BREAKING NEWS

රටතොට

Wednesday, March 19, 2014

කැමරා අධ්‍යක්ෂක එම්.ඒ ගෆූර් මියයයි...


දේශීය සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක කැමරා අධ්‍යක්ෂකවරයා වූ එම්.ඒ ගෆූර්   (17) අලුයම මිය යන විට 80 වන වියේ පසුවිය.

1954 දී සිනමා කර්මාන්තයට සම්බන්ධවූ ඔහු 1957 දී ලංකා චිත්‍රාගාරයේ සේවයට එක්වූයේ ශබ්ද හා සංස්කරණ අංශයේ ශිල්පියෙකු ලෙසටය.

ශාන්ති කුමාර්ගේ සංසාරේ චිත්‍රපටයේ සහය කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ අද්විතීය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ නිධානය චිත්‍රපටයේද දෙවන කැමරා ශිල්පියා ලෙසද සේවය කළේය.

ගෆූර් මහතා 1973 වසරේ දීපශිඛා සම්මානයෙන් පුද ලැබුවේ එවකට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක කැමරා අධ්‍යක්ෂවරයා ලෙසින් වන අතර 1989 වසරේ ‘චණ්ඩින්ගෙත් චණ්ඩියා’ චිත්‍රපටය සඳහා ඔහුට එම වසරේ හොඳම කැමරා අධ්‍යක්ෂණය උදෙසා වන සරසවිය සම්මානය හිමි විය.

එසේම සැනසුම චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා වූ ගෆූර් සාගර තිළිණ චිත්‍රපටය නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කරමින් එහි සංස්කරණ ශිල්පියා ලෙසින් ද කටයුතු කළේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger