නිවාස 4 ක වැඩ මේ වන විට අවසන්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානය කඩාවැටීම හේතුවෙන් හානියට පත් නිවාස පහෙන් නිවාස තුනක අලුත්වැඩියා කටයුතු ගුවන් හමුදාව විසින් මේ වන විට අවසන් කර තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න පැවසීය.
ඇන්ටනොව් 32 වර්ගයේ මෙම ගුවන් යානය 1996 වසරේ දී රුසියාවෙන් මිල දී ගෙන තිබෙන අතර එය මෙම වසරේ දී නැවත වරක් රුසියාවට යවා පරීක්ෂාවට ලක්කර තිබේ.
මෙම ගුවන් අනතුර හේතුවෙන් බරපතළ ලෙස හානි සිදු වූ අනෙක් නිවාස දෙකෙහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවත් ජනවාරි මස 06 දින වන විට එම නිවාස දෙකෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment