තුරුපෙළ අවට සැදීම - යුත් සෙවනැල්
ගන මෙ කැලෑවේ දිලීම - විහඟුන් මත රැව් දීම
සුළඟින් පත් ලෙලදීම - ඇති හැම කල්
කොළොතොට, කොල්ලුපිටියේ ඉපැදුණු ගජමන් නෝනා, නොහොත් දෝන ඉසබෙලා (පෙරුමාල්) කොරනේලියා" දහතුන් වැනි වියේ සිටම හොඳ කවිකාරියක්ව සිටියා. දවසක් වතුර ගේන්න ළිඳ ළඟට ගිය මේ කෙල්ල" කළේට වතුර පුරවල තිsයලා ළමයි එක්ක සෙල්ලම් කරන්න ගියා.
එනකොට කළය තිබුණේ නෑ. ඉතින් කොරනේලියා මොකක්ද කළේ. කළය හංගපු "ජඩයට" ඇහෙන්න කවියක් කිව්ව.
පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ
මේ ඇයගේ කාව්‍ය සිතුවිලි තරමයි.
1746 මාර්තු 10 වැනිදා උපන් ගජමන් නෝනා" කවියට උපන් හපන්කම් කීවේ පවුලේ අයගේ දක්ෂතා නිසාමයි. කොහොමහරි ඇයගේ දරු උපතකට බේත් හේත් ගන්න නිතර ආගියේ වැලිගම දෙනිපිටියේ වෙදගේගොඩ වෙද ගෙදරට. ඒ එනකොට දෙනිපිටියේ පොල් අතු ගඟ අසල තියෙන සුන්දර, ඒවගේම සුවිශේෂී නුග ගහ ගැන ඇයට දැනගන්නට ලැබුණා. මේ ළඟ තිබ්බ මුහන්දිරම් වලව්වෙ වැස්සියක් ගඟට උඩින් වැටී තිබ්බ නුග අත්ත දිගේ එහා පැත්තට ගිහිං ඉරිදා පොළේ එළවළු කන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම එදා මේ පාරෙන් ගිය උදවිය නුග ගහයට තිබ්බ අම්බලමෙ නැවතිල, පිං තාලියෙන් දියබීල නුග අත්ත දිගේ එගොඩ මෙගොඩ වුණා. ගජමන් නෝනා දෙනිපිටියේ නුග රුක වර්ණනාව කළේ මේ කතාන්දර සියල්ලක් දැකල. ඒත් ඉතින් අවාසනාවකට අද මේ නුගරුක කපල එතැන සංස්කෘතික මධ්‍යස්ථානයක් හදල. දැන් ඉතිsන් මෙතනට සංස්කෘතික මධ්‍යස්ථානයක් තිබල වැඩක් තියෙනවද කියලා අපට නම් මහා ප්‍රශ්නයක් ඇතිවුණා. කොහොම වුනත් ඒ නුග රුක කපාපු අයටත් එක්ක බලන්න අපි ආයිමත් ගජමන් නෝනාගේ දෙනිපිටිය නුගරුක වර්ණනාවේ කවියක් කියනවා.
පිනවන දුටු දන සෑම - ගඟ ළඟ පිහිටි කදීම
තුරුපෙළ අවට සැදීම - යුත් සෙවනැල්
ගන මෙ කැලෑවේ දිලීම - විහඟුන් මත රැව් දීම
සුළඟින් පත් ලෙලදීම - ඇති හැම කල්
යන එන දන සැපසේම - එහිදී හිඳ ගිම් සැනසීම
දසදිග අතු විහිදීම - තිබෙන විසල්
දෙනිපිටියට ඉතාම - වටිනා මහ නුගදුම
බලයකි එහි සිත් සේම - නිලඹර දුල්
ගජමන් වළව්ව
කොල්ලුපිටියේ හිටපු ගජමන් පවුල මාතරට ගියේ ගජමන් ආරච්චිට (ගජමන් නෝනාගේ තාත්තා) ලැබුණු ආණ්ඩුවේ තනතුරක් හින්දලු. මේ අතරෙදී ගජමන් නෝනා වැඩිදුර කාව්‍යකරණය ඉගෙන ගත්තා. ඒ මාතර වේරගම්පිට රජමහා විහාරයේ කරතොට ශ්‍රී ධම්මාරාම හාමුදුරුවන්ගෙන්. පිරිමියෙක් වගේ වෙස් වළාගෙන. ඉංගී්රසි ආණ්ඩුවේ හම්බන්තොට - මාතර ආණ්ඩුවේ ඒජන්ත හා අයබදු එකතු කරන්නා වූ ජෝන් ඩොයිලිත් සිංහල ඉගෙන ගත්තෙ මේ කරතොට හාමුදුරුවන්ගෙන්ම තමයි.
ගජමන් නෝනාගේ දෙවැනි සැමියා වුණේ මාතර උයන්වත්තේ දොන් ගේබ්‍රියෙල් විජය විමල මුහන්දිරම්. ඔහුගේ අභාවයෙන් පස්සේ දරුවන් තුන් දෙනා හදාගන්න ගජමන් නෝනා මහත්සේ දුක් වින්දාලු. ඉතින් ආණ්ඩුවේ ඒජන්ත ජෝන් ඩොයිලිට මේ දුක කවියකින් ලියල ඇරපු ගජමන් නෝනාට උදව් කළ ඩොයිලි, හම්බන්තොට නෝනාගම නමින් නින්දගමක් පවා ලබා දුන්නාලු. මාතර වේරගම්පිට විහාරය ආසන්නයේම ගජමන් නෝනා දිවිගෙවූ ගජමන් වළව්ව තාමත් නිරුපද්‍රිතව තියෙනවා. ඉතින් දෙනිපිටියට වගේම මේ වළව්වටත් ගොඩවෙන්න අපි අමතක කළේ නෑ.
"සඳ මෙන් කවා ඇති කළ ළම පැටවුන්ඩ
අද දින පමණ නැත බත් උන් රැකගන්ඩ
සොඳ ගුණ ජෝන් ඩොයිලි දිසා මැතිඳුන්ඩ
වැඳගෙන දුක කියමි පිහිටක් ලැබගන්ඩ

Post a Comment