පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අහස් තලයේ (11) රාත්‍රී 8.15ට පමණ දිස්වූ අබිරහස් එළිය හා ඉන්පසු නැගුණු විශාල පිපිරුම් හඬ පිළිබඳව ප්‍රදේශවාසී ජනතාව විවිධ අදහස් පළ කරති.
සිද්ධිය වූ දින රාත්‍රී වූ මෙම සිදුවීම ඓතිහාසික සෝමාවතිය චෙත්‍යය ප්‍රදේශයේ බුද්ධයාය පන්සල්, ගොඩැල්ල, යෝධඇළ, බටුකොටුව, කවුඩුල්ල, බුබුළ, මින්නේරිය ඇතුළු විශාල ප්‍රදේශයක ජනයාට නිරීක්ෂණය වී තිබේ. අප සමග කතාබහ කළ සෑම කෙනෙක්ම කියා සිටියේ විවිධ වර්ණ පැහැති ආලෝක ධාරාවන් අහසේ පාවී ඇතිව් එක්වරම එය නිවී ගිය බවයි. ඉන් විනාඩි කිහිපයකට පසු විශාල පිපිරුම් ශබ්දයක් නැගුණු බවද ඔවුහු සඳහන් කරති.
අදාළ සිදුවීම විස්තර කළ එය ඇසින් දුටු හිඟුරක්ගොඩ යෝධඇළ පදිංචි පුෂ්පා ශ්‍රියාකාන්ති මහත්මිය : ඒ වෙලාවේ මම ගෙදර මිදුලේ හිටියේ. මගේ හිතේ වේලාව රෑ 8.15ට විතර ඇති. අපේ ගෙට බස්නාහිර පැත්තෙන් සුදු තැඹිලි පාට මිශ්‍ර එළියක් පාවෙලා එනවා දැක්කා. අපේ ගේ ඉස්සරහා බෝගහ පැත්තට ඒ එළිය පාත් වුණේ. එකපාරටම ඒ එළිය නැතිවෙලා ගියා. මම හිතුවේ දේවතා එළියක් කියලා. විනාඩි දෙක තුනකින් මහා ශබ්දයක් ආවා. එච්චරයි.
සිද්ධිය වූ අවස්ථාවේ ඓතිහාසික සෝමාවතිය චෙත්‍යය අසල සිටි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරකයකු වූ ජේ.ඒ. රිචඩ් අප්පුහාමි මහතා : මමයි අපේ හිතවත් කිහිප දෙනකුයි සෝමාවතියේ පින්කමට ගිහිල්ලා හිටියේ. රෑ 8.15ට විතර ඇති. ෙචෙත්‍යයට උඩින් එකපාරටම සුදුපාට එළියක් ගිනි බෝලයක් වගේ විහිදුණා. ඒ එක්කම මල් වැස්සක් වගේ ඒ ෙචෙත්‍යය දිහාට වැටුණා. සිද්ධිය දැකපු හැමෝම මහා හඩින් සාධුකාර දුන්නා. තත්පර ගාණකින් ආලෝකය නැතිවෙලා ගියා. ඒ එක්කම වගේ මහා ශබ්දයකුත් ඇහුණා. හරියට අකුණු ගහනවා වගේ. අපට හිතාගන්න බැහැ මොකද වුණේ කියලා.
මෙම සිදුවීම දුටු හිඟුරක්ගොඩ බටුකොටුවේ පදිංචි චන්දන කුමාර මහතා : ඒ වෙලාවේ මම හිටියේ එළියට වෙලා. එකපාරටම ගුවන් හමුදාවේ පරා ගහනවා වගේ එළියක් අහසේ පාවෙලා ආවා. අපි හිතුවේ ප්‍ලේන් එකක් කඩා වැටෙනවා කියලා. ඒත් තත්පර තුන හතරකින් ආලෝකය නිවිලා ගියා. ඒ එක්කම වගේ පොළොව දෙදරවන සද්දය ඇහුණා.
මෙම අබිරහස් ආලෝක ධාරාව හා පසුව නිකුත් වූ ශබ්දය පිළිබඳව අප හිඟුරක්ගොඩ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පොලිසියට මෙම සිදුවීම ගැන වාර්තා වී ඇති බවයි. කෙසේ වුවද එය කුමක්ද යන්න මතෛක් අනාවරණය වී නොමැති බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වුවද මෙම අද්භුත සිදුවීම පිළිබඳ අදහස් දක්වන පිරිස් පවසන්නේ මෙය කිසියම් ආකාශ වස්තුවක් වන්නට ඇති බවයි. මේ පිළිබඳ සොයා බැලීම අදාළ වගකිව යුතු අංශයන්හි වගකීමකි.
ඩබ්.ආර්. බණ්ඩාර - හිඟුරක්ගොඩ
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment