ඉන්ධන මිල අධිකවීම නිසා ඉදිරියේදී විදුලි වාහන සඳහා වැඩි ඉල්ලුමක් ඇතැයි අපේක්ෂා කරන අතර ලංකාවේදී මෙම වාහනවල මිල ගණන් හා ඒවා ආරෝපණය කිරීමට තිබෙන පහසුකම් මත මේවා ජනප්‍රියවීම තීරණය වනු ඇත.
ජපානයේ ප්‍රමුඛතම විදුලි ත්‍රි රෝද රථ නිෂ්පාදන සමාගමක් වන Terra Motors Corporation විසින් මෙරට වෙළඳ පොළට විදුලි ත්‍රි රෝද රථ හා විදුලි යතුරු පැදි හඳුන්වාදීමට සූදානම් වන අතර ඒ සඳහා බ්‍රවුන් ඇන්ඩ් කම්පනි පී.එල්.සී. සමාගම සමග ඒකාබද්ධ වී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Terra Motors ප්‍රධාන විධායක නිළධාරී, ටොරු ටොකුෂිගේ සඳහන් කරන්නේ විදුලි වාහන භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවට දැවැන්ත වාසියක් වනු ඇති බවයි. සංචාරක කර්මාන්තය සඳහා විශාල නැඹුරුවක් ඇති ලංකාවට මෙවැනි වාහන හඳුන්වාදීම මගින් පරිසරය රැක ගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම අවධාරණය කරයි.

Terra Motors සමාගම පවසා තිබෙන්නේ ලෝකයේ ඉන්ධන මගින් ධාවනය කරන යතුරු පැදි වලින් සියයට 80 ක්ම ආසියානු කළාපයේ තිබෙන බවත් එය පරිසර දූෂණය වැඩිකිරීමට ප්‍රබල හේතුවක්ව තිබෙන බවයි. සෑම වසරකම වියට්නාමයේ 16,000 ක් පමණ දෙනා වාතය දූෂණය වීම නිසා මියයන බව සමාගම සඳහන් කර තිබේ
Post a Comment