BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, May 10, 2014

සල්ලි දැක්කම කොච්චර දේවල් මතක් වෙනවද...?

චමිදු අමරසිංහ 2011 වසරේ ඔස්ට්‍රලියාවේ මෙල්බර්න් නුවර අධ්‍යාපනය හදාරමින් ඉන්න ගමන් තම part time job එකට කලේ cleaner කෙනෙක් වශයෙන් වැඩකිරීමයි.
එය සාමාන්‍ය රැකියාවක් මෙහෙට එන හැම කෙනෙකුටම. නියම රැකියාව ලැබෙන තුරු එම අංශයේ රැකියාවල් තමයි ලෙහෙසියෙන්ම හොයාගන්න තියෙන්නේ. වෙනදා වගේම වැසිකිලි පිරිසිදු කිරීමේ යෙදෙනකොට ඔහුට ඩොලර් 50 හා 100 නෝට්ටු දකින්නට ලැබිල තියෙනවා වැසිකිලි සෞඛ්‍යඅරකිෂිත bin එකතුල තිබිල. එත් ඒවා බොරු ඒවා කවුරුහරි රවට්ටන්න කරපු දෙයක් කියල චමිදු හිතල තියෙන්නේ. එත් ඇත්තටම එතන ඩොලර් ලක්ෂයක් 50 හා 100 නොට්ටුවලින් තිබිලා තියෙනවා. එතනින් එක කොළයක්වත් ඔහු නොගෙන supervisor ට දැනුම් දීලා පොලිසියට ඒවා බාර දීල තියෙනවා. පොලිසිය සල්ලි ආපු විදිහ සෙව්වත් එය කෙහෙන් ආවාදැයි දැනගනීමටවත් එය ගැනීමට කිසිම කෙනෙකුවත් ඉදිරිපත් නොවීමත් නිසා නඩුකාර තුමාගේ චමිදුගේ අවංක භාවයට ගරුකිරීමක් වශයෙන් එම ඩොලර් ලක්ෂයක මුදලෙන් ඩොලර් 81,597 ක මුදලක් ඔහුට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.
තමාට වාසනාවට ලැබූ මේ මුදලින් කොටසක් ආබාදිත අය වෙනුවෙනුත් මෙල්බර්න් තිබෙන බෙරික් පන්සලටත් (සෝම ස්වාමින්වහන්සේ වැඩ විසු) දීමට තීරණය කර තිබෙනවා.
එම මුදල එවන් පිරිසිදු කිරීම් කරන්නෙකුට මහමෙරක් වැනිය, සල්ලි දැක්කම කොච්චර දේවල් මතක් වෙනවද? මම මේක මෙහෙම වියදම් කරනවා, course fees ගෙවන්න පුළුවන්, මට ගෙදරට යවන්න පුළුවන්, loan එක ඉවර කරන්න පුළුවන්. එත් චමිදු ගේ තිබුන අවංක භාවයටයි වාසනාවටයි දුන්න හොදම තෑග්ග තමයි නඩුකාරය දීලා තියෙන්නේ. අවන්කවම ධර්මයේ නියෙලෙනවානම් සම්යක්දුෂ්ටික දෙවි වරුන්ගේ ආරක්ෂාව නොඅඩුව එම පුද්ගලයාට ලැබෙනවා. පන්සිල් රකින එවන් පුද්ගලයින්ට දෙවියොත් වදින බව බුදු දහමේ දක්වා තිබෙනවා.
සම්පුර්ණ විස්තරය
http://www.heraldsun.com.au/news/honest-toilet-cleaner-gets-to-keep-80000/story-fni0fiyv-1226910864398

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger