BREAKING NEWS

රටතොට

Wednesday, December 17, 2014

මහින්ද මේවා මානව හිමිකම් ද...!!!

 කඹුරුපිටිය රැළිය සදහා බන්ධනාගාරයේ තූර්ය වාදක කණ්ඩායම, බන්ධනාගාර බස් රථයක් ඇතුඵ වාහන, කොඩි කණු, රෙදි, සැරසිලි ද යොදා ගෙන තිබුණි. දඩුවම් ලබන සිරකරුවන් වූව ද විවිධ දේශපාලන මතවාද සහ තෝරාගැනීම් ඇති පිරිසකි. බන්ධනාගාර බිත්තියේ සටහන් කොට ඇති පරිදි  ඔවුන් ද මනුෂයෝය.
තම දේශපාලන මතවාදය නොදරණ දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන් ලෙස බලහත්කාරයෙන් යෙදීමට සිරකරුවන්ට සිදු වන්නේ නම් එය ද ඔවුන්ගේ දේශපාලන අයිතිය උල්ලංඝණය කිරීමක් ද වේ. එය ඔවුනට මානසික පීඩාවක් වන බව ද සිරකරුවන් ට වහලූන් ලෙස සැලකීම ශිෂ්ඨ සමාජයකට තරම් නොවන බවත් අවධාරණය කළ යුතුය.


එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස රැළියේ වේදිකාව ඉදි කිරීම, සැරසිලි සිදු කිරීම සහ ප‍්‍රචාරක කටයුතු සදහා සිරකරුවන් යොදා ගැනීම කැෆෙ සංවිධානය දැඩිව හෙළා දකී. නිල් පැහැති රෙදි වලින් ජම්පර මසා අන්දවා මොවුහු ඉදි කිරීම් කටයුතු සදහා යොදා ගන්නා ලදී. දෙසැ. 14 දින උදේ මාතර කඹුරුපිටියේ දී සිරකරුවන් 44 දෙනෙකු එජනිස යේ වේදිකා ඉදි කරන අයුරු ඡුායාරූප වලින් දැක්වේ. මොවුන් ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් වෙති.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සම්පත් විශාල වශයෙන් මෙවර මැතිවරණයට යොදා ගෙන ඇත. ඒ අතර වේදිකා ඉදි කිරීම, සැරසිලි හා වෙනත් කටයුතු සදහා මානව සම්පත් ලෙස රැුදවියන් යොදා ගැනීම මුලික වේ. වත්මන් බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යවරයා වන්නේ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද‍්‍රසිරි ගජධීරය. ඔහු ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකි. එක් දේශපාලන පක්ෂයකට මැතිවරණ කටයුතු සදහා සිරකරුවන් යොදා ගැනීම සම තරග බිමක් ඇතිවීම වැලැක්වීමට කටයුතු කිරීමකි.


කඹුරුපිටිය රැුළිය සදහා බන්ධනාගාරයේ තූර්ය වාදක කණ්ඩායම, බන්ධනාගාර බස් රථයක් ඇතුඵ වාහන, කොඩි කණු, රෙදි, සැරසිලි ද යොදා ගෙන තිබුණි. දඩුවම් ලබන සිරකරුවන් වූව ද විවිධ දේශපාලන මතවාද සහ තෝරාගැනීම් ඇති පිරිසකි.
 බන්ධනාගාර බිත්තියේ සටහන් කොට ඇති පරිදි  ර්‍ඔවුන් ද මනුෂයෝය.
තම දේශපාලන මතවාදය නොදරණ දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන් ලෙස බලහත්කාරයෙන් යෙදීමට සිරකරුවන්ට සිදු වන්නේ නම් එය ද ඔවුන්ගේ දේශපාලන අයිතිය උල්ල්ංඝණය කිරීමක් ද වේ. එය ඔවුනට මානසික පීඩාවක් වන බව ද සිරකරුවන් ට වහලූන් ලෙස සැලකීම ශිෂ්ඨ සමාජයකට තරම් නොවන බවත් අවධාරණය කළ යුතුය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger