BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, May 20, 2014

සෞඛ්‍ය ලේකම් මිලියන 10ක කොමිස් වංචාවේ...

දඩුවම අවවාදයක් පමණයි

තැලසීමියා රෝගීන් සඳහා ලබාදෙන “ඩෙස්‌ෆෙරි ඔක්‌සමින් මෙසිලේට්‌” එන්නත් තුන්ලක්‍ෂ හැටදහසක තොගයක්‌ මෙම වසර සඳහා මිලදී ගැනීමට කැඳවා තිබූ ටෙන්ඩර් පිරිනැමීමේදී වංචනික අයුරින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්‌ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක  වෙත දැඩි ලෙස අවවාද කරමින් අවවාදාත්මක ලිපියක්‌ යවා තිබේ.

රුපියල් තිස්‌දෙලක්‌ෂ තිස්‌දහස්‌ නවසිය විසිඅටක වටිනාකමින් යුතු ලංසු සහිත මෙම ටෙන්ඩරය පිරිනැමීමට සුදුසුකම් ලත් දේශීය නියෝජිත සමාගම වෙනුවට රුපියල් මිලියන 10 ක පමණ කොමිස්‌ මුදලකට යටවී වෙනත් කලාපීය නියෝජිත සමාගමක්‌ ටෙන්ඩර ලබාදීම සඳහා නිර්දේශ කරමින් වැරැදි සටහනක්‌ ඉදිරිපත් කිරීම සෞඛ්‍ය ලේකම්වරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වී තිබේ.
මෙහිදී අදාළ ටෙන්ඩරය පිරිනැමීමට වැරැදි අයුරින් නිර්දේශ කර තිබූ සමාගම ටෙන්ඩරය සඳහා ලංසුවක්‌ හෝ ඉදිරිපත් කර නොතිබූ බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් සිදු කරන ලද පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ. ලංසු විවෘත කිරීමේ ක්‍රියාවලියේ දී නම සඳහන්ව නොතිබූ සමාගමකට ටෙන්ඩරය පිරිනැමීම පිණිස තාක්‌ෂණ ඇගයීම් කමිටුව හා අමාත්‍ය මණ්‌ඩලය විසින් පත්කරන ලද ස්‌ථාවර ප්‍රසම්පාදන කමිටුව හරහා නිර්දේශ කරන ලද්දේ කෙසේද යන්න පිළිබඳ සවිස්‌තරාත්මක වාර්තාවක්‌ සෞඛ්‍ය ඇමැතිවරයා හරහා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරන්නැයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය අමාත්‍ය මණ්‌ඩලය වෙත නිර්දේශ කර තිබේ.
ටෙන්ඩරය පිරිනැමීමට සුදුසුකම්ලත් ලංසු ඉදිරිපත් කරන ලද නමුත් නම ඉවත් කර තිබූ දේශීය සමාගම මෙරටට ඩෙස්‌ෆෙරි ඔක්‌සමීන් මෙසිලේට්‌ මිලිග්‍රෑම් 500 එන්නත ආනයනය කරනු ලබන ආනයනකරු ලෙස විලවුන්, උපකරණ හා ඖෂධ පිළිබඳ පනත යටතේ 2011 වසරේ දී ලියාපදිංචිය ලබා ඇති සමාගමකි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger