BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, October 11, 2014

මීගමුවේ දේශපාලන බල්ලන්ගේ පාහර වැඩ.....

                                        නැවතත් විදේශික යුවළකට පහර දේ.......

 මේ බල්ලන් බැඳ දමනු .....

පහර කෑමට ලක්‌වූ 
ස්‌වීස්‌ ජාතික රෝලන්ඩ් යුවළ

යුද බිය අවසන්ව තිබුණද මේ මොහොතේ රටක්‌ වශයෙන් අප තවත් ප්‍රබල ගැටලුවකට මුහුණ දී සිටින බව කාටවත් අමුතුවෙන් කියා දිය යුතුද නැත. අපි යක්‍ෂයා පැරදුවෙමු. එහිදී රිදුනේ ඊනියා ජාත්‍යන්තරයට ය. එහෙයින් ඔවුහු දැන් අපට එරෙහිව අවි අමෝරා සිටිති. පසෙකින් යුද අපරාධ චෝදනාය. තවත් පසෙකින් එක්‌සත් ජාතීන්ගේ විමර්ශන මණ්‌ඩලයන් ය. 
 මුන්ට කළ යුත්තේ ඓතිහාසික "සීසර්"ගේ යුගයේ මෙන් කුදලාගෙන විත් කිඹුලන්ට කන්න දීමය. එහෙත් එසේ කරන්නට කෙනකු නැත. එහෙයින් උන් බලයෙන් මත්වී හැකිතාක්‌ පිස්‌සුම කෙළින්නේය. එහිදී වැනසෙන්නේ ආණ්‌ඩුවේත් රටේත් කීර්තිය බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවන්නකි. නමුත් ඒ පිළිබඳ සිතන්නට කිසිවකුත් නොවේ.

ඉතින් මෙකී දේශපාලන හාල්පාරුවෝ පිස්‌සුම නටන්නාහ.

රටම විඳවූ යුද්ධය අවසන්ව තිබේ. එකී මතකය අද අපේ අතීතයට එක්‌ වූවකි. දැන් අප මේ යමින් සිටින්නේ සංවර්ධනය සඳහා වූ මාවත ඔස්‌සේය. රජය ඒ බව ජනතාව ඉදිරියේ නොයෙක්‌ වර කියයි.  එහිදී ආණ්‌ඩුවට බොහෝ බලාපොරොත්තු සහ ඉලක්‌ක ඇති බව වත්මන් රජයේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී පැහැදිලිවම පෙනී යන්නකි. ආයෝජන ප්‍රවර්ධනය, සංචාරක කර්මාන්තය ඉහළ නංවා ගැනීම ආදිය ආණ්‌ඩුවේ එකී අරමුණු අතර ප්‍රධාන තැනක තිබෙන බවද පැහැදිලිය.

රටේ සාධනීය බලාපොරොත්තු එසේ වෙද්දී යුද බිය අවසන්ව තිබුණද මේ මොහොතේ රටක්‌ වශයෙන් අප තවත් ප්‍රබල ගැටලුවකට මුහුණ දී සිටින බව කාටවත් අමුතුවෙන් කියා දිය යුතුද නැත. අපි යක්‍ෂයා පැරදුවෙමු. එහිදී රිදුනේ ඊනියා ජාත්‍යන්තරයට ය. එහෙයින් ඔවුහු දැන් අපට එරෙහිව අවි අමෝරා සිටිති. පසෙකින් යුද අපරාධ චෝදනාය. තවත් පසෙකින් එක්‌සත් ජාතීන්ගේ විමර්ශන මණ්‌ඩලයන් ය. මේ සියල්ලට අප විසඳුම් සොයා ගත යුත්තේ තීක්‍ෂණ බුද්ධියකින් යුතුව පැහැදිලි මාවතක්‌ ඔස්‌සේ යමිනි.

මෙකී තත්ත්වය අනුව රට සංවර්ධනයට රැගෙන යැමත් ජාත්‍යන්තරයේ ගැටලුවලට මුහුණ දීමත් යන කරුණු දෙක එකවර ජය ගැනීම ඉදිරියේ අද ආණ්‌ඩුව සිටිනුයේ ඉතාම සංකීර්ණ වූ යුගයක්‌ පසු කරමින්ය.  නමුත් ආණ්‌ඩුව එවන් තැනක සිටියදී ආණ්‌ඩුවේම සිටින, කුඩු, ගංජා හෝ කසිප්පු විකුණා බලයට පැමිණි ඇතැම් දේශපාලන හාල්පාරුවන් රජයේ සංවර්ධන ඉලක්‌කවලටද මරු පහරක්‌ එල්ල කරමින් රටේ ප්‍රතිරූපයටද හානිකර සේ පිස්‌සු බල්ලන් මෙන් හැසිරේ නම් උන්ට අපි කුමක්‌ කරමුද?

මුන්ට කළ යුත්තේ ඓතිහාසික "සීසර්"ගේ යුගයේ මෙන් කුදලාගෙන විත් කිඹුලන්ට කන්න දීමය. එහෙත් එසේ කරන්නට කෙනකු නැත. එහෙයින් උන් බලයෙන් මත්වී හැකිතාක්‌ පිස්‌සුම කෙළින්නේය. එහිදී වැනසෙන්නේ ආණ්‌ඩුවේත් රටේත් කීර්තිය බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවන්නකි. නමුත් ඒ පිළිබඳ සිතන්නට කිසිවකුත් නොවේ.

ඉතින් මෙකී දේශපාලන හාල්පාරුවෝ පිස්‌සුම නටන්නාහ.

 වරක්‌ මඳ කිපුණු වල් අලියකු මෙන් හැසිරුණු තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපති ඇල්ලූ අඩව්වෙන් ආණ්‌ඩුවටත් රටටත් සිදුවූ කැලළ සුළු පටු නොවීය. තංගල්ල සභාපති දැන් ඉන්නේ එකී අඩව්වට සිරබත් බුදිමිනි. නමුත් ඒ කැලළ තවමත් ශේෂ වී තිබෙන්නේය. එසේ නැතැයි කියන්නට කිසිවකුටත් නොහැක.

මේ අතරේ දැන් ඊට මඳක්‌ සමාන තවත් දේශපාලන අඩව්වක්‌ පිළිබඳ කතාවක්‌ අනාවරණය වෙමින් තිබෙන්නේය. ඒ මීගමුව ප්‍රදේශයේ දේශපාලනය තුළිනි. පැහැදිලිව කිවහොත් එදා තංගල්ලේ වුණාක්‌ මෙන් අද ආණ්‌ඩුවේ කිරි හැළියට මීගමුව දේශපාලනයේ මුග්ධයෙක්‌ සහ බත්බැලයන් පිරිසක්‌ එක්‌ව ගොම දමමින් සිටින්නේය. එය සිදු වෙමින් තිබෙන්නේ මෙසේය.

ඉකුත් සතියේ දිනක මා දන්නා හඳුනන ව්‍යාපාරිකයකු හදිසියේම මට දුරකථන ඇමතුමක්‌ ලබා දී අපූරු කතාවක්‌ කියන්නට විය. "සමන් මගේ ෂොප් එකට ඇවිත් ඉන්නවා ෆෝරිනර් කෙනෙක්‌. එයා පදිංචි වෙලා ඉන්නේ සීදුවේලු. ඒ එයාගේ නෝනත් එක්‌ක.

මීගමුවේ ඉන්න දේශපාලනඥයෙකුගේ මැරයෝ කණ්‌ඩායමක්‌ මේ මනුස්‌සයගේ ගෙදරට ඇවිල්ලා එයාලට ගහල ගෙදරින් එලවන්න හදලා. පවු මේ මනුස්‌සයා හරියට අසරණ වෙලා ඉන්නේ. පුළුවන් නම් ටිකක්‌ ඇවිත් යන්න.." මිතුරා මට කී කතාව එය වූවේය. එය ඇසුණු වහාම දෙවරක්‌ නොසිතූ මම මේ අවනඩුව කුමක්‌දැයි සොයා බැලීම සඳහා ඒ මිනිසා හෙවත් ආගන්තුකයා සොයා ගියෙමි.

හේ නමින් රොලන්ඩ් හ්‍යර්බින්ය. ස්‌විට්‌සර්ලන්ත ජාතිකයකු වන රොලන්ඩ් මහතා වෘත්තියෙන් ආයෝජන උපදේශකවරයෙකි. එය ඉකුත් යුද්ධය නිම වූ 2009 වසරේ අවසන් භාගය විය. යුද්ධය නිමවීමත් සමග ඇති වූ සාමකාමී වාතාවරණය හමුවේ රොලන්ඩ් මහතා 2009 වසරේ මුලින්ම ශ්‍රී ලංකාවට එන්නේ මෙරට සොඳුරු බව විඳ ගන්නා අතරේ සිය වෘත්තියට අනුව රට තුළ ආයෝජකයන්ට ඇති අවස්‌ථා පිළිබඳව ද සොයා බැලීමේ අදහස ඇතිවය. 

එසේ පැමිණි ඔහු යළි සිය මවු රටට යන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ හා මෙරට තුළ ආයෝජකයන්ට ඇති අවස්‌ථා පිළිබඳ මනා අධ්‍යයනයකින් අනතුරුවය. එසේ ගිය ඔහු මෙරට පිළිබඳ කළ අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවට ආයෝජකයන් රැගෙන ඒම සඳහා වැඩපිළිවෙළක්‌ සකස්‌ කරනුයේ දීර්ඝ කාලීන සැළසුමක්‌ සකසමිනි.

මෙහිදී රොලන්ඩ් මහතාට එක්‌ අවශ්‍යතාවක්‌ මතු වන්නේය. ඒ මෙරට තුළ තාවකාලිකව රැඳී සිටිමින් සිය වෘත්තිය කරගෙන යැම සඳහා නිවසක්‌ සොයා ගැනීම විය. ඒ අදහස ඇතිව හේ අන්තර්ජාලය පිරික්‌සීය. එතැන් පටන් සිදුවූ සියලු දේ රොලන්ඩ් මහතා මා ඉදිරියේ වචන බවට පත් කරන්නට වූයේ මෙලෙසිනි.

"ඔව්, මම එහෙම අන්තර්ජාලය පරීක්‍ෂා කරන විට දැක්‌කා ලංකාවේ සෙලින්කෝ සමුහ ව්‍යාපාර මගින් ගොඩනගපු නිවාස ව්‍යාපෘතියක්‌ "ලයන් සිටි" නමින් කටුනායක ගුවන් තොටුපළට කිට්‌ටුව ඇති සීදුව ප්‍රදේශයේ තිබෙනවා. 

පසුව මා යළි ශ්‍රී ලංකාවට පැමිණියා. එසේ පැමිණ ලංකාවේ හිතවතකු සමග "ලයන් සිටි" කියන නිවාස සංකීර්ණයට ගොස්‌ සොයා බැලුවා එහි නිවසක්‌ කුලී පදනමට ගන්න තිබේදැයි කියා. ඒ අවස්‌ථාවේ මා දුටුවා එහි තිබූ නඩත්තුවක්‌ නොමැතිව ගරා වැටුණු නිවසක්‌. ඒ නිවසේ අයිතිකරු පිළිබඳ සොයා බැලීමේදී දැනගන්න ලැබුණා ඔහු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාන්‍ය සේවකයකු ලෙස කටයුතු කරන බැසිල් නමැත්තකු කියා.

පසුව මා යළිත් මගේ රටට ගොස්‌ ඒ බැසිල් නමැති අය මුණගැසී නිවස මගේ වියදමින් අලුත්වැඩියා කරගෙන ඔහුට මසකට රුපියල් 45000 කුලී මුදලක්‌ද දෙන බව පවසා නිවස ඉල්ලා සිටියා. ඒ මගේ වෘත්තිය කටයුතුවලට තිබූ පහසුව නිසා. එහිදී බැසිල් යන අය එකඟ වුණා නිවස දෙන්න. ඒ වසර පහකට මට නිවස ලබා දෙන පොරොන්දුව එක්‌ක.."

එකී පොරොන්දුව අනුව නැවත මෙරටට එන රොලන්ඩ් මහතා රුපියල් මිලියන 15 ක පමණ මුදලක්‌ වැය කරමින් අදාළ නිවස අලුත්වැඩියා කර 2010 වසරේ සිය බිරිඳ ද සමගින් එහි පැමිණ නවාතැන් ගනුයේ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට ලබා ගන්නා තාවකාලික වීසා අවසරයක්‌ද සමගිනි. 

එසේ පැමිණි ඔහු වරින් වර ස්‌විට්‌සර්ලන්තයට යමින් එමින් සිය වෘත්තිය කරගෙන ගියේය. මේ අන්දමින් මසකට රුපියල් 45000 ක කුලී මුදලක්‌ද එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන බැසිල් නමැත්තාට ලබා දෙමින් රොලන්ඩ් මහතා සිය වෘත්තීය කටයුතු අනුව වරින් වර විදේශගත වන අතරේ සිය බිරිඳ ද සමගින් "ලයන් සිටි" නිවසේ වාසය කළේය. 

ඒ අන්දමින් වසර හතරක්‌ම ගෙවී ගියේය. මේ අතරේ මෙම 2014 වසරේ දිනක හිටි හැටියේම සිදු වන්නේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බිය උපදවන සිදුවීමකි. එකී බිහිසුණු සිදුවීම පිළිබඳ රොලන්ඩ් මහතා සිය මතකය අවදි කරන්නට වූයේ මෙලෙසිනි. 

"මේ වෙනකොට මම හිටියේ අනතුරක්‌ නිසා ආබාධිත තත්ත්වය පත් වෙලා. එදා 2014 ජුලි මාසේ 31 වැනිදා. මමයි බිරිඳයි හිටියේ "ලයන් සිටි" ගෙදර. එදා දවල් එක පාරටම අපි හිටිය නිවසට කඩා වැදුණු පහළොවක විස්‌සක විතර මැර පිරිසක්‌ මාවයි බිරිඳයි නිවසින් එළියට දාන්න හැදුවා. 

අබාධිත මම එවෙලේ ඔවුන් සමග පොර බැදුවා. පැමිණි අය මටත් බිරිඳටත් පහර දුන්නා. එවෙලේ මම සීදුව පොලිසියට කතා කරලා අපට වන හිරිහැරය පිළිබඳ දැනුම් දුන්නා. ඒත් පොලිසිය ආවේ නැහැ. පස්‌සේ මම ලංකාවේ හදිසි ඇමතුම් අංකය කියලා කියන 119 ට කතා කළා. මට කියන්න කනගාටුයි. ඒ අවස්‌ථාවේ හදිසි ඇමතුම් දුරකථනයට සවන් දුන්නු නිලධාරියා මම ඉංගි්‍රසියෙන් කියන දේ තේරෙන්නේ නැහැ කියලා දුරකථනය විසන්ධි කළා. 

ඒ වෙනකොටත් මැරයෝ ටික අපේ ගෙදරට ඇතුළු වෙලා බලහත්කාරයෙන්ම මටයි, බිරිඳටයි තර්ජනය කරමින් නිවසින් එළියට දාන්න හදනවා. පස්‌සේ මම මේ සිද්ධිය ලංකාවේ ඉන්න යාළුවට කිව්වා. ඔහු පොලිස්‌ හදිසි ඇමතුම් අංකයට කතා කළාට පස්‌සේ තමයි සීදුව පොලිසිය අපේ ගෙදරට ආවේ. 

ඒ සිද්ධිය වෙලා පැයකුත් විනාඩි තිහකට පස්‌සේයි. අපි හොඳටම අසරණ වෙලා හිටියේ. ගෙදරට ආපු පොලිසිය කාවවත් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඔවුන් කළේ ඇවිත් හිටපු මැරයෝ ටික එළියට දාලා පිටත් වෙලා ගිය එක. පොලිසිය එහෙම ගියාට පස්‌සේ මම දැක්‌කා ආපු මැරයෝ කණ්‌ඩායම ආයෙත් අපේ ගෙදරට කඩා පනින්න හදනවා. එවෙලේ මම කළේ ආරක්‍ෂාවට ගෙදර යකඩ ගේට්‌ටුව වහන්න හදපු එක. ඒත් ආබාධිත මට ඒක කරන්න බැරි වුණා. 

පොලිසිය ඇවිත් ගියාට පස්‌සේ ඔවුන් මාව තල්ලු කරන් ආයෙත් අපේ ගෙදරට පැනලා මට පහර දුන්නා. මම නැවත පොලිසියට කිව්වා. කිසිවෙක්‌ ආවේ නැහැ. නැවත මගේ යාළුවට සිද්ධිය කිව්වා. එතකොට පොලිසිය ආවා. ඇවිත් මැරයෝ ටික ගෙදරින් එළියට දාලා නැවත යන්න ගියා.." 

මේ කතාවේ ඒ කොටස කියූ රොලන්ඩ් මහතා මා දෙස බලා අවඥසහගත ලෙස සිනහසෙන්නට විය. ඒ සිනහවේ වූයේ මට කළ අවඥවක්‌ නොව. ශ්‍රී ලංකාවේ පොලිසියටත්, නීතියටත් කළ සංග්‍රහයක්‌ බව පැහැදිලිවම දැනුනේය. නමුත් ඒ මොහොතේ ශ්‍රී ලාංකිකයකු ලෙස මෙරට නීතියත් පොලිසියත් පිළිබඳ පොළොව පලාගෙන යන තරමේ විලිලැඡ්ජාවක්‌ මා තුළ මතු වූ බවද කිව යුතුව ඇත.

විදේශිකයකු කතා කළ කල්හි ඉංගී්‍රසි නොතේරෙන බව පවසා දුරකථන විසන්ධි කරන පොලිස්‌ හදිසි ඇමතුම් සේවයක්‌.., එසේම මැර පිරිසක්‌ විදේශිකයකුට හිරිහැර කරද්දී එකෙකු හෝ කුදලාගෙන නොගොස්‌ මැරයන්ගේ ඔලුව අතා ගා "ගෙදර පලයන් කොල්ලෝ" කියන න්‍යායෙන් "බබාලන්තයේ" මෙන් රංගනයක යෙදෙන පොලිසියක්‌.. ඉතින් විලිලැඡ්ජාවක්‌ ඇති නොවන්නේද?

මෙසේ දෙවන වර පොලිසිය පැමිණ ගිය පසු රොලන්ඩ් මහතා සහ ඔහුගේ බිරිඳ නිවසින් පන්නා දැමීමට පැමිණි මැර පිරිස එදින රැයේ මෙකී විදේශික යුවළට මුළු ලංකාවම එපා කිරීමේ අදහසින්දොa තවත් අමන වැඩක්‌ කරන්නාහ. ඒ රොලන්ඩ් මහතාගේ නිවසට යන ගේට්‌ටුව අවහිර වන සේ පාරේ තාවකාලික මඩුවක්‌ තනාගෙන මධුවිතින් සප්පායම් රැය පහන් වන තුරා මහා හඬ නගමින් බයිලා සාඡ්ජයක්‌ දැමීමය. 

මෙසේ සියල්ල සිදු වෙද්දී මේ විදේශිකයා සිදුවන දේ පසු පස සිටින්නේ කවරෙක්‌දැයි දැන ගැනීම සඳහා සිය ලාංකික මිතුරන් මගින් සොයා බැලීමක්‌ කරනුයේ ඇතිව තිබූ සිත් වේදනාව නිසාමය. එහිදී ඔහුට දැන ගැනීමට ලැබෙනුයේ මිගමුව ප්‍රදේශයේ දේශපාලනඥයකු සහ ඔහුට ලැදි ජාතික තලයේ දේශපාලනඥයකුගේ වුවමනාව මත මැර පිරිස එසේ කටයුතු කරන බවකි.

මෙසේ දිගින් දිගටම සිදුවන දේ බොහෝය. මෙකී තර්ජන අතරවාරයේ මීට මසකට පමණ ඉහතදී රොලන්ඩ් මහත සිය බිරිඳ ද සමගින් විදේශගත වූයේ හදිසි අවශ්‍යතාවක්‌ හේතුවෙනි. එහෙත් ඔවුන් එසේ ගොස්‌ යළි මෙරටට පැමිණෙද්දී නිවසේ විදුලිය විසන්ධි කර තිබිණි. ඔහු සොයා බැලීය. එහිදී විදුලිබල මණ්‌ඩලයෙන් කියෑවුණේ විදුලි බිල්පත්වල හිඟ මුදල් හේතුවෙන් විදුලිය විසන්ධි කළ බවකි. 

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන රොලන්ඩ් මහතා විදුලි බිල ගෙවා දමනුයේ යළිත් විදුලිය ලබා ගැනීමේ ගාස්‌තුද සමගින්ය. එහෙත් අදටත් ඒ නිවසට විදුලිය ලබා දීමට විදුලිබල මණ්‌ඩලයට නොහැකි වී ඇත. 

"මම විදුලිබල මණ්‌ඩලයෙන් ඇහුවා ඇයි නැවත විදුලිය දෙන්නේ නැත්තේ කියලා. ඔවුන් මට කියනවා නිවස හිමිකරු වන බැසිල් නමැත්තාගේ විරුද්ධත්වය නිසා විදුලිය දෙන්න බැහැ කියලා. මම මේ නිවස හදන්න රුපියල් මිලියන 16 ක්‌ වියදම් කළා ඒත් අද මට විදුලිය නැහැ. මම නිවසේ ඉන්නේ ජෙනරේටරයක්‌ යොදාගෙන විදුලිය ගනිමින්.. මොකක්‌ද උඹලාගේ රටේ නීතිය. 

ඒ මැරයෝ මගේ බිරිඳ පැහැර ගන්න හැදුවා. මම පොලිසියට කිව්වා. ඒත් උත්තරයක්‌ නැහැ. මටයි බිරිඳටයි පහර දුන්නා. ඒත් කිසිම දෙයක්‌ සිදු වුණේ නැහැ. නමුත් එක දෙයක්‌ වුණා උඹලගේ පොලිසිය මම මගේ ගේ ඇතුළේ ගණිකා නිවාසයක්‌ කරගෙන යනවා කියලා මට විරුද්ධව චෝදනාවක්‌ ගෙන ආවා. හැබැයි ඒක බොරුවක්‌ කියලා ඔප්පු වුණා. 

ඇයි උඹලගේ රටේ දේශපාලනයට නීතිය මෙහෙම යට වෙලා තියෙන්නේ..? මේ කතාව අවසන් ටිකද කියමින් රොලන්ඩ් මහතා මේ බිමේ උපන් මගෙන් මගේ මව් බිම ගැන ප්‍රශ්න කර සිටියේ එසේය. සැබැවින්ම ඔහුගේ එකී ප්‍රශ්න කිරීම හමුවේ මට දෙන්නට පිළිතුරක්‌ නොවීය. 

එහෙත් මා එසේ නිරුත්තර වුවද මෙරටට ආගන්තුක විදේශිකයකු වූ හේ නිහඬ වන්නට සුදානම් නැත. ඔහු දැනටමත් තමන්ට වූ අසාධාරණය පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්‌ද කර අවසන්ය. එසේම නුදුරේදී තමන්ට වූ අසාධාරණය හමුවේ සාධාරණය ඉටු නොකළ සියල්ලන්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කිරීමට ඔහු ක්‍රියා කරමින් සිටින්නේය. 

ඒ සාධාරණය ඉල්ලමිනි. මෙරටට පැමිණි විදේශිකයකු ශ්‍රී ලංකාව තුළදී තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූයේ යෑයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය දක්‌වා ගමන් කිරීම යනු හැඳ සිටින සුදු පිරුවටය කැසපට ගසාගෙන තුට්‌ටු දෙකේ සෙප්පඩ වැඩ කරන දේශපාලන අම්බරුවන්ට නම් එතරම් කඡ්ජක්‌ නොවනු ඇත. ඒ උන්ට එහි බරපතළකම සිතන්නට තරම් මොලයක්‌ නැති නිසාය. 

එහෙත් එමගින් රටේ ප්‍රතිරූපයට වන හානිය සුළුවෙන් තැකිය නොහැක. එයින් ගැලවී යන්නේ ශ්‍රී ලංකා මාතාවගේ සළුපිළි බව කිසිවකුටත් කියා දිය යුතුද නැත. පැහැදිලිවම කිවහොත් වත්මන් ජාත්‍යන්තර වටපිටාව ඉදිරියේ මෙවන් දේ තුළින් සිදු වන්නේ අපේ වළ අපිම කපා ගැනීම නොවේද?

යථාර්ථය එය වුවද රොලන්ඩ් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කිරීමට සැරසීම ඉදිරියේ ඔහුට සාධාරණය ඉටු කරනු පසෙක තබා අපේ උත්තමයන් දැන් තවත් දෙයක්‌ද කරන්නට ඉඩ ඇත. ඒ වීසා බලපත්‍ර අවලංගු වන තැනට කටයුතු කර රොලන්ඩ් මහතාට සහ ඔහුගේ බිරිඳට මෙරට රැඳී සිටින්නට නොහැකි තත්ත්වයක්‌ නිර්මාණය කරමින් සියල්ලෙන් ඇඟ බේරා ගැනීමය.

නමුත් එවැන්නකදී කියන්නට දෙයක්‌ අපට ඇත. ඒ අන් කිසිවක්‌ නොව, තුරුම්පු හේරා බූරුවාගෙන් කපන්නට ගියහොත් ගොඩ පරදින බවය. 

සමන් ගමගේ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger