අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ ජනපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අතින් ලබා ගත්තා.
අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මේ දක්වා කටයුතු කළ ගනේෂ් ධර්මවර්ධන අධිකරණ අමාත්‍යංශයට මාරුකර වයැවීමෙන් පසු මේ පත්වීම ඇයට පිරිනැමිණි.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය පිළිබඳව ගැටලූ පැවති අතර නව රජය පැමිණි පසු විශාල ලිපිගොනු රාශියක් ලැබී ඇති නිසා ඒ වැඩ කඩිනම් කිරීමටද රජයට අවශ්‍ය විය. මෙම පත්වීමෙන් පසු ඇය ඒ ගැන සොයා බලන්නට පිරිස් යොදවනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment