BREAKING NEWS

රටතොට

Saturday, March 8, 2014

"ගී රඟ සිරි" ප්‍රසංගය පැවැත්වූ ප්‍රියංකරට නඩු...

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක සහ නළු ලූෂන් බුලත්සිංහල මහතාගේ "තාරාවෝ ඉගිළෙති" සහ "රතු හැට්ටකාරී" නමැති නාට්‍ය දෙකෙහි ගීත හතරක් අවසරයකින් තොරව ගායනා කිරීමට ඉඩ සැලැස්වූ එම ප්‍රසංගයේ සංවිධායක අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට නියෝග කොට ඇත. 


මෙම ප්‍රසංගය සංවිධානය කොට ඇත්තේ ප්‍රියංකර පෙරේරා නමැති අයෙකු විසිනි. ඔහු විසින් ගී රංග සිරි නමින් පැවැත්වූ ප්‍රසංගයේදී ලුෂන් බුලත්සිංහල නිෂ්පාදනයකොට අධ්‍යක්ෂණය කරන ලද "රතු හැට්ටකාරී" නාට්‍යයේ ගීත 2ක් වන "දී කිරි ගෙනාවා" සහ "යස ඉසුරු" යන නාට්‍ය ගීත 2 සහ "තාරාවෝ ඉගිළෙති" නාට්‍යයේ "සෝබා දේවි" සහ "මඩේ ලගින තාරාවන්" යන ගීත තමාගේ අවසරයකින් තොරව එම ප්‍රසංගයේ ගායකයන් විසින් ගායනාකොට ඇතැයි ලුෂන් බුලත්සිංහල විසින් කොළඹ වංචා විමර්ශන ඒකකයට පැමිණිලිකොට ඇත. 

ප්‍රියංකර පෙරේරා විසින් සංවිධානය කල මෙම ප්‍රසංගයේ ගීත ගායනා කලේ ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුලසුරිය, නිල්මිණි කොට්ටෙගොඩ, ෆර්නි රෝෂානි, යන අය විසිනි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger