BREAKING NEWS

රටතොට

Wednesday, October 22, 2014

මුස්‌ලිම් හා දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කරන තෙක්‌ විධායකය තිබිය යුතුයි....පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි

හිටපු අගවිනිසුරු රටින් නෙරපීමට කටයුතු කළ යුතුයි
                                      - ගලගොඩඅත්තේ ඥනසාර හිමි 

මෙරට විපක්‍ෂයක්‌ නැති කිරීමට වගකිව යුත්තේ ඔහු බවත් ඔහු අගවිනිසුරුව සිටියදී මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීමට හැකිවන පරිදි තීන්දුව නොදුන්නේ නම් අද රටේ විපක්‍ෂයක්‌ පවතින බවත් උන්වහන්සේ කීහ.
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාව රටින් නෙරපීමට කටයුතු කළ යුතු යෑයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ 21 වැනිදා සඳහන් කළහ.

මෙරට විපක්‍ෂයක්‌ නැති කිරීමට වගකිව යුත්තේ ඔහු බවත් ඔහු අගවිනිසුරුව සිටියදී මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීමට හැකිවන පරිදි තීන්දුව නොදුන්නේ නම් අද රටේ විපක්‍ෂයක්‌ පවතින බවත් උන්වහන්සේ කීහ.

එහෙව් පුද්ගලයකු විසින් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සැකසීම කොතරම් උචිත දැයි ප්‍රශ්න කළ උන්වහන්සේ ඒ සඳහා සරත් එන් ද සිල්වාට සදාචාරාත්මක අයිතියක්‌ නොමැති බවත් සඳහන් කළහ.

පිවිතුරු හෙටක්‌ සංවිධානය සමග කිසිදු ගනුදෙනුවක්‌ නොමැති යෑයි කී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ රතන හිමියන් හිටිහැටියේ නින්දෙන් ඇහැරී වගේ කටයුතු කිරීම නාඩගමක්‌ බවත් කීහ.

කෙසේ වෙතත් හෙළ උරුමය සහ සිය සංවිධානය යනුයේ එකම "ලයින්" එකේ බවත් උන්වහන්සේ කීහ.

සිය සංවිධානය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් සිටින බළල් අතක්‌ නොවන බවත් කී උන්වහන්සේ ආණ්‌ඩුවේ ගමන පිළිබඳව ජාතික බලවේගයන්ට සෑහීමකට පත්විය නොහැකි බවත් චෝදනා කළහ.

විධායකයේ බලතල සීමා විය යුතු බවත් මුස්‌ලිම් හා දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කරන තෙක්‌ විධායකය තිබිය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් 21 වැනිදා එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger