BREAKING NEWS

රටතොට

Saturday, March 22, 2014

රැසියානු සහ උක්රේන ජාතිකයින් ඉලක්ක කර ගනිමින් හමුදා බුද්ධි අංශය විසින් පවත්වන වැඩසටහන

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වෙරළාසන්න නගරයක් වන බෙන්තොට නගරයේදී, ඉදිරි සතියේ Beach Festival වැඩසටහන පැවැත්වීමට නියමිතය. ජල ක්‍රීඩාවට උනන්දුවක් දක්වන විදෙස් ජාතිකයින් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකා බුද්ධි අංශයේ ක්‍රීඩා අංශය වන Hawkeyes, බෙන්තොට ක්‍රීඩා සංගමය,  සන්සයින් ජල ක්‍රීඩා සංගමය ඒකාබද්ධ වී තෙවන වසරටත් මෙම වැඩ සටහන පැවැත්වීමට නියමිතය.
2014.03.21 වන දින පැවැත්වෙන මෙම විචිත්‍ර සහ ක්‍රීඩා වැඩසටහන රුසියානු සහ උක්රේන සංචාරකයින් ඉලක්ක කර ගනිමින් පවත්වන බව සංවිධායකවරුන් ප්‍රකාශ කර ඇත.
ඉහත සඳහන් රටවල් දෙකේ සංචාරකයින් ඉලක්ක කර ගනිමින්, දෙරටේ භාශාවලින්, දැන්වීම් සහ අත් පත්‍රිකා බෙදා හැර ඇත. පසුගිය වසරට වඩා මෙවර විදෙස් ජාතිකයින් දහසකට අධික පිරිසක් බලා පොරොත්තුවන බව වැඩි දුරටත් දැන ගැනීමට ලැබී ඇත.
අවම වශයෙන් 16,000ක් පමණ සහභාගී වීමට නියමිත මෙම වැඩසටහනේදී, බ්‍රිතාන්‍යය, උක්රේනය, ස්වීඩනය, පෝලන්තය යන රටවල කලාකරුවන්, දේශීය කලාකරුවන් සමග ඒක්ව වී සංගීත සහ නර්ථන වැඩ සටහන් ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger