BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, August 16, 2014

නවිපිල්ලෙට දෙන්න ද්‍රවිඩ සන්ධානය සාක්‌කි සොයයි...


ශ්‍රී ලංකා රජයට එරෙහිව නවිපිල්ලේ පත් කළ යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය වෙනුවෙන් ද්‍රවිඩ සංධානය උතුරේ ජනතාවගෙන් සාක්‌කි ලබාගැනීම ආරම්භ කර ඇත.


එම පරීක්‍ෂණ මණ්‌ඩලය තමන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීම සඳහා ද්‍රවිඩ සන්ධානය පත් කර නැත.
එහෙත් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කොටි හිතවාදී ද්‍රවිඩ දේශපාලනඥයන් කීපදෙනකු උතුරේ හිටපු කොටින්ගේ නිවාසවලට යමින් ලිඛිත සාක්‌ෂි හා කටඋත්තර ලබාගැනීම අරඹා ඇතැයි උතුරේ බුද්ධි අංශවලට වාර්තා වී ඇත.
නවිපිල්ලේගේ පරීක්‍ෂණ මණ්‌ඩලයට විදේශ රටවල සිටින කොටි ක්‍රියාකාරීන් 2000 කගෙන් ලිඛිත සාක්‌කි ලැබී ඇතැයි ජිනීවා ආරංචි මාර්ග දක්‌වයි.
මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව බොරු සාක්‌කි ඉදිරිපත් කිරීම පසුබිමේ ගෝලීය ද්‍රවිඩ සංසදය හා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය සිටින බව හෙළිවී ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger