ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය වෙනස් කිරීමේ අරමුණින් කොටි හිතවාදී ගෝලීය දෙමළ සංසදය (Global Tamil Forum) මැලේසියානු දෙමළ ඩයස්පෝරාව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමේ අරමුණින් ඔක්තෝබර් 25 වැනි දා පස්වරු 3.00ට මැලේසියාවේ රෝයල් සෙනගොර් ක්ලබ් දී විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිත බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
මෙම සමුළුව සඳහා අනුග්‍රහය දක්වනුයේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ මියගිය ව්‍යාපාරික චාල්ස් ඥානකෝන්ගේ සොයුරු ජයන්ත ඥානකෝන් බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
මෙම සමුළුව සඳහා සහභාගි වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට එහි සංවිධායකයන් ආරාධනා කර ඇති බව ද එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් කොටි හිතවාදී වබේ අඩවිවලට අදහස් පළකර තිබෙන ජයන්ත ඥානකෝන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පාලන බලය වෙනස් කිරීමට තිබෙනුයේ තවත් දින 90කටත් අඩු කාලයක් නිසා ඩයස්පෝරාවේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන්නේ ද යන්න ගැන අවසන් එකඟතාවකට මෙම හමුවේ දී පැමිණිය යුතු බවයි.
කෙසේ වෙතත් කොටි ඩයස්පෝරාවේ ප්‍රබලම පාර්ශ්වය නියෝජනය කරන ගෝලීය දෙමළ සංසදය එස්.ජේ. එම්මානුවෙල් පියතුමාගේ නායකත්වයෙන් යුතු අතර මෙම සංවිධානය මෙරට තහනම් සංවිධාන ලැයිස්තුවට ද ඇතුළත්ය. අදාළ හමුවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන්නේ ද යන්න සම්බන්ධයෙන් මතෛක් නිල වශයෙන් හෙළිකර නැත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment