පසුගියදා අභාවප්‍රාප්ත වූ සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුල්අසීස් රජුට අවසන් බුහුමන් දැක්වීම සඳහා ලෝක නායකයන් රැසක් සෞදියට ළඟා වීමට නියමිත බව විදෙස් පුවත් සේවා පවසයි.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්දේ මෙසේ රියාද් වෙත පැමිණීමට නියමිත අතර, ඇමෙරිකානු නියෝජිත පිරිසේ නායකත්වය උප ජනාධිපති ජෝ බෙයිඩන් විසින් දරන බව කියැවෙයි.
වයස අවුරුදු 90ක් ආයු වළඳා අභාවයට පත් සෞදි රජුගේ දේහය සිකුරාදා දින ආගමික වතාවත්වලින් පසුව විශේෂ සොහොන් කොතක මිහිදන් කර ඇති බව කියැවෙයි.
රජුගේ අභාවයෙන් පසුව නව රජු ලෙස තේරීපත් සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුඩ් පවසා සිටියේ හිටපු රජුගේ රාජ්‍ය ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කරන බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment