ටෙලි නාට්‍ය නිළි හංසි සිතාරාට පහරදී ඇය සතු වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන යැමේ සිද්ධියට අදාළව ඇපමත මුදාහැර සිටින ටෙලිනාට්‍ය නිළි මේනකා මධුවන්ති ඇතුළු සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අලුත්ගේ නියෝග කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ අදාළ සැකකාරියන් තිදෙනා එම නඩුව නැවත කැඳවූ අවස්‌ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එසේ වරෙන්තු නිකුත් කිරීමට නියම කෙරිණි.
ටෙලි නාට්‍ය නිළියක් වන හංසි සිතාරා මිරිහාන මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගැනෙන අතර, ඇය සිය පැමිණිල්ල මගින් කියා ඇත්තේ සැකකාරියන් තිදෙනා 2013 ඔක්‌තෝබර් 10 වැනි දින තමාව නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි නිලූ සැලුන් නමැති ස්‌ථානයට ගෙන්වාගෙන පහරදුන් බවයි.
මෙසේ වරෙන්තු නිකුත් කෙරුණේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වන මේනකා මධුවන්ති, ආක්‌ෂා සුදාරි හා ඇගේ මව වන මොහිදින් වහීදා යන තිදෙනාටය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment