් සන්නිවේදනයක් සිදු කරනවා. එමෙන් ම අප දන්නා ආකාරයට ප්‍රජනනය, ආහාර, ආරක්ෂාව, බය වැනි මූලික ජීවන ගැටලු හමුවේ ඒවාට අභියෝග කළ ගෝත්‍රික මානවයාගේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස සංගීත, නාටක, ලේඛන, අභින ආදි විවිධ කලාවන් බිහි වුණා. මේ ආකාරයට ගොස් ඒ ක්‍රියාවලියේ නො නවතින රේඛාව තමයි සන්නිවේදනය. එය එතරම්ම පුළුල්. අද අප අසන මූලික ම ප්‍රශ්නය වන්නේ සන්නිවේදනය නො වන්නේ කුමක් ද? යන ප්‍රශ්නය යි.
මේ මොහොතේ මා කතා කළත් නොකළත් සන්නිවේදනයක් සිදු වෙනවා. වයලීනයක් වාදනය කරන විට එහි සන්නිවේදනය සංගීතඥයා අවබෝධ කරගන්නවා සේම එය නිශ්චලව තිබිය දී සිදු කරන සන්නිවේදනය චිත්‍ර ශිල්පියා, මූර්ති ශිල්පියා කැටයම් ශිල්පියා හෝ ඡායාරූප ශිල්පියා අවබෝධ කරගන්නවා. නව සන්නිවේදන අධ්‍යයනයෙන් සිදු කෙරෙන්නේ මේ අවබෝධය ලබාගැනීමයි. ඒ නිසා සන්නිවේදන අධ්‍යයනයට මව් විෂය ක්ෂේත්‍රයක් නැහැ. ඒ වගේ ම සන්නිවේදනය අනිර්වචනී වෙනවා. ඒ එය නිබඳ ව වෙනස් වන නිසා යි. ඔබත් මමත් දන්නේ නැහැ අප ඊළඟ මොහොතේ සිතන්නේ කුමක් ද කියා. සන්නිවේදනය මානව පරිණාමනයට සමගාමීවත් ඇතැම් විට ඊටත් වැඩි වේගයෙනුත් පරිණාමනය වෙනවා. එහෙත් අද මූලික සන්නිවේදන සංකල්ප බිහි වී තිබෙන්නේ දෙ වැනි ලෝක යුද්ධයෙන් පසු සමයේදි යි.

මූලික ජන සමාජයේ සන්නිවේදන ක්‍රියාවලිය නිරායාසයෙන් හා විවිධ උපක්‍රම භාවිතයෙන් සිදු වුවත් අද එය විවිධ මෙවලම් මූලික කරගෙනයි සිදුවන්නේ.
මිනිසා ශිෂ්ටාචාරගත වුණේ විවිධ මෙවලම් භාවිතයත් සමඟයි. එයින් සිදු වුණේ තමන්ගේ කටයුතු පහසු කරගැනීමයි. එහෙත් අද අප දෙදෙනකුගේ සන්නිවේදනයක් අතරටත් යම් උපකරණයක් ඇවිත් තිබෙනවා. එසේ වුවත් මානවයාගේ විශිෂ්ටත්වයට අද ජනමාධ්‍යයට කරන්න හැකි දෙයක් නැහැ. සත්‍ය වාර්තා කිරීමට, සෞන්දර්යය, කලාව, රසිකත්වය මවන්න අද ජනමාධ්‍යයට බැහැ. රටේ මිනිසුන්ගේ සංවර්ධනයට ජනමාධ්‍යයට කළ හැකි දෙයක් නැහැ. දූෂණ අපරාධ මිනිසුන් අතර බහුලයි. නගරයක් මැද මිනිසකු මරා දැමුවොත් එය දැක බලාගෙන විඳින්න මිනිසුන් ඕනතරම් එනවා.
මීට පරම්පරා දෙකකට කලින් මිනිසුන්ගේ ආකල්ප ජනශ්‍රැති මඟින් පරම්පරාවෙන් පරම්පරාවට සම්පේ‍්‍රෂණය වුණා. ජනමාධ්‍ය පැමිණෙන්න කලින් මානවයා හා මානවයාගේ සංපර්කයෙන් තමයි සංස්කෘතිය බිහි වුණේ. අද ඒ අතරට උපකරණ මෙවලම් ඇවිත් තිබෙනවා.
එදා තිබුණේ සැබෑවට ම එදා මිනිසුන්ට සිතුන දේයි. අද අපි ආතතිය ගැන කතා කරනවා. ජනමාධ්‍ය නොතිබූ මුල් සමාජයේ ආතතියක් තිබුණේ නෑ. පැල් රකින ගොවියාට හේනට අලි එන විට ආතතිය තිබුණේ නැහැ. ඔහු එහා පැලේ ගොවියා සම¼ඟ ජන කවියකින් සන්නිවේදනයේ යෙදුණා. පාරුවේ යන විට ගඟේ තිබු බියකරු බව දැනුණෙ නෑ පාරු කවිය ගායනා කළ නිසා. අද මේ මෙවලම්වලින් ඒ ආතතිය දුරු වෙන්නේ නැහැ.

ඔබ පවසන්නේ සන්නිවේදන අධ්‍යයනයේ දී ජනශ්‍රැති අධ්‍යයනයත් අනිවාර්යයෙන් ම සිදු කළ යුතු බව ද?
හාවඩ් වැනි ලොව සුපරි විශ්වවිද්‍යාලවල පවා අද වන විට පුරාණෝක්තිවේදය උගන්වනවා. අතීත මිනිසුන්ගේ චර්යාවන් හා ඔවුන්ගේ ප්‍රකාශනයන් පිළිබඳ ඔවුන් පවා අද අධ්‍යයනයන් සිදු කරනවා. එය ලංකාවේ නම් සොකරි කෝලම්, බලි තොවිල් වැනි දේ අද අප අධ්‍යයනය කරන්නා සේ යි. සොකරියක, රිද්දි යාගයක ලිංගිකත්වය පිළිබඳ ඕනැතරම් කතා කරනවා. රිද්දි යාගය පවත්වන්නේ අලුත විවාහ වූ යුවලකට දරුවන් නොමැති නම් ඊට කරන ප්‍රතිකර්මයක් ලෙසයි. එහිදී ලිංගික උත්තේජනයක් ලබන ආකාරය පිළිබඳව අභිරූපණ සිදු වෙනවා. රෑ දොළහට පැදුරේ දැපවිල්ලක් කළා. මෙය කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වාත් එක පැදුරක සිට නරඹනවා. කවුරුත් අසභ්‍යයි කියල වාරණ කළෙත් නෑ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මේවා ප්‍රබල මනෝ චිකිත්සාවන් බව අද අපට හෙළිකර ගන්න හැකි වී තිබෙනවා. ඒ නිසා මේවා ජන විද්‍යාවන් ලෙසයි හැඳින්වෙන්නේ. භෞතික විද්‍යාව විසින් මානවයා භෞතිකත්වයෙන් කරනු ලබන වැරැදි විග්‍රහයට එහා ගිය විශ්වීය සම්බන්ධයක් මානවයාට තිබෙන බව අද සොයාගෙන තිබෙනවා. ඇතැමුන් මනසින් වඩාත් දියුණු වූ විට එබඳු මනසකින් අනෙක් මනසට සන්නිවේදනයක් සිදු කළ හැකි වෙනවා. දුරකථන වැනි මෙවලම් බහුල සමාජයක ඒ සන්නිවේදන අවශ්‍යතාව කෙනකුට අවැදගත් යැයි සිතෙන්න පුළුවන්. එහෙත් දුරකථන වැනි සන්නිවේදන උපකරණ නිසා මිනිසුන් හා ගැහැනුන් අතර සැකය වර්ධනය වී අද වන විට දික්කසාදවලින් යුග දිවි කෙළවර වන ආකාර අපට බහුල ලෙස දක්නට ලැබෙනවා. මනසකින් මනසකට කෙරෙන ප්‍රතිවේදාත්මක සන්නිවේදනය මේ උපකරණ නිසා දුර්වල වී මිනිසා - මිනිසා අතර ද්‍රව්‍යමය බැඳීම්වලට සීමා වී තිබෙනවා.

ජන මනස සුවපත් කළ අතීත මනෝ චිකිත්සක ජන විද්‍යාවන්හි කාර්ය භාරය වත්මන් ජනමාධ්‍යයන් විසින් වැලඳ ගත යුතුව තිබෙනවා නොවේ ද?
ඔව්. එහෙත් තත්ත්වය නම් ඊට වඩා වෙනස් වී තිබෙනවා. අද ජනමාධ්‍ය කියන්නේ ඉපයීම් මාර්ගයක්. සියදිවි නසා ගැනීමක් අද මාධ්‍ය වාර්තා කරන්නේ “තවත් එක් සංවේදී කතාවක්” ලෙසයි. නෝමි චොමිස්කි කියනවා රා තැබෑරුම් හරින්න බලපත්‍ර දෙන්න සිටි බලපත්‍ර හිමියන්ට ඒවා නැතිවන විට දුන්නේ ජනමාධ්‍ය සඳහා බලපත්‍රයි කියලා. තැබෑරුම් කරුවා ආයෝජනය කරන්නේ මත්පැන් සඳහායි. ජනමාධ්‍යයෙන් මත්පැන් හදන්න බැහැ. එහෙත් අවසන් ප්‍රතිඵලය එකක් කරගත හැකියි. ඒ තැබෑරුම්කරුවාගේ ගනුදෙනුකරුවා මෙන් මත් වූ උමතු භාවයක් ජනමාධ්‍යකරුවාට තමන්ගේ පේ‍්‍රක්ෂකයාට ලබා දිය හැකියි. එයයි අද ලෝක ජනමාධ්‍යයේ තත්ත්වය. අද ජගත් මාධ්‍යයන් අධ්‍යයන මූලාශ්‍ර කරගන්නවත් නොහැකි වී තිබෙනවා.
පසුගිය දා ගඩාෆි මැරෙන අවස්ථාවේ තමන් මරන්න එපා යයි කළ ප්‍රකාශය බී. බී. සී., සී. එන්. එන්. වාර්තා කළේ සල්ලි දෙන්නම් මරන්න එපා යැයි කියු බවටයි. මේ ජනමාධ්‍යයන් හසුරුවන්නේ ප්‍රබල දේශපාලන ආධිපත්‍යයන් විසිනුයි. එවිට කොහොමද ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය හැරුණුකොට ජනමාධ්‍යය හතරවැනි ආණ්ඩුවක් වෙන්නේ? ජනතාවට කොහොමද මනෝ චිකිත්සනයක් වෙන්නේ?

එහෙත් ජනමතයක් ගොඩනැඟීමට ජනමාධ්‍ය තරම් ප්‍රබල මාධ්‍යයක් තවත් නැති තරම්. ඒ හරහා ජනතා සංවර්ධනයක් සිදු කළ නො හැකි ද?
සංවර්ධනය සඳහා තවමත් ප්‍රබල වන්නේ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයි. මුඩුක්කුවකට ග්‍රාමීය පරිසරයකට නව ජනමාධ්‍යය ගෙනයන්න තවමත් නො හැකිවී තිබෙනවා.
ගුවන්විදුලිය රූපවාහිනිය අද ඕනෑ තරම් විනෝදාත්මක වැඩසටහන් ප්‍රචාරය කරනවා. එහෙත් රටේ ප්‍රචණ්ඩත්වයට හෝ වෙනත් ප්‍රශ්නවලට එය බලපෑමක් වී නැහැ. ඒ වැඩසටහන්වලින් ජනතාවට වූ සංවර්ධනය කුමක් ද?
ඒ වගේ ම මාධ්‍ය මඟින් නිරන්තරයෙන් රට මැද පුවත් වාර්තා කිරීමක් මිසක් ප්‍රාදේශීය පුවත් වාර්තා වෙන්නේ කලාතුරකින්. අපේ රටේ ප්‍රජා මාධ්‍ය ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නයක්. රටේ මූලික අවධීන් ආමන්ත්‍රණය කිරීමට මේ ජන මාධ්‍යයන්ට බැහැ.
ඔබ කියු ආකාරයට ජන මතය ගොඩනැඟීම අතින් ජනමාධ්‍ය ඉහළින් සිටිනවා. ඔබට මතක නම් පහුගිය වසරක බුදු පිළිමවලින් බුදුරැස් විහිදෙනවා යයි පුවතක් මුළු රටම එක පැයකින් දැනගත්තා. එයයි ජනමාධ්‍යයේ ප්‍රබලතාවය. අප තුළ නැති මතයක් වහාම අපට ඇතුළු කිරීමට ජනමාධ්‍යයට හැකියාව තිබෙනවා. ඒ මඟින් ජනතාවගේ ප්‍රතිවේදාත්මක චින්තනය, තමන් කවුද කියන සංකල්පය නැති කරන්නත් පුළුවන්. ඒත් ඒ ජනමතය හරහා සංවර්ධනය වන ප්‍රජාවක් අපට දකින්න බැහැ. බුදු දහම වුණත් ජනමාධ්‍යයට පැමිණ තිබෙන්නේ මුල් ත්‍රිපිටක ගත බුදුදහම ලෙස ද? ජනමාධ්‍යයට එන විට එයත් ජනපි‍්‍රය බුදු දහමක් වෙලා. ඒ නිසා මිනිසුන් ගමේ පන්සලෙන් ඉවත් වෙලා ජනපි‍්‍රය පන්සල්වලට ඇදෙන්න පටන් අරන්.
ජනමාධ්‍ය විසින් මිනිසාගේ ස්වාධීන චින්තනය යටපත් කර අධිපතිවාදියාගේ චින්තනය ඉස්මතු කර තිබෙනවා. මානවයාගේ මුල, ගෝත්‍රික සමාජය ගත්තම එහි තත්ත්වයත් මෙයමයි. ගෝත්‍රික නායකයාව කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු වෙනවා. අප නැවත ප්‍රාථමික අවධියට ගොස් තිබෙනවා.

 
Copyright © 2013 best of selections news
Powered by Blogger