අවුරුදු 15ක බාල වයස්කාර දැරියක්ද සිටි අතර ඇයව අඹු කමේ තබාගෙන වරින්වර අතවර කරමින් කල්ගෙවූ ඔහුගේ ජංගම දුරකථනය පොලිසිය පරීක්ෂා කිරීමේදී එහි ඇය සමග රමණයේ යෙදෙන
ලිංගික ජවනිකාද තිබූ බව පොලිසිය පවසනවා.
මේ හේතුවෙන් මත්කුඩු සම්බන්ධ නඩුවට අමතරව බාලවයස්කාර දැරියක අපහරණය කිරීම වෙනුවෙන් ඔහුට වෙනම පොලිස් පරීක්ෂණයක් පැවැත්වීමට දැන් කටයුතු කරගෙන යයි. වෙලේ සුදාගේ ජිප් එක තිබුනේද ඔහු ළඟය.

ඔහුව දින 7ක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය රහස් පොලිසියට ඊයේ (02දා) අවසර ලබා දුන්නේය.
සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා විදේශ ගතව සිට එවන ලද හෙරොයින් පාර්සල්, බෙදාහරින
ලද ප‍්‍රධාන සැකකරු වන ඔහු දෙහිවල, සරණංකර පෙදෙස අංක 70හි පදිංචි සුරාස් අහමඞ් නමැත්තෙකි. සැකකරු හබරණ ප‍්‍රදේශයේ වාඩියක සැඟව සිටියදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
සැකකරු අදාළ වාඩියේ සැඟව සිටියේ අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් සමඟ බවත්, අදාළ දැරිය දූෂණයට ලක්වී තිබෙන බවත් රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
වෙලේ සුදාගේ කට උත්තර වලදී ඔහු ගැන අනාවරණය වූ අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයා ගන්නා ලද මුදල් එකතු කිරීම, පරිහරණය කිරීම සිදුකර ඇතැයි වාර්තා විය.
සැකකරු දුරකතන අංක 05ක් භාවිත කර ඇත. සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකතනයක ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන තිබූ බවත්, ඔහු අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔහුත් සමඟ සිටි බාල වයස්කාර දැරියගේ දර්ශනද ඒ අතර තිබූ බවත් පොලිසිය වාර්තා කළා.
බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකාර සුරාස් අහමඞ් නමැත්තාට එරෙහිව වෙනම නඩුවක් පවරන බව දන්වා සිටි රහස් පොලිසියේ නිලධාරීන්, දූෂණයට ලක්වූ දැරිය මේ වන විට රහස් පොලිසිය භාරයේ සිටින බව දන්වා සිටියේය.
වෙලේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගන්නා ලද මුදල්වලින් ලබාගත් ජීප් රථය සඟවාගෙන සිටියේ මේ සැකකරු විසින් බවත් වෙලේ සුදා විදේශගතව සිට එවන ලද මත්ද්‍රව්‍ය පාර්සල් බෙදාහැරීම සිදු කළ පුද්ගලයා මොහු බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු විසින් ලබාගත් ධීවර යාත‍්‍රා 04ක් අන්සතු නොකරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
Post a Comment