චන්ද්‍රිකා කුමාරතුංග පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළේ යුද්ධයෙන් 65% ක් තමා විසින් අවසන් කළ බව ය. මෙය කිසිදු චාරයක් නැති හිඟන කතන්දරයකි. චන්ද්‍රිකා යුද්ධය දිනූ ආකාරය මෛත්‍රිපාල සිරිසේනද ඉතා හොඳින් දන්නා බව අපගේ වැටහීමය. මේ සම්බන්ධයෙන් වැඩිදුර සාක්‍ෂි ලබා ගැනීමට නම් ප්‍රභාකරන් වළෙන් නැගිටුවා ගැනීම මැනවි. චන්ද්‍රිකා රට පාලනය කළ කාලයේ දී යුද හමුදාවේ සෙබළුන් සහ නිලධාරින් 11500 ක් ත්‍රස්‌තයන් විසින් මරා දමන ලද්දේ ය. ටෙලිකොම් බෝම්බය, කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ බෝම්බය, මරදානේ ගුවන් පාලම අසල බෝම්බය, ගලධාරි හෝටලය අසල බෝම්බය යනාදිය පුපුරා විශාල පිරිසක් මිය යන්නේ චන්ද්‍රිකාගේ පාලන සමයේදී ය. චන්ද්‍රිකා 1995 න් පසු සිය පාලනය පටන් ගන්නේ ම කොටින් සමඟ සාකච්ඡාවකට යමිනි. මේ සාම කතන්දරය වෙනුවෙන් මංගල සමරවීරයන් තුළ තිබුණේ පුදුම උනන්දුවකි කුලප්පුවකි දැඟලිල්ලකි උතුර වසර 10 ක කාලයක් සඳහා ප්‍රභාකරන්ට ඔප්පුවකින්ම (ගිවිසුමකින්ම) පවරා දීමට චන්ද්‍රිකා සූදානම් වන්නේ මේ කාලයේදී ය. එහෙත් චන්ද්‍රිකාට වඩා කොන්ද පණ තිබූ බැවින් ප්‍රභාකරන් එයට එකඟ වන්නේ නැත.
මහින්ද රාජපක්‍ෂ රට භාර ගන්නා විට ජය ගැනීමට ඉතිරිව තිබුණේ 35% ක් යෑයි පැවසීමෙන් චන්ද්‍රිකා, ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ත්‍රිවිධ හමුදාවම හෑල්ලුවට ලක් කරයි. එහි නරක ආදීනව විඳින්නට සිදුවන්නේ පොදු අපේක්‍ෂක මෛත්‍රීට ය. චන්ද්‍රිකාගේ කතාව ඔහුගේ ඡන්ද කඩන ප්‍රකාශයකි. ඒ බැවින් ඔහු ඇගෙන් පරෙස්‌සම් විය යුතු ය. ඇය මේ ඡන්ද කැඩීමේ කොන්ත්‍රාත්තුව ගන්නට ඇත්තේ කාගෙන් ද?. දේශපාලන ක්‍රමෝපාය ශිල්පයේ කෙළ පැමිණි කවර හෝ කෙනෙක් මෙ තැන සිටිනවා විය යුතු ය.
මෛත්‍රීපාල සිරිසේන ගේ ඡන්ද කැඩීමේ කොන්ත්‍රාත්තුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් භාර ගනු ලැබ ඇති බව පෙනෙයි. මෙරට රණවිරු පිරිස වසර 2009 දී යුද්ධය දිනාගත් බව මේ රටේ සමස්‌ත ජනයාගේ පිළිගැනීමයි. ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය මහින්ද රාජපක්‍ෂ විසින් ලබා දුන් බවත් උපාය මාර්ගික නායකත්වය ගෝඨාභය රාජපක්‍ෂ වෙතින් සැපයුනු බවත් හැම දෙනාගේම වැටහීමයි. මේ බව දැනට ජීවතුන් අතර සිටින කොටි සියලුම දෙනා පිළිගනිති. ප්‍රභාකරන්ට පණ තිබුණේ නම් ඔහු කියන්නේ ද මේ ටිකම ය. එසේම මේ ටික මතක තබා ගැනීමට සහ පිළිගැනීමට අමුතු ධාරණ ශක්‌තියක් හෝ හෘද සාක්‍ෂියක් අවශ්‍ය නැත. සිහි විකල් වී නැති මොළේ අවුලක් නැති ඕනෑම කෙනෙක් පක්‍ෂ භේදයකින් තොරව මෙයට එකඟ ය. එහෙත් එකී ජනතා හෘද සාක්‍ෂියට පා පහරක් දෙමින් චන්ද්‍රිකා කුමාරතුංග පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළේ යුද්ධයෙන් 65% ක් තමා විසින් අවසන් කළ බව ය. මෙය කිසිදු චාරයක් නැති හිඟන කතන්දරයකි. චන්ද්‍රිකා යුද්ධය දිනූ ආකාරය මෛත්‍රිපාල සිරිසේන ද ඉතා හොඳින් දන්නා බව අපගේ වැටහීමය. මේ සම්බන්ධයෙන් වැඩිදුර සාක්‍ෂි ලබා ගැනීමට නම් ප්‍රභාකරන් වළෙන් නැගිටුවා ගැනීම මැනවි. චන්ද්‍රිකා රට පාලනය කළ කාලයේ දී යුද හමුදාවේ සෙබළුන් සහ නිලධාරින් 11500 ක් ත්‍රස්‌තයන් විසින් මරා දමන ලද්දේ ය. ටෙලිකොම් බෝම්බය, කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ බෝම්බය, මරදානේ ගුවන් පාලම අසල බෝම්බය, ගලධාරි හෝටලය අසල බෝම්බය යනාදිය පුපුරා විශාල පිරිසක් මිය යන්නේ චන්ද්‍රිකාගේ පාලන සමයේදී ය. චන්ද්‍රිකා 1995 න් පසු සිය පාලනය පටන් ගන්නේ ම කොටින් සමඟ සාකච්ඡාවකට යමිනි. මේ සාම කතන්දරය වෙනුවෙන් මංගල සමරවීරයන් තුළ තිබුණේ පුදුම උනන්දුවකි කුලප්පුවකි දැඟලිල්ලකි උතුර වසර 10 ක කාලයක් සඳහා ප්‍රභාකරන්ට ඔප්පුවකින්ම (ගිවිසුමකින්ම) පවරා දීමට චන්ද්‍රිකා සූදානම් වන්නේ මේ කාලයේදී ය. එහෙත් චන්ද්‍රිකාට වඩා කොන්ද පණ තිබූ බැවින් ප්‍රභාකරන් එයට එකඟ වන්නේ නැත.
1995 දී තමා විසින් අරඹන ලද යුද මෙහෙයුම්වලදී යාපනය කොටින්ගෙන් ආපසු අත්පත් කර ගත් බව චන්ද්‍රිකා දැන් කියන්නී ය. එය ඇත්ත තමයි. එහෙත් එකල නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති වු අනුරුද්ධ රත්වත්ත එම ජයග්‍රහණය සැමරීම සඳහා යාපනයට ගොස් සිංහ කොඩිය ඔසවන විට හතර වටේ ප්‍රදේශවල සිටි කොටි ෂෙල් වෙඩි වරුසා යාපනයට වස්‌සන්නට වූහ. මෙතැන් සිට ප්‍රභාකරන් යාපනය පාලනය කළේ කිළිනොච්චියේ සිට ය. කිළිනොච්චිය යනු ඊළාම් යුද්ධයෙන් 99% කි. ඒ අනුව චන්ද්‍රිකා ජයගෙන තිබුණේ 1% කි. චන්ද්‍රිකාගේ කාලයේ දී මුලතිව් යුද හමුදා කඳවුරට පහර දුන් කොටි, හමුදා සෙබළුන් 1200 ක් සංහාරය කළහ. චන්ද්‍රිකාගේ ජයසිකුරු මෙහෙයුමේදී සෙබළුන් 2300 ක් මළහ. 1999 දී පමණක් උතුරේ හමුදා කඳවුරු 9 ක් සම්පූර්ණයෙන් ම බිමට සමතලා කරන්නට කොටින්ට හැකි විය. මේ කාලයේදී ද මේ රටේ ජනාධිපති වූයේ චන්ද්‍රිකාම මිස ආර්. ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්‍ෂ නොවේ. නගුට විසින් බල්ලා වනන තත්ත්වයක් වෙත් ද ඒ හා සමානවම කොටි සංවිධානය විසින් චන්ද්‍රිකා එහාට මෙහාට වනනු ලබමින් සිටියේ ය.
මහින්ද රාජපක්‍ෂ රට භාර ගන්නා විට ජය ගැනීමට ඉතිරිව තිබුණේ 35% ක් යෑයි පැවසීමෙන් චන්ද්‍රිකා, ජෙනරාල් සරත් ෆොන්සේකා සහ ත්‍රිවිධ හමුදාවම හෑල්ලුවට ලක් කරයි. එහි නරක ආදීනව විඳින්නට සිදුවන්නේ පොදු අපේක්‍ෂක මෛත්‍රීට ය. චන්ද්‍රිකාගේ කතාව ඔහුගේ ඡන්ද කඩන ප්‍රකාශයකි. ඒ බැවින් ඔහු ඇගෙන් පරෙස්‌සම් විය යුතු ය. ඇය මේ ඡන්ද කැඩීමේ කොන්ත්‍රාත්තුව ගන්නට ඇත්තේ කාගෙන් ද?. දේශපාලන ක්‍රමෝපාය ශිල්පයේ කෙළ පැමිණි කවර හෝ කෙනෙක් මෙ තැන සිටිනවා විය යුතු ය.
දිවයින කතු වැකියෙන් උපුටා ගන්නා ලදී...
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment