BREAKING NEWS

රටතොට

Monday, August 25, 2014

හමුදාවන්ට විශේෂ බලතල හිමිවන පනත අවලංගු කරන තුරුම උපවාසය අත් නොහරින ඇය ...

අධිකරණ නියෝගයක් මත මීට දින කිහිපයකට පෙර මුදා හරිනු ලැබූ ඉන්දියාවේ සමාජ ක්‍රියාකාරිනියක වන ඉරෝමි ෂර්මිලා චානු යළි අත්අඩංගුවට ගෙන තිබේ.

මනිපුර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක මතභේදයට තුඩු දී ඇති නීතියකට විරෝධය පා ඉරෝමි 2000 වසරේ ආහාර උපවාසයක් ආරම්භ කළ අතර මේ වසරට එම උපවාසයට වසර 14ක් සපිරේ. මනිපුර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක මෙම නීතිය අනුව එම ප්‍රාන්තයේ හමුදාවන්ට අසීමිත බලයක් හිමිවේ. අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතැම් අවස්ථාවලදී වෙඩි තබා මරා දැමීමේ බලයද මෙයට අයත්ය.

අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගෙන රෝහල්ගත කෙරුණු ඉරෝමිට නාසයෙන් නළයක් දමා බලහත්කාරයෙන් ආහාර ලබාදීම සිදුවිය. කෙසේ වුවද ඇයට එරෙහිව තිබූ සියදිවි නසා ගන්නට තැත් කිරීම යන චෝදනාව ප්‍රතික්ෂේප කළ අධිකරණය පසුගිය බදාදා ඇයව නිදහස් කිරීමට නියෝග කළේය. නිදහස හිමිවීමෙන් පසුව අදහස් දැක්වූ ඉරෝමි තවදුරටත් උපවාසය කරගෙන යන බවට සහතික විය. හමුදාවන්ට විශේෂ බලතල හිමිවන පනත අවලංගු කරන තුරුම උපවාසය අත් නොහරින බවද ඇය තවදුරටත් සඳහන් කළාය. නිදහස් කිරීමෙන් දින දෙකකට පසු ඉරෝමි යළි අත්අඩංගුවට ගැනුණේ මේ හේතුව මතය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger