ජාත්‍යන්තරයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ජාලයේ මෙතෙක් හෙළි නොවූ වැදගත් තොරතුරු
රැසක් දැන් හෙළිවීමට පටන්ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
ගතවූ මාස කීපය ඇතුළතදී මහා පරිමාණයෙන් මත්කුඩු තොග සහ ප්‍රධාන සැකකරුවෝ දිගට හරහට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට කොටුවීම නිසා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ තොරතුරු මෙසේ හෙළිවෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකාව සහ විවිධ රටවලට මත්කුඩු ප්‍රවාහනය කරන අවස්‌ථාවලදී යොදාගනු ලබන උපක්‍රම සියල්ලම ශ්‍රී ලංකා පොලිසිය මගින් හෙළිකර ගන්නා බව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ හොඳාකාරව අවබෝධයක් ලබාගෙන සිටින බව කටුගස්‌තොටදී මත්කුඩු කිලෝ 59 ක් සමග අල්ලාගනු ලැබූ තනුද්ජින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ප්‍රකාශ කර ඇත.
තමන් කටුගස්‌තොට මත්කුඩු ජාවාරම කරගෙන ගියේ පිටරටවලට කජු පැකට් සැපයීමේ මුවාවෙන් බවද තනුද්ජින් ප්‍රකාශ කර ඇත.
මේ අනුව කජු පැකට් සමග මත්කුඩු රට යවන බවද ඔහු සඳහන් කර ඇත.
තනුද්ජීන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතුරින් එක් අයෙකි. මෙම සැකකරුගේ සියලුම වත්කම් දැන් සොයා බලාගෙන යයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment