බොහෝ අපේක්ෂකයන් ජන්ද ව්‍යාපාරයේදී නගරය පුරා පෝස්ටර් ඇලවීම සිදුකලත් පාසල් වල තාප්පවල පෝස්ටර් ඇලවීමෙන් වැලකී සිටීමට කටයුතුකොට තිබුණි.
නමුත් අනර්කලීගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන පිරිස් විසින් මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ තාප්පයද පෝස්ටර් වලින් වසා තිබෙන අයුරු මේදිනවල දක්නට ලැබෙන්නට තිබේ.
ඊයේ දිනයේදී අනර්කලී ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා නාමල් රාජපක්ෂ ද අනර්කලීගේ ජන්ද වේදිකාවට පැමිණ තිබෙනු අයුරු දක්නට ලැබුණි.
විශේෂයෙන්ම මෙවර මැතිවරණයේදී නාමල් රාජපක්ෂ කැපී පෙනෙන අයුරින් ඉස්මතු කිරීම සඳහා ආණ්ඩුවේ ඉහලම තැනකින් මෙහෙයුමක් සිදුකරන අතර එහිදී සෑම දේශපාලන වේදිකාවකටම නාමල්ගේ සහභාගිත්වයත්, නාමල් සහ එම අපේක්ෂකයාගේ රැලියේ ජයාරූප පුවත්පත්වල පළකිරීමත් සිදුකරනු ලබයි.

අනර්කලී මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ තාප්පයේ පෝස්ටර් අලවා ඇති ආකාරය පහතින්.
Post a Comment