තිබු තනතුරු ඉවත්වූ පසුව පෙර ඔළුව උදුම්මවාගෙන සිටි අයියලාගේ ගණන් තඹේට බැසීම සාමාන්‍යය ...එසේ වූ විටදී නැවත දුක සැප අසන්නට එන්නේද...එදා තමන් විසින් මායිම් නොකළ ඇත්තන් බව සිතා ගත යුතුය...!!!
01. මේ මොහොත වෙද්දි ඔබට දැනෙන්නේ මොන වගේ සිතිවිල්ලක්ද?
මම හුඟාක් කාලය වෘත්තිය වෙනුවෙන් කැප කළ කෙනෙක්. දැන් දවස් 10කට විතර පසු ඒ සෑම දෙයකින්ම නිදහස් වෙලා මම බොහොම සැහැල්ලු සිතිවිල්ලෙන් ඉන්නවා.
02. ඒ කියන්නේ මීට පෙර ඒ සැහැල්ලුව දැනිලා නෑ කියන එකද?
මම පාන්දර තුනට නැඟිටලා මුල් පිටුව කරලා ඊට පස්සෙ ලේක්හවුස් එකට ගිහින් 7.00ට විතර ගෙදර ඇවිල්ලා 8.00 විතර නිදාගෙන නැවත පාන්දර
3.00ට අවදි වීම තමා අවුරුදු 12ක විතර ඉඳන් මගේ දෛනික චර්යාව වෙලා තිබුණේ.
03. යෞවනියන් වෙනුවෙන් ආරම්භ කරපු කුමරි, අරලිය වැනි පුවත්පත්වල නිර්මාතෘවරයා ඔබ. ඒ වකවානුවේ තරුණිය ගැන මොන වගේ අදහසක්ද ඔබ දැරුවේ?
දශක තුනක විතර අෑත අතීතයක්. ඒක හොඳ අපූරු අත්දැකීමක් වුණා. 70 දශකයේදී මේ වගේ පත්තර තිබුණේ නෑ. යුවතියන් වෙනුවෙන්. ඒ කාලේ ඒ පත්තර අතිශය ජනප්‍රිය වුණා. තරුණ කිහිප දෙනෙක් තමයි අපි එකතුවෙලා මේ කාර්යය පටන් ගත්තේ.
70 දශකයේ ලංකාවේ විශාල තරුණ කැරැල්ලක් ඇති වුණා. මම මාතර. ගමක ඉපදුණු කෙනෙක් විදිහට මම දැක්කා ඒ දවස්වල කාන්තාව යම් යම් සීමා තුළ ජීවත් වුණු කෙනෙක්. එයාලගේ ජීවිතය අම්මා වටේ. අක්කා ඉන්නවා නම් අක්කා වටේ. අයියා කෙනෙක් ඉන්නවා නම් අයියා තමා වීරයා. පාසලෙන් ගෙදර. ගෙදරින් පාසල. වැඩිම වුණොත් පන්සලට ගියා.
විනෝදාංශ කියලා දෙයක් තිබුණා නම් කුරුලු පිහාටු, ටොෆි කොළ එකතු කිරීම වැනි සරල බොලඳ දේවල් තමයි ගැමි යුවතියෝ කළේ. ගොඩාක් වේලාවට සිහින ලෝකවල ජීවත් වෙන්න ඇති. විභාග කරලා සීමාසහිත පිරිසක් විශ්වවිද්‍යාලයට ගියා. ඉතිරි අය ඉක්මනට විවාහ වෙලා සාම්ප්‍රදායික කාන්තාවෝ බවට පත් වුණා.
ඔවුනට විනෝද ගමන්, පාටි, ලස්සනට අඳින එක ගෑනු ළමයි එකතුවෙලා රවුම් ගහන එක මේවා එයාලට තිබුණේ නැති තරම්. දැන් මෙන්න මේ දේවල් විඳලා නැති හදවත්වලට තමයි අපි කතා කළේ.
04. මේ දේවල් විවේචනයටත් ලක් වුණා නේද?
ඔව්. සමහරු බරපතළ විදිහට චෝදනා කළා බොලඳ දේවල් දීලා මේ අයව තව තවත් සිහින ලෝකවල තියනවා කියලා.
05. කවුද චෝදනා කළේ?
වැඩි වශයෙන් එවක දේශපාලනයේ හිටපු අයගෙන් සහ සමහර බුද්ධිමත් කොටස්වලින්. අපේ පත්තර බොලඳ සමනල් කියලා චෝදනා කළාට ඊට වඩා ගැඹුරක් ඒවා තුළ තිබුණා.
06. කොච්චර අය බැන්නත් ඊට පසුව යුවතියන් වෙනුවෙන් තවත් පත්තර රැසක් බිහි වුණා නේද?
ඔව්. පත්තර රැල්ලක් බිහි වුණා. ජනප්‍රියත්වය තේරුම් ගත්, නොගත් දෙපිරිසම මේ ප්රවාහයට එක් වුණා. විශාල අනුකාරක පත්තර රැසක් බිහි වුණා. එහි හොඳක් වගේම නරක මම දකිනවා.
07. යුවතියන් වෙනුවෙන් පත්තර කරපු ඔබ එක විටම සිනමා තොරතුරු රැගත් "සරසි"වෙතට ප්‍රවේශ වුණා. ක්ෂේත්‍ර 02ක් නේද?
නැහැ. මම ආදි ආනන්ද ශිෂ්‍යයෙක්. එහි අපි සිසුන් පිරිසක් එකතුවෙලා "නිම් වළල්ල" කියලා වෘතාන්ත චිත්‍රපටයක් කළා. සිනමාව ගැන විශාල ඇල්මක් මට තිබුණා. කුමරි කරන කාලෙදි මම රටේ ඉන්න සිනමා රංගන ශිල්පීන්, ශිල්පිනියන් හඳුනා ගත්තා. සිනමාවේ මහා පුරුෂයන් වන ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිස්ස අබේසේකර සුගතපාල ද සිල්වා, ගාමිණී ෆොන්සේකා, රෙජී සිරිවර්ධන ආදී පුද්ගලයෝ රැසකගේ ඇසුර ලැබුණා. ඉතින් ඒ නිසා මට "සරසි" පුවත්පත අභියෝගයක් වුණේ නැහැ. නමුත් ඒ කාලේ "සරසවිය" පුවත්පත තිබුණු නිසා ටිකක් විතර අභියෝගයක් තිබුණා.
08. ගොඩාක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල හිමිකරුවෝ එක්කෝ දේශපාලනඥයෝ. නැති නම් ඔවුන්ගේ ඥාතීන්. මේ තත්ත්වය යටතේ ලංකාවේ මාධ්‍යයන් ස්වාධීනද?
දශක දෙක තුනක කාලයක් පුරා ලංකාවේ මාධ්‍යයෙන් ස්වාධීන වුණාද නැද්ද කියලා කවුරුත් දන්නවානේ. සියලුම පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට තමන්ට අදාළ න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒවා පාලනය කරන්නේ එක්කෝ දේශපාලනය එහෙමත් නැත්නම් අයිතිකරු. මම හිතන්නේ ඒවාහි තිබෙන දේශපාලන න්‍යාය පත්‍රය කාටවත් හඳුනා ගන්න බෑ. මොකද එයාලා ප්‍රවෘත්තිවලට මූලික තැන දෙනවා. රාජ්‍ය මාධ්‍ය සම්පූර්ණයෙන් පවතින ආණ්ඩුවේ පුවත් ප්‍රධාන සිරස්තල විදිහට දමද්දි පෞද්ගලික මාධ්‍ය රජයේ වගේම අනෙක් දේශපාලන පක්ෂවලත් ප්රවෘත්ති පළ කරනවා. නමුත් හොඳට අධ්‍යයනය කළොත් ඔවුන්ගේ අනන්‍ය න්‍යාය පත්‍රය කුමක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ නෑ මාධ්‍ය නිදහස කතා කිරීමත් හරි දෙයක්ද කියලා.
09. එ.ජා.ප. රජය යටතේ ඔබ ලේක්හවුසියේ අධ්යක්ෂ මණ්ඩලයට යනවා. ශ්‍රීල.නි.ප. යටතේ ඔබ එහි සභාපති වෙනවා. ඇත්තටම එතකොට ඔබ දේශපාලනික වශයෙන් යූ,එන්.පී.ද ශ්‍රී ලංකාද, ජේ.වී.පී.ද?
හුඟ දෙනෙක් හිතනවා කිසියම් රජයක් යටතේ පත්වීමක් ලැබුණම ඔහු ඒ පක්ෂයේ කියලා. මම ලක්බිමේ ඉද්දි ඉතාම දැඩිව එ.ජා.ප.ය විවේචනය කළා. මම කවදාවත් හිතුවේ නෑ රනිල් මහත්මයා මේ පත්වීම භාර දෙයි කියලා. "ලේක්හවුසිය අයාලේ ගිහින්, බන්ධුලට පුළුවන්ද මේ පත්තර ටික හදලා දෙන්න කියලා ඔහු මට ආරාධනා කළා. මම අවුරුදු 02ක් විතර එතැන හිටියා. චන්ද්‍රිකාගේ පැමිණීමත් සමග ඊට පසුව මට යන්න වුණා.
10. ඒ කියන්නේ ඔබ නිර්දේශපාලනිකයි?
ඇත්ත වශයෙන්ම මේ පත්වීම් දේශපාලන පත්වීම් නෙවෙයි. මම රනිල් වෙනුවෙන් දේශපාලන වේදිකාවල නැඟලා නැහැ. මම දේශපාලනය කරලත් නැහැ. හැබැයි ප්‍රේමදාස පාලන කාලේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් කරපු සටන්වල ප්රමුඛස්ථානයක් මම දැරුවා. ඒක ප්‍රේමදාසට විරුද්ධව ඇරඹුණ පළමු මාධ්‍යවේදීන්ගේ සටන.
11. මහින්ද රාජපක්ෂ සමග විශේෂ හිතවත්කමක් තිබුණෙත් නැද්ද?
මහින්ද රාජපක්ෂ බලයට පත් වුණාම නැවත වරක් මට ආරාධනා කළා. මහින්ද රාජපක්ෂව මම දන්නේ බොහෝම කලක සිට. බැසිල් රාජපක්ෂ මගේ පාසලේ සමකාලීන මිතුරා. ගෝඨාභය රාජපක්ෂ අපේ ආනන්දයේ නේවාසිකාගාරයේ මා සමග හිටපු මට වඩා වැඩිමල් ශිෂ්‍යයෙක්. එතකොට මගේ පියා වමේ දේශපාලන මතධාරියෙක්. ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ඒ දේශපාලන වැඩකටයුතු සමඟ මම මහින්ද රාජපක්ෂව හඳුනා ගත්තා. වරින්වර මුණගැහිලා තියෙනවා. මහින්ද මට බොහොම ආදරෙන් සැලකුවා.
12. එතකොට ඒ ආදරයේ ප්‍රතිඵලය විදිහටද ලේක්හවුසියේ සභාපතිකම ලැබෙන්නේ?
ලක්බිමේ ඉද්දි චන්ද්‍රිකා සහ මා අතර විශාල ගැටුමක් තිබුණා. ඒ ඇය සාපරාධී අපහාස නීතිය යටතේ මට විරුද්ධව නඩුවක් කිව්වා. ඒ කාලේ මහින්ද නිතරම මගේ සුව දුක් විමසුවා. ඒත් මම මහින්ද රාජපක්ෂගේ දේශපාලන වැඩ කළෙත් නැහැ. මොකද ගොඩාක් අය ඒ කාලේ මම එ.ජා.ප. කියලා මාව හංවඩු ගැහුවා. එතුමා පත්වෙලා වසර 02ට පසුව ඔහු මට ආරාධනා කළා. එයත් මගේ දක්ෂතාවය නිසා ලැබුණ පත්වීමක් මිස දේශපාලන පත්වීමක් නෙමෙයි.
13. වර්තමානයේ ඉන්න මාධ්‍යවේදීන් ගැන සතුටු වෙන්න පුළුවන්ද?
ගවේෂණාත්මක මාධ්‍යවේදය සහ
ගවේෂණාත්මක මාධ්‍යවේදීන් අද අඩුයි. අපේ අය පුරුදු වෙලා තියෙන්න් ඉඥදඵචබඪධදචත පුවත්ම හොයාගෙන වාර්තා කරන්න. උදාහරණ විදිහට වෙලේ සුදා ගන්නකෝ. හැමෝම පොලිසියෙන් හෝ වෙන කවුරු හෝ කියන දේ වාර්තා කරනවා මිසක් කවුරුවත් ගවේෂණය කරාද වෙලේ සුදාගේ ඉතිහාසය. වතගොත, ගම් පළාත. ඇයි ඔහු එතැනට පත් වුණේ කියලා. මම දැක්කේ නෑ මේ දවස් ගාණට එක බ්ධභපදචතඪඵබ කෙනෙක් මේ ගැන හොඳ ගවේෂණාත්මක අධ්‍යයනයක් කරලා තියෙනවා.
14. එවැනි දක්ෂ මාධ්‍යවේදීන් ඔබට හමුවෙලා තියෙනවාද?
එවැනි මාධ්‍යවේදීන් ලෙසට මම ලසන්ත වික්රමතුංගව හඳුන්වන්න කැමැතියි. ඔහු හැම දේම හොයාගෙන හොයාගෙන ගියා. ජ්චජබඵ රාශියක් ඔහු හොයාගෙන තමයි තම වාර්තාව ඉදිරිපත් කළේ.
15. ලේක්හවුස් සභාපති පුටුවේ ඉද්දි, අනෙක් අය ගැන ගතු කියන අය ඔබටත් හමුවුණාද?
ලේක්හවුස් ආයතනය කේලම්කාරයන්ගෙන් පිරිලා. වෘත්තීය සමිති 6, 7ක් තිබුණා. සේවකයෝ 3,200ක් පමණ හිටියා. ආයතනික වශයෙන් ලේක් හවුසිය ඒ වෙද්දි පහතට යමින් තිබුණේ. වෘත්තීය සමිති බලවත් වෙද්දී සේවකයන්ට ලබා දෙන වරප්‍රසාද ආයතනයට දරා ගන්න බැරි තරම් ඉහළ ගියා. පාඩු වුණු අවුරුදුවලත් මේ වරප්‍රසාද, එන බෝනස් ඔවුන් බලාපොරොත්තු වුණා. මේක මදි කියලා ඔවුන් හැමදාම සටන් කරා.
16. ඉතින් මේවා වෙනුවෙන්ද ඔවුන් ඔබට ගතු කිව්වේ?
තම තමන්ගේ විවිධ අරමුණු වෙනුවෙන් ඔවුන් මට වගේම අධ්යක්ෂ මණ්ඩලයටත් ගතු කිව්වා. එහෙම නැත්නම් නිර්නාමික ලියුම්, නිර්නාමික දුරකතන ඇමැතුම් හරි දීලා පාවා දුන්නා. කේලම් කිව්වා. මගේ වාසනාවට මම පක්ෂයකින් පත් කළේ නැහැ. ශ්‍රී ල. නි. ප. වෘත්තීය සමිතියත් මට විරුද්ධව සටන් කරා. එයාලා මට යූ. ඇන්. පී.කාරයා කියලා චෝදනා කරා.
17. මහින්ද මහත්තයා සභාපතිකම දීලත් ශ්‍රී ල. නි. ප. වෘත්තීය සමිති ඔබ සමඟ හිත හොඳ නැහැ එතකොට?
ඔවුන් මට කිව්වේ මම යූ. ඇන්. පී.කාරයා කියලා. ඒ නිසා මම දක්ෂයෙක්ට පත්වීමක් දුන්නත් ඔවුන් කිව්වා මම යූ. ඇන්. පී.කාරයෙක්ට පත්වීමක් දුන්නා කියලා. ඒ නිසාම මම නිතරම වෘත්තීය සමිති සමඟ වගේම මගේ ඇමැතිලා දෙන්නත් එක්ක අරගල කරන්න වුණා. අවසානයට හිටපු ඇමැතිවරයා ලේක්හවුසිය තුට්ටුවකටවත් ගණන් නොගෙන අපේ පුවත්පත්වලට ප්‍රසිද්ධියේම අපහාස කරා, ඒ නිසා මට ඔහු සමඟත් නිතර ගැටෙන්න වුණා.
18. වාසි, ප්‍රයෝජන, තොරතුරු, දැන ගන්න ඔබ ගතු කියන පිරිස් නඩත්තු කළාද?
මෙහෙමයි. ඕනෑම ආයතනයක ප්‍රධානීන් හට මෙවැනි ගතු කියන පුද්ගලයෝ හමුවෙනවා. ඔවුන් කියන සමහර දේවල් හොඳට වගේම නරකටත් හේතු වෙනවා. ඒ නිසාම ඒවාට සවන් දෙනවිට බුද්ධිමත්ව කටයුතු කිරීමට මම පෙලඹුණා.
19. එහෙම කේලම් අහලා කවදාවත් සේවකයෙක්ගේ රැකියාව නැති කරලා නැද්ද?
වෘත්තීය සංගම්වල බොහෝ දෙනෙක් මට එරෙහිව පියවර ගත්තා. සමහරු කළු කොඩි දැම්මා. පාරට බැහැලා උද්ඝෝෂණ කරා. සමහරු කැලෑ පත්තර ගැහුවා. ඒ නිසා මම හැමතැනම සී. සී. ටී. වී. කැමරා සවි කරා, වැරැදි විදියට වැඩ කරපු, වැරැදි කරපු සමහර අයට රැකියාව අහිමි කරන්න මට සිද්ධ වුණා. ඒ විනය පරීක්ෂණ තියලා වරද හරියටම තහවුරු වුණාට පස්සේ. එහෙම කරා නම් ඒකත් ආයතනයේ යහපත වෙනුවෙන්.
20. කෙනෙක්ගේ රැකියාව අහිමි කරලා, ගෙදර ඇවිත් ඒ ගැන පසු තැවුණේ නැද්ද?
ඔව්. මට ගෙදර ආවට පස්සේ හරියට ඒ වගේ දේවල් ගැන වේදනාව දැනිලා තියෙනවා. හැබැයි ඒ ලේක්හවුස් සභාපති විදියට නෙවෙයි බන්දුල පද්මකුමාර විදියට.
21. ඔබට බොහෝ චෝදනා නැඟුණා, ඒ අතර ලේක්හවුසියේ කාන්තාවන්ගේ නම් අෑඳිලා කතා හැදුණා, ඔබ ඔවුන්ට වරදාන වරප්‍රසාද දෙනවා කියලා. ඒ කතා ඇත්තද?
මම මගේ ආයතනයේ සේවය කරපු කාන්තාවන් සමඟ එවැනි සබඳකම් පැවැත්වූවා නම්, මම කොහොමද අද මෙහෙම ඉන්නේ. මේ තරම් ජනප්‍රියත්වයක් මට ලැබෙනවද? මිනිස්සු මට මේ තරම් ආදරේ කරනවද? මෙවැනි චෝදනා මාධ්‍ය ආයතනවල බොහෝ ප්‍රධානීන්ට නැඟෙනවා. නමුත් මට කවදාවත් එවැනි චෝදනාවක් එල්ල වෙලා නැහැ.
22. නුසුදුසු අයට පත්වීම් දීලත් නැද්ද?
නැහැ. කවදාවත් නුසුදුසු කෙනෙක්ට මගේ වුවමනාවෙන් තනතුරු දීලා නැහැ. මම බොහෝ වෙලාවට සුදුස්සට සුදුසු තැන දුන්නා. මම දක්ෂ අයව තෝරා ගත්තා පමණයි. අරුණි මට ඔයා මේ ප්‍රශ්න අහද්දි හිතෙනවා ඔයා මම ගැන නරකම කියපු වෘත්තීය සමිතිවල අය ලියපු ඒවද කොහෙද කියවලා තියෙන්නේ. ඒකයි මගේ නරකම විතරක් ඔයා අහන්නේ. මම ගොඩාක් හොඳ දේවලුත් කරා ඒවත් අහන්න.
23. නෑ. මම සාමාන්‍යයෙන් එකට එන පුද්ගලයා ගැන කියවනවා. තොරතුරු හොයනවා. මේ කිසිම දෙයක් මගේ පෞද්ගලික චෝදනා නෙවෙයි.
නෑ. නෑ. ඒක ප්‍රශ්නයක් නැහැ. අරුණි මම ලේක්හවුස් ආයතනයේ යම් කර්තෘ තනතුරකට දක්ෂ සුදුසු කාන්තාවක් පත් කරොත් හවසම කැලෑ පත්තරයක් යනවා ඒ කාන්තාවට මම වරප්‍රසාද දුන්නා කියලා. නමුත් මගේ ප්‍රතිපත්තියක් තිබුණා මගේ ආයතනයේ වැඩ කරන කිසිම කාන්තාවක් සමඟ මම කිසිම පෞද්ගලික හිතවත්කමක් තියා ගන්නේ නෑ කියලා. ඒ නිසා මට චෝදනා එල්ල වුණා කියන එක මට විරුද්ධ තරහකාරයෝ ගොඩනඟපු මතය මිස ලේක්හවුසියේ මතය නොවෙයි.
24. මාධ්‍යවේදියෙක් විදියට ඔබ සල්ලි ගොඩාක් හම්බකරාද?
මම මගේ වෘත්තියෙන් යම් දෙයක් හම්බ කරා. මම මේ ගෙදර ඉන්නේ කුලියට. මම මේ වෘත්තියෙන් සෑහෙන ආදායමක් ඉපයූවා. මම මිනිත්තු පහක ප්රවෘත්ති ප්‍රකාශයක් ලබා දුන්නා අවුරුදු 5ක්. මිනිත්තු තුනකට ලංකාවේ කිසිම නිවේදකයකු ලබා නොගන්නා ආකාරයේ ලොකු දැවැන්ත මුදලක් ඔවුන් මට ගෙව්වා.
ඒත් මට කොළඹ ගෙයක් තිබුණේ නැහැ. ස්වර්ණවාහිනියෙන් මම කරපු සේවයට කොල්ලුපිටියේ තිබුණු ලොකු නිවෙසක් මට අඩු මිලට දෙන්නම් කිව්වා. මම ඒක ගත්තා. මිලියන 20ක ණයක් ගත්තා. ජාතික ඉතිරි කිරීමෙන්, පුතාගෙනුත් සල්ලි ඉල්ල ගත්තා. ඒත් ඹඥඡවල මේක ගියේ මම හොරකම් කරපු සල්ලිවලින් මේ ගේ ගත්තා කියලා.
25. ඉතින් ඒක ඇත්තද?
ඒක තමයි, ඔය බොරු ප්රවෘත්ති දාපු අය දැම්මේ නැහැ මට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ගෙවියයුතු ණය මුදලත්, ස්වර්ණවාහිනියට ගේ සඳහා ගෙවිය යුතු මුදලත් ගෙවා ගන්න බැරිව මම ඒ ගේ විකුණලා මම මේ ගෙදර කුලියට ආවා කියලා. මේ දිනවල මම ජචප එකක් හොයනවා. මොකද මම පාවිච්චි කරේ මගේ ආයතනයෙන් දීපු වාහනය. ඒ ඇත්ත තත්ත්වය කවුරුත් ලිව්වේ නැහැ.
26. ස්වර්ණවාහිනියේ මුල්පිටුවෙන් ඔබව ඉවත් කිරීම බැර වෙන්නේ කොයි දේශපාලන පක්ෂයටද?
මම අවුරුදු 12ක් මුල් පිටුව කරා. එවැනි පත්තර කියැවීමේ වැඩසටහන්වල පුරෝගාමී වැඩසටහන තමයි මුල්පිටුව. මේ ගැන රජය සහ වෙබ්අඩවි විවිධ ප්රවෘත්ති පළ කරා. මම එක්තරා අඩවියක මෙන්න මේ වගේ ප්‍රවෘත්තියක් නම් දැක්කා.
27. මොන වගේ ප්‍රවෘත්තියක්ද?
කලම්බු ටෙලිග්රාෆ්වල තමා ප්‍රවෘත්තිය ගියේ උපුල් ශාන්ත සන්නස්ගල. රනිල් වික්‍රමසිංහගෙන් මාව මුල් පිටුවෙන් ඉවත් කිරීම ගැන අහද්දි රනිල් මෙන්න මෙහෙමයි උත්තර දෙන්නේ. 'ජීවක එදිරිසිංහ මට කතා කරලා, බන්දුල පද්මකුමාර මහින්දට කඩේ ගියා, ඔහු මහින්දගේ උදවුකරුවෙක්, ඒ නිසා මම බන්දුලව මුල්පිටුවෙන් අයින් කරන්නද කියලා මගෙන් ඇහුවා. එතකොට මම ජීවකට කිව්වා බන්දුලව ඔයාලා අයින් කරත් එකයි නැතත් එකයි කියලා' ඕක තමයි සන්නස්ගලගේ ප්‍රශ්නයට රනිල් දුන්න උත්තරේ.
28. ඉතින් මේ කතාවයි, ඔබේ ඉවත් කිරීමයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?
සිංගප්පූරුවේ හිටපු ජීවක එදිරිසිංහ මාව ඉවත් කරන්නද කියලා රනිල්ගෙන් ඇහුවා නම් එතැනම තියෙනවානේ දේශපාලන සම්බන්ධයක්. එයා ඇයි ඒක මෛත්‍රිපාලගෙන් හරි ගයන්තගෙන් හරි නොඅසා රනිල්ගෙන්ම ඇහුවේ. මොකද ගයන්ත මේ ගැන වචනයක්වත් කිව්වේ නැහැ. ඔහුගේ මාධ්‍ය ලේකම් තම අදහස් ප්‍රකාශ කරේත්.
29. පුවත්පත් මාධ්‍යවේදීන් කී දෙනෙක් මුල්පිටුව ඔබෙන් ගිලිහීයෑම ගැන අවංකව කනගාටු වුණාද?
මම පුවත්පත් මාධ්‍යවේදීන්ගේ නම ලංකාවේ ඉහළ තැනකට ඔසවා තැබුවා. විද්‍යුත් මාධ්‍ය තමයි ඉහළ කියලා හිතාගෙන මිනිසුන් ඉද්දි මම ගෙවල්වල මිනිස්සුන්ට හුරුවෙන තරම් පුවත්පත් මාධ්‍යවේදීන්ගේ පුවත් මුල්පිටුවේ කිව්වා. කාටූන්, චිත්‍ර ශිල්පියාට විශේෂ තැනක් මේ සමාජයේ ලබා දෙන්න මට පුළුවන් වුණා. දාස හපුවලාන කිව්වම කවුද අද නොදන්නේ. මම හැමදාම පත්තර කීයක නම කියන්න ඇතිද? නමුත් සමහර පුවත්පත්වලට මාව මුල්පිටුවෙන් ඉවත්වීම ප්රවෘත්තියක්වත් වුණේ නැහැ. ඉතින් ඕක තමා මට පත්තරවලින් ලැබුණු උදවු. ඒ ගැන මම කනගාටු වෙන්නෙත් නෑ, ඒ දිහා උපේක්ෂාවෙන් බලනවා.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment