BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, June 16, 2013

වාස් ගුණවර්ධන ඇමති මර්වින්ගේ ලේකම්ගෙනුත් කප්පන් අරන්

රක්‍ෂිත බන්ධනාගාරගතව පසුවන කොළඹ උතුරුව භාරව කටයුතු කල නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන්ද කප්පම් ලබාගෙන  ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලීසිය පවසයි.


මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන සිංගප්පූරුවේ සරත් නැමැත්තාගෙන් හෙරොයින් සහ ගිනිඅවි ළග තබාගත්නා ලදැයි කියන සිද්ධීන්වලට සම්බන්ධ බව කියමින් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකර සිටීම සදහා මෙලෙස කප්පම් ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයිද පොනලීසිය කියයි.
මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් මරාදැමීමට ඇති ලැයිස්තුවේ සිංගප්පූරු සරත් නැමැත්තාගේ නම හ ඇති බව පවසා එලෙස නොමරා සිටීමට කප්පම් මුදල් ලබාගෙන  ඇතැයි පරීක්ෂණ කණ්ඩායම තහවුරු කරගෙන තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger