දි අයිලන්ඞ් මාධ්‍යවේදියාගේ අභිරහස් මල සිරුර ගල්කිස්සේ හෝටලයක...
බැළු බැල්මෙන්ම මේ සාපරාධී මනුෂ්‍ය ඝාතනයන් සේ පෙනෙන බැවින් මේ පිළිබඳව උනන්දුවීමට මාධ්‍ය සංවිධාන සහ අදාල බලධාරීනට අප ඕනෑකමින් ඉල්ලා සිටිමු.
මහමග වැටී සිටියදී අවට සිටියවුන් වැලිගම වලාන රෝහලට ඇතුලත් කළද ඒ විටත් ඔහු මියගොස් සිටිබව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කර ඇත.මාධ්‍යවේදීන්ගේ ජාතික එකමුතුව ගොඩනැංවීම සඳහා ක‍්‍රියාකාරී මෙහෙවරක නියැලෙමින් සිටි ඔහු සම්මාන දිනූ ඡායාරූප ශිල්පියෙකුද වනවා.
මියයන විට 50 වැනි වියෙහි පසුවූ පසන් දරුවන් දෙදෙනකුගේ පියෙකි.
මීළඟ මාධ්‍යවේදියාද මියගොස් ඇත්තේ අභිරහස් ලෙසිණී..!!!
දි අයිලන්ඞ් මාධ්‍යවේදියාගේ අභිරහස් මල සිරුර ගල්කිස්සේ හෝටලයක...උපාලි පුවත්පත් සමාගමට අයත් දි අයිලන්ඞ් පත‍්‍රයේ මාධ්‍යවේදියකු වන ලියොන් ඇලෙක්ස් වික‍්‍රමසිංහ පසුගිය කාලයේ නවාතැන්ගෙන සිටියේ ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකය.
පුවත්පතේ දිනපතා සේවය සඳහා ඔහු හෝටලයේ සිට යාම් ඊම් කර තිබුණ අතර සිකුරාදා (06* රාත‍්‍රියේ වැඩ අවසන් වී පැමිණීමෙන් පසු ඔහු එළියට ආ බවක් වාර්තාවී නැත. ඔහුගේ මළ සිරුර පසුදා හෝටල්කාමරයේ තිබී හමුවී ඇත.සිකුරාදා (06) රාත‍්‍රියේ වැඩ අවසන් වී පැමිණීමෙන් පසු කාමරයට ආ බව දුටු නමුත් ඉන්පසු නුදුටු බවත් හෝටල හිමියා පොලීසියට කියා තිබුණි.
Post a Comment