ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රාජ්‍යයක් පිහිටුවන ලෙස ඉල්ලමින් ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කලබලයක් ඇති කිරීමට උත්සාහ කළ ද්‍රවිඩ සහ යුරෝපා කොටි හිතවාදීන්ට පොලිසිය ගම්මිරිස් වායු ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර ඇත.
කොටි ක්‍රියාකාරීන් මෙහෙයවූ මෙකී උද්ඝෝෂණයට එක්‌සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහලේකම් ඩෙනිස් හැලිඩේද සහභාගි වී තිබේ.
ඇමරිකාව ප්‍රමුඛ රටවල් හයක් කෙටුම්පත් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කිරීමට ප්‍රමාණවත් නැතැයි කියමින් එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ මාර්ග අවහිර කිරීමට මෙම කොටි හිතවාදීන් ක්‍රියාකර ඇත.
මුල්වරට ස්‌විස් පොලිසියේ කැරලි මර්දන ඒකකය එම ස්‌ථානයට පැමිණ කොටි ක්‍රියාකාරීන් ඇති කිරීමට උත්සාහ කළ කලබලය ව්‍යර්ථ කර තිබේ.
මෙම කොටි උද්ඝෝෂණයේදී ප්‍රභාකරන්ගේ කාඩ්බෝඩ් ප්‍රතිමාවන්ද ප්‍රදර්ශනය කර ඇත.
ජිනීවා හි පෙරේදා (10 දා) දහවල් පැවැති කොටි රැලියට ප්‍රංශයේ සිට පැමිණි අධිවේගී දුම්රියෙන් පැමිණ ඇත්තේ 50 කට නොඅඩු සංඛ්‍යාවක් යෑයි ජිනීවා ආරංචි මාර්ග කියයි.
මෙම කොටි රැලියේදී ද්‍රවිඩයන් 146679 ක් මරා දමා ඇති බවටද සාවද්‍ය ප්‍රකාශයන් කර ඇත.
ජිනීවා කොටි රැලිය පෙරේදා සවස 5.30 වනතුරු පැවැති අතර එය අවසානයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පිළිරුවක් පුළුස්‌සා ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment