අද තරුණ අඹුසැමියන් අතර තියෙන බැඳීම් නෙමෙයි එදා අපි අතර තිබුණේ. මට හිතෙන්නේ ඒක ඉතා ගෞරවනීය දෙයක් කියලයි.
ඔහු ඉතාමත් ගුණයහපත් කෙනෙක්. හැම දෙයක්‌ම මට කියා දුන්නේ ආදරෙන්. කවදාවත් සැරවැර වුයේ නැහැ. සමහර දේවල් මම සෙල්ලක්‌කාරකමට කරපු අවස්‌ථාවලදී එහෙම කරන්න එපා. මෙහෙම කරන්න කියල මට ආදරෙන් පහදල දීල තියෙනවා.

මට ජයතිලක මහත්තයව මුලින්ම දකින්න ලැබුණේ මියුසියස් පුහුණු පාසලේ ඉගෙන ගන්න කාලයේදී අපි ගිය විනෝද චාරිකාවකදීයි. එහිදී අපි යාපනය, නාගදීපය ආදී ප්‍රදේශවල දින දෙක තුනක් සංචාරයේ යෙදුණා. මේ ගමනේදී එයා මා පිළිබඳව විමසිල්ලෙන් ඉඳල තියෙනවා. මට මතකයි යාපනයේදී මටයි මගේ යහළුවන්ටයි එයා මිදි මල්ලක් ගෙනැත් දුන්නා. ඒත් මට වෙනසක් තේරුණේ නැහැ. ආදරයක් කියන දේ තේරුම් ගන්න පුළුවන් කමකුත් ඒ වෙද්දී අපට තිබුණේ නැහැ. කොහොම නමුත් පසුව අපේ පාසලේ මුල් ගුරුතුමියගේ මාර්ගයෙන් තාත්තට දන්වල මා ගැන අහල තිබුණා. ගෙවල්වලිනුත් එතරම් විරුද්ධත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා අධ්‍යාපනය ලබන අතරවාරයේදීම තමයි අපේ විවාහය ලියාපදිංචි කළේ. ඒ 1954 පෙබරවාරි 9 වැනිදා. ඒ අවුරුද්දේම මැයි මාසේ 24 වැනිදා පුංචි උත්සවයක් ගත්තා. ඒ වෙද්දී නාවල පැත්තේ පුංචි ඇනෙක්‌සියක් අරගෙන තිබුණා. අපි දෙන්න මුලින්ම පදිංචියට ගියේ එහෙට. එතකොට මට අවුරුදු දහ අටක් විතර ඇති. ජයතිලක මහත්තයත් විසි දෙකක් තුනක් විතර වයසක තමයි හිටියේ.
ඇය කේ. ජයතිලකයන් ව හමුවීමේ සිට විවාහය දක්‌වා පැමිණි අතීතය රසවත් ලෙස අප සමග මෙනෙහි කළාය.
කළුඅච්චි ගමගේ ජයතිලක උපත ලබන්නේ 1926 වසරේ ජුනි 27 වැනිදාය. ඒ සියනෑ කෝරළයේ ගඟබඩපත්තුවේ රදාවාන පෝරුවේ කන්නිමහරදීය. ඔහුගේ පියා කළුඅච්චි ගමගේ අර්නෝලිස් අප්පුහාමිය. මව මද්දුමාගේ පොඩිනෝනා ය. දරුවන් නම දෙනකුගෙන් යුත් මෙම පවුලේ ජයතිලක උපදින්නේ තුන්වැනි දරුවා ලෙසටය. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ රදාවානේ පිහිටි ආණ්‌ඩුවේ පිරිමි පාඨශාලාවෙනි. ර¹වානේ පාසලේ ඉගෙන ගත්තු කාලයේදී එම පාසලට පැමිණි මුනිදාස කුමාරතුංගයන් "බස රස කරන හැටි" මැයෙන් කළ දේශනය" ජයතිලකයන්ගේ ජීවිතයේ සදා නොමැකෙන සනිටුහනක් විය. එසේම ඔහුගේ සාහිත්‍ය රසයට එක් හේතුවක් ලෙස මවගේ ද පියාගේ ද ක්‍රියාකාරකම් බොහෝ සේ බලපෑ බව ජයතිලකයන් වරක් පුවත්පතකට පවසා තිබුණේa මෙලෙසිනි.
"මගේ පියා ඒ යුගයේ හැටියට උගත් කෙනෙක්. ඔහු පාසලේ අටවැන්න සමත්ව හිටියා. තාත්තා පැරණි සාහිත්‍ය පොත් මෙන්ම නවකතාත් කියෙව්වා. ඒ කාලේ තිබුණේ පියදාස සිරිසේනගේ නවකතා. සාමාන්‍යයෙන් නව කතා කියවීම ළමයිනට නොහොබිනා දෙයක් ලෙස ඒ කාලේදී පිළිගැනුණත් තාත්තා අපිට එවැනි තහනමක් පැනවූයේ නැහැ. ඒ කාලේ පොළවල්වල කූඩ දිගහැර ඒ යට ලස්‌සනට පොත් විකුණන වෙළෙන්දොa හිටියා. තාත්තා අපිට පොත් ගෙනැත් දුන්නේ ඒ වෙළෙන්දන්ගෙන්..... ·
ඒ වගේම තමයි මගේ අම්මා පැරණි ජනකතා රාශියක් දැනගෙන හිටියා. හැන්දැවට බත ඉදෙන තුරු ඇය ඒ ජන කතා අපට කියා දුන්නා. මගේ සාහිත්‍ය ජීවිතයේ පළමු පිබිදීම ඇති කළේ තාත්තා ගෙනත් දුන් පොත්පත් කියෑවීමෙන් හා අම්මා කියා දුන් ජනකතා ඇසීමෙන්.
* ඔබලා විවාහ වෙද්දී ඔහු ප්‍රසිද්ධ කෙනෙක්‌ද? අප නැවතත් සුමනා ජයතිලක මහත්මියගෙන් විමසුවෙමු.
නැහැ. කිසිම ප්‍රසිද්ධියක් ලබා තිබුණේ නැහැ. එහෙම වෙන්න කිසිම පොතක් පතක් ලියල තිබුණෙත් නැහැ. ඒ කාලෙදී තැපැල් මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ආයතන තිබුණා. මහත්තයත් තැපැල් මාධ්‍යයෙන් ළමයින්ට ඉගැන්වීම කරගෙන ගිය ගුරුවරයෙක්. ඔහු එයින් ලැබෙන වැටුප තමයි මාව විවාහ කරගන්න කොට අපේ තාත්තාට පෙන්නල තිබුණේ. මට මේ වැටුපෙන් පවුලක් රකින්න පුළුවන් කියලා. මගේ අම්මා මම පුංචි කාලෙදීම නැති වුණා. තාත්තා තමයි අපිව රැක බලා ගත්තේ. තාත්තාගේ නෑදෑයෝ මේ විවාහයට ටිකක් අකැමැත්තකුත් පෙන්නුවා.
* ඒ වෙද්දී ඔහු එතරම් ප්‍රසිද්ධ කෙනෙකුත් නෙමෙයි නම් ඔබ ඔහුට කැමැති වෙන්න තිබුණු හේතු මොනවාද?
මට එහෙම කිසිම හැඟීමක් තිබුණේ නැහැ. මගේ තාත්තා කිව්වේ මේ විවාහයට කැමැති වෙන්න කියලා. ඉතින් ඊට වඩා දෙයක් මට හිතන්න තිබුණේ නැහැ. අපිට ඕන ඕන විදිහට හිතුවක්‌කාර තීරණ ගන්න අවශ්‍යතාවක් වත් හැකියාවක්‌වත් ඒ කාලේ අපට තිබුණේ නැහැ. ඔහුගේ උගත්කමවත් සාහිත්‍ය දැනුමවත් මේ විවාහයට බලපෑවේ නැහැ.
* සැමියෙක් ලෙස ජයතිලකයන් තුළ තිබුණු ගුණ මොනවාද?
ඇත්තටම ඔහු ඉතාමත් ගුණයහපත් කෙනෙක්. හැම දෙයක්‌ම මට කියා දුන්නේ ආදරෙන්. කවදාවත් සැරවැර වුයේ නැහැ. සමහර දේවල් මම සෙල්ලක්‌කාරකමට කරපු අවස්‌ථාවලදී එහෙම කරන්න එපා. මෙහෙම කරන්න කියල මට ආදරෙන් පහදල දීල තියෙනවා. අපි විවාහවෙලා පළමු අවුරුද්ද ගෙවෙන කොටම මට පුතෙක් ලැබුණා. ඒ නිසා අඩු වයසකදී වුණත් මම ඉක්‌මනින් අම්මා කෙනෙක් ලෙස තලත්තෑනි තත්ත්වයට පත් වුණා. වගකීම් කියන දේ මාහට පැවරුණා. ඒ වගේම ජීවත් වෙන්න අවශ්‍ය කරන හැම සැප පහසුකමක්‌ම මා වෙනුවෙන් ඔහු ළඟා කරල දුන්නා. අද තරුණ අඹුසැමියන් අතර තියෙන බැඳීම් නෙමෙයි එදා අපි අතර තිබුණේ. මට හිතෙන්නේ ඒක ඉතා ගෞරවනීය දෙයක් කියලයි.
මේ කාලෙදිම තමයි, ඔහු මුලින්ම ලියන්න පටන් ගත්තෙත්. ඊට කලින් "වියෝ දසුන" කියල එක පොතක් ලියල තිබුණත් පළවෙලා තිබුණේ නැහැ.
* ඔහු ලේඛන කටයුතුත් සමග ගෘහ ජීවිතය පටලවා ගත්තේ නැද්ද?
සමහර වෙලාවට ජීවිතේ දුක හිතුණු අවස්‌ථාත් තිබුණා. මොකද එයාගේ ලියන කියන වැඩ නිසා අපි ට කතා කරන්නවත් විනෝදයෙන් ඉන්නවත් අවස්‌ථාවක් තිබුණේ නැහැ. එයාගෙ ලෝකයේ තමයි නිතරම එයා හිටියේ. පස්‌සේ මම තේරුම් ගත්තා. ඔහුට ඒ නිදහස ලබා දිය යුතුයි කියලා. අපි ඒවට අකුල් හෙළුවොත් ඒ කිසිවක් සාර්ථක කර ගැනීමට නොහැකි බව මම තේරුම් ගත්තා.
ළමයි එහෙම ලැබිලා ටිකක් කල් යනකොට මාස තුනකට විතර සැරයක් අපි කොහේ හරි ඇවිදින්න යන්න පුරුදු වුණා. හැබැයි ඒ ගමන්වලදීත් කාරෙකේ යනකොට වැඩිය කෑගහනවට එහෙම කැමැති නැහැ. ඒ වෙලාවට "ඔය කච කෙච්" නවත්තගන්න කියනවා.
* ඇයි දූ දරුවෝ කිසිවෙක් ලේඛන කටයුතුවලට සම්බන්ධ නූනේ·
ඔහු කවදාවත් ඒ කාටවත් කිසිම දෙයකට බල කළේ නැහැ. කරන දේ හරියටම උපරිමයෙන් කරන්න කියල තමයි නිතරම කිව්වේ.
* ඔහු ජීවිතය ඉතා අසීරුවෙන් ජයගත්ත කෙනෙක්. ඒ ගැන මොනවද ඔබ සමග කියල තියෙන්නේ?
ජයතිලක මහත්තයා ගමෙන් ඇවිත් බොහොම අමාරුවෙන් තමයි ඉහළට ආවේ. ඒ නිසාම ඔහු අනිත් අයටත් උනන්දුවෙන් අත දුන්නා. එයාගේ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලුවා. කොළඹ හිටියත් අපි මාසෙකට වරක් ගමට ගියා. ඔහු ගමට ගොඩක් ආදරේ කළා. ලේඛන කටයුතුවලට උනන්දු අලුත් ළමයින්ට උදව් කළා. පොත්පත් දුන්නා. ඒ නිසාම තමයි, මිය යන්න වසර හයකට පමණ ප්‍රථම ඔහුගේ මහ ගෙදර පුස්‌තකාලයක් බවට පත්කෙරුවේ. ඔහු ඒ දේ කළේ සියනෑ කෝරළේ දරුවන් වෙනුවෙන් කරන යුතුකමක් ලෙස හිතලයි.
* ලියන කියන දේ පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කළාද?
කවදාවත් කිසිම විදිහකින්වත් එයා ලියන කියන දෙයක් කාටවත් පෙන්නුවේ නැහැ. පොත් ලියල මුද්‍රණය කරල අරගෙන ඇවිත් මට පේන තැනකින් තියල තියෙනවා. එතකොට මම කියනවා මොකක්‌ද අනේ මේ අලුත් පොතක් ගහල තියෙනවා. මම දන්නේවත් නැහැනේ." මේක ලියනකොට මටත් ටිකක් පෙන්නන්න තිබුණනේ කියලා." ඕක ඔයාට පෙන්නුවනම් වෙන අය වගේ නෙමෙයි ඔයා කරන කියන විවේචන ඊට වඩා ප්‍රබලයි. ඒව ඇහුවොත් මේක මුද්‍රණය කරන්න හිතෙන්නෙත් නැහැ කියල කියනවා. එයා ගෙදරදී පොත් ලිව්වෙත් නැහැ. ඒ හැම දෙයක්‌ම ලිව්වේ අලුත්කඩේ උසාවිය ළඟ තියෙන පුංචි කාර්යාලයේ ඉඳගෙනම තමයි. එතැනට කවුරු හරි ඇවිත් ලියන කියන දේවල් ගැන සාහිත්‍ය ගැන කතා කරනවට එයා හරි කැමැතියි.
* පොතපතින් එහාට ඔහු සතුටක් ලැබුවේ මොනවායින්ද?
දරුවන්ට උගන්වන එක තමයි ඔහු ලැබුව ලොකුම සතුට. දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඒ තරම්ම සොයා බැලුවා. දවසක් මම දූල දෙන්නට ලස්‌සන මැහුම් මෝස්‌තරයකින් ගවුම් දෙකක් මහල දුන්නා. ඒ අය තාත්තා ළඟට ගිහින් ලස්‌සනද කියා ඇහුවම මගේ පැත්ත හැරිල "ඔව් ලස්‌සනයි" කියල ළමයින්ට කිව්වේ මම මීට වඩා කැමැතියි ඔයාල කවදහරි හොඳට ඉගෙන ගෙන ලොකු තැන්වලට ගිහින් ඉන්නකොට තියෙන ලස්‌සන බලන්න කියලා. දරුවෝ හතරදෙනාම අධ්‍යාපනික වශයෙන් යම් දියුණුවක් ලැබුවා නම් ඒ පසුපස සිටියේ මම නෙමෙයි ඔහුයි.
* ඔහු ජීවිතයේ කලකිරීමෙන් සිටි අවස්‌ථා තිබුණාද?
කවුරු හරි වංචාවක් බොරුවක් කළොත් ඔහු හරියට දුක්‌වෙනවා. ඒ දේ වෙන කාට හරි වුණත් එහෙමයි. කවුරු කාවවත් රවට්‌ටනවට එයා කැමැති නැහැ.
* කේන්ති ගන්න කෙනෙක්‌ද?
කවුරු හරි එයාව හෙලාතලා කතා කළොත් එයාව ගණන් ගන්නේ නැත්නම් ටිකක් කේන්ති ගන්නවා. අපේ ගෙදර හැම තැනම තියෙන්නේ පොත්. කෑම කන තැනයි සාලෙයි, නිදාගන්න ඇඳ උඩයි තියෙන්නෙත් පොත්. ඒකට කිසි පිළිවෙළක් නැහැ. මම ඉතින් ඒව පිළිවෙළකට අස් කළොත් කේන්ති යනවා. ඒ වෙලාවට "මේ ගෙදර මිනිස්‌සු මොනව කරනවද මන්දා" කියලා කියනවා. පොත්වල කොල නවනවටත් එයා හරි අකැමැතියි.
ඒ මොන දේ වුණත් අපි දෙන්න එකිනෙකාට ගරු කළා. එක්‌කෙනෙක්‌වත් දෙවෙනිය කියන සිතුවිල්ල අපි ළඟ තිබුණේ නැහැ එතකොට දරුවන්ට අමුතුවෙන් උගන්වන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔවුන් ඒ තුළින් බොහෝ දේ ඉගෙන ගන්නවා. ඔවුන්ට ඉබේම අම්මා තාත්තාගේ අගය දැනෙන්න පටන් ගන්නවා. අපි හැම දෙයක් ගැනම සාකච්ඡා කළා. ඒ තුළින් ම විසඳුම් සොයා ගත්තා.
* ඔහු මත්පැන් බිව්වද?
මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා, සරච්චන්ද්‍ර මහත්තය වගේ එයාගේ හිතමිතුරන් හමුවන ඇතැම් අවස්‌ථාවලදී බොහෝ ම ස්‌වල්ප වශයෙන් මත්පැන් පානය කළා. නමුත් කවදාවත් සීමාව ඉක්‌මවා ගියේ නැහැ.
* ගෘහ ජීවිතයට ප්‍රිය කළාද?
විවේකයක් තියෙන හැමවෙලාවකම ගෙදර ඉන්න තමයි කැමැති. නොයෙකුත් තැන්වල ඇවිදින්න යන්න කැලෑවල යන්න එහෙමත් කැමැත්තක් තිබුණා.
* ඇයි ඔහු ඔබව තෝරාගත්තේ?
මම ජීවත්වෙන විදියට හා මගේ ගති ස්‌වභාවයට එයා කැමැති වෙන්න ඇති.
* ජීවිතේ කියන දේ දැක්‌කේ කොහොමද?
ජීවිතේ කියන දෙය ඉතා පුළුල් ලෙස දැක්‌කා. අසීමිත බලාපොරොත්තු හෝ කිසිවක් පොදිගසා ගැනීමේ ආසාවක් තිබුණේ නැහැ. දැන් හැමදේම ඇති ජීවත් වුණා දැන් ඇති, කියන හැඟීම තමයි, අවසාන කාලයේදී ඔහුගේ හිතේ තිබුණේ.
රංග විදානේ

Post a Comment