තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ… ආදි වශයෙන් පටිච්ච සමුප්පාදයේ සඳහන් වෙයි. ආශාව නිසා දැඩිව අල්ලා ගැනීම ද දැඩිව අල්ලා ගැනීම නිසා භවයක පිළිසිඳ උපත ලැබීම ද සිදු වී ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝකවීම, හැඬීම් වැළපීම්, දුක් දොම්නස්වීමට සිදුවීම මේ කි‍්‍රයාවලියයි.
මේ සියල්ල අවිද්‍යාව හෙවත් නොදැනීම හේතු කොට ගෙන ලබන්නා වූ ඵලයන්ය. තණ්හාව නිසා සිතේ සිතුවිලි ගොඩ ගසා ගැනීමෙන් මේ දිගින් දිගට ඉපදෙමින් මැරෙමින් නැවත නැවත් ඉපදෙමින් සංසාර ගමන දිගුවෙයි.
මේ අප දන්නා හඳුනන මහත්මයකුට එළඹ ඇති සංසාරික කරදරයක සංවේදී කතාවකි.
ඔහු මහනුවර දිස්ති‍්‍රක්කයේ කිරිබත්කුඹුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. පනස් හත් හැවිරිදි විවාහකයෙකි. ඔහුගේ බිරිය ද රජයේ රැකියාවක් කරන අතර ඔහු ව්‍යාපාරයක නියුතුව සිටී. මිනිස් ඇසට නොපෙනෙන පුද්ගලයකු ඔහු ගේ හිසට අත මිට මොළවා පහර දෙයි. පපුවට, පිටට දැලට පහර දෙයි.
හිස කෙස්වලින් හා කනෙන් අදී. නාසය තුළ පිහිටි මවිල්වලින් අදී. මෙය ඔහුට මහත් වේදනාවක් ගෙන දෙයි. හිරිහැරයක් වී පවතී. දිනක් කළුතර බෝ සමිඳුන් සෙවණේ දී මා මුණ ගැසුණු ඔහු තමන්ගේ දුක්ඛ දායක කතාව දිග හැරියේ මෙසේ ය.
“මේ සිද්ධිය පටන් අරගෙන දැනට අවුරුදු දහ අටක් වෙනවා. මම පුදුම දුකක් විඳින්නේ. මගේ ළඟ යම් කෙනෙක් නිතර ම සමීපව ගැවසෙන බව මට දැනෙනවා. හිටි හැටියේ මගේ හිස කෙස්වලින් අදිනවා. නාසය ඇතුළේ මවිල්වලින් අදිනවා. අත මිට මොළවා පහර දෙනවා.
දැන් මේකට ලංකාවේ යන්න තියෙන හැම දේවාලයකටම ගියා. කරන්න තියෙන හැම තැනකටම ගියා. ශාස්ත‍්‍ර කියන තැන්වලට ගියා. හඳහන් බලන තැන්වලට ගියා. හින්දු කෝවිල්වලට ගිහින් හින්දු ක‍්‍රමයේ පුද පූජා කළා. පල්ලිවලට ගිහින් කි‍්‍රස්තියානි ක‍්‍රමයේ පූජා විධි කළා. මුස්ලිම් ආගමේ හැටියටත් කළා.
භාවනා ක‍්‍රමවලින් සිත දියුණු කළ යෝගී වරුන් ළඟටත් ගියා. පිරිත් බලයෙන් සෙත් ශාන්ති කරන තැන්වලටත් ගියා. ඒ අය බොහෝ දෙනෙක් කියන්නේ නම් එක ම කතාවයි. “පුදුම ලස්සන කාන්තාවක් මගේ පිටුපසින් සිටිනවා” යැයි එක් යෝගී ස්වාමින් වහන්සේ නමක් කීවා. තවත් තැනකින් කීවා “හරියට හින්දි නිළියක් වගේ ලස්සන තරුණ කාන්තාවක් හින්දි ඇඳුමෙන් සැරසී සිටිනවා” ය කියා. අඳුනකින් බලන තැනකට ගියා ම ඒ අඳුන බලන එක්කෙනා පුදුම වුණා. ඒ කාන්තාවගේ ලස්නනට. “පුදුම ලස්සනක්. හරිම ලස්සන කාන්තාවක් ඔබේ ළඟ ඉන්නවා” ය කියා.
මේ ළඟ දී තවත් තැනකට ගියා. එතැනින් මගෙන් ඉල්ලුවා රුපියල් ලක්ෂ තුනක්. මේක පූරව කර්මයක් සමඟ එකට පවතින සිද්ධියක්. ඇය ඉවත් කරන්න නම් රුපියල් ලක්ෂ තුනක් ඕනෑ ය කීවා.
ඒ මුදලින් දඹදිව සිද්ධස්ථානවල පහන් ගෙවල් හදනවා”ය කියා. මට ඒ තරම් මුදලක් වැය කරන්න අපහසුයි කීවාම කීවා “එහෙම නම් මාස දෙකක් විතර ආරණ්‍ය ගත වී භාවනා කරන්න” කියා. මට ඒ දෙක ම කරන්න බැහැ. අවුරුදු දහ අටක් හම්බ කරපු සෑම සතයක් ම මේකටමයි වියදම් කළේ.
මගේ ළඟ ලක්ෂ තුනක් තියා රුපියල් තිස් දාහක්වත් දැන් නැහැ. භාවනා කරන්න යන්නත් බැහැ. මම කරන ව්‍යාපාරය අතහැරියොත් නැවත ඒක පටන් ගන්න බැහැ. මම කරන ව්‍යාපාරය වෙන කෙනෙක් පටන් ගත්තොත් ඒ වෙළෙඳ මාර්ගය මට අහිමි වෙනවා.
ඊට පස්සෙ මෙහෙණින් වහන්සේ නමක ගෙන් තුන් වේලක් පිරිත් කියවා උපදෙස් ගත්තා.
මට මෛතී‍්‍ර භාවනාව කරන්න උපදෙස් දුන්නා. මටත් සියලු සත්ත්වයනටත් මෛතී‍්‍ර කොට අවසානයේ මගේ ළඟ ඇසුරු කරන මේ අමනුෂ්‍ය බලවේගයට අවංකවම මෛතී‍්‍ර කරන්න උපදෙස් දුන්නා. මම උදේ හවස එසේ මෛතී‍්‍ර කළා.
එතකොට මට රිදවන එක නතර වුණා. ඉතා ම සියුම් සුවදායක කුරුලු පිහාටුවක් වගේ එකකින් මගේ ඇඟ පිරිමදින්න වුණා. හරිම සනීපදායක පරිදි මගේ ඇඟ අත ගානවා වගේ දැනුණා. ඒත් ව්‍යාපාරයේ කටයුතු නිසා සමහර වෙලාවට මෛතී‍්‍ර භාවනාව මඟ හැරුණා.
එතකොට නැවතත් මගේ හිස කෙස්වලින් අදින්නත් පහර දෙන්නත් පටන් ගත්තා. මොනවා කළත් කොහොම හරි කරන පිළිවෙත මඟ හැරෙන්න වැඩ සිද්ධ වෙනවා.
සුප‍්‍රසිද්ධ හාමුදුරු නමක් ළඟට මම ගියා. “ඕවා බොරු විකාර. ඕවා හිතින් මවාගත්ත විකාර” කියා මට දොස් කිව්වා.
දැන් මගේ බිරියටත් මා එපා වෙලා වගෙයි. අවුරුදු දහ අටක් ම මේක පස්සෙම දුවනවා. මේක මගේ මානසික අමාරුවක් ය කියා ඇය කේන්තියෙන් බණිනවා.
“ඉතින් ඔය ඔබේ ළඟ සිටින සුරූපී කාන්තාව කව්ද කියා ගුප්ත ශාස්ත‍්‍රවලින් කීවේ නැද්ද” මම ඔහු ගෙන් ඇසුවෙමි.
“හැම තැනින් ම වගේ කියන්නේ එක ම කතාව. මම මීට පෙර භවයෙ උතුරු ඉන්දියාවේ ඉපදිලා හිටියාලු. සාමාන්‍ය පවුලක ඉපදී ඉගෙන ගෙන උතුරු ඉන්දියාවේ අමරිත්සාර් ප‍්‍රදේශයේ ප‍්‍රධාන පරිපාලන නිලධාරියකු ලෙස රස්සාව කළාලු. අමරිත්සාර්වල ඉතාම ධනවත්, කුලවත්, බලවත් පවුලක ලස්සන තරුණියක් හිටියාලු.
ඇය සික් ජාතික තරුණියක්. ඇගේ නම පටේල් සිං. ඇය මට ආදරය කළාලු. ඇගේ පවුලේ අය ධනවත් බලවත් වුණත් මගේ රාජකාරි මට්ටම නිසා විරුද්ධ වෙලා නෑ. අප දෙදෙනා අතරේ විවාහය සිදුවෙලා. අපි දෙන්නා ඉතා ම ආදරයෙන් හා සන්තෝසයෙන් අන්‍යොන්‍ය බැඳීමකින් ජීවත් වෙලා. ඉතා ම පී‍්‍රතිමත් පවුල් ජීවිතයක් ගත කරලා.
අවුරුද්දක් විතර ඉතා ම සන්තෝසයෙන් ජීවත් වෙද්දී අපේ පවුලට තවත් තුන්වැන්නෙක් සම්බන්ධ වෙන තැනට කටයුතු යෙදී තියෙනවා.
ඒ කියන්නේ දරුවෙක් ලැබෙන්න, ඇය ගර්භනී බවට පත්වෙලා. හිටි හැටියේ ම ඇගේ කුසට මාස ගණන සම්පූර්ණ වෙන්න කලින් දරු උපත සඳහා අමාරු වෙලා.
ප‍්‍රදේශයේ තියෙන ඉහළ ම රෝහලට ඇය ගෙන ගිහින්. දරුවා ප‍්‍රසූත වී තියෙන්නේ මළදරු උපතක් ලෙසින්. ඇගේ අධික රුධිර වහනය නතර කරන්න බැරිවෙලා. මගේ බිරියගේ රෝගී තත්ත්වය උත්සන්න වෙලා. මගේ අත අල්ලා ගෙන ම ඇය මරණයට පත්වෙලා.
ඇය අවසන් මොහොතේ මා ගැන දැඩි ආදරයකින් කනගාටු වෙලා තියෙනවා. “අනේ! මම මැරුණා ම මගේ මහත්තයා මේ ලෝකයේ තනි වෙනවා නේද? මගේ මහත්තයාට සලකන්නේ කවුද?” කියා ඇය මා ගැන දැඩි ආදරයකින් තමයි අවසන් හුස්ම හෙලා තියෙන්නේ.
ඒ අතරේ මම ඇය ගැන ම දුක් වෙවී සිටියා මිසක් වෙනත් විවාහයක් කරගෙන නැහැ.
එහෙම කාලයක් ඉඳලා මාත් දුකෙන් ම මරණයට පත්වෙලා. ඊට පස්සෙ මං ලංකාවේ උපත ලබා තියෙනවා. මේ අතරේ මං ඉන්නේ කොහේද කියා සොයමින් සිටි පටේල් සිං ගේ ආත්මයට මං ඉන්නා තැන හමුවෙලා. මෙයට අවුරුදු දහ අටකට කලින් එක්තරා දිනයක ඇයට මා මුණ ගැසිලා.
ඒ වන විට මම විවාහකයෙක්. තාත්තා කෙනෙක්. දැන් ඇය මගේ සමීපයේ ම සැරිසරනවා. “මාව අරගෙන මිසක් යන්නේ නැතිලු.”මම දැන් දෙලොවක් අතර දුක් විඳිනවා. මේ සිද්ධිය කරදරයක් වෙලා.
මගේ වර්තමාන පවුල් ජීවිතයටත් අවුල්කාරී සිද්ධියක් වෙලා. මගේ වර්තමාන බිරිය මේ ගුප්ත ශාස්ත‍්‍ර පිළිගන්නෙත් නැහැ. පටේල් සිං මා අත හැර යන්නෙත් නෑ.”
“පහුගිය ආත්මයේ බිරිය ඉතා ම බලවත් ආත්මයක් බවයි වැටහෙන්නේ. ඉතා ම සුරූපී දුටුවන් මන බඳින ශරීර විලාසයක් පෙන්නුම් කරන නිසා අප‍්‍රසන්න පේ‍්‍රතාදි අමනුෂ්‍ය ආත්මයක් යැයි හිතන්නත් බැහැ. ඇය නාග කන්‍යාවියක් දැයි වෙලාවකට හිතෙනවා” යි මගේ හිතවතා ඔහුගේ සංවේදී කතාව අවසන් කළේය.
කෙසේ නමුත් බුදු දහමට අනුව කෙනකු මරණාසන්න මොහොතේ දැඩි ලෙස සිතින් අල්ලා ගෙන සිටි අවසාන සිතුවිල්ල ඊළඟ ප‍්‍රතිසන්ධියට සෘජුව ම බලපාන බව මෙයින් මොනවට පැහැදිලි වෙයි.
“තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ”
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment