BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, March 25, 2014

මර්වින් සිල්වා


තමන් මිය ගිය දිනක භෂ්මාවශේෂ තැන්පත් කළ යුතු ස්මාරකය ඉදිකිරීම මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා  බොරැල්ල කනත්තේ දී ඇරැඹීය.
                තමන් මිය ගිය පසු භෂ්මාවශේෂ වලින් කොටසක් උපන් ගම වන බෙලිඅත්තට ද, තව කොටසක් කැලණිය රජ මහා විහාරය අසලින් කැලණි ගඟේ පා කළ යුතු බවත්, අනෙක් කොටස බොරැල්ල කනත්තේ තැන්පත් කළ යුතු බවත් ඔහු තම ඥාති හිතමිතුරන්ට උපදෙස් දුන්නේය.
                       මීට වසර කීපයකට පෙර මිය ගිය මව වස කුසුමාවතී සිල්වා මහත්මියගේ භෂ්මාවෂේෂ ද කනත්තේ තැන්පත් කැරිණි.
ප්‍රියතම ගායක  ජෝතිපාලගේ ස්මාරකය අසලින් ඔහුගේ ස්මාරකය ඇත.
පිටිදූවේ සිරිධම්ම  ඇතුළු ස්වාමීන් වහන්සේ කිහිප නමක් ද වැඩ සිටියහ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger