Sunday, July 20, 2014
ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මාවතේ කුලී නිවසක සිටින ලෙස්‌ටර්
ඒ වගේම තමයිමේ ජීවිතේ ගැන කිසිම ප්‍රායෝගික අදහසක් ඔහුට තිබුණේ නැහැ.
අදටත් බත්ටික මේසේට එන්නේ කොහොමද කියලවත් එයා දන්නේ නැතුව ඇති. ඇත්තටම අපේ දෙමව්පියෝ ඉතිරි කරල ගිය දේවල්වලින් තමයි අදටත් අපි ජීවත් වෙන්නේ.
* එතුමා හොඳ ප්‍රේමවන්තයෙක් වුණාද?
ඇත්තටම ප්‍රේමවන්තයෙක් කියන වචනයවත් අපි අතර තිබුණු ආශ්‍රයට භාවිතා කරන්න මම කැමැති නැහැ. මොකද සමාජය දකින විදිහේ රොමැන්ටික් ප්‍රේමයක් අපි අතර තිබුණේ නැහැ. "සුදු අශ්වයෙක් පිටේ කව්රුහරි මනුස්‌සයෙක් එන... ඔහු එනකම් බලන් ඉන්න... වගේ සිහින අපි අතර කවදාවත් තිබුණේ නැහැ. ලියුම් ලියන ලේන්සු මාරු කරන ප්‍රේමයක් නෙමෙයිඅපි අතර තිබුණේ. ස්‌භාවයෙන්ම මමත් එහෙම දේවල් ප්‍රිය කරපු කෙනෙක් නෙමෙයි. මම තරුණ කාලයේ එංගලන්තයේ ඉන්න කොට එහේ කෙනෙක් සමග මිත්‍රත්වයක් තිබුණා. නමුත් එය මීට වඩා වෙනස්. මිස්‌ට පීරිස් හා මා අතර තිබුණු ප්‍රේමය බොහොම තැම්පත් එකක්. ඔහු මට වැඩිහිටියෙක් වගේ. ලොකු ගෞරවයක් ඔහු කෙරෙහි තිබුණා. කිසි විටෙකත් බොළඳ ආදරයක් නෙමෙයි.
* ලියුම් ලියපු ලේන්සු මාරු කරපු ප්‍රේමයක් අපි අතර තිබුණේ නැහැ
* අපේ ජිවිතවලට සැලසුමක් තිබුණේ නෑ
* මේ බැඳීමට 'සංදේශයත්' බලපාන්න ඇති
* ඔහු තුළ වාමාංශික මිනිසෙක් සිටියා
* ඒ මනුස්‌ස කමට මම ගොඩක් ගරු කළා
ඉන්දියාවේ සත්‍යජිත් රායි සේම, ජපානයේ අකිරා කුරසෝවා සේම ශ්‍රී ලාංකීය සිනමාවේ හැඩය ලෝකයට රැගෙන ගිය, විටෙක ආසියාවේ නිහඩ සිනමා කරුවා ලෙස විරුදාවලි ලත් ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් නම් ඒ මහා සිනමාකරුවා අද වන විට සිය ජීවිතයේ 95 වැනි විය පසුකරමින් නිහඬ ජීවිතයත් ගත කරමින් සිටී. වයස්‌ගතවීම නිසාම ඇතිවන ශාරීරික දුබලතාවන් හැරෙන්නට ඔහු නිරෝගී දිවිපෙවෙතක් ගෙවන්නේ ජීවිතයේ හුරුකොටගත් යහපත් ජීවන පුරුදු නිසාම වන්නට පිළිවෙන.
අඩසියවසද ඉක්‌මවා ඇති ඔහුගේ සිනමා ජීවිතයේදී ඔහු කොතරම් සම්මානයට සම්භාවනාවට පාත්‍ර වුවද ඒ කිසිවක් තම ජීවිතයට ආභරණයක් කර ගැනීමට පෙළඹුණු බවක් පෙනෙන්නට නැත. සිනමාව හරහා හරවත්a දෙයක් කිරීමෙන් තමන් ලද ආත්ම තෘප්තිය හැරෙන්නට ඉන් උපයා සපයා ගත් කිසිවක් ඔහු සන්තකයේ ඉතිරිවද නොමැත. ඔහුට හා බිරිඳ වන සුමිත්‍රා පීරිස්‌ට තම දෙමාපියන්ගෙන් ලැබුණු දේපළක් හෝ දායාදයක් වූවානම් ඒ සියල්ලද කැප කළේ සිංහල සිනමාවේ පැවැත්ම උදෙසාය. ඒ නිසාම අද ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මාවත ලෙස හඳුන්වනු ලබන මාවතෙහි වසර 45 කට අධික කාලයක් කුලියට ගත් නිවසක රැඳී සිටින ඔහු ජීවිතය දෙස බලන්නේ ඉතාමත් තෘප්තිමත් ලෙසය.
එදා මෙන්ම අදත් ඔහුගේ ජීවිතයේ පසුතැවීම් නැත. ඔහුට මෙන්ම ඔහුගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස්‌ටද ඇත්තේ සැමියාගේ මෙන් සමාන්තර ගති ලක්‍ෂණ යන්ය. දැන් ඔවුන් දෙදෙනා එක්‌ව ගෙවන ජීවිතයද අඩසිය වසක් සපුරා තිබේ.
ප්‍රිය සැමියෙක් ලෙසත්, මහා සිනමාකරුවෙක් ලෙසත් හිතවත් මිතුරෙක් ලෙසත් ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් නම් උත්තම පුරුෂයා පිළිබඳව දැන හඳුනාගත් දේ කෙබඳු දැයි විමසීමට අප සුමිත්‍රා පීරිස් නම් ශ්‍රී ලාංකීය ප්‍රථම සිනමා අධ්‍යක්‍ෂවරිය හමුවූයෙමු.
මට අවුරුදු විස්‌සේදී විතර සිනමාව පිළිබඳව ලොකු උනන්දුවක් තිබුණා. ඒ නිසාම ඒ පිළිබඳව වැඩිදුර හැදෑරීමේ අරමුනින් තමයි මා ප්‍රංශයට ගියේ. ප්‍රංශයේ එවකට ශ්‍රී ලංකා තානාපතිව සිටි වර්ණන් මෙන්ඩිස් මහත්මයලගේ නිවසේ මා රැඳී සිටින කාලේ ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් ප්‍රංශයේ "කෑන්ස්" චිත්‍රපට උළෙලට"රේඛාව" කියල චිත්‍රපටයක් අරගෙන ආවා. ඔහුගේ නම වූයේ ලෙස්‌ටර් ඡේම්ස් පීරිස්. මා මිට පෙර ලංකාවේදී ඔහුගේ නමවත් අසා තිබුණ් නැහැ. එය තමයි අප දෙදෙනාගේ පළමු හමුවීම. නමුත් ඒ වන විට ඔහු මා පිළිබඳව අපේ අයියාගේ මාර්ගයෙන් දැනගෙන ඉඳලා තියෙනවා. එහිදී ඔහු මට පැවසුවා ප්‍රංශය නෙමෙයි එංගලන්තයට යන්න. එහිත් හොඳ සිනමා පාසල් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කිරීමත් ඉතා පහසුයි කියලා. ඊට පස්‌සේ තමයි මා එංගලන්තයට යන්නේ. මේ හමුවීමෙන් පසුව මා වසර දෙකක් පමණ ලන්ඩනයේ අධ්‍යාපන කටයුතු කරමින් ජීවත් වුණා. ඒසමගම මට ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් කියන කෙනාවත් අමතක වෙලයි තිබුණේ.
අවුරදු දෙකකට විතර පසුව මා උපාධියත් අවසන් කරල ඉන්න කාලේදී නැවතත් අපේ අයියා මට ලියුමක් එවල තිබුණා ලෙස්‌ටර් සංදේශය කියල චිත්‍රපටයක් කරනවා කැමතිනම් ඒකට සම්බන්ධ කරන්නම් කියලා. ඒ වන විට මට එංගලන්තයේ ගත කළ ජීවතයත් එපා වෙලයි තිබුණේ. ඒ නිසා මම ලංකාවට ඇවිත් මිස්‌ට පීරිස්‌ව හමුවෙලා සංදේශය චිත්‍රපටයේ උප අධ්‍යක්‍ෂ වරියක් ලෙස වැඩ කරන්න කැමැති වුණා.
මේ කාලෙදී ඇති වුණු දැන හැඳුනුම්කම් අපිව ටිකෙන් ටික ළං කරන්න ඇති කියලා මට අද හිතෙනවා. සංදේශය කරල අවුරුදු 6 කට පස්‌සේ 1964 දී අපි විවාහ වුණා.
* ඔබට කොහොමද සිනමාව පිළිබඳ ඇල්මක් ඇති වෙන්නේ. ඔබ දෙදෙනාගේ මේ බැඳීමේ රහස සිනමාවද?
අපි අතර ඇතිවුණු බැඳීමට සිනමාව බලපෑවේ නැහැ. නමුත් මා කුඩා කාලයේ පටන් සිනමාවට ආදරය කළා. නිතර චිත්‍රපට නරඹන්න ගියා. ඒ කාලේ වැඩිපුර තිබුෙ'ණ් ඉංග්‍රීසි චිත්‍රපට. සිංහල චිත්‍රපට නැති තරම්. දවසක් එම්පයර් රඟහලේ ඉංග්‍රීසි කෙටි චිත්‍රපටයක් පෙන්නුව. "බී කෙයෆුල් බී සොරි" කියලා. ඒක හරි ලස්‌සනයි. ඒ චිත්‍රපටය බලපුවහම මට හිතුනා ඇයි ලංකාවේ අපිටත් මේ වගේ චිත්‍රපට හදන්න බැරි ද කියලා. මගේ සිනමාව පිළිබඳ ඇති වූ උනන්දුවට ඒ චිත්‍ර පටයත් බලපෑවා. ඊට ගොඩාක් පස්‌සේ කාලෙක තමයි මා දැනගත්තේ ඒ චිත්‍රපටය හදලා තියෙන්නේ මිස්‌ට පීරිස් බව.
ඔබ ඔහුට ඇලුම් කළේ කුමන හේතුවක් නිසාද?
ඔහු ඉතා උසස් ගතිගුණ තිබෙන කෙනෙක්. ඒ මනුස්‌සකම ගොඩක් බලපාන්න ඇති. අනික අපි සිනමාව ගැන නිතර සාකච්ඡා කළා. මේ වෙද්දී මගෙත් කිසි අරමුණක් තිබුනේ නැහැ. ඔහේ පාවෙන චරිතයක්. මගේ අම්මා නැති වුණේ මට වයස දහ තුනේදී මට ටිකක් නිදහස කියන දේ තිබුණා. ඒ වගේම මා එය බලෙන් ලබා ගත්තා. මේ හැම දෙයක්‌ම අතරේ මනසින් අපි දෙන්නා හඳුනාගෙන ළංවුණා කියලයි මට හිතෙන්නේ.
* ඔබ ලංකාවේ ප්‍රබල වාමාංශික දේශපාලන පවුලකින් පැවත එන කෙනෙක්. ඔහු ඊට හාත්පසින්ම වෙනස්. මෙය විවාහයට ගැටළුවක් වුණේ නැද්ද?
ඔහුටවත් මටවත් එවැනි ගැටළුවක් කවදාවත් ඇති වුණේ නැහැ. ඔහු කතෝලිකයෙක් වුණත් බටහිර ක්‍රමයට හැදී වැඩුනත් ස්‌වභාවයෙන්ම ඔහු තුළ වාමාංශික මිනිසෙක්a ජීවත් වුණා. ඒ සමහර විට ඔහු කලාකරුවෙක් නිසා වෙන්න ඇති. මම හිතන්නේ නැහැ ඔහු කවදාවත් දක්‍ෂිනාංශික දේශපාලනයකට ඡන්දයවත් දීල ඇති කියලා.
"ඉහළ ව්‍යාපාරික ප්ලැන්තියකට අයත් ප්‍රභූ පවුලක දෙවැනි දරුවා ලෙස 1919 වර්ෂයේ අප්‍රේල් 5 වැනි දින මෙලොව එළිය දුටු ලෙස්‌ටර් ඡේම්ස් පීරිස්aගේ පියාගේ නම වූයේ ඡේම්ස් µ්‍රeන්සිස්‌ය. ලෙස්‌ටර්ගේ මව ඈන් ගර්ට්‌රූඩ් විනිෙෆඩ් ජයසූරිය නම් වූවාය. මෙම දෙමාපියන් තම දරුවා ඉපදී දින දහයක් ඇතුළත දී බෞතිස්‌ම කර තිබේ. මවගේත් පියාගේත් පවුල් දෙකම ඉතා උග්‍ර කතෝලික පවුල් වූ අතර ලෙස්‌ටර් හා අනෙක් සහෝදරයන්ටද ඒ ආභාෂය තදින් දැනෙන්නට විය.
ලෙස්‌ටර්ගේ පියා ස්‌කොට්‌ලන්තයේදී අධ්‍යාපනය හැදෑරූ වෛද්‍යවරයෙක් වූ අතර එහිදී ඔහු වෛද්‍ය වෘත්තියට වඩා ප්‍රියකර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවය. ඔහු ස්‌කොට්‌ලන්තයේ බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌ද වී තිබේ. ලංකාවේදී ද ඔහු එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙක් වූ අතර ලෙස්‌ටර්වද ක්‍රිකට් ක්‍රීඩකයෙක් කිරීමට ඔහු බොහෝ උත්සාහ දරා තිබේ. කුඩා කාලයේදී ලෙස්‌ටර් ඡේම්ස් පීරිස්‌ගේ හඳහන බැලූ දෛවඥයෙක් සඳහන් කර ඇත්තේ ඔහු කවදා හෝ චිත්‍රපටකාරයෙක් වන බවය. නමුත් පුදුමය නම් එවකට සාමාන්‍ය මිනිසුන් දන්නා තරමේ සිනමාවක්‌වත් මෙරට නොතිබීමය. එම දෛවඥයාගේ නම බොරැල්ලේ ක්‌ලිෆඩ් පෙරේරාය...."
* බිරිඳක වශයෙන් ඔබ ඔහුත් සමග ගෙවූ ජීවිතයේදී ඔහුව හඳුනා ගත්තේ කොහොමද?
ඔහු කිසිම දවසක ඔහුගේ තරාතිරම පිළිබඳවත් හැකියාව පිළිබඳවවත් තැකුවේ නැහැ. මට හිතෙන්නේ ඔහු ඔහුවම අවතක්‌සේරු කරගත්තා කියලයි. මොකද මේ ගෙදර වැඩකරන අය පවා ඔහුව දැක්‌කේ බොහොම චාම් ගතිගුණ තියෙන සරල කෙනෙක් විදියට. ඒ නිසා ඒ අයටවත් ලෙස්‌ටර්ගේ විශේෂත්වයක් දැනෙqනේ නැහැ. අපිටත් එහෙමයි. එහෙම හැගෙන විදිහට තමයි එයා වැඩ කළේ. ඒ වගේම තමයි මට ලොකු නිදහසක් දීලා තිබුණා. අපි දෙන්න අතර වයස් පරතයත් ටිකක් වැඩියි. නමුත් කවදාවත් ඉරිසියාවකින්වත් සැකයකින්වත් මා දිහා බැලුවේ නැහැ.
ඒ කලේ ගම්පෙරළිය චිත්‍රපටයට මෙක්‌සිකෝවෙන් ආරාධනා ලැබුණා. එයා වෙනුවට ඒ ගමන ගියේ මම. එතකොට අපි බැඳල අවුරුද්දක් විතර ඇති. ඒ ගමන ගිහින් මම මොක්‌සිකෝවෙන් නතර වුණේ නැහැ. තව ලෝකේ රටවල් ගණනාවක ඇවිද්දා. ලංකාවට අවේ මාස තුනකට විතර පස්‌සේ. ඔහු කවදාවත් මට දොස් කිව්වේ නැහැ. ඊට අවුරුදු තුනකට විතර පස්‌සේ මට ආයෙත් ප්‍රංශයේ ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. අවුරුදු එක හමාරක් පමණ මම ප්‍රංශයේ හිටියා. එදා අද වගේ නෙමෙයි telephone ස්‌කයිප් නැහැ. සන්නිවේදනය හරිම අමාරුයි. ලියුමක් ලැබෙන්නෙත් මාසෙකින් විතර. නමුත් අපි අතර විශ්වාසය හා බැඳීම කියන දේ උපරිමයෙන් තිබුණා. අද වගේ උපකරණ හරහා නෙමෙයි අපේ බැඳීම තිබුණේ.
* ඔහු ලෝකයක් දැනගෙන සිටි කලා කරුවෙක්. ඔහුට තිබූ ආකර්ශනය හා ජනප්‍රියතාව ඉතා ඉහළයි. ඔහු කොහොමද තම කුටුම්භය රැකගන්නේ?
අද වෙනකොටනම් සමාජය ගොඩක් වෙනස්. එදත් ඒව නොතිබුනේම නැහැ. නමුත් පවුල රැකගන්න ඕන කියල අමුතුවෙන් කිසිම උත්සාහයක් දරුවේ නැහැ. ඒක නිරායාසයෙන්ම උණා. අප අතර එකිනෙකාට ගරු කිරීමක් බැඳීමක් තිබුණා. ඒ දේවල් තියෙනටකාට සංවරකම කියනදේ ඉබේම ඇති වෙනවා.
* එතුමා හොඳ ප්‍රේමවන්තයෙක් වුණාද?
ඇත්තටම ප්‍රේමවන්තයෙක් කියන වචනයවත් අපි අතර තිබුණු ආශ්‍රයට භාවිතා කරන්න මම කැමැති නැහැ. මොකද සමාජය දකින විදිහේ රොමැන්ටික් ප්‍රේමයක් අපි අතර තිබුණේ නැහැ. "සුදු අශ්වයෙක් පිටේ කව්රුහරි මනුස්‌සයෙක් එන... ඔහු එනකම් බලන් ඉන්න... වගේ සිහින අපි අතර කවදාවත් තිබුණේ නැහැ. ලියුම් ලියන ලේන්සු මාරු කරන ප්‍රේමයක් නෙමෙයිඅපි අතර තිබුණේ. ස්‌භාවයෙන්ම මමත් එහෙම දේවල් ප්‍රිය කරපු කෙනෙක් නෙමෙයි. මම තරුණ කාලයේ එංගලන්තයේ ඉන්න කොට එහේ කෙනෙක් සමග මිත්‍රත්වයක් තිබුණා. නමුත් එය මීට වඩා වෙනස්. මිස්‌ට පීරිස් හා මා අතර තිබුණු ප්‍රේමය බොහොම තැම්පත් එකක්. ඔහු මට වැඩිහිටියෙක් වගේ. ලොකු ගෞරවයක් ඔහු කෙරෙහි තිබුණා. කිසි විටෙකත් බොළඳ ආදරයක් නෙමෙයි.
* චිත්‍රපට හැරුණාම ඔහුගේ ජීවිතේ වුණේ?
උදේ ඉඳන් රෑ වෙනකම්ම කරන්නේ පොතක් පත්තරයක් බලන එක. ක්‍රිකට් මැච්බලනවා. නැත්නම් සිංදු අහනවා. එයා මියුසික්‌වලට හරිම ආසයි. ඕනම ශෛලියක සිංදු අහනවා. ලෝකේ වෙන දේවල් ගැන නිතරම සොයා බලනවා.
* ආහාර පිළිවෙත කොහොම එකක්‌ද?
කෑම ගැන හරි උනන්දුයි. මිරිස් ගෑවිච්ච දෙයක්‌වත් කන්නේ නැහැ. එයාට වෙනම උයන්න ඕන. කෑම වෙලාවට විතරයි කන්නේ. අමතර වෙලාවට කිසිම දෙයක් කන්නේ නැහැ.
* ඔහු වඩා ප්‍රිය කළ චිත්‍රපටය කුමක්‌ද?
නිධානය හා ගම්පෙරළිය කියල තමයි මට හිතන්නේ.
* විදේශීය සිනමාකරුවන් සමග තිබුණු ආශ්‍රය කොහොමද?
ඉතා කිට්‌ටු සම්බන්ධකම් පැවැත්තුවා. ඒ රටවලට ගියහම නිතර ඔවුන් හමුවුණා. ලිපි ලිව්වා. සත්‍යජිත් රායි සමග ලොකු හිතවත්කමක් තිබුණා. ඔහු ඉන්න කාලයේ විට එවූ ලිපි රාශියක් තිබෙනවා.
* නිර්මාණවලට නළු නිළියන් තෝරා ගන්නේ කොහොමද?
චරිතයට ගැලපෙන කෙනාව තමයි තේරුවේ. වැඩිපුරම තෝරගෙන තිබුණේ මාලිනි පොන්සේකා තමයි. පුන්‍යා හීන්දෙනියටත් ඔහු ගොඩක් ප්‍රිය කළා. ඇයත් අද විදේශ රටක ජීවත් වුණත් තවමත් ඉතා ගෞරවයෙන් ඔශු පිළිබඳව සොයා බලනවා. ගාමිණි ෙෆdන්සේකා සමගත් ලොකු බැඳීමක් තිබුණා.
මිස්‌ට පීරිස් පිරිසිදුකම ගැන ගොඩක් හිතන කෙනෙක්. නිතරම අත සෝදන එක පුරුද්දක්. එයාගේ බෙහෙත් පෙත්තක්‌වත් අල්ලන්නේ නැහැ අත් සෝදන්නේ නැතිව. නමුත් මට මතකයි ගාමිණි ෙෆdන්සේකාගේ මළගෙදර ගිය වෙලාවේ ගාමිණිගේ නළලට මෙයාගේ නළල තියල ඉඹිනවා මම දැක්‌කා. මටත් හරිම පුදුම හිතුණා. එයාගේ දෙමාපියන්ටවත් එහෙම කරන් නැතුව ඇති.
* ඔබගේ සිනමා කටයුතුවලදී දුන් සහය?
ඔහු මට දුන්නේ සීමාසහිත සහයක්. නිතරම ඉන් මාව ඉස්‌මතුවෙන්න ඉඩ හැරියා. ඔහුගේ ඉඩම් විකුණල මට චිත්‍රපට කරන්න සල්ලි දීලා තියෙනවා. මමත් එහෙම කරල තියෙනවා. මම වැඩ කරන කොට සෙට් එකට ආවත් පොතක් බල බලා ඉන්නව මිසක් "ඇයි ඒ ෂොට්‌ක එහෙම ගත්තේ" කියලවත් අහල නැහැ.
* මේ ජීවිතේ පිළිබඳව ඔහු දකින්නේ කොහොමද?
ඒක හරියටම කියන්න අමාරුයි. කොහොමත් සැලසුම් කරපු ජීවිතයක් නෙමෙයි එදා ඉඳල අපි දෙන්නටම තිබුණේ.
විවාහයෙන් පසුව බොහෝ කලක් තිස්‌සේ ඔබ දෙදෙනා ගෙවන මේ හුදෙකලා ජීවිතය ගැන ඔහු මොනවද කියල තියෙන්නේ?
අපිට එහෙම හුදෙකාලාවක් දැනෙන්න වෙලාවක් තිබුණේ නැහැ. නිතරම මොකක් ගැන හරි සාකච්ඡා කරනවා. ඉතා හොඳ මිතුරන් ලෙස තමයි මේ නිවසේ අපි ජීවත් වෙන්නේ. අපිට දරුවො හිටියනම් මගේ ජීවිතේ ගොඩක් කාර්ය බහුල වෙයි කියල ඔහු මට කියල තියෙනාව. පරිසරයත් සමග ලොකු බැඳීමක් තියෙනවා. මේ වත්තේ වුනත් ගස්‌කොලන් තියෙනවා. වත්තේ කුකුලෝ දෙන්නෙක් ඉන්නවා. බල්ලේක් ඉන්නවා. ඉබ්බෝ දෙන්නෙක් ඉන්නවා. අපිට ඉතින් පාළුවක් දැනෙන්නේම නැහැ. (ඇය සිනහ මුසු මුහුණින් තම ප්‍රීතිමත් ජීවිතය පිළිබඳව අපට පැවසුවාය".
* ජීවත්වීමට අවශ්‍ය භෞතික සාධක කෙරෙහි එතුමා වැඩි සැලකිල්ලක් දක්‌වන බව පෙනෙන්න නැහැ.
ඒකනේ අපි තවමත් මේ කුලී නිවසක ඉන්නේ. අපි මේ ගෙදරට පදිංචියට ආවේ 1969 දී. දැන් අවුරුදු 45 ක් වෙනවා. මේ ගෙදරට ඇවිත්. ගෙදර අයිති අයට පින්සිද්ධවෙන්න තවමත් මෙහි ඉන්නවා.
ඔහු කවදාවත් මුදල ගැන හිතල ලාබ ප්‍රයෝජන ගැන හිතල වැඩ කළේ නැහැ. චිත්‍රපටයක් වුනත් කළේ තමන්ට හොඳයි කියල හිතෙනව නම් විතරයි. ප්‍රේමදාස මහත්තය ඉන්න කාලේ කලාපුරෙන් මුල්ම ඉඩම් කෑල්ල දෙන්න කතා කළේ ලෙස්‌ටර්ට. ඔහු ඒක ප්‍රතිෂේප කළා. එයා ළඟ ලොකු ප්‍රතිපත්ති තිබුණා. ඇත්තටම ඒවා අදටත් රැකගන්න තරම් ඔහු වාසනා වන්තයි.
ඒ වගේම තමයිමේ ජීවිතේ ගැන කිසිම ප්‍රායෝගික අදහසක් ඔහුට තිබුණේ නැහැ.
අදටත් බත්ටික මේසේට එන්නේ කොහොමද කියලවත් එයා දන්නේ නැතුව ඇති. ඇත්තටම අපේ දෙමව්පියෝ ඉතිරි කරල ගිය දේවල්වලින් තමයි අදටත් අපි ජීවත් වෙන්නේ.
* සමහර දේවල් අහිමිවීම තුල අද ඔහු පසු තැවෙන්නේ නැද්ද?
නැහැ. එහෙම හිතන්නේවත් නැහැ.
* ඔහු ආගම ඇදහු කෙනෙක් ද?
ඔහු හොඳ කතෝලික භක්‌තිකයෙක්. නමුත් උදේ සවස ආගම අදහන සිරිතක් ඔහුගේ තිබුණේ නැහැ. මම වුණත් නිතර දෙවේලේ පන්සල් යන කෙනෙක් නෙමෙයි.
* ලෙස්‌ටර් ඡේම්ස් පීරිස්‌ගේ දැන් ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?
උදේ නැගිට්‌ට වෙලේ ඉඳන් ඔහු කරන්නේ පත්තර බලන එක. නැත්නම් සිංදු අහනවා. පොත් බලනවා. දැන් පෙනීම තියෙන්නේ එක ඇසක පමණයි. ඒ නිසා මම කියනවා වැඩිය ඒ ඇහැ වෙහෙසවන්න එපා ඒකත් නරක් වෙයි කියලා. පසුගිය දවස්‌වල තිබුණු ෆqට්‌බෝල් ෆයිනල් මැච්එක බලන්න බැරි වුණා. මේ දවස්‌වල ඒක බලන්න විදිහක් ගැනත් කල්පනා කර කර ඉන්නවා. දැන් වයස 95 ක් වුණත් සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
* එතුමාට කවදාවත් ජීවිතේ පසුතැවීමක් තිබුණේ නැද්ද?
"අප අවසන් වශයෙන් ඇසීමු"?
නැහැ ඔහු කවදාවත් පසුතැවීමෙන් ඉන්න බවක් අද වෙනකම් මට කියල නැහැ.
රංග විදානේ
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment