තවත් ජනාධිපතිවරණයකට යාමට පෙර ඉටු කිරීම සඳහා තම පක්‍ෂය ආණ්ඩුවට ඉදිරිපත් කර තිබුණ යෝජනා සම්පූර්ණ නොවූ තත්වයක් යටතේ ‘දෙන්නම් කාසි වලට වැඩ කළ නොහැකි බව’ සිය පක්ෂ සම්මේලනයේ දී කියා සිටියේ පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක් වූ හිටපු නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල බව ජාතික හෙළ උරුමය කියා සිටියි.
ජාතික හෙළ උරුමය නියෝජ්‍ය ලේකම් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පක්ෂයෙන් ඉවත් වෙමින් ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පෙන්වා දෙන්නේ, 2005 සහ 2010 වසරවල මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කෙරුණ සිය යෝජනා 2014 වසරේ දීත් තවත් මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කරනු ලැබීම කිසිසේත් ම පිළිගත නොහැකි වූ හෙයින් තම පක්ෂය දේශපාලන පියවරක් ගත් බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment