පසුගියාදා හමාර වූ ජනාධිපතිවරණය තුළින් නොසිතූ, නොදුටු, සමහරෙකු නොපැතූ ,අවසාන ප්‍රථිපලයක් බිහි වී තිබිණ.ජයග්‍රහණයේ පටන් මේ වෙනකම් රටේ ඇත්තේ දැඩි නිහඩතාවයකි.මෛත්‍රී වටා එක් රොක් වී සිටි දෙමළ සංවිධානය , මුස්ලිම් කොංග්‍රසය, මනෝගනේෂන්ලා ,චන්ද්‍රිකා , වැනි ෂයිලොක් පරපුරේ කුඩැල්ලන් මේ නිහඬව සිටින්නේ කොපමණ දවසකටද...??? ඕනෑම බිහිසුණු බෝම්බයක් පිපිරීමට ප්‍රථම දැඩි නිහඩතාවයක් පැවතීම සාමාන්‍ය ස්භාවයයි.එසේම කකුළුවන් දිය කෙළිනුයේ ජලය රත්වනතුරු පමණක් බව මේ අවස්ථාවේ සිහි නුවණින් යුතුව මතක තබා ගත යුතුය.පහත දැක්වෙනුයේ අපට බොහෝ දෑ කියාපාන්නාවූ නිහඬ දත්ත සමීක්ෂණයකි.
මහා පරිමාන ලෙස වංචා කළ රාජපක්ෂ රජයේ දේශපාලඥයන් පිරිසක් රට පැන ඇතැයි ද ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන බව හිටපු ඇමති රාජිත සේනාරත්න කියයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඔහු එසේ කීවේය. රටට අවැඩ කළ කිසිවෙකුට බේරීයාමට ඉඩ නොදෙන බව ද ඔහු කීවේය.
ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි පැවසුවේ ඡන්ද සමයේ මාධ්‍ය ආයතනවලින් ලංකාදීප, සිරස හා ටී.එන්.එල්. ආයතන පමණක් අපක්ෂපාතීව හා ස්වාධීනව ක්‍රියාකළ බවයි. හිමියෝ ඒ ආයතනවලට කෘතඥතාව පළ කළහ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවසුවේ පසුගිය රජය කාලයේ තිබුණාටත් වඩා සාමකාමී වටපිටාවක් උතුරේ පවතින බවයි. නොයෙක් කටකතා පතුරුවතත් ඒවායේ සත්‍යතාවක් නොමැති බව ද ඔහු කීවේය.
Post a Comment