BREAKING NEWS

රටතොට

Wednesday, February 25, 2015

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මොහොමඩ් සිද්ධික්ගේ දේපළ පිළිබඳව තොරතුරු ඕනෑ...!!!

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්ධික්ගේ මෙරට පවතින දේපළවලට එරෙහිව මුදල් විශ්ද්ධිකරණ පනත යටතේ කටයුතු කිරීම සඳහා ඔහුට අයත් දේපළ, මුදල් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුම්වත් කරන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී
.
සිද්ධික්, ෆලුල්දීන්, අකිල් වශයෙන් විවිධ නම් වලින් හඳුන්වාගන්නා මොහු අංක 133 මොහොමඩ් මජ්ජිද් පාර, කොළඹ 10 සහ අංක 156 මොහොමඩ් මස්ජිද් පාර කොළඹ 10  යන ලිපිනයන් සහිත ස්ථානවල පදිංචිව සිට ඇත.

682503882 දරණ ජාතික හැඳුනුම්පතට හිමිකම් කියන මොහු සතු දේපළ සහ මුදල් පිළිබඳව තොරතුරු දන්නේ නම් 0112 447943 දුරකථන අංකයෙන් පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාංශයේ අධ්‍යක්ෂක, 0112 446437 පොලිස් ස්ථානාධිපති, 0112 328043 හා 0112 422176 අංක වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදිය හැකිය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger