BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, June 3, 2013

තත්පර 25කින් විනිසුරුවරියගේ නිල රියේ ලාංජන ගැලවීම සදහා 7 ශ්‍රේණියේ සිසුන්...

අභියාචනාධිකරණ විනිසුරු  දීපාලී විජේසුන්දර මහත්මියගේ නිල රථයෙහි ලාංජනය ගලවා සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධව කොළඹ  ප‍්‍රධාන පෙළේ පාසලක 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු හා එම වසරෙහිම මහරගම ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු මිරිහාන මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට  ගෙන තිබේ.


සී. සී. ටී. වී. වීඩියෝ කැමරා දර්ශනවල ලාංජන සොරකමට අදාළ රූපරාමු විමර්ශනයෙන් මේ සිසුන් දෙදෙනා අත්අඩංගුවට  ගත් අතර ඔවුන් මුදල් ඉපයීමේ අරමුණින් මේ ආකාරයට සුඛෝපභෝගී වාහනවල ලාංජන 15කට ආසන්න ප‍්‍රමාණයක් ගලවා සොරකම් කොට ඇති බවද පොලීසිය සදහන් කරයි.
මවුන්ටන් වර්ගයේ පාපැදියක නැගී මෙම පාසැල් සිසුන් දෙදෙනා සොරකමේ යෙදෙන ආතර එක් වාහනයක  ලාංජනයක් ගැලවීම සදහා මොවුන්ට ගතවනුයේ තප්පර 25කටත් අඩු කාලයත් කත වන බවද  සී. සී. ටී. වී.  වීඩියෝ කැමරා දර්ශනවලින් තහවුරු වී තිබේ.
එක් වාහනයක ඉදිරිපස හා පිටිපස පිහිටි ලාංජන මොවුන්  කුඩා පිහිතුඩක් භාවිතා කොට ගලවන ආකාරය එම දර්ශන වල මැනවින් දිස්වේ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger