දහසක් බුදුන් බුදුවන හිමිදිරියේ මහරගම සිරි වජිරඥාන ධර්මායතන පින්බිම පිරී තිබුණේ සුදු වතින් සැරසී හුන් සැදැහැවතුන්ගෙනි. සාදු සාදු සාදු ධර්ම ශාලා ගැබ පුරා ඇසෙන්නේ සුමිහිරි ස්වරයකි. ජාතික ඇඳුමෙන් සැරසී හිස් මුඩු කරගත් පස් දෙනෙකු ශාන්ත ගමනින් ධර්ම ශාලාවට පැමිණෙනවාත් සමග සාදු ස්වරය තව තවත් ගිගුම් දුනි. නෙතඟේ කඳුළු පුරවාගත් බොහෝ දෙනෙක් “අන්න පුතා” “මල්ලි” “අයියා” යැයි කියමින් සිය නෑසිය මිතුරන් හඳුනා ගැනීමට තැත් කළොය. සතුටත් දුකත් මුසු වූ ඒ හැඟුම්බර මොහොතේ සමහරු කල්පනා සයුරේ කිමිදෙමින් උපේක්ඛා පාරමිතාව පිරූහ.
ධර්ම ශාලාවට පැමිණි පස් දෙනා අසුන් ගත්තේ වයසේ පිළිවෙළටය. ඔවුන් ඉදිරියෙන් මහා සංඝරත්නය වැඩ හුන් සේක. ගිහිගේ අතහැර පැමිණි මේ පස් දෙනා මහණ කිරීම භාර වූයේ උන්වහන්සේටය.
සුනිල් නාත් සිසිර ගුරුගේ, කේ.පී. විතානගේ තරිඳු සංජීව, ඩී. මුණිරත්නගේ සමිත් අමල් කුමාර, ආර්.කේ. කෝසල වර්ණපුර, නම්මුනි ආරච්චිලාගේ දිමුතු ලංකා ජයසුන්දර ඔවුහු වූහ. මේ පිරිස අතරින් අපේ කතානායකයා සුනිල් නාත් සිසිර ගුරුගේය. ඒ නමින් ඔහු ගැන කීවාට එකවරම ඔහුගේ වගතුග හෝ රූපකාය රට්ටුන්ට මතකයට එන්නේ නැතුව ඇත. එනමුත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුනිල් ගුරුගේ යනුවෙන් කීවා නම් ඔහු ගැන බොහෝ දෙනෙක් දනිති. ඒ සුනිල් ගුරුගේ පොලිස් නිලධාරියෙකු වීම නිසාම නොවේ.
ඔහු ගාල්ලේ මහින්ද විදුහලේ ආදි සිසුවෙකි. ලංකාවේ ප්‍රධානතම ඔත්තු සේවය වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියකි. වෙඩි තැබිමේ ක්‍රීඩාවේ ජාතික ශූරයකු මෙන්ම එම ඉසව්වේ ජාත්‍යන්තර තලයේ විනිසුරුවෙකුද වන්නේය.
මේ සුදුසුකම්වලට අමතරව සුනිල් ගුරුගේ රටේ ප්‍රසිද්ධ වීමට තවත් කාරණාවක් තිබේ. ඔහුගේ වැඩිමහලු සොයුරාද කීර්තිමත් පොලිස් නිලධාරියෙකි. ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු විමර්ශන අධ්‍යක්ෂවරයා වූ විශ්‍රාමලත්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙවිල් ගුරුගේය. නෙවිල් වයසින් වැඩි වුවත් පොලිස් සේවයේදී නම් ඔහුට වඩා සුනිල් ජ්‍යෙෂ්ඨය. අයිය මලෝ දෙන්නාම පොලිස් දෙපාර්තමේන්තුවේ මෙන්ම රට්ටු අතර ප්‍රසිද්ධියට පත්ව හුන්නේ නම කැත නොකරගත් නිලධාරීන් ලෙසය.
ඒ කතාවේ හැටියට තවුසන්ගේ ඇසුරට වැටුණු ගිරා පෝතකයා යහමග තෝරා ගත්තාක් මෙන් සුනිල් ගුරුගේත් ස්වකීය වෘත්තීය දිවියේදී හරි හම්බු කරගත්තේ කීර්තිය මිසක් මිල මුදල්, යාන වාහන, ගේදොර, වතුපිටි නොවේ. එනමුත් තම මිතුරා මහණ වීම ගැන ඔහු සමග අකුරු කළ ගාල්ලේ මහින්දයේ් ආදි සිසුන්ට ඇත්තේ මහා පුදුමයකි. “අපි හිතුවේ සුනිල් නොවේ නෙවිල් මහණ වේවි කියලා” සිරි වජිරඥාන ධර්මායතනයට පැමිණි ඔහුගේ පන්ති සගයෝ කීහ.
පන්ති සගයන් එසේ කියන්නේ පසුගිය කාලයේ දහමට වැඩි නැඹුරුවක් දැක්වූයේ සුනිල් නොව නෙවිල් බැවිනි. එනමුත් පොලිස් නිල ඇඳුම ඇඳ ගැනීමට මෙන්ම බුද්ධ චීවරය පොරවා ගැනීමටද ඉස්සර වූයේ සුනිල් ගුරුගේය.
ගුරුගේ පවුලේ ගම ගාල්ලේ දොඩන්දූවේ පින්කන්දේය. සුනිල්ගේ තාත්තා බෙනට් ගුරුගේය. ඔහුත් පොලිස් නිලධාරියකු ලෙස සේවය කර විශ්‍රාම ගිය අයෙකි. මව වූ ඇනීද සිල්වා විශ්‍රාමලත් පාඨශාලාචාර්යවරියකි. දැන් ඇගේ වයස අවුරුදු අනු හතරකි.
සුනිල් ගුරුගේ උපන්නේ එක්දහස් නවසිය පනස් එකේ අප්‍රේල් තිස්වැනිදාය. ඔහු මුලින්ම අකුරු කළේ දොඩන්දූවේ හෙන්නාතොට විද්‍යාවර්ධන විදුහලේය. එතැනින් ඔහු බද්දේගම ක්‍රිස්තුදේව විදුහලට ගියේය. හය වැනි ශ්‍රේණියේ සිට සුනිල් ඉගෙන ගත්තේ ගාල්ලේ මහින්දයෙනි. මලල ක්‍රීඩාවට හපන්කම් දැක්වූ සුනිල් කැඩෙට් කණ්ඩායමේ රෙජිමේන්තු සැරයන් මේජර්වරයාද වූවේය. උසස් පෙළින් ඉක්බිතිව සුනිල් ගුරුගේ යුද හමුදාවටත්, පොලීසියටත් අයැදුම් කළේය. මුලින්ම කැඳවීම ලැබුණේ පොලීසියෙනි. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස ඔහු පොලීසියට බැඳුණේ එක්දහස් නවසිය හැත්තෑ එකේ මැයි මාසයේදීය. ඉක්බිතිව ඔහුට රාජකාරි කරන්නට ලැබුණේ නුවරඑළියේය. රාජකාරි කරන්නට නුවරඑළියට ගිය ඔහු ඒ බිමේම බින්න බැස්සේය. ඒ බර්නි ගුරුගේ සමගය. එම විවාහයෙන් ඔවුහු දරුවන් දෙදෙනෙකු ලදහ. තිලාන් පුතාය. ටෙහානි දුවය. ඔවුහු තරුණ වියේ පසුවන්නෝය. විදෙස්ගතව අධ්‍යාපනය ලබන්නෝ්ය.
ප්‍රියයන්ගෙන් වෙන්වීම වූ කලී බොහෝ වේදනාවක් වුවද සුනිල් ගුරුගේ සිය අඹු දරුවන් හැර පියා මහණ දම් පිරීමට හිත හදා ගත්තේය. “මම මහණ වෙන්නේ අවබෝධයෙන්. ජීවිතේ ගැන අවබෝධය ලැබූ විට බැඳීම් වලට ඉඩක් ලැබෙන්නේ නෑ.” බුද්ධ චීවරය පොරවා ගැනීමට පෙර සුනිල් ගුරුගේ එසේ කීවේය. හැරත් අඹු දරුවන් නෑසිය මිතුරන්ගෙන් වියෝවීම හේතුකොට බිඳුණු සිත් සුවපත් කර ගැනීමට අවැසි අමුද්‍රව්‍ය ඕනෑ තරම් බුද්ධ චරිතයේ ඇත්තේය. සිදුහත් කුමරා ගිහිගේ හැරපියා අභිනිෂ්ක්‍රමණය කළේද යසෝදරා දේවියත් රාහුල පුතුත් සමග වූ බැඳීම් අමතකකරය.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ගැන නිතර නිතර පත්තරවලින් අසන්නට දකින්නට ලැබුණද සුනිල් ගුරුගේ ගැන එවැනි ප්‍රසිද්ධියක් නොලැබුණේ ඔහු නිරතව හුන් ක්‍ෂේත්‍රය නිසා වෙන්නැතිය. ඔහු සේවය කළේ අප්‍රසිද්ධියේය. ඒ ඔහුගේ රාජකාරියේ හැටිය. ජාතික ඔත්තු සේවයේ ඉතා දිගු කලක් රාජකාරි කළ ඔහුට වතුකරය ඇතුළු මධ්‍යම පළාතේ ත්‍රස්ත ක්‍රියාකාරකම් මෙන්ම රජයට එල්ල වන තර්ජන ගැන සොයා බැලීම පැවැරී තිබුණේය. ඒ අතරේ ඔහු චෙන්නායිහි පිහිටි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙසද රාජකාරි කළේය.

වෘත්තියේ ස්වභාවය හේතුකොට ප්‍රසිද්ධියක් නොලැබුණද සුනිල් ගුරුගේගේ තවත් ක්‍ෂේත්‍රයකින් නම් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබුවේය. ඔහු වෙඩි තැබිමේ ශූරයකි. රාජ්‍ය බුද්ධි සේවය, ප්‍රභූ ආරක්ෂක අංශය, විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාවට ඉලක්කයට වෙඩි තැබිමට පුරුදු පුහුණු කළේ ද ඔහුය. ඒ ක්‍ෂේත්‍රයෙන් සුනිල් කොතරම් දුර ගියේදැයි කිවහොත් ඔහු වෙඩි තැබිමේ ක්‍රීඩාවේ ජාත්‍යන්තර තලයේ විනිසුරුවෙකුද විය. වෙඩි තැබිමේ ශූරයකු මහණ වීමත් එක අතකට මහා පුදුමයකි. එනමුත් සුනිල් ගුරුගේගේ දෙටු සොයුරාවන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙවිල් ගුරුගේ නම් කියන්නේ තම සොයුරා වෙඩි පිටියට යන්නේත් භාවනා කර බවය.
“මල්ලි කියන්නේ ඉලක්කයට වෙඩි තැබිමත් භාවනාවක් වගේ කියලා. මොකද හිත එක අරමුණක තියා ගන්න ඕනෑ නිසා. ඔහු වෙඩි පිටියට ගියාම කා සමගත් කතා කරන්නේ නෑ.” ඔහු කීවේය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුනිල් ගුරුගේ භාවනාවට වැඩි වැඩියෙන් යොමු වූයේ විශ්‍රාම ගැනීමට කිට්ටු වන විටය. ඔහු වැඩි වැඩියෙන් අභිධර්මය පොත්පත් කියවන්නට කාලය වෙන් කළේය. හතළිස් දෙවසරක සිය වෘත්තීය දිවියට සුනිල් ගුරුගේ සමුදුන්නේ මීට දෑ අවුරුද්දකට ඉහතදීය. ඉක්බිතිව ඔහු ගම වූ දොඩන්දූව කළපුව මැද පිහිටි දූපතක් වන පොල්ගස්දූවේ ආරණ්‍ය සේනාසනයට යන්න එන්න පටන් ගත්තේය. සිය මුදලින් ආරණ්‍ය සේනාසනයට සක්මන් මළුවක් තනා දුන්නේය. සුනිල් නුදුරු දිනකදීම මහණ දම් පුරන බවට පෙර නිමිති පහළ වූයේ මේ අතරතුරේදීය. ඔහු තුන් මාසයක් පුරා පොල්ගස්දූව ආරාණ්‍යයේ නතර වී බණ භාවනා කරන්නට පටන් ගත්තේය. වැඩි දවසක් යන්නට මත්තෙන් ඔහු සිය නෑසිය මිතුරන්ට දැනුම් දුන්නේ තමා මහණ වන බවය. දැඩි අදිටනින් මහණ වීමට පාරමී පුරමින් හුන් ඔහුගේ අදහසට කිසිවෙකු විරුද්ධ වූයේ නැත.
දිනය ඉකුත් විසි එක්වැනිදාය. අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායකව වැඩ හුන් මඩිහේ පඤ්ඤාසීහ මාහිමියන්ගේ ජන්ම ශත සංවත්සරය යෙදී තිබුණේ එදිනය. ඒ නිමිති කොට සුනිල් ගුරුගේ ඇතුළු පස් දෙනෙක් පැවිදි වූහ. අමරපුර ධර්මරක්ෂිත නිකායේ අධිකරණ සංඝනායක අහංගම ආනන්ද, මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිකාරී හා වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති මහරගම ධම්මසිරි , අමරපුර ධර්මරක්ෂිත නිකායේ අනුනායක හා බම්බලපිටිය වජිරරාමාධිපති තිරිකුණාමලයේ ආනන්ද යන නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය පැවිදි පින්කමේ වත් පිළිවෙත් ඉටු කළෝය.
හිස මුඩු කර ශාන්ත ගමනින් පැමිණි සුනිල් ගුරුගේ අංහගම ආනන්ද නාහිමි ඉදිරියේ දෙදණින් වැටී දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කර මහණකම ඉල්ලුවේය. ඉක්බිතිව ඔහු නැගිට්ටේ බුද්ධ චීවරය අතින් දරමිනි. මඳ වේලාවකට පසු සිවුරු පොරවාගෙන පැමිණියේ මොහොතකට පෙර හුන් සුනිල් ගුරුගේ නොවේ. බුද්ධ චීවරය පොරවා ගත් පින්කන්දේ අරියඛන්ති හාමුදුරුවෝ ධර්ම ශාලාවට වැඩම කළෝය. උන්වහන්සේගේ මේ වෙනස දුටු නෑසිය මිතුරෝද වෘත්තීය සගයෝද හැඬුවෝය. ඒ හැඬුමේ සතුටත් දුකත් සමසේ මුසු වී තිබුණි.
“පින්කන්දේ උපන් සුනිල් ගුරුගේ අද පටන් නමට ගැළපෙන විදියටම පින් කන්දක් වුණා.” එසේ වදාළේ උන්වහන්සේට පින්කන්දේ අරියඛන්ති යනුවෙන් නම් තැබූ මහරගම ධම්මසිරි හාමුදුරුවන්ය.
පින්කන්දේ අරියඛන්ති හාමුදුරුවෝ ධර්ම ශාලාවේ වැඩ හුන් සේක. නෑසිය මිතුරෝ උන්වහන්සේට පිරිකර පූජා කරමින් වන්දනාමාන කළෝය. උන්වහන්සේ මව පැමිණියේ රෝද පුටුවෙනි. ඈ කඳුළු පුරවාගෙන සිය පුතුට වැන්දාය. “තෙරුවන් සරණයි” උන්වහන්සේ වදාළෝය. පින්කන්දේ අරියඛන්ති හාමුදුරුවන්ගේ කල්පනාව ග්‍රාමවාසීව වැඩ සිටීමට නොවේ. සසර කතරින් එතෙර වීමේ අදිටනින් උන්වහන්සේ දොඩන්දූව කළපුවෙන්ද එතෙර වී පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයට වැඩම කළ සේක.
පොල්ගස්දූව සෙනසුනේ උන් වහන්සේට දැන් ඇත්තේ එකම එක සටනකි. එකම එක අධිෂ්ඨානයකි. ඒ මරුවා පරදවන්නට පටන් ගත් සටනින් ජය ගන්නටය.

ඡායා:- තුෂාර අතපත්තු
මිහිරි ෆොන්සේකා
Post a Comment