skip to main
|
skip to sidebar
උන්වහන්සේ චීවරයක් ඇඟේ දවටාගත් කෙනෙක් පමණයි.
ගුරුකම් සක්විති හාමුදුරුවන්ට මධුමාධව අරවින්ද අභියෝග කරයි ----- හාමුදුරුවෝ දිනයිද...? මධුමාධව අරවින්ද දිනයිද...?
පන්සිල් අරගෙන මම වාඩි වෙනවා: ඒ වගේම නැඟිටිනවා - මධුමාධව අරවින්ද
මොකක්ද මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කරගත්ත පටලැවිල්ල?
මුලින්ම කියන්න ඕන මෙතැන විශේෂිතම කාරණේ හාමුදුරුවෝ කියන එක නෙවෙයි. මට පොඩි කාලේ ඉඳලා මිථ්‍යාව කියන දේ සම්බන්ධයෙන් විශ්වාසයක් තිබුණේ නෑ. නමුත් නමක් තියා ගන්නකොට වේලාවක් බලන එක, විවාහයක් කරගනිද්දි වේලාවක් බලනවා කියන එකේදී වගේ ලොකු වැරැද්දක් මම දකින්නේ නෑ. ඒවා අපේ ගැමි සිරිත් විරිත් අනුව එදා පටන් සිදුවුණු සාම්ප්‍රදායික දේවල්.
ඒවායින් ලොකු හානියක් වුණේ නෑ. ඒත් මම නම් කරන්නෙ නෑ. මිථ්‍යා මතධාරීන් කරන්නේ ඔවුන් සතුව පවතින යම් යම් දේවල් උපයෝගී කරගෙන මිනිසුන්ගෙ බැරිකම් පාවිච්චි කරලා ඔවුන් අනෙක් මිනිසුන්ට වඩා සුවිශේෂීයි කියලා සමාජය ඉදිරියේ පෙනී සිටින්නට සූදානම් වීමයි. මම විශ්වාස කරන්නෙ කිසිම මිනිසෙක් සුවිශේෂී නෑ. හැමෝම එක හා සමානයි. පැහැදිලිවම මම මොනවත් නෙවෙයි කරන්නෙ මම විශ්වාස කරන මතය වෙනුවෙන් මම පාවිච්චිවීම පමණයි. මේක තමයි මට ඔය සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ.
ඒ කියන්නෙ මේ ඔබ කරන්නෙ පෞද්ගලික මතයක් වෙනුවෙන් පෙනී සිටීමක්ද? එහෙමත් නැත්නම් වෙනත් දර්ශනයක්, දේශපාලනයක් මුල් කරගෙන කරන දෙයක්ද?
මෙහෙමයි, මනුෂ්‍යයෙක් විදියට ජීවත් වුණාට පස්සෙ තමන් ඉපදුණු දා සිට කරපු
දේවලට වඩා අඩියක් හරි ඉස්සරහට හිතන්න ඕන කියලා තමයි මම කියන්නේ. ඒක පෞද්ගලික වේවා දේශපාලනික වේවා මොන ආකාරයක හෝ දෙයක් වෙන්න පුළුවන්. ගඟ ගලාගෙන යන දිහාවටම යන සිරිතක් මගේ තිබුණේ නෑ. මම අනුසෝතගාමී නෙවෙයි පටිසෝතගාමී. ඉතින් මේ උඩුගං බලා යන ගමනේදී හමුවන දේවල් ඇත්ත හෝ බොරු එහෙමත් නැත්නම් අලුත්. මේ හොයාගෙන යන්නෙත් කිසිවෙක් හෝ නැතිකිරීමටවත් කාගේ හෝ චරිත ඝාතනයක් කිරීමට යන ගමනක්වත් නෙවෙයි, අපි ජීවිතේ වෙනුවෙන් සොයා ගතයුතු දේවල් තියෙනවා. මේ මිථ්‍යාවත් විශ්වාස කරන අයට කනගාටු හිතෙනවා නම්, මම පැහැදිලිවම කියන්න යන්නෙ මම විශ්වාස කරපු ඒ මතය හොරෙන් කරල නෙවෙයි මුළු රටක් ඉස්සරහා ඔප්පු කරන්නට යනවා කියන එක පමණයි.
මේක අලුත් ගමනක්. එතැනදී තීරණය මොකක් වුණත් මෙතැනදී ලැබෙන පිළිතුරුත් නැවුම්. කාට නැඟිටින්න වෙයිද, බැරිවෙයිද කියන දේ නෙවෙයි අදාළ වෙන්නෙ. සියලුම දේවල් සාක්ෂිත් සමඟ ඔප්පු කරල පෙන්වන එකයි.
මේ ස්වාමීන් වහන්සේ ගැන සහ ගුරුකම් විස්තර සියල්ල මුලින්ම එළිදැක්වුණේ 'මව්බිම' පුවත්පත හරහා ඔබ උත්සාහ කරන්නෙ 'මව්බිම' පුවත්පතත් මේ මිථ්‍යාවත් සමඟ ගනුදෙනු කරනවා කියන කාරණාව මතු කරන්නද? නැතිනම් පාඨකයන්ට කරුණු එළිදැක්වීම නිසා ඒ තුළින් ඇතිවුණු මතවාදය මත ඒ වෙනුවෙන් පෙනී සිටිනවාය කියන දේ මතු කරන්නද?
පුවත්පතක් කියන්නේ දාර්ශනිකයෙක් හෝ පිළිමයක් නෙවෙයි. එක් පිටුවක දෙයක් අෑ¼දාගෙන එය ඇදහීම මිනිසුන්ගේ අනවශ්‍ය දෙයක්. මම කියන්නෙ එතැනට යන්න ඕනෙ නෑ. 'මව්බිම' පුවත්පත අදාළ වෙන්නෙ නෑ මගේ මේ මතයේදී. එය වාර්තා කිරීමක් පමණයි. එතැනදී මම වේවා වෙන ක්ෂේත්රයක කවුරු හෝ වේවා මෙතැන පාවිච්චි කරන්න එකම හේතුව ඇදහිල්ලෙ කෙළවර. මේ ඇදහිල්ලේ කෙළවර ආයෙමත් එනවා. මම කිසිම වෙලාවක කැමැති නෑ මේ ස්වාමීන් වහන්සේ ගැන මම හොයාගත්ත දේවල් එළියට දාන්න. මොකද මම ගිහියෙක්. මේ සෙල්ලම් කරන්නෙ කාඩ් සෙල්ලමක්. මගේ තුරුම්පු මම කලින් ගහන්නේ නෑ. බැරිම වුණොත් ඒවා මම තියාගෙන ඉන්නවා. මතයක් සමඟ මම රණ්ඩු කරන්නේ, මතයකට මම අභියෝග කරන්නේ. පත්තරේ සමඟ කිසිම ප්‍රශ්නයක් නෑ. මට මිනිස්සු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් හෙට තාරුණ්‍යයට එල්ලෙන්න තැනක් නැතිවුණාම මේ වගේ මිථ්යාවන්වල එල්ලුණාම මේ අයට යන එන මං නැතිවෙනවා.
ගොළු කරනවා නම් ගොළු කරපු දෙන්, ඕන දෙයක් කරපු දෙන් මම මේ කිසිදේකට බය නැතුව ඉන්නෙ පිස්සුවෙන් නෙවෙයි. මමත් ජීවත් වෙන්න ඕන. අනික් මිනිස්සු වගේම මටත් හැම දෙයක් දැනෙනවා. අපි අතීතයේත් යම් යම් තැන්වලදී පෙනී හිටියා. නමුත් මම මේ අවස්ථාවෙ ස්තුතිවන්ත වෙනවා 'මව්බිම'ට මට කටහඬක් දීම පිළිබඳ. ෙදාළුකන්දෙ වෙලාවේදී අපි හන්දි හන්දි ගාණෙ කතා කළා. අපිව ඇහුවෙ නෑ. රුවන්වැල්ලෙ හාමුදුරුවො ගැන අපි කිව්ව ඇහුවෙ නෑ. ෙදාළුකන්දෙදිද, රුවන්වැල්ලෙ හාමුදුරුවො සම්බන්ධයෙන්ද අපි සැක කළා. ඒ සැක හරි ගියා මෙතැනදීත් මම සැක කරද්දි, මම සැක කරන්න තෝරගත්ත දේවල්වලට වඩා දේවල් දැන් සමාජය දන්නවා. සමාජය හොයාගත්ත දේවල් මට වැඩක් නෑ හැම දේකින්ම යහපත් මිනිස්සු මේ ලෝකය තුළ නෑ. උන්වහන්සේගේ වැරැදි නෙවෙයි මගේ ප්රශ්නය. මතය සමඟයි මගේ දිගින් දිගටම ප්රශ්නය.
විද්‍යාවත් සමඟම සාපේක්ෂව අවිද්‍යාවත් මානවයාගේ පැවැත්ම තුළ මේ දක්වා ඇවිල්ලා තියෙනවා. ඔබ කියන්නෙ මේවයේ දෙපැත්තක් නෑ කියලද?
අපි තුන්වැනි ලෝකයේ දුප්පත් රටක්. ණය බරත් ඉහළයි. ඒ වගේම මිනිස්සු ආර්ථිකය සවිමත් කරගන්න මහ අව්වෙ පිච්චි, පිච්චි තමන්ගෙ රස්සාව කරනවා. ඒක අපි දකින සත්‍යය. ඒ වගේම අපි පාරෙ යද්දි අනතුරකට ලක්වෙන්න පුළුවන්. ගල් කඩන තැනක හිටියොත් ගලක් විසිවෙලා ඇඟේ වදින්නත් පුළුවන්.
ඉතින් මේ නොපෙනන දේවලින් වැඩ ගන්න පුළුවන් නම් අපේ රට ලෝකයේ තියෙන පොහොසත්ම රට කරන්න පුළුවන්නෙ. අපි මහන්සි වෙනවා සල්ලි හොයන්න. අපිට පුළුවන් මේ ශාස්ත්‍රය ගම්මානවලට ගෙනිහිල්ලා තෙල් තාච්චිවලට අත දාන්න කියන්න නෙවෙයි. තවත් දාහකට විතර මේ නොදන්න සාස්තරේ උගන්වලා දුප්පත් මිනිහෙක්ට ගෙයක් හදලා දෙනවා කියන්න. පුංචි දුගී පැලක කැඩිච්ච පොල් අත්තකට, පොල් අත්තක් වියළා දෙන්න බැරි භූතයන්ව විශ්වාස කරන්න කිව්වෙ කවුද? මොකටද කියන එකයි මගේ ප්රශ්නය. අඩු තරමින් ගෙදරකට බත් ඇටයක් උයල දීලා නැති මේ භූතයෝ, ප්‍රේතයෝ, අම්මලා දරුවො ගඟේ ගහගෙන යද්දි කොහේ හිටියදවත් දන්නෙ නෑ. එක්කෝ අම්ම කියපු නිසා, තාත්තා විශ්වාස කියපු නිසා කරනවා මිසක් සොයා බැලීමක් නෑ.
මම මේකෙන් ජයගත්තට පස්සෙ කියයි ඔන්න තවත් බලවේගයක් තියෙනවා කියලා. මගේ කිසිම බලවේගයක් නෑ. එදාට මම පිරිත් නූලක්වත් බඳින්නෙ නෑ. සමහරු කියනවා බෝධිසත්ව ගුණ තියෙන්නත් පුළුවන් කියලා. එහෙම දෙයක් නෑ. මට කිසිම බලවේගයක් නෑ. හැබැයි මම නැඟිටින බව මට විශ්වාසයි. මම බෞද්ධයෙක් මම එදාට පන්සිල් සමාදම් වෙනවා පමණයි. තරුණයන්ට මම හිතන්න දෙනවා මිථ්‍යාව කියන දේ නැහැ, ස්ථිර කරගන්න කියලා එය 50%ක් ස්ථිර කරගන්නවා. මේ 50% මම හොයල දෙනවා. ඉතිරි 50% ඔබ හොයාගන්න. ඉතිරි දේට මට බලපෑම් කරන්න බෑ.
එදාට මම උන්වහන්සේට කියනවා පුංචි පුංචි ගල්වලට පැය ගණන් වුණත් මතුරලා ගැහුවට කමක් නෑ කියලා හැබැයි දෙන කෑම බීම මම කන්නේ නෑ. මොකද පිරිටන් 5ක් විතර දාලා දුන්නොත් මම කොහොමත් නිදිනෙ. දුම ගහගන්නව නම් දෙන්නම ගහගනිමු. කනව නම් කමු එකට, ඉන්නවනම් ඉමු එකට. මේක හොඳ අවස්ථාවක් වෙයි. සමහරවිට මම කියන දේ වැරැදිලා හෝ මේ වගේ දෙයක් ගැන තර්කෙකට එන්න පුළුවන් වෙයි.
මේ සඳහා පෙර සූදානමක් තියෙනවද?
නෑ කිසිම දෙයක් නෑ. මම පේ වෙන්නෙත් නෑ. මම හොඳට මස් කනවා. ඒවා පුළුටු නම් මම මේ හැමදෙයක්ම කනවා. එයා කියන කියන දේ කරනවා. විවිධාකාර විදියට කියයිනෙ.
උන්වහන්සේ මාව දැනුම්වත් කරන්න ඕන එන්න ඕන වෙලාව කීයද, කොච්චර වේලාවක් මේ සඳහා ගතවෙනවාද? මෙහි සාක්ෂිකරුවන් වශයෙන් මූලිකව අපි තබන්නේ කවුරුන්ද, ඇතුළට එන්න දෙන්නේ කාටද වගේ දේවල් සහ නොවෙන පැත්තට කරුණු නොදක්වා වෙන පැත්තට කරුණු දක්වන්න කියල තමයි මට කියන්න තියෙන්නෙ.
ඔබ භෞතිකවාදියෙක්ද?
ඕක මගෙන් කිහිපදෙනෙක්ම ඇහුවා. සමහර විශ්වාස තියෙනවා අපිව දියුණු කරන. අපිට ඒ දේවල් නොපෙනුණාට අපිට ඒ දේ ශක්තියක් වෙනවා. මම විශ්වාස කරන සංගීතයත් නොපෙනුණාට ඒක පේන්න තියෙනවානෙ. මම අනිත් අය එක්ක සෙල්ලම් කරන්න යන්නෙ නෑ. සමහර අයගෙ ඇදහිලි දිහා මම බලන් ඉන්නෙ හරිම සතුටකින්. අපිට පේන්නෙ නැති දේවලින් එහා දෙයක් පෙන්නුම් කරන්න හදන අය විශේෂයෙන් චීවරය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මම හරි කනගාටු වෙනවා. නිකම් උපකල්පනය කරන්න මට නම් උන්වහන්සේ සම්බන්ධයෙන් මෙතෙක් යා හැකි දුරනම් ඔය ඇඳන් ඉන්න සිවුරෙ පාට. කොට කලිසමක් සහ වෙනත් මොකක් හරි ඇඳන් හිටිය නම් අපිට හොඳටම පැහැදිලි වෙනවා. මේ කවුද කියලා. මේවා වැහෙන්නෙ චීවරයෙන් තමයි. චීවරය පාවිච්චි කරලා කරන්න තියෙන දේ නොකිරීම සම්බන්ධයෙන් තමයි මට තියෙන තරහා. මේ දේවල් සහ බුද්ධ දර්ශනය අතර කිසිම සම්බන්ධතාවක් නෑ. චීවරය පාවිච්චි කරන්නෙ මොකද කියලත් මම දන්නවා. උන්වහන්සේට මම කියන්නෙ ඔබ ඔය සිවුර අතහරින්න කියලා නෙවෙයි. ඇතුළෙ ඉන්න ගුරුකම්කාරයාව අතහරින්න කියලා. මේ දේවලින් ජීවත්වෙන අය මාත් එක්ක තරහ ඇති. ඒත් මට කරන්න දෙයක් නෑ. මම ආවෙ කවුරුත් කරපු දෙයක් කරන්න නෙවෙයි. මේ අය මාත් එක්ක අමනාප වෙන්න එපා. මම මාව හොයන්න යන ගමනේදී කිසිදු කෙනෙක් මාව මෙහෙයවනවා නෙවෙයි කවුරුවත් ඇතිකරන්න හෝ නැති කරන්න මට අවශ්‍යතාවක් ඇත්තේම නෑ.
ඉස්සෙල්ලා කිව්ව වගේ මම පිරිත් නූලක්වත් බඳින්නෙ නැත්තෙ එතකොටත් ඔය උන්වහන්සෙ ඒකටත් තව මොනවහරි කතාවක් කියන හින්දා. මම පන්සිල් අරන් වාඩිවුණාට පස්සෙ උන්වහන්සේට හිතෙයි ඇඟේ දවටගෙන ඉන්න චීවරය කොයිතරම් වටින එකක්ද කියලා. ඒ වගේම තමයි මම නැඟිටින වෙලාවෙ කවුරු හරි මාව යළිත් කකුලකින් හෝ අදිනවා මට දැනුණොත් ඒකත් හංගන්නෙ නැතුව කියනවා. ඒත් මම පන්සිල් අරන් වාඩිවුණා කියන්නෙ නැඟිටින එක ස්ථිරයි.
බෞද්ධාගම තුළ මේ දේවල් නොතිබිය යුතුයි කියලද ඔබ කියන්නෙ?
බෞද්ධාගම තුළ මේවා නොතිබිය යුතුයි කියන්නෙ, බුදුන් වහන්සේ පිරිනිවන් පෑවේ අහසෙ නෙවෙයි, ගඟක නෙවෙයි රෝගයක් උත්සන්න වෙලා මනුෂ්‍යයකු විදියට තමයි ජීවිතය නැතිවුණේ. අපේ බෞද්ධාගම වසර 2,500ක් තිස්සේ මෙහෙම ගලාගෙන ආවා. විවිධ බහුභූත මේ ආගම ඇතුළට ඔබා ගත්තා. මේකට බලහත්කාරයෙන් දාගත්ත දේවල් අයින් කරලා බැලුවාම ඔය කිසිවකට බුදු රජාණන් වහන්සේගේ සම්බන්ධයක් නෑ. පටලවා ගන්න එපා, කහ ඇන්ද පමණින්, බුදුන්ගේ ධර්මය දේශනා කළ පමණින් ඔවුන් බුද්ධ පුත්‍රයන් වහන්සේ වෙන්නෙ නැහැ සහ මෙහෙම අය කොටින්ම ඒකට අදාළ වෙන්නේ නෑ.
මීට ඉස්සෙල්ලත් හාමුදුරුවරු හිටියනේ, උන්වහන්සේ විවිධ දේවල් කළානේ, මේ ගුරුකම් කරන මුල්ම සංඝයා වහන්සේ නෙවෙයිනෙ මේ.
උන්වහන්සේත් කරපු දේවල් මම විශ්වාස කරන්නේ නෑ. කොණ්ඩදෙණියේ හාමුදුරුවො, කුංකුණාවේ හාමුදුරුවෝ කියනවා කොණ්ඩදෙණියෙ හාමුදුරුවො යන කෝච්චියක් නැවැත්තුවලු. කවුද ඕක දැක්කෙ. මොකක්ද ඊට ප්රතිවිරුද්ධව යෙදුව බලය.
ඔය පුටුවෙ ඉන්දන කාරණේ විතරක් නෙවෙයි මේ හාමුදුරුවන්ගෙ තවත් ක්‍රියාකාරකම් තියෙනවා?
ඔව් එන්න කියන්න. මාත් එක්කත් ඔය හැමදේටම කියන දේවල් මම කරනවා. ඔය කාරණේම වෙනත් ආගම්වලත් යම් යම් විදියට සිද්ධ වෙනවා. දුර්වල හිතකට, දුර්වල මානසිකත්වයක් තියෙන කෙනෙක්ට යම් යම් දේවල් කිව්වට පස්සෙ ඔවුන්ට අවශ්‍ය තැනට ගේන්න පුළුවන්. මේකයි සිද්ධ වෙන්නෙ. නැතුව වෙන කිසිදෙයක් නෙවෙයි.
මට එක ඉල්ලීමක් තියෙනවා කරන්න. මට නිගන්ඨයා කියලා කිව්වා. නිගන්ඨයා කියන්නෙ රෙදි කිසිම දෙයක් ඇඟේ නැතුව හිටපු අයටනෙ. ගිහියෙක් විදියට රෙදි ඇඟේ නැතුව මම ඉන්න කාලය උන්වහන්සේට වැඩිය වැඩියි. හැබැයි මම නැඟිට්ටට පස්සෙ කකුල් දෙක අල්ලලා එක ඉල්ලීමක් කරනවා මොනවද අර අළු ටිකක් ගාගෙන නොපෙනී යන්න පුළුවන් කිව්වනෙ. උන් වහන්සේගෙන් මම ඉල්ලන්නෙ මම දින්නත් තව වතාවක් උන්වහන්සේ පරදිනවා. ඒ නිසා අළු ටිකක් නළලෙ ගාගෙන නිර්වස්ත්රයෙන් පන්සල වටේ රවුමක් යන්න කියලා. හැබැයි මම ලපයක් දෙකක් තියෙන තැන් කිව්වොත් එහෙම කලබල වෙන්න එපා කියන්න. මම කියන දේ මම කරනවා. මම වාඩිවෙනවා, මම නැඟිටිනවා.
එදාට මම නැඟිට්ටට පස්සෙ උන්වහන්සේටත් කියන්න පුළුවන් මෙන්න මගේ අනෙක් විශ්ව කර්මය බලාගන්න කියලා නළලේ අළු ගාලා සිවුර ගලවල දාලා පන්සල වටේ යන්න. ඒ වෙලාවෙ කිසිම කෙනෙක්ට උන්වහන්සේ නොපෙනුණොත් මගේ දේශපාලනයෙනුත් සියලුම දේවලිනුත් අයින් වෙලා උන්වහන්සේගේ අනුගාමිකයෙක් විදියට මාස 6ක් සේවය කරනවා. මම පන්සලේ නවතිනවා. මධුමාධව කියන්නෙ ජීවිතේ වැටිලා, පෙරළිලා, කුඩුවෙලා හැමදෙයක්ම වුණු මිනිහෙක්. ඒත් එදාට නැඟිටින මධුමාධව පිටිපස්සෙ කිසිම අදෘශ්‍යමාන බලවේගයක් ඇත්තෙ නෑ.
මාස 6ක් එතැන ඉන්න වුණොත් මාස 6කට පස්සෙ උන්වහන්සේට මම කියනවා මමත් එක්කම ඔබ වහන්සේ කොළඹ වඩින්න. ඇවිත් කොළඹ සිද්ධවෙන ලංකාවට විරුද්ධ වෙන එන්.ජී.ඕ. කාරයොන්ගෙ එහෙම හොර මැරකම් ටික අල්ලලා දෙන්න කියලා. අපරාදෙ උන්වහන්සේ මට මීට ඉස්සෙල්ල හම්බවෙන්න තිබ්බෙ. එහෙමනම් හමුදාවෙ මැරිච්ච කොල්ලො හැමෝගෙම ජීවිත බේරගන්නත් තිබ්බා.
උන්වහන්සේ මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. උන්වහන්සේට වයස අවුරුදු 18යි. මට 40යි. මම අවුරුදු 16 ඉඳලම පාරේ. මම මේ කාලය ඇතුළත ජීවිතය ඉගෙන ගත්තා. උන්වහන්සේ අවුරුදු 18ක් වෙලා මේ මොහොතේ අත්විඳින දේ මම අවුරුදු 40දී ඔප්පු කරනවා තරුණ කාලෙදිම ඔබට ලොකුවට වැරැදුණා කියලා. ගොඩක් කල් තියෙනවා හැදෙන්න. උන්වහන්සේ කිසිම දුකක් ඇතිකරගන්න ඕන නෑ.
ඔබේ ලිපියක් ඇතුළෙ ඔබ උන්වහන්සේට ආමන්ත්‍රණය කළ විදිය නිවැරැදිද?
ඔව්. ඇත්තටම උන්වහන්සේ චීවරයක් ඇඟේ දවටාගත් කෙනෙක් පමණයි. ඒ වගේම මගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙනුත් ලිපියක යම් යම් කරුණු දක්වලා තිබ්බා. මට ගැටලුවක් නෑ මගේ පෙර බිරිය, දරුවා මේ හැම දෙයක්ම කණ්ණාඩියක් වගේ. සියලුම දේ රටම දන්නවා. මට උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතය නම් අදාළ නෑ. බුදුන් වහන්සේ නාලාගිරි එනකොට කොහේද, කින්ද මන්ද හෙව්වෙ නෑනෙ. ඉතින් උන්වහන්සේට මම නාලාගිරි කියලා හිතාගෙන දමනය කරන්න පුළුවන්.
Post a Comment