පැය භාගයක් යන්නට පොරතුව රනිල් වික්‍රමසිංහ මහතා මට කථා කළේය.අනුරුද්ධ රත්වත්ත මහතාගේ සේප්පුව පිළිබඳව තොරතුරු ලබා දුන් පුද්ගලයා ජනාධිපති චන්ද්‍රිකාගේ සේප්පුව පිළිබඳව විස්තර ලබා දී තිබෙනවා නේද යි අසමින් අනුරුද්ධ රත්වත්ත මහතාගේ සේප්පුව පිළිබඳ අනුගමනය කළ ප්‍රතිපත්තියම ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සම්බන්ධයෙන් අනුගමනය කරනවා දැයි මම ප්‍රශ්න කළෙමි.ප්‍රශ්නයට පිළිතුරක් ලැබීම වෙනුවට සිදුවුයේ දුරකථනය විසන්ධි වීමය.
එදා රනිල් වික්‍රමසිංහ මහතා අනුරුද්ධ රත්වත්ත මහතා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන්ද අනුගමනය කළේ වී නම් සමහර විට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පදවිය අහිමි වන්නට තිබුණේ එදාය.
Post a Comment