Saturday, June 8, 2013
2014 සිට ගව ඝාතනය ගව මස් අලෙවිය මුළුමනින්ම තහනම්
ලබන වසරේ (2014) ජනවාරි මාසයේ සිට ගව ඝාතනය හා ගව මස් අලෙවි කිරීම මුළුමනින්ම තහනම් කිරීමට නුවරඑළිය මහ නගර සභාව තීරණය කොට තිබේ.
නුවරඑළිය මහ නගර සභා මාසික රැස්වීමට මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර පුරපති ඩී.ජී. මහින්ද කුමාර මහතාත්, උප නගරාධිපති තිස්ස සෙනෙවිරත්න මහතා හා නාගරික මන්ත්‍රිවරුන් වැඩි පිරිසකුත් එකී යෝජනාවට එකඟතාව පළකිරීම නිසා විශේෂ ඡන්ද විමසීමකින් තොරව යෝජනාව සම්මත කරගෙන ඇත.
මෙරටේ ගව ඝාතනය නතර කරන ලෙස රජයට බලකරමින් සිරුරට ගිනි තබාගෙන අපවත් වූ පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ අභාවය පිළිබඳ මෙහිදී ශෝකය පළකිරීමේ යෝජනාවක් සම්මත කර ගැනිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රි ආර්. රාජාරාම් මහතා මෙම යෝජනා දෙකම සභාවට ඉදිරිපත් කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි එම්. ෆලීල් මෙම යෝජනාවට විරුද්ධව අදහස් පළ කර ඇතත් ඊට සභාවේ සහය පළවී නැත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment