BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, September 25, 2014

ලංකාවේ වෙසෙන වනචාරි කාලකණ්‌ණි නරුමයන්ගේ ස්‌වභාවය මෙසේය....




ඉතිහාසයට එක්‌වන පින්තූරයක්‌ අපි පසුගියදා අන්තර්ජාලයෙන් දුටිමු. හරින් ප්‍රනාන්දු ගමන් ගත් වාහනයකට පහරදීම සඳහා පොල්ලක්‌ උස්‌සාගෙන දුවන මිනිහෙක්‌ ඒ ඡායාරූපයේ විය.කැති පොලු මන්න ඔසවාගෙන ඡන්ද අපේක්‍ෂකයන් පසුපස පන්නාගෙන යන ගෝත්‍රික සමාජ තිබෙන්නේ නොදියුණු අප්‍රිකානු රටවලය. බ්‍රසීලය හරහා ඇමේසන් ගංගාව ගලා බස්‌නා නිම්නයේ පිහිටි ඇතැම් වනාන්තරගත නොදියුණු ප්‍රදේශවාසී ජනයා ද සතුන් පසුපස මෙන් ම මනුෂ්‍යයන් පසුපස ඕනෑ එකටත්, එපා එකටත් පන්නාගෙන යති. 

 මෙය පළාත් සභා ඡන්දයෙන් පසු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයගෙන, හරින් ප්‍රනාන්දුගේ එක්‌සත් ජාතික පක්‍ෂය පරාජයට පත් වී, හරින් ප්‍රනාන්දු ලංකාවේ ඉහළම මනාප ප්‍රතිශතය ලැබූ පළාත් සභා අපේක්‍ෂකයා ලෙස වාර්තාවක්‌ ද තැබීමෙන් පසු සිදු වූවකි. මෙය ඉතා නරක තත්ත්වයක්‌ බවට කිසිදු තර්කයක්‌ නැත. කැති පොලු මන්න ඔසවාගෙන ඡන්ද අපේක්‍ෂකයන් පසුපස පන්නාගෙන යන ගෝත්‍රික සමාජ තිබෙන්නේ නොදියුණු අප්‍රිකානු රටවලය. බ්‍රසීලය හරහා ඇමේසන් ගංගාව ගලා බස්‌නා නිම්නයේ පිහිටි ඇතැම් වනාන්තරගත නොදියුණු ප්‍රදේශවාසී ජනයා ද සතුන් පසුපස මෙන් ම මනුෂ්‍යයන් පසුපස ඕනෑ එකටත්, එපා එකටත් පන්නාගෙන යති. ධනවත් ලෝකයේ වෙසෙන පින්වත්තු ඒවා වීඩියෝ කර 'තුන්වන ලෝකයේ වෙසෙන වනචාරි කාලකණ්‌ණි නරුමයන්ගේ ස්‌වභාවය මෙසේය....." යනාදී වශයෙන් කියමින් ලොව පුරා බෙදා හරිති. හරින් ප්‍රනාන්දුගේ රියට පහර දීමට පොල්ලක්‌ ඔසවාගෙන යැම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවකි. එසේම එය මේ රටේ දේශපාලන සංස්‌කෘතියේ ද කොටසකි. එදා ඌවේ බලය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට නොලැබී එක්‌සත් ජාතික පක්‍ෂයට ලැබුණේ නම් ඇති වන්නේ ද මෙයට සමාන තත්ත්වයකි. එසේ නම් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ගමන් කරන රිය පසුපස පොල්ලක්‌ හෝ මන්නයක්‌ ඔසවාගෙන යන මිනිහකු දිව යන පින්තූරයක්‌ දැක ගැනීමට අපට හැකි වන්නේ ය. මෙය දේශපාලනයේ වරද නොව මේ රටේ සමාජයේ සහ සංස්‌කෘතියේ තිබෙන ප්‍රශ්නයක්‌ බව අපි තරයේ කියමු. ශ්‍රී ලංකාව යනු ඝර්ම කලාපික උණුසුම් රටකි. මේ රටවල සිටින අයගේ රුධිරය නිතරම උතුරයි.

එසේ කියා ප්‍රචණ්‌ඩත්වයට ඉඩ දිය හැකිද? කිසි සේත්ම බැරිය. මනුෂ්‍යයා යනු දේශපාලන සත්ත්වයෙකි. තිරිසන් සතුන්ට බලය අවශ්‍ය වන්නේ 'ආහාර' නමැති සාධකය සම්බන්ධයෙන් පමණි. එහෙත් මනුෂ්‍යයාට අහස පොළොව සහ ඒ අතර තිබෙන හැම දෙයකම බලය අවශ්‍ය ය. මැතිවරණය යනු එම අවශ්‍යතාවයේ එක්‌තරා ශිෂ්ට සම්පන්න අවස්‌ථාවකි. සාමාන්‍යයෙන් අපේ රටේ මැතිවරණ ව්‍යාපාරයක්‌ පටන් ගන්නේ නාම යෝජනා භාර දී එන එකාට අතින් පයින්, පොලු වලින්, බෝම්බවලින් පහර දීමෙනි. ඉන් පසු විරුද්ධ පක්‍ෂයේ එකාගේ කොඩිවැල් කපනු ලැබේ. සමහර විට කොඩි වැල් දැමූ අත් කපනු ලැබේ. මෙහිදී යූ. එන්. පී., ශ්‍රී ලංකා වෙනසක්‌ නැත. සෑම පක්‍ෂයක්‌ම අනෙක්‌ පක්‍ෂයට සලකන්නේ විරුද්ධ පක්‍ෂය ලෙස ය. මේ විරුද්ධ මතවාදය නිසා පෝස්‌ටරයක්‌ වෙනුවෙන් මිනිහකු මරා දරු පවුලක්‌ මහ පාරට ඇද දැමීමට 'පාක්‍ෂිකයන්ට පුළුවන. කථිකයන් කතා පවත්වන අතර ස්‌ටේඡ් එක ගලවාගෙන යැමට 'විරුද්ධ පක්‍ෂයට' පුළුවන. සමහර විට එවැනි නීච පරිත්‍යාග කර දිනවා දෙන අපේක්‍ෂකයා වෙනත් පක්‍ෂයකට ගොස්‌ හිඳගෙන වරප්‍රසාද භුක්‌ති විඳිනු දැකිය හැකි ය.

මිනිසා දේශපාලන සත්ත්වයකු වන නමුත් දේශපාලනය යනු ඉතා කුණු ගඳ ගසන ගේම් එකකි. මේ ගේම් එකට සහභාගි වෙන්න එපා!

දිවයින කතුවැකියෙන් උපුටා ගන්නා ලදී.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger