වර්ණ පිරුණු ලෝකයට මිනිසා ආසක්ත වෙයි. එය සැබෑ ලෝකයෙන් මුවා වුණු අභ්‍යන්තර ලෝකයක් හෙළි දරව් කරන්නකි. මෙහි මූල සාධකය හිරු එළියයි. වර්ණ අපට දෘශ්‍යමාන වන ආකාරයට අවර්ණ ය. එහෙත් එහි දේදුන්නක වන වර්ණ අඩංගු බව 1666 දී සර් අයිසැක් නිව්ටන් විසින් ලෝකයට සාධනය කළේ ය. ඉතා ශීඝ‍්‍රයෙන් ලෝකය ආක‍්‍රමණය කළ මේ විෂය ක්ෂේත‍්‍රයේදී පැහැය (ඩ්භඥ) යන්නට ප‍්‍රමුඛස්ථානයක් හිමි ය. මන්ද එක් වර්ණයක් තුළ විවිධ පැහැයන් අන්තර්ගත විය හැකි බැවිනි. ද්විතීක හා තෘතික වර්ණ විමසීමේ දී මේ බව තහවුරු කර ගත හැකි ය.
නිල් + කහ = කොළ මේ වර්ණ සමාජ සංස්කෘතික වටපිටාවන් ඉස්මතු කිරීමට සමත් වන්නේ ඒවායෙහි පවතින අවියෝජනීය සහසම්බන්ධය නිසාවෙනි. එසේ ම වර්ණ පිළිබඳ මිනිසා ගේ විඥානය දිගු ඓතිහාසික පසුබිමකට නෑකම් කියයි. දඩයම් යුගයේ දී මිනිසා ස්වාභාවික පරිසරයේ සතුන්, ගහ කොළ සේ සැරසුණහ. එහිදී වර්ණ කෙරේ සිය අවධානය යොමු කිරීමට ඔවුන්ට සිදු විය. ගුරු ගල්, නිල් අවරිය, කිරිමැටි, හිරියල් වැනි ද්‍රව්‍ය භාවිත කරමින් අවශ්‍ය වර්ණ උපයා ගැනීමට ඔවුහු සමත් වූහ. ස්වභාවයෙන් ම මිනිස් සිතේ කා වැදුණු සිතිවිලි ධාරාවන් වර්ණ ලෙස ප‍්‍රතිරූපණය කෙරිණි. අල්ටමීරා ගුහා චිත‍්‍ර මෙන් ම ලැස්කෝ ගුහා චිත‍්‍ර ඊට දෙස් දෙයි. මෙහි ලැස්කෝ ගුහා චිත‍්‍ර අතර “මාරාන්තික තුවාල ලත් බයිසන් ගවයකු විසින් මිනිසකුª මරා දැමීම” යන චිත‍්‍රයෙහි ගුරු පැහැයෙන් ගවයා වර්ණ ගන්වා ඇති අතර කළු පැහැ බාහිර රේඛාවක් ද ඇඳ ඇත. ඒ අනුව අදත් රතු හා කළු යන වර්ණ අනතුර හැඟවීමට යොදා ගනු ලබන අතර ගුරු යනු රතට හුරු වර්ණයක් ලෙස ද සැලැකේ. කාලාන්තරයක් තිස්සේ විවිධ විපර්යාසයන්ට තුඩු දෙමින් වර්ණ පිළිබඳ නේක මත සමාජයේ මුල් බැස ගැණුනි. ඒ අනුව සමාජ කි‍්‍රයාවලියේ ප‍්‍රබල මානව අවශ්‍යතාවක් ලෙස සන්නිවේදනය එහි එක් පැතිකඩක් නිරූපණය කිරීමට සමත් විය. එහි මාධ්‍යය වර්ණ ය. වර්ණ නම් වශයෙන් හඳුනා ගැනීමේ ශක්‍යතාව අප සතු ය. ඒ අයිසැක් නිව්ටන් විසින් වර්ණ නම් කිරීමත් සමඟ ය. මේ අනුව, විවිධ විවිධ වර්ණ විවිධ සමාජ තත්ත්වයන් නිරූපණයටත්, අවස්ථා නිරූපණයටත් සමාජය විසින් යොදා ගැනුණි. ඒවා සමාජීය හා සංස්කෘතික වටිනාකම් අනුව විවිධ මත පළකිරීමට සමත්ය. එහෙත් විවිධ භාෂා අනුව දුසිම් ගණන් අර්ථකථන වර්ණ පිළිබඳ ඉදිරිපත් කළ හැකි ය. ජාතීන් වශයෙන් සුදු හා කළු ජාතීන් ලෙස වර්ණ භේද වාදයක් පැන නැඟීමට තුඩු දී ඇත්තේ ද මේ වර්ණයන් ම ය. මහා මාර්ගයේ ගමන් ගන්නා ඔබට වර්ණ සංඥා පිළිබඳ අවබෝධයක් තිබිය යුතු ය. එහි වර්ණ ආලෝක සංඥා පුවරුවෙහි රතු වැටී ඇති විට රථය නතර කිරීමටත් කොළ පැහැය දැක් වූ විට ගමන් ආරම්භ කිරීමටත් එයින් ඔබට නියෝග ලැබේ. මෙය පොදුවේ ලෝකය පුරා භාවිත වන්නක් නමුත් පැහැයන් සම්බන්ධ සංස්කෘතිකමය වටනාකම් බෙහෙවින් වෙනස් මඟක් ගනී. රතු වර්ණය පිළිබඳ ආසියානු සංකල්පය වන්නේ අනතුර, ශෘංගාරය, බිය දැනවීම හා ආවේගශීලී බවයි. මෙනිසා අනතුරු සහිත ස්ථාන ඇඟවීමට රතු වර්ණය යොදා ගනු ලබන අතර වෛශ්‍යාවක හැඟවීමට ද ඒ වර්ණය යොදා ගනී. එහෙත් ආදරයේ විචිත‍්‍ර වර්ණය ලෙස ද රතු හඳුනා ගනී. ඉහළ ම තාපාංකයක් හිමි වර්ණයක් ලෙස රක්ත වර්ණය ප‍්‍රමුඛ ය. චීනයේ වාසනාව, සෞභාග්‍යය, රාජකීයත්වය, හඟවන ප‍්‍රබල වර්ණය රතු ය. ධෛර්යය, ආත්ම විශ්වාසය අඟවන මේ වර්ණය විවිධ දේශපාලනික පක්ෂ නියෝජනයට යොදා ගැණුනේ අද ඊයේ සිට නොවේ. විප්ලවකාරී බව, ආවේගශීලී ස්වභාවය හා අන් අයගේ දෑස් ක්ෂණයකින් ආක‍්‍රමණය කිරීමේ හැකියාව මේ වර්ණය සතු වීම ඊට හේතුª භූත වූවා විය හැකි ය. අප අවට ලෝකය වර්ණයන්ගෙන් පිරී ඇත. ආලෝකයේ ආධාරයෙන් දකින ඒ වර්ණ ආලෝකයේ සෙසු වර්ණ සියල්ල උරාගෙන කළු වර්ණය ජනිත කරයි. අයහපත, බිය, ශෝකය දනවන වර්ණය කළු ය. කළු ඇඳුම් ඇඳීම අසුබ ලකුණක් බවට සමාජ මතයක් පවතී. එහෙත් එහි විද්‍යාත්මක පදනම වන්නේ කළු ආලෝකයේ සෙසු වර්ණ සියල්ල උරා ගැනීමේදී ඒ වර්ණ සතු ශක්තීන් ද ඒ සමඟ උරා ගැනීම ශාරීරික උෂ්ණත්වය ඉහළ දැමීමට තුඩු දීමයි. එහෙත් ආලෝකයේ සියලු වර්ණ පිළිබිඹු කරන වර්ණය සුදු ය. සුදු යනු වර්ණ විද්‍යාත්මක ව විචිත‍්‍රත්වයේ පාට ය. ආලෝකය පරාවර්තනය කිරීමේ සමත් මේ වර්ණය ජන විඥානය අනුව ද පාරිශුද්ධත්වය පිළිබිඹු කරයි. සුන්දරත්වය පිළිබිඹු කිරීමටත් ශෝකය, කරුණාව, දයාව හැඟවීමටත් මේ වර්ණය යොදා ගනී. චීන රාජ්‍යයේ සාමප‍්‍රදායික ව සුදු වර්ණය යොදා ගනු ලැබුවේ ශෝකීයත්වය හැඟවීමට ය. කොරියානුවන්ට අනුව බුදු දහමේ අදහස් කියාපාන එක ම වර්ණය සුදු ය. හිස් බව හා ස්වභාවධර්මයේ යමක් සංසන්දනය කිරීමේ දී කොරියානුවෝ සුදු යොදා ගනී. එසේ ම ඔවුහු අහිංසකත්වය, පවිත‍්‍රත්වය, පෞර්ෂය ඇගයීමට ද සුදු වර්ණය යොදාගනී. ’මධ්‍යකාලීන සිංහල කලා’ කෘතියෙහි ආනන්ද කුමාරස්වාමි මහතා පවසන පරිදි ‘දෙවියන් ගේ මුහුණු සුවිනීතය, ශෝබනය, රූප අඹන්නෝ ඔප මට්ටම් කළ රූප මැටිවලින් සුදු පාට කැරෙයි’. දෙවියන් යනු සමාජ සම්භාවනාවට පාත‍්‍ර වන්නේ කරුණාව, දයාව හා ප‍්‍රසන්න බවින් හෙබි කොට්ඨාසයක් ලෙසිනි. මෙනිසා සුදු වර්ණය එවැනි පුද්ගල නිරූපණයකට යොදා ගනු ලැබුවේ එය සමාජයේ වැඩි ඇගැයීමට ලක් වන හෙයිනි. සශ‍්‍රීකත්වයේ වර්ණයක් හා ස්වභාවිකත්වයට සමීප වර්ණයක් ලෙස අප කොළ පැහැය හඳුනාගත්ත ද චීනයේ දී එය අවතක්සේරුවට ලක් වන්නකි. යමකු කොළ පැහැ තොප්පියක් පැළැඳීම පවා සිය පරාජිත බව දැක්වූවා සේ සැලැකේ. වර්ණයන්ගෙන් හැඩගැන්වෙන චිත‍්‍රය ද මනෝ මූලික අභ්‍යන්තර ලෝකයක් හෙළිදරව් කරයි. ඒ අනුව වර්ණය ජීවි ශරීරය මෙන්ම අජීවී චිත‍්‍රය ද ආසාධනය කිරීමට සමත් ය. සංවෘත හා විවෘත සංස්කෘතීන් පිළිබිඹු කිරීමට ද වර්ණ සමත් වන බව පෙනේ. සංවෘත යනු වැසුණු යන්නයි. අභිචාරාත්මකව ඉඟි බසකින් යමක් ඇඟවීම මේ සංස්කෘතියේ ස්වභාවයයි. සමාජය හා බැඳි මතිමතාන්තර මේ කෙරේ සෘජු ව බලපාන බව ඉහත කරුණු දෙස් දෙයි. වර්ණයන්ගෙන් මැවෙන අපූර්වත්වයක තරම.
නිලූකා ඩි.තිලකරත්න |
|
Post a Comment